කිබිසිනි -ගොඩක් පවුල් මෙහෙම තමයි Sinhala story Blog “වැස්සට පස්සෙ අහුලගන්න දෙයක් ඒ ඉඩමෙ නැතුවා වෙන්නැති.” එහෙම කියූ මෙහෙකාරියට පහදන්නට “ඉස්තෝප්පු කාමරෙන් යන්න එහෙම එකක් ඕනෑ වුනාට …” යැයි මිස් සුරම්‍යා පටන් ගත් වාක්‍යය ඇය අවසන් නොකර යළිත් යටිතොල සපන්නට පටන් ගත්තාය. “අර සී.එස්. ලුවිස් ලියපු නාර්නියාවේ වංශකතා වලින් එකක අල්මාරියක දොරක් ඇරගෙන නේද හතරදෙනාම පිටවෙන්නෙ?” “අන්න හරි, මම මේ උදාහරණයක් කල්පනා කළේ.” “ඉඩමෙන් මහතුන්ගෙ පුතා වෙන ...
කිබිසිනි -වැඩියෙන් වෙන්නෙ හැමදාම වෙන දේවල්ම තමයි Sinhala story Blog “එහෙම තව තැන් තියෙනවා වෙන්නත් ඇති නේද?” අම්මා විමසන්නීය. “මෙතනින් කතන්දරයකට ගිහින් ඒ ඇතුලෙන් තව කතන්දරයකට යන්න තැන් ද?” මිස් සුරම්‍යා අසන්නීය. “නෝනා අහන්නෙ මේ ඉස්තෝප්පු කාමරේ වගේ තැන් වෙන ගම් පළාත් වලත් තියෙනවා ඇති කියල ද?” මෙහෙකාරිය අම්මා වෙතින් විමසයි. අම්මා මෙහෙකාරිය හිසෙන් දක්වමින් ඔළුව වනමින් තමන් අහන්නේ ඒ බව යැයි පෑවාය. “නැති වෙන්න හේතුවක් නැහැනෙ,” කියමින් යටිතොල ...
කිබිසිනි -වැඩියෙන් වෙන්නෙ හැමදාම වෙන දේවල්ම තමයි Sinhala story Blog “එහෙම තව තැන් තියෙනවා වෙන්නත් ඇති නේද?” අම්මා විමසන්නීය. “මෙතනින් කතන්දරයකට ගිහින් ඒ ඇතුලෙන් තව කතන්දරයකට යන්න තැන් ද?” මිස් සුරම්‍යා අසන්නීය. “නෝනා අහන්නෙ මේ ඉස්තෝප්පු කාමරේ වගේ තැන් වෙන ගම් පළාත් වලත් තියෙනවා ඇති කියල ද?” මෙහෙකාරිය අම්මා වෙතින් විමසයි. අම්මා මෙහෙකාරිය හිසෙන් දක්වමින් ඔළුව වනමින් තමන් අහන්නේ ඒ බව යැයි පෑවාය. “නැති වෙන්න හේතුවක් නැහැනෙ,” කියමින් යටිතොල ...
කිබිසිනි -කතන්දරයක් ඇතුලෙ කතන්දරයක් Sinhala story Blog “කතන්දරයක් ඇතුලෙ කතන්දරයක්?” “එහෙම එව්වා තියෙනවා ද බේබි?” “අරාබි නිසොල්ලාසය එහෙම එකක් නේද?” “ඔව් ඇන්ටි, ඇයි මහාභාරතය, රාමායනය. ඒවයෙත් කතන්දර ඇතුලෙ තව කතා කියැවෙනවානේ.” “ඉස්තෝප්පු කාමරෙන් ඔය තැන් තැන් වලට යන්න පුළුවන් කිව්වට … මම මේ කියන්නෙ එහෙම යන්න පුළුවන් වුනාට … ඒත් මම හිතන්නෙ නෑ මෙයාට මෙහෙම ඉඳගෙන කන බොන හුස්ම ගන්න ගමන් වෙන තැනකත් ගිහින් ඉන්න පුළුවනැයි ...
කිබිසිනි -කතන්දරයක් ඇතුලෙ කතන්දරයක් Sinhala story Blog “කතන්දරයක් ඇතුලෙ කතන්දරයක්?” “එහෙම එව්වා තියෙනවා ද බේබි?” “අරාබි නිසොල්ලාසය එහෙම එකක් නේද?” “ඔව් ඇන්ටි, ඇයි මහාභාරතය, රාමායනය. ඒවයෙත් කතන්දර ඇතුලෙ තව කතා කියැවෙනවානේ.” “ඉස්තෝප්පු කාමරෙන් ඔය තැන් තැන් වලට යන්න පුළුවන් කිව්වට … මම මේ කියන්නෙ එහෙම යන්න පුළුවන් වුනාට … ඒත් මම හිතන්නෙ නෑ මෙයාට මෙහෙම ඉඳගෙන කන බොන හුස්ම ගන්න ගමන් වෙන තැනකත් ගිහින් ඉන්න පුළුවනැයි ...
කිබිසිනි -ෆැරන්හයිට් 451 Sinhala story Blog “එහෙනම් ඉතින් මහත්තයා කොහෙ හරි ගිහින් තාම ඇවිල්ලා නැතෙයි?” තාත්තා දිහා බලාගත් ගැහැණුන් තිදෙනාම වදනින් නඟන්නට පසුබට වූව තේ කෝප්පය දිහා බලා සිටින මෙහෙකාර ගැහැණියගේ මුවින් පිටවිණ. “එහෙම නම්?” ඒ අම්මා. ඇය බියගත් දෑසින් මිස් සුරම්‍යා ගෙන් විමසන්නීය. “මෙතන අපිත් එක්ක ඉන්න ගමන්ම අන්කල් එහෙම ගමනක් ගිහින් එහෙත් නැවතිලා ඉන්නවා කියලා මම හිතන්නෙ නෑ ඇන්ටි,” මිස් සුරම්‍යා යටි තොල ...
කිබිසිනි -බේබි කුඩ හොරාව දැක්කද? Sinhala story Blog ඉස්තෝප්පු පඩියක හිඳගත් මෙහෙකාරිය උණු තේ කෝප්පය බිම තබා ඔවුන් වෙත හැරුනේ නෝංජල් හිනාවකින්. “මම වැහි දවසක නිකමට ගියා ඔය කාමරේට. ඒකෙ තියනවා මාල වළලු දාලා තියෙන පෙට්ටියක්. ඒකක් දාගත්තම වෙන තැනකට යැවෙනවා. යන්නෙ කොහෙද කියලා යන්න කලින් කියන්න විදියක් නැහැ. ඒ වගේම ඔය කාමරේට ගෙනියන කිසි දෙයක් ආපහු එළියට ගේන්නත් බැහැ. තාත්තට අසනීප වෙන්න කළින් හොඳටෝම වැහපු දවසකට ...
කිබිසිනි -වැලි තලප සුවඳ තාත්තාව අවදි කරාවි ද? Sinhala story Blog මුළුතැන්ගෙය පැත්තෙන් ගලා ආ හැඳිගාද්දී පැතිරෙන වැලි තලප සුවඳෙන් ලීලා අවදි වූවාය. මහත්තා කැමති දෙයක් කාලෙකින් හදා දෙන්න බැරි වුනා යැයි එදා ටවුමේ සිට ගෙදර එද්දී කියූ මෙහෙකාරිය ඔවුන්ගේ හංදිය අසල බස් රථයෙන් බහිද්දී සැනෙකින් දිව ගියේ සියදෝරිස්ගේ කඩේ ඇතුලට. එළියට ඇවිත් අල්ලේ වූ තලගුලි කැරලි දෙකක් ඇය සතුටින් පිරී ගිය සිනාවකින් ලීලා වෙත පෑවාය. “මේවට සල්ලි ඉතුරු කරගත්තා ...
කිබිසිනි -ආදරණීය මිස් සුරම්‍යා වෙත Sinhala story Blog මිගබස් ඉදිරියේ නොසැලී සිටි ලීලා දයාව හමුවේ හඬා වැටුනාය. හිංසාව ඉදිරියේ ආත්මානුකම්පාව යටපත් වී ඇතිවන්නේ ගල් හිතක් ද? කරුණාව ඉදිරියේ දැඩි සිතක් වුව ද චංචල වෙනවා ද? එහෙමත් නැත්නම් කෙමෙන් කෙමෙන් පොදි ගැසුන වේදනාව තව දුරටත් දරා සිටිනු බැරි තරමට විශාල වූ පසු කඩාගෙන එළියට පනිනවා ද? ඇයට රිසි සේ හඬන්නට හැර පුස්තකාලාධිපති හනිකට අවසන් කළ යුතු ලෙසකින් යම් ...
කිබිසිනි -ඔය ළමයට මොකක් ද දැනගන්න ඕනෑ? Sinhala story Blog පුස්තකාලයට ඇතුල්වෙන ලීලාව මුලින්ම දැක්කේ මිස් ප්‍රියදර්ශනී. “මේ අර කලන්තෙ දාලා වැටිච්ච ළමයා නේද? තනියෙම ද ආවේ?” ඇය ලීලා දෙස රකුසු බැල්මක් හෙළා ඇසුවේ අහළ පහළ හැමෝටම ඇහෙන්න. ඉක්මන් ගමණින් ගිය ලීලා එය ඇසී තිගැස්සී නැවතුනේ හැමෝම ඇය දිහා හැරී බලද්දී. පුස්කාලයේ දී වැඩි සද්ද බද්ද එපා යැයි අනුන්ට කියනා අයම මෙසේ මහ හඬින් කතා කරන්නේ ඇයි? ප්‍රියදර්ශනී මිස් ...
කිබිසිනි -මම ආපහු යන බස්හෝල්ට් එකේ ඉන්නම් Sinhala story Blog “බේබි, බේබි, අනේ පොඩ්ඩක් ඉන්න මාත් එනවා.” ගෙදරට අඳින කඩමාල්ලට වැඩි වෙනසක් නොවූ චීත්තයක් ඉනවටා පටලවා ගනිමින් මෙහෙකාරිය ලීලා පසුපසින් දිව එයි. “බස් එකට සල්ලි විතරයි මං ගෙනාවේ, කඩේ යන්න සල්ලි නෑ,” ලීලා කිව්වෙ ඇය එනතෙක් නතර නොවී. ඇය හතිලමින් ලීලා සමඟ ගමනට එක්වූයේ කිසිත් නොකියා. ඇයගේ අතේ වූ පන්කොළ මල්ලේ බරින් ඇය පැත්තකට ඇළ වී අඩි තබන හැටි ...
කිබිසිනි -නිදිමත කඩන්න බෙහෙත් අනෝදා Sinhala story Blog “තේකට මොනා ද දැම්මෙ?” කට බෙරි කරමින් ලීලා විමසුවාය. “බේබිලැයි තාත්ත තමයි ගෙනැත් දුන්නෙ මේ බෙහෙත් අනෝදා,” මෙහෙකාරිය හිස් කිරිපිටි ටින් එකක් ඇර එහි ඇතුලත වූ වියළි කොළ පෙන්වයි. “නිදිමත කඩන්න හොඳයි කියලා ඉඳ හිටලා මට කියලා මේකෙන් ටිකක් දාලා තේකක් හදලා ඉල්ලනවා .. ඉස්සර.” ලීලා මෙහෙකාරිය දිහා බලාගෙන සිටියේ ඇය වැදගත් යමක් කියූ බව වැටහී ගිය නිසයි. තාත්තා ...
කිබිසිනි -මහතුන් මාමා ඇවිත් Sinhala story Blog “බේබිලැයි මහතුන් මාමා ඇවිත් අන්න,” මෙහෙකාරිය ලීලාව තදින් සොලවයි. ඔළුව ඇතුලේ පැතිරෙන දෝංකාරයක් මෙන් ඇහෙන මෙහෙකාරියගේ කටහඬ ඇය අවදි කළත් නිදිමත කඩා ඇස් විවෘත කිරීම ලීලාට වෙහෙසකි. “අන්න නෝනට ඒවා මේවා කියනවා මොකක්ද ඉඩමක් ගැන,” මෙවර මෙහෙකාරිය ලීලාගේ කකුලෙන් අදියි. කකුල් දෙක ඇඳෙන් බිමට තබා නින්දේ සිටින ඇයව සිටුවා නැඟිටවන්නට අසාර්ථක උත්සාහයක නියැළෙයි. “ගිහින් පොඩ්ඩක් බැලුවා නම් බේබි,” ඇය ...
කිබිසිනි -එහෙම ගියාම අපි එහෙයි මෙහෙයි දෙකේම ඉන්නවා ද? Sinhala story Blog ලීලා සිය නිවසේ ඉස්තෝප්පු කාමරයට පිවිස සිටියාය. මිස් සුරම්‍යා ඉස්තෝප්පු කාමරයේ දොරට ඉස්තෝප්පුවේ සිට සෙමෙන් තට්ටු කරයි. “ලීලා, ලීලා .. ඔයා ඇතුලෙ ද? ඔයා ආපහු ආව ද?” ඇය රහසින් අසයි. ලීලා කාමරයේ දොර හැරගෙන ඉස්තෝප්පුවට ආවේ ගේ ඇතුලතට ඇස් යොමු කරමින්. අම්මා හෝ මෙහෙකාරිය පෙනෙන මානයක නැත. ගස් කොළන් සියල්ල අඳුරින් නැහැවී තද කොළ පැහැයකින් පෙනෙයි. හිරු එළිය සම්පූර්ණයෙන්ම ...
කිබිසිනි -එහෙම තමයි කතාවෙත් ලියලා තියෙන්නෙ Sinhala story Blog සභාවේ සියළු සිත් ළගන්නා ආකාරයෙන් නිර්මාණය අවසන් විය. කොණ්ඩයේ තැනින් තැන මැණික් ගල් දිළිසෙන කොණ්ඩ විලාසිතාවකින් වූ සිහින් කාන්තාව වේදිකාවෙන් සමුගත්තේ හිමිහිට පටන් ගත් අත්පොළසන් නාදය දෙගුණ දෙගුණ වී යද්දී. වේදිකාව මත දිගහැරුණු රසවත් කවි හා කථනයන් වෙනත් කිවිඳියන් සහ රචකයන් අතින් බිහි වූ නිර්මාණයන් වූහ. තමන් දන්නේ නැති වුනාට ප්‍රේක්ෂකයන් අතර බොහොමයක් ඒවා සියල්ල මීට කළින් කියවා හෝ ...
කිබිසිනි -අර ඉන්නෙ ඈන්ගේ හොඳම මිතුරිය Sinhala story Blog විදුලි බලයෙන් නැහැවුණු ශාලාවේ අමුතු දීප්තියක් ඇතැයි ලීලාට සිතිණ. කාන්තා පක්ෂය විසින් යහමින් තවරන ලද සුවඳ විලවුන් සුවඳ එකිනෙකින් වෙන්කර හඳුනාගැනීමට නොහැකි ලෙසකින් මිශ්‍ර වී තිබිණ. වැඩිහිටි අය ඉදිරියෙන් ද තරුණ කැළ පසුපස පුටු පේලිවල ද අසුන් ගෙන සිටිති. මුහුණට ඉදිරියෙන් අල්ලා ගත් ඈත බලන කුඩා ඇස් කණ්ණාඩි යුගලයකින් තරබාරු කාන්තාවක් ශාලාවේ අසුන් ගෙන ඉන්නා සියල්ලන්වම හොඳට පිරික්සා කර ...
කිබිසිනි -මේක හරිම ලස්සන කතාවක් Sinhala story Blog එකිනෙකාගේ අත් අල්ලාගත් ලීලා සහ මිස් සුරම්‍යා සුදු කුළුණු සහ සුදු ගරාදි වැටකින් සමන්විත පුළුල් ආලින්දයක් මැද්දේ හිටගෙන. ඔවුන් සිටින ගොඩනැඟිල්ල යම් උත්සවයක් සඳහා සරසා ඇත. හැම තැනම රන්වන් පාටින් බැබළෙන ලයිට් ගණනාවකි. එහෙත් තවම අඳුර පහත් වී නැත. මුහුදු වෙරළක් ආසන්නයේ සිටින බවක් හමා ගිය සිහින් සුළඟෙන් ඔවුන් දෙදෙනාටම දැනුණි. “ලයිට් තියෙන කාලයක්,” මිස් සුරම්‍යා මිමුණුවාය. “ඒත් අශ්ව ...
කිබිසිනි -මොකද කියන්නෙ, අපි කොහෙ හරි යමු ද? Sinhala story Blog “මේකක් දාගත්තම?” “ඔව්.” “ඔයා හිතන්නෙ කතන්දර පොතක තියෙන කතාවකට යන්නෙ?” “ඔව්.” “කොහාට ද? කොයි වසරකට ද? ඒවා නොදැන?” “ඔව්.” “එක එක ඒවා දාගත්තම වෙන වෙන තැන්වලට?” “ඔව්, එකම තැනට දෙවතාවක් ගිහින් නැහැ, ඒත් …” ලීලා අබරණ එහාට මෙහාට කරමින් වැඩි ඔපය නැති එහෙත් එහි කහ මැණික් ගලක් හොබවන ලද රත්තරන් මුද්දක් සොයාගත්තාය. “.. මේ තියන්නෙ මේක දාගෙන මුල් පාර ...
කිබිසිනි – එහෙම නෙමෙයි ද සාමාන්‍යයෙන් වෙන්නෙත් Sinhala story Blog “ලීලගෙ තාත්තාව ඉස්තෝප්පුවේ තනියම දාලා?” “කමක් නෑ. අපි ඉස්සෙල්ලා ඉස්තෝප්පු කාමරේ ඇතුලට යන්න පුළුවනි ද බලමු.” මිස් සුරම්‍යා ඇඳුම් පිළිවලක් කරගනිමින් නැඟිට සිටියේ අවිනිශ්චිත බවකින්. ලීලා ගේ ඇතුලට ඔළුව දැමුවේ අම්මා පෙනෙන හරියක ඉන්නවාදැයි බලන්න. මිස් සුරම්‍යාගේ පැමිණීමත් සහ ඇයගේ කතාබහත් ගැන යම් සතුටකින් ඉන්නා අම්මාව නැවත නොසන්සුන් කරවන්නට ලීලා අකැමති වූවාය. අම්මා පෙනෙන පළාතක නැත. “ඇදගෙන වැටෙන්න බලාගෙන ...
කිබිසිනි -යන්නෙ කොහොම ද කියලා දැන ගන්න ඕනා නේද? Sinhala story Blog “මම කළින් ගිය තැනක …” ලීලා මිස් සුරම්‍යාගේ මුහුණ බැලුවේ ඇය තමා කියන්න විශ්වාස කරනවා දැයි බලන්නට. මිස් සුරම්‍යා කිසිත් නොකියා තමනට ඇහෙන්න එයාකාරයෙන් අහන්නම් යැයි කියන ඇස් වලින් ලීලාව දිරිමත් කළාය. “… කළින් ගිය තැනක දී මට අහන්න ලැබුන අපිට ලෝකය දෙන සාක්ෂි හඳුනාගන්න වෑයම් කරන්න ඕනා කියල නාකි මනුස්සයෙක්, මම හිතන්නෙ එයා පූජකවරයෙක් වගේ කෙනෙක් එයාගෙ යටතේ ...