ඔබ දන්නවාද, මින් පෙර දැන උන්නාද (අංක 05)

blood_cells

අපගේ ශරීරය සැබැවින්ම අපූරු යන්ත්‍රයකි. තත්පරයකට රතු රුධිරාණු සෛල මිලියන 15ක් නිපදවීමට එය සමත්ය.

images

අයිස්ලන්තය බලා යන සංචාරකයින් මෙය දැනගත යුතුමය. එහි අවන්හලකට ගොඩවී, රසැති භෝජනයක් අත්විද, ආගන්තුක සත්කාර මැනවින් ඉටුකළ සේවකයාට  සංතෝසමක් (tips)  තබන්නට ඔබට සිතිවිල්ලක් ඇති වුවහොත්, වහාම එය මැඩ පවත්වාගන්න.
එහි අවන්හල්වල සංතෝසම් සපුරා තහනම් වන අතර, ඒ සදහා නීතිය දැඩිලෙස ක්‍රියාත්මක වේ.

d

සිංහයා වචනයේ පරිසමාප්තියෙන්ම රජෙකි.
දිනකට 50 වතාවක් සංසර්ගයේ යෙදෙන්නට මේ රජාට හැකියාවක් ඇත්තේය.

dd

පැස්බරාගේ ඇස උගේ මොළයට වඩා විශාලය.

q45

චාල්ස් කුමරුගේ රහස්‍ය සේවා කේත නාමය වන්නේ – “Unicorn.” (කගවේනා) ය.

Lefini Faunal Reserve, Congo

මිනිසුන් සදහා නිශ්පාදනය කළ උපත් පාලන පෙති ගෝරිල්ලන් සදහාද භාවිතා කළ හැකිය.
පුදුමයි ඒත් ඇත්තයි.
tumblr_l7x1cqjfnK1qb8txro1_400

ලෝක ප්‍රසිද්ධ Marlboro සිගරට් සමාගමේ මුල්ම හිමිකරු පරලෝ සැපත් වී ඇත්තේ????
ඔව්.. පෙණහළු පිළිකාවකිනි.

g

Monopoly ගැන නොදන්නේ කවරෙක්ද?
ලොව ප්‍රථම Monopoly ක්‍රීඩාවට පදනම් වී ඇත්තේ ඇත්ලාන්තික් නගරයේ සැබෑම වටපිටාව හා මහා මාර්ගයි.
index
එක හුස්මට අවුරුදු 3ක් නිදාගන්නට හැකියාවැති සත්වයෙක් වේ නම් ඒ ගොළුබෙල්ලාය.
gg

සාමාන්‍ය මිනිසෙකු දිනකට හිසකෙස් 50ත් 100ත් අතර ප්‍රමාණයක් නොදැනුවක්ම ඉවත හෙලයි.
එහෙත් රසවත්ම කරුණ වන්නේ, එසේ ඒවා ඉවත හෙලුවේ කොතැනකදීද?

imagescz

අද ජාත්‍යන්තරව ප්‍රසිද්ධියට පත් Daily News පුවත්පතේ මංගල කළාපය නිකුත් වුනේ 1846 දීය.
එහි ප්‍රධාන කතෘ කවරෙක්දැයි ඔබට අනුමාන කළ හැකිද?
අන් කිසිවෙකු නොව, සම්මානනීය, ජගත් ප්‍රසාදයට පත් ලේඛක, චාල්ස් ඩිකන්ස් (Charles Dickens) ය.
timthumb.php
මිහිමත ඇති විශාලතම වන උද්‍යානය ලෙස සැලකෙන්නේ, ග්‍රීන්ලන්තයේ ඊසානදිග පිහිටි Greenland Park ය.
වර්ග සැතපුම් 375,000ක් ඉක්මවන භුමි භාගයක පිහිටි මේ උද්‍යානය කැලිෂෝනියා ප්‍රාන්තය මෙන් දෙගුණයක් විශාල යැයි ගණන් බලා ඇත.

Leave a comment