තොත්තු වලින් ගෙවීම.. හිතුවක්කාරයාගේ හේමන්තය අපි වගේම විදේශ රටක සේවය කරන ඇන්තනී අයියා දවසක් තමන්ගේ බිරින්දෑට ලියමනක් ලියනවා- “ආදරණිය සුනීතා, සමාව භජනය කරන්න සුදෝ. මේ පාර නම් මට මාසේ පඩිය එවන්න විදියක් නැතිවෙයි. ලෝක වෙළදපොළේ අර්බුදය උත්සන්න වෙලා. ඒක අපේ කොම්පැනියටත් සෑහෙන බලපාලා. මම මොනවා කියලා කරන්නද වස්තුවේ? මේවා උඩ ඉන්න දෙයියොම බලාගන්න ඕනෙ. අනේ අම්මපා. එහෙමයි කියලා ඔයාට මම නොසලකා අරින්නේ නෑ. මයේ අම්මා. ...
photoshop වික්‍රමයන්. බලාගෙනයි. ඔබ ඊළඟට. හිතුවක්කාරයාගේ හේමන්තය පොටෝෂොප් කියන්නේ ඉතාම ප්‍රයෝජනවත්, එමෙන්ම පුදුමාකාර අන්දමින් පින්තූර සංස්කරණය කළ හැකි ග්‍රැෆික් මෘදුකාංගයක්. නමුත් සමහර අවස්ථාවල එහි ප්රයෝජනත්වය ඇතුමුන් අනිසි ලෙස භාවිතා කරන අවස්ථාවන්ද සුළභයි. බලන්න මේ පින්තූර දිහා. ඔබේ සිත්ගත් හොලිවුඩ් තාරකාවන්ට හා ප්‍රසිද්ධ පුද්ගලයන්ට අත්ව ඇති ඉරණම ඇදහිය නොහැකියි නේද? Pamela Anderson Carmen Electra Shakira source Britney Spears Jessica Biel source Anna Kournikova … Continue reading » ...
පොලීසියෙන් පුවත්.. හිතුවක්කාරයාගේ හේමන්තය යක්කු ගස් යන වෙලාවක, නන්නත්තාර වෙන තරමට කිසිදෙයක් නොපෙනෙන යම් ස්ථානයකදී හැටට හැටේ පිඹගෙන දෙපැත්තකින් ආපු වාහන දෙකක් තම තමන්ගේ මූනත්තහඩු නැති නාස්ති වෙන්න දරුණු විදියට කිස් කරගත්තා (හැප්පුනා). වාහන දෙකටම සීරියස්. ගන්නම දෙයක් නෑ. හැබැයි එළවපු දෙන්නාගෙන් කාටවත් අතවරයක්, ආපදාවක් නම් නෑ. කවුද මේ එළවගෙන ගිය දෙන්නා? එක්කෙනෙක් දොස්තර මහත්තයෙක්. අනිකා නීතිඥයෙක්. වැරදි කාගේ … Continue reading » ...
ඔබ දන්නවාද, මින් පෙර දැන උන්නාද (අංක 05) හිතුවක්කාරයාගේ හේමන්තය අපගේ ශරීරය සැබැවින්ම අපූරු යන්ත්‍රයකි. තත්පරයකට රතු රුධිරාණු සෛල මිලියන 15ක් නිපදවීමට එය සමත්ය. අයිස්ලන්තය බලා යන සංචාරකයින් මෙය දැනගත යුතුමය. එහි අවන්හලකට ගොඩවී, රසැති භෝජනයක් අත්විද, ආගන්තුක සත්කාර මැනවින් ඉටුකළ සේවකයාට සංතෝසමක් (tips) තබන්නට ඔබට සිතිවිල්ලක් ඇති වුවහොත්, වහාම එය මැඩ පවත්වාගන්න. එහි අවන්හල්වල සංතෝසම් සපුරා තහනම් වන අතර, ඒ සදහා නීතිය දැඩිලෙස ක්‍රියාත්මක වේ. සිංහයා වචනයේ පරිසමාප්තියෙන්ම ...
ගෑනු ඔහොමමයි… හිතුවක්කාරයාගේ හේමන්තය එක්තරා අනපේක්ෂිත මොහොතක, එක්තරා මහත්මයෙකුගේ අලුත්ම කිරි කිරි වාහනය නෝනා මහත්මියකගේ වාහනයත් එක්ක මූනට මූන හැප්පිලා චප්ප චොරොස් වුනා. ගන්න දෙයක් නෑ වාහන දෙකම, දහ අතේ අබලං. ඒත් පූරුවේ මොන පිනක් හරි තිබිලා දෙන්න දෙමහල්ලෝ නම් තුවාලයක් සීරුමක් නැතුව බේරැනා. කොහොමහරි දනිස් දෙකට පණ දීලා බඩගාගෙන වාහන වලින් දෙන්නත් එක්කම එලියට ආවාට පස්සේ නෝනා මෙහෙම කිව්වා. “ඔන්න ඉතිං ඒකෙත් හැටි. ඔයා පිරිමියෙක්. මම ගෑනියෙක්. අපි දෙන්නා ආපු වාහන ...
චිකේ ආච්චි!! හිතුවක්කාරයාගේ හේමන්තය වයසක පහේ ජෝඩුවක් ඉරිදා දවසක පල්ලියේ දේව මෙහෙයකට සහභාගී වුනා. අනේ හරි පිංවන්ත මිනිස්සු. වළපයයි ගොඩපයයි එගොඩ මෙගොඩ පෙනුනත් හරි වටිනවා මේ ශ්‍රද්ධාව. එක පාරටම ආච්චිගේ ඇස් උඩ ගියා. පස්සේ පැත්තකින් හිටගෙන ඉදපු සීයාට ඔලුවෙන් කතාකරලා මෙහෙම කෙදිරුවා. “මොන මල ජරාවක් කැවිලාද මංදා අද ටිකක් බඩ අමුතුයි වගේ සුදා. සද්ද නැතුව මට පඩයක් ගියා. අම්මපා එච්චර දිග පඩයක් සද්ද ...
රසකර කන ඔබේ ආහාර ගැන ඔබ නොදත් යමක්. හිතුවක්කාරයාගේ හේමන්තය කට්ට බිද විටෙක කටට හලා ගන්නා පොල් වතුර හදිසි අත්‍යවශ්‍යය අවස්ථාවන් හීදි රුධිර ප්ලාස්මාවන්ට සාපේක්ෂක අනුකාරකයක් ලෙසද භාවිතා කරන බව ඔබ දන්නවාද? කොපමණ පරණ වුවත් නරක් නොවන මී පැනි අවුරුදු 3000ක් වුවද කල් තබා ගත හැකිය. ඩයිනමයිට් නිශ්පාදනයට රටකජුද යොදා ගනී. ගුවන් යානයේදි අපට ලැබන ආහාර පාන රසයෙන් අඩු බවක් අපට දැනෙන්නේ ඇයි? ඒ ගුවනේදි අපගේ රස හා ආඝ්රාණ සංවේදිතා ...
Hollywood සිනමාවේ සැගවුනු රසවත් දේ ඔබට (අංක 1) හිතුවක්කාරයාගේ හේමන්තය තමන් ප්‍රධාන චරිතයට පන පෙවූ සෑම James Bond චිත්රපටියකම Sean Connery රංගනයේ යෙදුනේ බොරු කොණ්ඩයක් (wig) සහිතවයි. . Passion of the Christ චිත්‍රපටියේ, යේසුස් වහන්සේව කුරුසියට තබා ඇන ගසන අවස්ථාව නිරූපණය කරමින් සිටිද්දි Jim Caviezel හට හැබෑවටම අකුණු සැර පතිත විය. 1995-2002 කාලය අතරතුරදී, James Bond හැර අන් කිසිදු චිත්‍රපටියකට සම්පූර්ණ මහත්මා ඇදුම (full tuxedo) නො ඇදිය යුතු වගට අත්සන් කෙරුනු වාරණ ගිවිසුමක් එහි ප්‍රධාන නලු Pierce ...
උඹලගේ අම්මගේ නෑයෝ!! හිතුවක්කාරයාගේ හේමන්තය පිංබඩා දවසක් තාත්තා ළගට ගිහිල්ලා මෙහෙම ඇහුවා. “තාත්තේ, කොහොමද අපි ඉපදෙන්නේ?“ “ආදමුයි ඊවායි දෙන්නා එකතුවෙලා හදපු බබාලා ලොකු වුනා, ඊටපස්සේ ඒ බබාලා එකතුවෙලා තව බබාලා හැදුවා. ඔහොම ඔහොම දිගට දිගට බබාලා හැදුනා.“ මේක ඔලුවේ තියාගෙන කොලුවා ගියා අම්මා ළගට. ඊටපස්සේ පෙර ප්‍රශ්නෙම ඉදිරිපත් කළා. උන්දෑ මෙහෙම උත්තරයක් දුන්නා. “අපි පැවතගෙන ආවේ වදුරන්ගෙන්. අන්තිමේදි දැන් මිනිස්සු වගේ ජීවත්වෙනවා.“ ඒක ඇහුවා ...
මෙලොව පරලොව යා කළ පරණ අත්දැකීම. (හාහාහා) හිතුවක්කාරයාගේ හේමන්තය එක්තරා දවසක ටැක්සියකට ගොඩවැදුනා මහත්මයෙක්. ඔන්න ඉතිං ගමන යනවා. හැල හොල්මනක්, සද්දයක් බද්දයක් නැතුව රියදුරා තමන්ගේ පාඩුවේ සුක්කානම කරකනවා. ඔය අතරේ හදිසියේම යමක් මතක් වෙලා ඒ ගැන අහන්න හිතාගෙන ඉස්සරහට නැඹුරු වෙලා මහත්තයා රියදුරාගේ කරට පොඩි තට්ටුවක් දැම්මා විතරයි…!! හත්වලාමයි! ඒ පොඩි තට්ටුවට රියදුරා කොච්චර කලබල වුනාද කියනවානම් සියලු බාධක වාරණ අණ පනත් බිදගෙන දැන් ටැක්සිය පාර පුරා සී ...
සිංහල උපසිරැසි සමග, මගේ කතාව.. හිතුවක්කාරයාගේ හේමන්තය ලංකාවට ඇවිත් ගිය මේ පහුගිය සති දෙකේදි මට ලොකු වුවමනාවක් තිබුනා ඔය DVD විකුනන තැන්වල ටිකක් ඇවිදලා බලන්න. ඒ ගියහම චිත්‍රපටි ගොන්නක් අරගෙන තමයි මම ගෙදර ආවේ. සිංහල, ඉංග්‍රීසි, හින්දි, දමිළ මොන තරම් චිත්රපටිද. ඒ අතරේ නේක විධ චිත්‍රපටි තියෙනවා සිංහල උපසිරැසි යොදපු. ඒත් එක්කම මමත් යනවා අතීතයට. මට මතකයි මම මුලින්ම උපසිරැසි වලට බැහැපු විදිය. ඒක ඇත්තටම වුනේ අහම්බෙන්. ...
කලකට පස්සේ.. හිතුවක්කාරයාගේ හේමන්තය කට අරින්නේම සමාවෙන්න කියාගෙන. මොනම දෙයක්වත් ලියන්න ඉස්පාසුවක් විවේකයක් ලැබුනේ නෑ. හිතට නිදහසක් තිබුනෙත් නෑ. පොඩි ආර්ථික අවපාතයක් වගේ දෙයක් ගෙදර ඉස්සරහ දොරට තඩිබාද්දි බැදීම් ටිකක් පැත්තකින් තියලා රන් මසු හොයාගෙන කුවේට් පැත්තේ එන්න වුනා. දැන් ඒ බරත් නිදහස්. දැන් ලියන්නේ කුවේට් වල ඉදං. ඒකෙත් ආනන්දයක් තියෙනවා. කොහොමත් මම ලියන දේවල් වලට විවේචන, විශේෂන එකතු කරන්නේ අපේ ගෙදර උන්දෑ. “නිකම් ...
සත්තුන්ගෙන් උදව්.. හිතුවක්කාරයාගේ හේමන්තය ගුරුවරිය : “කුකුල්ලුන්ගෙන් අපිට මොනවද ලැබෙන්නේ?“ සිසුන් : “මස්! ගුරුවරිය : “හොදයි, එතකොට ඌරන්ගෙන්?“ සිසුන් : “බේකන්, ගුරුවරිය : “බොහොම හොදයි.. එතකොට හොද තරබාරු එළදෙනගෙන් මොනවද අපිට ලැබෙන්නේ?“ සිසුන් : “ගෙදර වැඩ.“ ...
අමාරුද? කාන්තාවන් සඳහා පහසුකම් ඇත. හිතුවක්කාරයාගේ හේමන්තය කාලය අසුරු සැනින් ගෙවිලා ගියා. වැඩවළ කෙළවරක් නොතිබුනු නිසයි මේ පැත්ත පළාතේ එන්න බැරිවුනේ. මුකුත්ම නොළියන එකත් හරි නැති නිසයි චුට්ටක් හරි ඔලුව දාලා යන්න ආවේ. එහෙම එන්නත් හේතුවුනේ මම මේ ඊයේ පෙරේදා දැකපු අපබ්‍රංශ දැන්වීමක්. කතා ඇති. කියන්නම්කෝ එහෙනම්. නුගේගොඩට යන්න තිබිච්ච උවමනාවකට මම මහරගමින් 119 ක නැග්ගා. දවස ගිය සෙනසුරාදා. කොහොමත් බස් එක … Continue reading » ...
පින්තූරෙකි හරි විසිතුරු.. ඇවිත් බලනු මැන සුමිතුරු හිතුවක්කාරයාගේ හේමන්තය කුකුල් පොලිස් අද අතටම අසුවුනේය. හැමදාමත් කලේ මූව අල්ලාගන්නට තැත් කිරීමය. “පොලිසියේ වුනාට මොකෝ, තමුසෙට කුකුළෙක්වත් අල්ලාගන්න බැරි”යැයි බිරියද කෝචොක් දැම්මාය.විශ්‍රාම යන්නට මොහොතක් තබා හෝ මූ අල්ලාගන්නවා යැයි එදා පාරම්බෑවෙමි. දෙකක් තුනක් දාගත්තාම කාටත් කියැවෙන්නේ ලොකු ලොකු දේවල්මය. ඒ ඇරත් යුනිෆෝමයේ ඌෂ්ණය නිසා එසේ කියැවෙන්නටද ඇතිය. දැන් විශ්‍රාම යන්නට සිදුව ඇත. ලබන සදුදා යුනිෆෝම් භාරදිය … Continue reading » ...
ඔබ දන්නවාද, මින් පෙර දැන උන්නාද (අංක 04) හිතුවක්කාරයාගේ හේමන්තය එදා මෙදාතුර එක්සත් ජනපදය තුල වැඩිම පිටපත් සංඛ්‍යාවක් අලෙවි වූ රැප් හා හිප් හොප් ඇල්බමය වන්නේ TLC ගායක කණ්ඩායමේ CrazySexyCool ඇල්බමයයි. MC Hammer සංගීත ඇල්බමය දෙවෙනි ස්ථානයේ පසුවෙයි. ———————————————————————————– කලු ජාතික සංගීතඥයෙකු ජනප්‍රියතම සංගීත රූපවාහිනි නාලිකාවක් වන MTV (මියුසික් ටෙලිවිෂන්) ඔස්සේ ඉදිරිපත් කළ මුල්ම සංගීත වීඩියෝව මයිකල්
ඔබ දන්නවාද, මින් පෙර දැන උන්නාද (අංක 04) හිතුවක්කාරයාගේ හේමන්තය එදා මෙදාතුර එක්සත් ජනපදය තුල වැඩිම පිටපත් සංඛ්‍යාවක් අලෙවි වූ රැප් හා හිප් හොප් ඇල්බමය වන්නේ TLC ගායක කණ්ඩායමේ CrazySexyCool ඇල්බමයයි. MC Hammer සංගීත ඇල්බමය දෙවෙනි ස්ථානයේ පසුවෙයි. ———————————————————————————– කලු ජාතික සංගීතඥයෙකු ජනප්‍රියතම සංගීත රූපවාහිනි නාලිකාවක් වන MTV (මියුසික් ටෙලිවිෂන්) ඔස්සේ ඉදිරිපත් කළ මුල්ම සංගීත වීඩියෝව මයිකල්
විඩාපත් ජීවිතයට නව පණක් කැන්දමි.. හිතුවක්කාරයාගේ හේමන්තය කැමැත්ත අකමැත්ත කෙනෙකු අපෙන් විමසන්නේ ඉඳහිටය. විටෙක එසේ නොවන තරම්ය. අප අකමැති බොහෝ දේ, හෘද සාඣෂියට අවනත නොවූ බොහෝ දේ කරන්නට සිදුවෙද්දී පශ්චත්තාපය අපව සැනෙකින් වෙලාගනී. ජීවිතය විඩාපත් වන්නේ අන්න එතනදීය. මේ පින්තූර දෙස බලන්න. එහි ඇති දේ කියවන්න. යලි නැගිටින්නට ජීවිතයට වාරු දෙනු නිසැකය. ...
විඩාපත් ජීවිතයට නව පණක් කැන්දමි.. හිතුවක්කාරයාගේ හේමන්තය කැමැත්ත අකමැත්ත කෙනෙකු අපෙන් විමසන්නේ ඉඳහිටය. විටෙක එසේ නොවන තරම්ය. අප අකමැති බොහෝ දේ, හෘද සාඣෂියට අවනත නොවූ බොහෝ දේ කරන්නට සිදුවෙද්දී පශ්චත්තාපය අපව සැනෙකින් වෙලාගනී. ජීවිතය විඩාපත් වන්නේ අන්න එතනදීය. මේ පින්තූර දෙස බලන්න. එහි ඇති දේ කියවන්න. යලි නැගිටින්නට ජීවිතයට වාරු දෙනු නිසැකය. ...