පොලීසියෙන් පුවත්..

යක්කු ගස් යන වෙලාවක, නන්නත්තාර වෙන තරමට කිසිදෙයක් නොපෙනෙන යම් ස්ථානයකදී ‍හැටට හැටේ පිඹගෙන දෙපැත්තකින් ආපු වාහන දෙකක් තම තමන්ගේ මූනත්තහඩු නැති නාස්ති වෙන්න දරුණු විදියට කිස් කරගත්තා (හැප්පුනා). වාහන දෙකටම සීරියස්. ගන්නම දෙයක් නෑ. හැබැයි එළවපු දෙන්නාගෙන් කාටවත් අතවරයක්, ආපදාවක් නම් නෑ.

කවුද මේ එළවගෙන ගිය දෙන්නා? එක්කෙනෙක් දොස්තර මහත්තයෙක්. අනිකා නීතිඥයෙක්.

වැරදි කාගේ අතේද කියලා කියන්න බෑනේ. දෙන්නගේමනේ හදිසිය.

දෙන්නම වාහන වලින් එලියට බැස්සා. මූනවල් දෙකම කුරැවල් වෙලා. නීතිඥ මහත්මයා තමන්ගේ ජංගම දුරකථනය අතට අරං පොලීසියට ඇමතුමක් දුන්නා. වෙච්ච සන්තෑසිය රපෝර්තු කරන්නත් එපායෑ. මොකද සමහර රටවල්වල යටකරලා මාරුවෙලා පැනලා ගියාට සමහර රටවල්වල ඒ සෙල්ලම් බෑ. දෙකක් ඇනලා දායි කූඩුවට.

“විනාඩි 20කින් විතර පොලීසියෙන් එයි”. නීතිඥයා අහක බලාගෙන වගේ කිව්වා.

ඒතරම් හීතල පරිසරයක, විශේෂයෙන් ඒ වගේ වෙලාවක සාධාරණ විදියට හිතන මනුස්සයෙක් නම් කාලක් අනුමත කරනවා කරනවාමයි. දොස්තරලා, නීතිඥ මහත්තුරු ඔය කොයි කවුරුත් අපිට එපා එපා කියලා වැදිබණ දෙඩුවට ඒගොල්ලොත් යහමෙන් රහමෙර පාවිච්චි කරනවා තමයි. හැබැයි හොරෙන්.

හරි! ඔන්න කාලක් අනුමත වුනා. වාහනේ පිටිපස්සේ සීට් එකට අතදාලා බෝතලයක් අතට ගත්තු නීතිඥ මහත්තයා ලෝබකමක් නැතුව ඒකෙන් වීදුරුවක් පුරවලා දොස්තර මහත්තයා අතට දුන්නා. බෑ බෑ කිය කිය වුනත් අන්තිමේදී පෙරැත්ත තළාම ඒක කටට හලාගත්තු අපේ දොස්තර මහත්තයා, හීතල දූරින්භූතව යන්න කියලා හිතාගෙන ආපහු වීදුරුවක් අරං කටට හලා ගත්තා.

අනේ අපේ නීතිඥ මහත්තයා මේ හිස්වෙන බෝතලේ දිහා බලාගෙන ඔහේ ඉන්නවා. බොන පාටක් නෑ.

“අයිතිකාරයෝ පැත්තක ඉඳිද්දී මම මේ මළ පෙරේතයෙක් වගේ බීගෙන බීගෙන යනවා.” දොස්තරට දැන් නහුතෙට වැදිලා තියෙන්නේ. “ඉන්නකෝ මගේ අතින්ම පුරෝලා දෙන්නම්.”

නීතිඥ මහත්තයා ඒත් එපා කියනවා.

“ඇයි, බොන්නේ නැද්ද?” දොස්තර ඇහුවා.

“බොනවා, ඒත් දැන්ම නෙමේ. පොලීසියෙන් ඇවිත් තමුසෙව කුදලන් ගියාට පස්සේ.”

 

හයි හයියෝ, අර අසරණයාට ඊඊඊඊඊඊඊඊයා කියලා හිතෙන්න ඇති.. නේ..

 

 

2 thoughts on “පොලීසියෙන් පුවත්..

    1. ඒකනේ මචං මම මුලින්ම කිව්වේ සමහර රටවල් වල නම් ඉන්නේ හොරා පොලිස් කාරයෝ‍්නේ.
      උන් අද එනවා කිව්වොත් එන්නේ හෙට. ඒත් මේ වෙන රටක්. නීතිය අකුරටම ක්‍රියාත්මකයි.
      බොහොම ස්තුතියි ඇවිත් කොමෙන්ටුවක් දාලා ගියාට.

Leave a comment