මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා (http://madurangacreations.blogspot.com/) Latest Posts Most Popular Posts
කම්මැලි කොල්ලාගේ කතාව මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ජනප්‍රිය කාර්ටූන් නිර්මාණ ශිල්පී Jef Kinney විසින් රචිත Diary of Wimpy Kid කතා මාළාවේ පොත් දහයක් පහල සබැඳි මගින් බාගත කරගන්න.පළමු පොත - ඩයර් ඔෆ් විම්පි කිඩ්දෙවැනි පොත - රොඩ්රික් රූල්ස්තුන්වෙනි පොත - ද ලාස්ට් ස්ට්රෝහතරවෙනි පොත - ඩෝග් ඩේස්පස්වෙනි පොත - ද අග්ලි තෘත්හයවෙනි පොත - කැබින් ෆීවර්හත්වෙනි පොත - ද තර්ඩ් වීල්අටවෙනි පොත - හාර්ඩ් ලක්නමවෙනි පොත - ...
රොටී රොටී මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද මැදින් පුර පසලොස්වක පොහොය දිනය. අද ගෙදර ඉන්නේ මං විතරයි. අපේ උන්දෑ මේ දවස් ටිකේ අම්මලෑ දිහෑ ගිහින්. අම්මලා දිහෑ කිව්වේ වැඩි ඈතක නෙමේ මේ මොරටුවේ.මම උදෙන්ම නැගිටලා නිදි ඇඳේම ඔලුව පොඩ්ඩක් උස්සලා එක ඇහැක් ඇරලා බැළුවා එළිය වැටිලද කියලා. ම්හු... එළිය වැටිලා නෑ. ආයෙම ටික වෙලාවක් නිදා ගන්නෙමියි කියන තිර අධිෂ්ඨානයෙන්ම නින්දට වැටුනා. ඒ පාර ඇහැරුනේ අටත් පහු ...
නිවාස සැලැස්ම අනුමත කර ගැනීම මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා කලින් ලිපියෙදි මම ඉඩම ප්‍රාදේශීය සභාවෙන් අනුමත කරගන්න විදිහ කියලා දුන්නා මතක ඇති නේ. දැන් කියන්න තියෙන්නේ අපේ ගෙයි සැලැස්ම අනුමත කරගන්න විදිහ.මේක තමා අත්‍යවශ්‍යම දේ. !!මුලින්ම කරන්න ඕන තමන්ගේ ඉඩම අයත් ප්‍රාදේශීය සභාවට හරි නගර සභාවට හරි ගිහින් ගොඩනැගිලි සැලැස්ම අනුමත කරගන්න ඕන ඇප්ලිකේශන් එකක් දෙන්න කියලා ඉල්ලන්න.ඒක ෆෝර්ම් එකක් කියලා කිව්වට පොතක් !ඇප්ලිකේෂන් එකට රුපියල් 300ක් වගේ මුදලක් ...
පුංචි බයිබලයක් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද නිවාඩු දවසේ ගෙදර ඉන්න කම්මැලි නිසා මම අපේ ලොකු නංගිලෑ දිහාට්ට ටිකක් ගොඩ උනා. ලොකු නංගි කියන්නේ අපේ නැන්දෑ ලොකු දුව. එයා මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ පෙලට වාඩි වෙනවා. ඒ නිසා පාඩමක් දෙකක් කියාදෙන්නත් පුලුවන්නේ කියලා හිතලයි ඒ පැත්තේ ගියේ.ගිය හැටියේ නඟා මට තේකක් එහෙම හදා දුන්නා. මම ඒයැයිගේ පාඩම් වැඩ ගැන අහලා උපදෙස් ටිකක් එහෙම දීලා අමාරුයි කියලා ...
රුපියල මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ රුපියලේ කාසි නම් මහ සාපයක් වෙලා තියෙන්නේ දැන් නම් !මේ කාළේ හැටියට රුපියලේ කාසියකින් කරන්න පුලුවන් කිසිම දෙයක් නෑ. අපි පොඩි දවස්වල නම් රුපියලක් කඩේට අරගෙන ගියොත් සත දහයේ ටාටා 10ක් ගන්ඩ පුලුවන්. එහෙම නැත්නම් සත පනහේ කිරිටොපි හරි පොල් ටොපි හරි දෙකක් ගන්ඩ පුලුවන්. එහෙමත් නැත්නම් රුපියලේ ටොපියක් හරි ගන්ඩ පුලුවන්.දැන් මේ කිසිම දෙයක් කරන්ඩ බෑ. !කොටින්ම ...
රුබික් කැටය හදමු - 4 පාඩම (අවසාන කොටස) මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ වෙනකොට ඔයාලා ලේයර් දෙකක් හදලා ඉවර ඇති කියලා හිතනවා. එහෙම ඉවර කර ගන්න බැරි උනා නම් මගේ පරණ පෝස්ට් ටික බලලා එන්න. පළවෙනි පාඩම | දෙවෙනි පාඩම | තුන්වෙනි පාඩම දැන් තියෙන්නේ අන්තිම ලේයර් එක හදන එක. ඒ පියවර මම කොටස් තුනකට වෙන් කරන්නම්. ඒක හදන්න ලේසියි.1. කහපාට පැත්තේ කුරුසය නිර්මාණය කිරීම.කහපාට කුරුසය නිර්මාණය කරන්න පල්ලෙහා තියෙන සූත්‍රය පාවිච්චි ...
බයිසිකල් මිල මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මම කලින් බ්ලොග් ලිපි දෙක තුනකම කියලා තියෙනවනේ ෆුට් බයිසිකලයක් ගත්තයි කියලා. ඊට පස්සේ මට තියෙන ලොකුම කරදරේ බයිසිකලය පදින එක නෙමේ. බයිසිකලය පැදගෙන යනකොට පාරේදි හම්බවෙන මිනිස්සු බයිසිකලයේ මිල කීයද කියලා අහන එක. එක්කෙනෙක් දෙන්නෙක් නම් කමක් නෑ කියමුකෝ. සමහර වෙලාවට හය හත්දෙනා අහන වෙලාවලුත් සෙට් වෙනවා. ඒක නම් මහ කරුමයක් අප්පා.ඔන්න මම බයිසිකලයේ මිල කිව්වා කියමුකෝ. ඊට ...
පාර්කින් (Parking) මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පහුගිය දවස් ටිකේ එලකිරි එකේ පොඩ්ඩක් එහා මෙහා කැරකිලා බලනකොට කවුද මන්දා කෙනෙක් දාලා තිබ්බ ත්‍රෙඩ් එකේ තිබ්බා චිත්‍රපටයක් ගැන. ඒක දමිල චිත්‍රපටියක්.චිත්‍රපටියේ නම තමයි මේ බ්ලොග් සටහනේ ටයිටලේට දාලා තියෙන්නේ.චිත්‍රපටයේ නම වගේම තමයි මි කතාව දිවෙන්නේත් පාර්කින් ස්ලොට් එකක් ගැනඑකම පාර්කින් ස්ලොට් එකකට රණ්ඩු කරන පවුල් දෙකක් ගැනයි මේ චිත්‍රපටියෙන් කියැවෙන්නේ. කොමඩි චිත්‍රපටියක්ම නෙමෙයි හැබැයි මේක. පොඩ්ඩක් සීරියස් ...
ගුරුවරු, දඬුවම් හා මානව හිමිකම් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ බ්ලොග් සටහන දමන්න හිතුනේ අපේ පුතාගේ කලින් ටීචර් කෙනෙක් දාලා තිබුන පෝස්ට් එකක් හන්දා. ඔන්න මම ඒ පෝස්ට් එක පහලින් දාන්නම්.මේ පෝස්ට් එකේ විදිහට කියැවෙන්නේ දරුවෙක්ව හොඳ මාර්ගයට ගන්න දඬුවම් කරන්නම ඕන කියලනේ. දඬුවම් කලහම දෙමව්පියන් මානව හිමිකම් කොමිසමට යනවයි කියනවනේ.මම දන්න විදිහට දෙමව්පියන් හැම දඬුවම් දීමකටම මානව හිමිකම් එකට දුවලා නෑ. ප්රවෘත්ති වල ගියපු හැම මානව හිමිකම් ...
විකුණනු ලැබේ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මගේ පළවෙනිම වාහනය උනේ පැන්ඩා ක්‍රොස් එකක් කියලා කලින් බ්ලොග් සටහනක මම කියලා තියෙනවා. ඉතින් ඒ පැන්ඩා වාහනය, මම අවුරුදු දෙකක් පැද්දට පස්සේ විකුණන්න හිතුනා. ඒ වාහනය විකුණන්න මට හේතු කිහිපයක් බලපෑවා.පළවෙනිම හේතුව තමයි මැනුවල් වාහනක් පැදලා තියෙන නිසා ඔටෝ වාහනයක් පැදලා අත්දැකීමක් ගන්න ඕන කියලා හිතුන එක. මොකද අපේ උන්දෑ නාහෙන් අඩනවා අපි ඔටෝ එකකට ගියා නම් එයාටත් ...
පුංචි සමනළී.... මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා කන්නගී, ඇගේ ස්වාමි පුරුෂයා කෝවලන් සමග කාවේරි පටුනේ සතුටින් කාළය ගත කළා ය. ඔවුන් දෙදෙනාගේ ආලයට වසරක් ගතවන දින ම ඉන්ද්‍ර දෙවියන් සදහා පවත්වන උත්සවය ද යෙදී තිබුණි. ඒ සමගම තවත් එක් විශේෂ සිදුවීමක් සිදුවුණි. ඒ චිත්‍රාපතියගේ දුව මාධවී කුමරිය රටේ නෘත්‍යරාජිනිය ලෙස කිරුළ පළඳ වීමේ උත්සවයත් එදිනම යෙදී තිබුණි. මෙ උත්සවයට සහභාගී වීමට කෝවලන් ද රජ මැදුරට ගියේ ය. ...
කන්ද උඩ ගින්දර මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා සෑහෙන කාලෙකින් බ්ලොග් අඩවියේ ලිපියක් ලියලා දාන්න බැරි උන නිසා අද මොනවමහරි කොටනවයි කියලා හිතලා මේ පැත්තේ ආවා. මම පහුගිය සෙනසුරාදා පොඩි එක්කෙනාගේ මොන්ටිසෝරියට ඕන කරන පොතක් ගේන්න ගුණසේන එකට ආවා. ඒකෙන් පොඩි එක්කෙනාට ඕන කරන පොත තෝරගෙන ඊට පස්සේ නවකතා ටික අතරේ පොඩි රවුමක් දැම්මා.මීට අවුරුදු දෙකකට උඩදි නම් මාසෙකට පොතක් දෙකක් ගන්න එක පුරුද්දක් වෙලා තිබ්බා. දැන් ...
කොස් ගහට පර්මිට් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පහුගිය ටිකේ ගේ ඉස්සරහ වැවිලා තිබ්බ කොස් ගහක් කපලා දාන්න උනා. ඒකට හේතු භූත උනේ කොස් ගහේ යට කොටහා දිරාගෙන ගිහින් තිබ්බා. දිරලා විතරක් යෑ බෙණයක් මතු වෙලා තිබ්බා. ඔය ගහ කඩාගෙන වැටුනොත් එහාපැත්තේ වත්තේ ස්ලැබ් එක උඩට තමා පත බෑ වෙන්නේ.ඒ නිසා ඊට කලින්ම කපලා දාන්න ඕන කියලා තමයි සූදානම් උනේ.වෙන ගස් වගේ නෙමෙයි කොස් ගහක් හෝ දෙල් ...
සවලෙන් කෑම මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මීට ටික කාළයකට කලින් ෆේස්බුක් එකේ රෙස්ටුරන්ට් එකක කෑම පිළිගන්වන විදිහක් ගැන වීඩියෝ එකක් වයිරල් ගියා. කෑම ටික සවලකට දාලා ඒ සවල ගෙනත් පිලිගන්වන සීන් එකක්.ඒ වීඩියෝ එක සෑහෙන්න වයිරල් ගිහින් මිනිස්සු සවල් පාරවල් හොය හොයා කන්න ගියා.අපිටත් අපේ ඔෆිස් එකෙන් සවල් පාරක් කන්න හම්බ උනා.මේ සවල් පාර කන්න හම්බ උනේ පමුණුගම පැත්තට වෙන්න තිබ්බ ප්ලේස් එකකින්. මෙතන සවලක් 9000+ ...
සලංහන්තේ කළාකරුවාණනි ! මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ජැක්සන් ඇන්තනී දිවියෙන් සමු ගනී !අද උදෑසනම මා හෙලකුරු වලින් ලද පළමු ප්‍රවෘත්තිය වේ. මෙය පුවත ඇස ගැටුමත් සමඟ සියුම් දුකක් මා තුළින් හට ගැනුණ බව මා පැවසිය යුතු ය. ඒ මා ප්‍රිය කරන කලාකරුවන් ගොන්නට අයත් කළාකරුවන්ගෙන් අයෙකි.ජැක්සන් ඇන්තනීගේ දේශපාලන දැක්ම මට අපූල ය. ! මා ඒ ගැන කතා නොකරමි !ඒ හැරුණකොටගෙන ජැක්සන් ඇන්තනී ගැන කතා කරතහොත් ඔහු ...
ටිකිරි කතා අංක 01: කපටි පර්සි මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ඔන්න පුංචි දුවේ පුතේ එකමත් එක රටක පර්සි කියලා කපටි මනුස්සයෙක් හිටියා. මේ රටේ දුප්පත් ගම්මානෙකට හොරුන් රැලක් ගෙන් සැහෙන කරදර තිබුනා. කපටි පර්සි දිනක් මේ ගම මැදින් ගමනක් යද්දී මේ ගමේ මිනිසුන් සමඟ කතා කළා.කතා කරද්දී මේ මිනිසුන් ගේ ප්රශ්නය ගැන දැන ගත්තා. මෙහෙම කතා කර කර ඉද්දි මිනිස්සු ඇහුවා "ඔබට පුලුවන්ද අපිට උදව් කරන්න ?" කියා. පර්සි ගත් ...
සද පායා දුර ඇතට.... මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා සද පායා දුර ඇතට....හත් දින්නත් ඇත තනියට....හරි එලියයී....මුලු අහසම....හිත පාලුයී මුලු දවසෙම.....ප.ලි. - මේ කවි සිතුවිල්ල මගේ එකක් නෙමේ. අපේ දනාගේ සිතුවිල්ලක්. කාලෙකට පස්සේ දනාගේ කවි සිතුවිල්ලක් එක්ක බ්ලොග් අඩවියට ගොඩ උනා. පුලු පුලුවන් හැටියට දිගටම එන්නම්කෝ. ...
භීෂණ ත්‍රිත්වය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා සිංහල සාහිත්‍යයේ භීෂණ නවකතා චක්‍රවර්ති විදිහට හදුන්වන්නේ ඩීමන් ආනන්ද මහත්මයා. මේ මහත්මයාගේ පොත් අපේ පරම්පරාව වෙනකොට කියවන්න හම්බ වෙන්නේ ඉතාම අඩුවෙන්. නමුත් අපේ අම්මලාගේ පරම්පරාවේ අය නම් මේ පොත් සෑහෙන්න කියවලා තියෙනවා.අපේ අම්මා නම් කියන්නේ මේ පොත්, ප්‍රමාණයෙන් ගොඩක්ම පුංචි ඒවා ලූ. ඒ වගේම මේ පොත් රෑට කියවන්න එපා කියලා පොතේම සදහන් කරලා තියෙනවාලු. නමුත් අපේ අම්මාගේ වයසේ අය ඒවා ...
පරාටායි බිත්තර රොටියි මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මගේ ආසම කෑමක් තමයි පරාටායි බිත්තර රොටියි කියන්නේ. පරාටා දෙකකුයි බිත්තර රොටියකුයි කපලා ඒක උඩට පරිප්පු හොදියි මිරිස් හොද්දකුයි යහමින් වත් කරලා අරගෙන කන්න තිබ්බා නම් ආයේ ඉතින් කියලා වැඩක් නෑ. ඔය සෙට් එක කන ගමන් අඩු සීනි ඉඟුරු දාපු ප්ලේන්ටියක් බොන්න තියෙනවා නම් ඉතිං නාග සලං ! කිව්වාලු.කෝවිඩ් ඉවර වෙන්න කිට්ටුව පරාට දෙකයි බිත්තර රොටියකුයි කන්න රුපියල් 130ක් ...
ඉඩමේ සැලැස්ම අනුමත කර ගැනීම මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා තමන්ගෙම කියලා ඉඩමක් ගත්තහම එක පාරටම ගේ හදන්න බෑ.. ගේ හදන්න කලින් කරන්ඩ ඕන වැඩ කටයුතු ටිකක් තියෙනවා. ඒ ටික කලාට පස්සෙයි ගේ හදන්න පුලුවන් වෙන්නේ.මේ ටික ලියලා තියෙන එක කාට උනත් අනාගතේදි වටියි කියලා හිතුන නිසා බ්ලොග් එකේ සටහනක් පොඩිවට දානවා.දාහකුත් එකක් කරුණු කාරණා බලලා බලලා තමන් හොදයි කියලා ඉඩමක් තෝරා ගන්නවා නෙහ්.. ඉඩම ගත්තට පස්සේ මුලින්ම කරන්න තියෙන්නේ ...