මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා (http://madurangacreations.blogspot.com/) Latest Posts Most Popular Posts
වටිනාකම මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා සිලි..සිලියට..හරි හරියට...ඇස ගැටෙනා හැමදාකමහෙවනැල්ලකවටිනාකම....ප.ලි. - දනාගේ කවි සිතුවිල්ලක්.
සුබ නව වසරක් වේවා මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ඔබ සැමට ලැබුවා වු නව වසර සාමය සතුට පිරී ඉතිරී යන සුබ නව වසරක් වේවායි පතන්නෙමි.
තව ටිකක් ලං වෙන්න මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා තව ටිකක් දුර යන්න සුලගක්ව දැවටෙන්න අද නැතත් හෙට එන්න නුබ ටිකක් දැක ගන්න තව ටිකක් නොපෙනෙන්න ඈතටම ගෙන යන්න.... මට ටිකක් නිදියන්න තව ටිකක් ලං වෙන්න....ප.ලි. - දනාගේ කවි සංකල්පනාවක්. ...
බොල්ගොඩ ගඟේ රුක්ගහ තොටුපොළ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා කලින් ලියපු බ්ලොග් ලිපියක මම කියපු විදිහට පානදුර කියන්නේ මගේ ජීවිතේ ඉතුරු කාළය ගෙවන්න තෝරගත්තු නගරය කියලා. පානදුරේ කිව්වට පානදුරේ ටවුමෙම නෙමේ. පානදුරේ ටවුමේ ඉදලා හොරණ පානදුරේ පාරේ කිලෝ මීටර් 4ක් ගිය තැන කුරුස හන්දිය හම්බ වෙනවා.කුරුස හන්දියේ ඉදලා රුක්ගහ තොටුපොල පාරේ කුඩා අරුග්ගොඩ කියන ගමේ තමයි ඉදිරි කාලය මම ජීවත් වෙන්නේ.මේ හන්දියට, කුරුස හන්දිය කියලා කියන්නේ පාර අයිනේ පිහිටවලා ...
මගේ සත දෙක මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා දවසක් අපේ කම්පනි එකේ මීටිමක් තිබුණා. එකේදි මැනේජ්මන්ට් එක මතු කරපු ප්‍රශ්ණයක් ගැන එක එක්කෙනා අදහස් පළ කලා. ඔක්කොම අදහස් පළ කළේ ඉංග්‍රීසියෙන්. මෙහෙම අදහස් පල කිරීම් වලදි එක්කෙනෙක් කතාව පටන් ගත්තේ, "හිය ඊස් මයි ටූ සෙන්ට්ස් අබවුට් දිස් ඉශූ..." කියලා.ඉතින් මට ඔය ටූ සෙන්ට් එහෙම නැත්නම් සත දෙකේ ඉඩියම් එක ගැන තව ටිකක් දුරට හොයලා බලන්න ඕන කියලා ...
මලින් බරවී මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා වැලත් එතුනේම ගහටමලින් බරවී.....තවත් හැඩවවී....මතින් මත්වී....බමන බඹරුන්ට අත වනන්නට.....---------------------------------------------------------------ප.ලි. - දනාගේ කවි සංකල්පනාවක්.
මැතිවරණ ප්‍රථිපල වලට පසු... මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා හප්පා ඡන්දෙත් ඉවර උනා... !සෑහෙන උණුසුමකින් මේ ඡන්දේ පැවැත්වුනා කිව්වොත් හරි. මම නම් ඊයේ හවස ඉදන්ම විමසිල්ලෙන් හිටියේ මොකද වෙන්නේ කියලා දැනගන්ඩ. මහින්ද මහත්තයා අරලිය ගහ මන්දිරයෙන් සමුගැනීම හැරුනුකොට මට නම් වෙන කිසිම හෝඩුවාවක් තිබුනේ නෑ මෛත්‍රී දිනාවිය කියලා. මොකද කරට කර සටනක් පැවැත්වුනේ.මේ ඡන්දයේදි මෛත්‍රිපාල මහත්මයාට වාසියකට තිබුනේ උතුරු නැගෙනහිර, ඌව, මහනුවර වගේ පලාත් වල ඡන්ද ප්‍රමාණයන්. මේ වගේ ...
හැරී පොටර් තුළින් මා කුළ භේදය මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ජේ.කේ. රොව්ලින්ග් විසින් රචිත හැරි පොටර් නම් කතා මාලාව ඔබ කියවා හෝ චිත්‍රපටි මාලාව ඔබ විසින් නරඹා ඇතුවාට සැක නැත. ලොව පුරා වෙසෙන ලක්ෂ සංඛ්‍යාත දුවා දරුවන්ගේ නොමද ආදරයට පත් හැරි පොටර් කතා මාලාවට ඔබද කැමති බව මා දන්නා කරුණකි. මේ කතා මාලාව මා කියවන්නේ දෙවන වරට ය. පළමුවරට මා මෙම කතා මාලාව කියවීමෙන් අනතුරුව ඒ කතා සියල්ලෙහි ඇති ආකර්ෂණීය ...
මැතිවරණයට මගේ සූදානම මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ඡන්දෙට නිවාඩු හම්බ වෙච්ච නිසා අද අපේ කන්තෝරුවේ බාගෙට බාගයක්ම වැඩට ඇවිත් නෑ. මම ඉන්නේ කිලෝමීටර් 40 අතරේ හන්දා මට හම්බ වෙලා තියෙන්නේ වරුවක ඡන්ද නිවාඩුවක් විතරයි.මම උදෙම්ම ඡන්දේ දාලා ඇවිත් හවස වරු නිවාඩුව දාලා ගෙදර යන්ඩ හිතාගෙන ඉන්නේ. එතකොට ආයේ ඉතින් හවස් වරුවේ ඉදලම ඡන්දේ අහන්ඩ සූදාන වෙලා ඉන්ඩ පුලුවන් නෙව.ඡන්දේ අහන්ඩ සූදානම් වෙනවා කියන්නෙත් ලේසි පාසු දෙයක් යෑ. ...
නියම උදව්ව මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා කාට උනත් කරදර කාලයක් දුක් විඳින කාලයක් තියෙනවා. එහෙම කාල වලදි ගොඩක් අය කරන්නේ අහක බලාගෙන ඉන්න එක. ඒ වගේ උන් ගැන නම් කතා කරලා වැඩක් නෑ.කෙනෙක්ගේ සතුටක ඉදලා දුකකදී අහක බලාගෙන ඉන්න උන් ගැන නම් කතා කරන එක අපරාදයක්.නමුත් තවත් සමහර අය උදවු කරන්න එනවා.එහෙම උදවු කරන අයගෙන් එක කොට්ඨාසයක් ඇත්තටම උදවු කරන්න එන අය. එහෙම අය නම් වාසනාවක්.ඒත් ...
බිලියන 3ක් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මගේ සත දෙකේ කතාව ලියලා ඉවර වෙනවත් එක්කම වගේ දැක්කේ බිලියන 3ක කතාවක්.අද 2023 අවුරුද්දේ මාර්තු මාසයේ 21 වෙනි අඟහරුවාදා දිනයක්. අද වන විට ලංකාව වැටි ඇති ආර්ථික අර්බුධයෙන් ගොඩ ඒමට යම්කිසි සහනයක් වශයෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 3ක් ලැබීමට නියමිතයි.එක අතකට මේ ප්‍රවෘත්තිය සතුටට කාරණයක් ද එහෙමත් නැත්නම් තවත් ණය ගොන්නක හිරවීමක් ද යන්න අදහසක් මා තුල ...
සුබ නව වසරක් වේවා ! මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ලැබුවා වූ 2021 නව වසර තුල නිරෝගිකම රජයන ජයග්‍රහණයන්ගෙන් සපිරි සුබම සුබ නව වසරක් වේවා !!මේ අවුරුද්දේවත් කොරෝනා වසංගතය නැති වෙලා යනවා නම් දාහෙන් සම්පතකි !
නිමක් නැති අහසේ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා නිමක් නැති අහසේරුවක් ඇත රහසේඅදත් නුඹ රිසිසේපායපන් පුන් සඳසේ....රෑ මැඳිරි එලි අතරේමල් සුවද දසත පැතිරේමට ලගම ඇති පඳුරේහින හියන් නුඹ සොඳුරේ...ප. ලි. - දනාගේ කවි සිතුවිල්ලක්. ...
ගජමෑන් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ දිනවල අති සාර්ථක අන්දමින් තිරගත වන ගජමෑන් චිත්‍රපටිය නරඹන්නට මට ද අවස්ථාවක් ලැබුණි. ගජමෑන් චිත්‍රපටිය පිළිබඳ පූර්ව ප්රචාරක කටයුතු සිදු වුනේ මීට අවුරුදු 5කට පමණ උඩ දී බව ඔබ අප කවුරුත් දන්නා කරුණකි. විවිධ හේතූන් නිසා තිරගත වීම කල් ගිය ද මේ වසරේ ජනවාරි 20 වනදා පටන් ලාංකීය සිනමා රසික රසිකාවියන්ට ගජමෑන් චිත්‍රපටය රස විඳින්නට හැකියාව ලැබී තිබේ.සමාජ ...
හොරොව්පොතානේ පළවෙනි ඩීයාරෝ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා හරියටම කිව්වොත් 1973 අවුරුද්දේ ඔක්තෝම්බර් මාසයේ 1 වෙනිදා හොරොව්පොතානට අළුතින්ම ඩියාරෝ කෙනෙක් පත් වෙලා එනවා. ඩියාරෝ මහත්තයාගේ උපන් ගම වෙලා තියෙන්නේ අම්බලන්ගොඩ බලපිටිය පැත්තේ.එහේ ඉදලා අනුරාධපුරේට කෝච්චියේ ඇවිදින් අනුරාධපුරේ කච්චේරියට මේ ඩියාරෝ මහත්තයා එනවා. එයත්තෙක්ක තව යාළුවෝ දෙන්නෙක්ට කාර්යාල වල පත්වීම් හම්බ උනා.මේ ඩියාරෝ මහත්තයාත් හිතුවේ එයාටම කියලා වෙන් කරපු කාර්යාලයක වැඩ කටයුතු කරගෙන යන්න. නමුත් ඒ මහත්තයාගේ හීනේ බිඳිලා ...
සඳගලතැන්නෙන් සිරිපා කරුණා කළෙමු. මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා සිරිපා කරුණා කරන්න පාරවල් 6ක් තියෙනවා කියලා මම කලින් ලිපියක කිව්වා මතක ඇතිනේ. මේ වෙනකොට මම රත්නපුර පලාබද්දල පාරයි හැටන් නල්ලතන්නිය පාරෙයි සිරිපා කරුණා කරලා තියෙනවා. තාම නම් එරත්න පාරෙන් යන්න බැරි උනා. ඒකත් මතු දවසක යන්න හිතාගෙන ඉන්නවා.මේ අවුරුද්දේ සිරිපා වාරේට අපි සිරිපා කරුණා කරන්න තෝරගෙන තිබුනේ ඉතාම කෙටි පාරක්. ඒ පාරේ නම තමයි සඳගලතැන්න මරේ වතු යාය මාර්ගය. ...
තනි තරුව මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා හද පළුව තනි තරුවනුඹ කොහොම මැව්වාද...අද හවස එනු කැටුවපෙර මඟම බැලුවාද...තනි තරුව නුඹ නැතිවහිත තවම තනියෙන්ද....මල් මිටක් අත ඇතිවහිත ලගම පිපුනේද.....------------------------------------------------------------------------ප.ලි. - දනාගේ කවි සංකල්පනාවක්. ...
සර් වී ආ ලිවින් ටුගෙදර් මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා මේ දවස්වල අපේ කන්තෝරුවේ සෑහෙන කට්ටියක් නිවාඩු දාලා. ඒ නිසා මම සෑහෙන පාලුවෙන් කම්මැලිකමෙන් දවස ගෙවන්නේ. වැඩ කරන ගමන් කම්මැලිකමට මොනවහරි බ්ලොග් අඩවියේ කොටන්ඩ ඕන කියලා හිත හිත ඉන්නකොට තමා මට අපේ කැම්පස් එකේ හිටපු අයියා කෙනෙක්ව මතක් උනේ.උන්දැව මතක් වෙන්ඩ ප්‍රධානම කාරණාව උනේ පොලොන්නරුවේ මිනිස්සු ගංවතුර තර්ජනයට මුහුණ දුන්න නිසා කිව්වොත් මම හරි. ඒ අයියා අපට වඩා අවුරුදු දෙකක් ...
මුළු රටම එක මිටට මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා අද නොවැම්බර් මස 15 වෙනි සිකුරාදා දිනයකි. එසේම වප් පුන් පොහෝ දිනයත් යෙදී ඇත්තේ අදට ම ය. ඊටත් දෙවෙනි නොවන මැතිවරණ උණුසුමකින් රටම වෙලාගත් සිකුරාදා දිනයකි අද. පෙරදින එනම් නොවැම්බර් මස 14 වනදා පැවැත්වූ මහ මැතිවරණයේ ප්‍රථිපල එකින් එකට මහජනතාව ඉදිරියේ පෙළහර පාන දිනය අදයි.මමද නිවාඩු දින උදේ පටන්ම පරිගණක තිරය දිහාවට ඇහැ යොමාගෙන සිටියේ පෙරදින මා දැමූ ඡණ්දයේ ...
බෝධිනාගල ආරණ්‍ය සෙනසුන මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා දවසක් අපේ කන්තෝරුවේ යාළුවෙක්ට බෝධිනාගල යන්න ආසාවක් ඇති වෙලා තිබ්බා. ඒත් ඒකාට තනියම යන්න කම්මැලියි කියපු නිසා මටත් මේ ගමන එන්න කතා කළා. මාත් ඉතින් එළියට අඩිය තියාගෙන උන්නු නිසා එකපයින්ම හා කියලා කිව්වා.එදා සෙනසුරාදා දවසක් . ඒකා කියපු විදිහට ගැලනිගම අධිවේගි පිවිසුම් දොරටුව ගාවට ආවා. මාත් ඊට කලින්ම අළුබෝමුල්ලේ ඉදලා හොරණ බස් එකෙන් ගැලනිගමට අවිත් හිටියා. අපි දෙන්නා හොරණ ...