මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා (http://madurangacreations.blogspot.com/) Latest Posts Most Popular Posts
ඇල්ල ගමන - 3 කොටස (අවසානය) මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ඇල්ලට තවත් දවසක් උදා උනා. අපිට වාගේ නෙමෙයි. හතරවටින්ම මීදුම ගලාපු හරි අපූරු දවසක් තමයි උදා උනේ.අපි කට්ටියම උදේ තේක වත් නොබී අදත් උදෙන්ම හෝටලයෙන් පිටත් උනා. අද අපේ ගමනාන්තය උනේ ඇල්ල රොක් එක. ඒකට යන්න නම් කිතල් ඇල්ල දුම්රිය නැවතුම පහු කරගෙන කොළඹ දෙසට ටික දුරක් රේල් පාරේ යන්ඩ ඕන. එතැන ඉදලා කාගෙන් හරි අහගෙන තමයි ඇල්ල රොක් යන්ඩ ...
ඉන්ධන කෝටා ක්‍රමය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා වෙලාවකට මේ ඉන්ධන කෝටා ක්‍රමය නම් හෙන සාපයක් අප්පා. වාහනේ හිතේ හැටියකට ගමනක් ගිහින් එන්න බෑ. මොකද සතියකටම හම්බ වෙන්නේ පෙට්‍රල් ලීටර් 20යි. ටිකක් දුරකට ගියොත් ආයේ එන්න වෙන්නේ නෑ. තෙල් මදි වෙනවා.අපි රස්සාවක් කරලා සල්ලි හම්බ කරනවා නම් අපිට හිතේ හැටියට දේවල් කරන්න පුළුවන් ආර්ථිකයක් හදන්න රටේ පාලකයෝ දැන ගන්න ඕන. උන්ට මෙහෙම මිරිකි මිරිකී ජීවත් වෙන්න සිද්ධ ...
සුබ වෙසක් මංගල්ලයක් වේවා ! මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද වෙසක් පෝය දවස !පහුගිය ටිකේම වේලිලා යන්නම පායලා ඕං අද උදේ ඉදන් වහින්න ගත්තා කියහන්කෝ. ඉදලා ඉදලා කාලයකට පස්සේ තමයි වෙසක් බලන්නවත් යන්න හම්බ උනේ ඒකත් අල වෙන පාටක් තමයි උදේ ඉදන් දකින්න හම්බ උනේ.ඒත් හිතපු තරම් කරදරයක් මේ වෙලාව වෙනකොට නම් නෑ වගේ. දැන් නම් ආකාහේ ටිකක් වැහි වලාකුළු නැති ගතියක් තමයි තියෙන්නේ. තවත් හවස් වෙනකොට නම් ...
ඇල්ල ගමන - 2 කොටස මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අපි පුංචි සිරිපාදේ යනකොට මහා මුරුගසන් වරුසාවකට අහු උනයි කියලා මම කලින් පෝස්ට් එකේදි කිව්වා මතක ඇති නේ.අපි හෝටලය කිට්ටුවට ආවට පස්සේ වැස්ස පෑව්වා. ඔන්න එතකොටම අපේ කට්ටිය ආපහු පුංචි සිරිපාදේ පැත්තට යං කියලා කිව්වා. ඒ ඇසිල්ලෙන්ම අපි ත්‍රීවීල් දෙකක් කතා කරගෙන පුංචි සිරිපාදේට ආවා. වැස්සක් වැහැලා පායපු නිසාද මන්දා හතර වටින්ම මීදුම් ගලලා. ලස්සනේ බෑ.අපි ත්‍රීවීල් එකෙන් පුංචි සිරීපාදේ ...
ගරාජය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ වන විට මා වාහනය මිලදීගෙන වසරකුත් ඉක්මව ගොස් ඇත. එහෙත් මාහට තවමත් වාහනය දැමීමට ගරාජයක් සාදාගත නොහැකි විය. එයට මූලිකම හේතුව වූයේ වාහනය ගැනීමට මා ගත් ණය මුදල ගෙවා නිම කිරීම පළමුව කළ යුතු වීමයි. ඒ සදහා මුදල් වියදම් වූ හෙයින් මා හට ගරාජයේ වැඩ කටයුතු පමා කිරීමට සිදු විය.වාහණය ගැනීමට ගත් ණය මුදලින් වැඩි ප්‍රමාණයක් ගෙවා නිම ...
සුදු නෙළුම මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පිවිතුරු ය සුදු නෙළුමමං ලගම පිපුනාම ...බඹරුන් ට හිත බෝමනුඹේ සිරිය දුටුවාම....හිරු ඇවිත් හැමදාමනුඹ සෙව්වා නොකියාම...විල මතින් පිපුනේමපුර සඳක් විලසින්ම ....නුබඹ ඇවිත් ගියදාමමුලු අහස අදුරේම ....පැතුම් මල් පරවීමහිරැ හඩයි හැමදාම....---------------------------------------------------------------------------ප.ලි. - දනාගේ කවි සිතුවිල්ලක්. ...
පරාවර්තන මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද පෝය දවසේ ගෙදරට වෙලා කම්මැලිකමේ උන්නා. එතකොට තමා මතක් උනේ කලින් දවසේ පෙන් එකට දාගෙන ආපු සිංහල චිත්‍රපටියක් තියෙනවා නේද කියලා. කම්මලිකම යන්නත්ත්තෙක්ක ඒක දාගෙන බලනකොට අපේ උන්දැත් සෙට් උනා ඒක බලන්ඩ.දෙන්නත් එක්ක චිත්‍රපටිය බැලුවා.කතාවේ නම තමයි "පරාවර්තන"!කාලයකට උඩදී තිරගත වෙච්ච කතාවක්. මට ඊයේ පෙරේදා තමයි චිත්‍රපටිය හම්බ උනේ.ගොඩක් සම්භාව්‍ය කතාවක් නොවුනට මේක කම්මැලිකමක් නැතුව බලන්ඩ පුලුවන් කතාවක්.කතාව ටිකක් ...
මාතර තානායමේ ගෙවු දිනක් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා කුශ්ඨරාජගල බලලා ආයෙම ගාළු පාරට එනකොට වෙලාව හැන්දෑවේ දෙක විතර වෙලා තිබුණා. ඊට පස්සේ අපි ගාළු පාරේ මාතර දිහාවට එනකොට පාර අයිනේම තිබ්බ පොඩි කඩේකින් දවල්ට කෑවා. දැන් ඉස්සර වගේ නෙමේ කඩේකින් පොඩි දෙයක් කෑවත් රුපියල් 500ට එහා ගානක් යනවා.දවල්ට කාලා අපි කෙලින්ම ආවේ මාතර තානායමට. මාතර තානායම තියෙන්නේ ටවුන් එකේමයි. හරියටම මාතර - කොළඹ හයිවේ බස් නැවතුම්පොළ කිට්ටුවෙන් ...
දඩබිමේ හපන්නු මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පියසේන කහදගමගේ කිව් සැනින් මගේ මතකයට එන්නේ වැව්ගම්පත්තුව, දිගාමඩුලු ජන ජීවිතය, ඉපැරණි ගොවිතැන ගැන පොත් ලියූ කතුවරයෙක් ලෙසය. එහෙත් ඔහු වෘත්තියෙන් ලේඛකයෙකු නොවේ. ඔහු වැව්ගම් පත්තුවට පත් වී ආ ගුරුවරයෙකි.නමුත් ඔහු කා අතරත් ප්‍රසිද්ධ වන්නේ ගුරුවරයෙකු ලෙසින් නොව දක්ෂ ලේඛකයෙකු ලෙසයි. ඔහුගේ කෘතීන් තුල ගැමි ජීවිතය තුල විවිධ අවස්ථාවන් විවිද දුක් කරදර, විවිධ වූ සිරිත් විරිත් වැනි දෑ ලියැවී ඇත. ...
පොත් කියැවීම මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා හෝඩි පොත හැරුනකොට කුඩා කළ මා කියැවූ මතකයේ ඇති පොත වන්නේ "කඩමාලි" ය. කඩමාලි යනුවෙන් හැඳින්වෙන්නේ කුඩා දරුවෙකු විසින් පාසලේ ප්‍රදර්ශනයකට තැබීම සදහා ගෙදරින් ඉවත දමන ලද රෙදි වලින් සෑදු බෝනික්කෙක් ය. මේ බෝනික්කා දුටු විනිසුරු මඩුල්ල ඒ දරුවාට තරඟයේ ප්‍රථම තෑග්ග ප්‍රධානය කරන ලදී. කඩමාලිගෙන් පසුව මා විසින් අවුරුදු ඇඳුම, හොඳම පුතා, මඩොල් දූව, තුන් යහළු වික්‍රමය, බස්තියන්ගේ සොහොන ...
නුඹ හිමිකරු මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා රළට සොඳුරු වෙරල කොනක හිත හිරකෙරුඇසට නොදුරුවිරල මලකනුඹ හැඩකෙරුහදට නපුරුකදුල ඇසකතව හිරකෙරුහිතට අඳුරුනොකල රැයකනුඹ හිමිකරු....--------------------------------------------------------------දනාගේ කවි සංකල්පනාවක්. ...
හවස් වෙද්දිවත් පායයිනේ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද නිවාඩු දිනයකි. මා වෙනදා මෙන් උදෑසන හයට පමණ අවදි වූවෙමි. කෙතරම් උත්සහ කලද නිවාඩු දිනවල පවා උදෑසන හයෙන් පසුව නිදා ගැනීම මා හට කළ නොහැක්කකි. එක් අතකට එය වාසියක් උවත් අනෙක් අතට මා විඳින කරුමයක් මැයි. පෙරදා රාත්‍රියේ පටන් ගත් මුරුගසන් වරුසාවේ අඩුවක් තිබුණත් කළු වලාකුලින් බර අඳුරු අහසක් මිසෙක පායන හිරුගෙන් පිබිදෙන පැහැදිලි අහසක ඡායා මාත්‍රයකවත් සේයාවක් දිස් ...
කදුරුපිටිය බංගලාව මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා වස්ගමුව ජාතික වනෝද්‍යානය තුල ප්‍රධාන සංචාරක නැවතුම් ස්ථාන දෙකක් වෙයි. එකක් අප ගිය කඳුරුපිටිය වන නිවහන හා වවුල් ඇඹේ වන නිවහන වේ. මෙයින් කඳුරුපිටිය බංගලාව වනෝද්‍යානයේ පිවිසුම් ස්ථානය ආසන්නයේම පිහිටා ඇති අතර වවුල් ඇබේ නැවතුම් ස්ථානය, වනෝද්‍යානය ඇතුලට වන්නට මහවැලි ගඟ ආසන්නයේම පිහිටා ඇත.මේ සංචාරක බංගලා දෙකෙන් කදුරුපිටිය බංගලාවේ පමණක් විදුලි ආලෝක පහසුකම් ඇති අතර අනෙක් සංචාරක බංගලාවේ විදුලි ...
අනේ මුංගේ බිස්නස් කෙරුවාව ! මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අපේ සිංහල මිනිස්සුන්ට බිස්නස් එකක් හරියට කරගෙන යන්න තේරෙන්නේ නෑ. කොටින්ම තේරුනත් ඒක ඒ විදිහට කරගෙන යන්න කමති නෑ. මොකද කළු සිංහලු කියන්නේ අවුරුදු 2500ක මෙව්වා එකක් තියෙන හරි ගාම්භීර මහ ජාතියක් නෙහ්. අනේ මුංගේ ... !ඒකටත් එක්ක දෙමල මිනිස්සුයි මුස්ලිම් මිනිස්සුයි නියමෙටම බිස්නස් කරගෙන යනවා. කොටින්ම පානදුරේ ටවුමේ ගොඩක් කඩ තියෙන්නේ මුස්ලිම් මිනිස්සුන්ට. ඒ වගේම එයාලට බිස්නසුත් තියෙනවා.කලින් ...
මගේ ඩෙමියෝ එක මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා කලින් ලිපි දෙක වගේම මේකත් මේ වාහන ගැනම පොඩි දෙයක් ලියලා දාන්න ඕන කියලා හිතුනා.දැන් නම් ලංකාවේ වාහන මාර්කට් එක ගැන නම් කතා කරලා වැඩක් නෑ. වාහන වල මිල තියෙන්නේ වාහනයේ තියෙන වටිනාකමට නෙමෙයි. අවුරුදු 20ක් විතර පැදපු ඒවත් සෑහෙන්න මිලෙන් වැඩියි. මේ මිල වැඩි වීමට එක හේතුවක් තමයි ලංකාවට වාහන ගෙන්වන්නේ නැති වීම. අනිත් හේතුව තමයි වාහන බයින් ඇන්ඩ් ...
රිවර්ස්ටර්න් සුළං කපොල්ල මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා බඹරකිරි ඇල්ලට සමු දුන් අප නැවතත් ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වූවෙමු. මා 'ප්‍රධාන' යැයි විශේෂණ පදයකින් හැදින් වූවද මී මාර්ගය බොහෝ සෙයින් අබලන් වූවකි. අබලන් සේම මේ මාර්ගය බොහෝ සෙයින් පටු වූවකි. වාහන දෙකක් එකවරු මාරු වීමට ඉතාම අපහසු පටු වූ මාර්ගයක් බව මා කිව යුතු ය.මෙලෙස අබලන් මාර්ගයක ගමනේ යෙදෙන්නේ නම් ඔබ භාවිතා කරන වාහනය යම් කිසි උසකින් යුක්ත ...
කෙටිකාලීන ජනාධිපති පදවිය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා වරු නිවාඩුව ඉතුරු කරගන්ඩ ඕන හන්දම මම අද උදහැනෙක්කෙම ඡන්ද පොලට ගියා. මම ඡන්ද පොලට යනකොට ඡන්දෙ පටන් ගන්ඩ හිතලාවත් නෑ. ඒ නිසා මට ටික වෙලාවක් බලන් ඉන්ඩ සිද්ධ උනා. හරියටම හත විතර වෙනකොට ඡන්දේ පටන් ගත්තා. මම ඉස්ස ඉස්සෙල්ලම වගේ ඡන්දේ ලකුණු කලා.ඊට පස්සේ බස් හෝල්ට් එකට දුවගෙන ඇවිත් බස් එකක එල්ලිලා ස්ටේශමට ආවා. ඒ එනකොට හතහමාරේ කෝච්චිය ගිහින් ...
අපේ මලයා සහා ගමේ පළවෙනි දොස්තර මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද මම වැඩට ගියේ නෑ.. අද නිවාඩුවක් දැම්මා. ඒ වෙන මොහොකටවත් නෙමේ. අපේ මලයගේ උපාධිප්‍රදානෝත්සවය යෙදිලා තියෙන්නේ අද.ඒ නිසා අපි කට්ටියම උදෙන්ම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවට ගියා. අපේ මලයා ලෑස්ති කරලා තිබුන වෑන් එකේ තමයි කට්ටියම ගියේ.ශාලාවට ඇතුල් වෙන්න අවසරපත් දෙකක් විතරයි තිබුනේ. මායි අපේ උන්දැයි කලින් ඉදලම හිතාගෙන උන්නා අම්මලා උත්සවේට ගිහිං එනකන් අපි දෙන්නා එලියෙන් ඉන්නවයි ...
මැත් ටයිප් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පන්ති කරන්න ආපු මුල්ම දවස්වල මට තිබ්බ ලොකුම ප්රශ්නය තමයි ටියුට් (නිබන්ධන ) ටික හදාගන්න එක. ඒ ඒ පාඩමට අදාල ඒ ඒ නිබන්ධනය අදාල සතියේම හදලා දෙන්න එපෑ..නිබන්ධන හදන්න ගණන් ටික පොත් වලිනුයි අන්තර්ජාලය පීරලායි හොයාගත්තා කියමු. ඔය ගණන් වල තියෙන එක එක සමීකරණ භාග සංඛ්‍යා එහෙම ටයිප් කරන්න ලොකු ගේමක් දෙන්න උනා.කොච්චර ලස්සනට ටයිප් කලත් අදාල සමීකරණ ටික ලස්සනට ...
පහ සමත් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා පහුගිය ලිපි සැට් එකම ලිව්වේ මම සංචාරය කරපු එක එක ස්ථාන ගන නිසා මේ ලිපියෙන් වෙන දෙයක් ලියන්ඩ ඕන ය කියලා හිතුනා. අද ලියන්ඩ යන්නේ මම ලඟදි බලපු සිංහල චිත්‍රපටියක් ගැන. අවුරුද්දකට සිංහල චිත්‍රපටි පහ හයක් එලි දක්වනවා නෙව. ඒවයිනුත් ගොඩක් චිත්‍රපටි, 'වාණිජ චිත්‍රපටි' ලේබලයෙන් එලි දක්වන එව්වා. ඒ ඇරෙන්න හොඳ කතා තේමාවක් ඔස්සේ එන චිත්‍රපටි එන්නේ කලාතුරකින්. යම්කිසි කතා ...