කිබිසිනි – ඒ දෙන්නට මොකද වුනේ? Sinhala story Blog තාත්තා ගෙන් පිළිතුරක් නොලැබුණි. නොසන්සුන් නිහඬතාවයක් පැතිරෙන්නට කළින් හනිකට මිස් සුරම්‍යා නැවතත් කතාව ඇදගෙන යන්නට වෑයමක් ගත්තාය. “ජින්සෙන් ගැන ලීලා කියෙව්ව පොතකින් ද?” “නැහැ ඒක මම .. ආ ඔව් ඔව් .. කොරියාවේ කතන්දරයකින්,” යැයි කියද්දී මිස් සුරම්‍යාගේ කිරි සුදු දත් වලට ඇයගේ තොල් කොනක ඇතුලත අහුවෙන හැටි ලීලා දැක්කාය. “ජපන් අය ඇවිත් කොරියාවේ යුද හමුදාවක් වෙච්ච කාලෙක. පොලීසි වලට ...
කිබිසිනි -අහිමි වූ මෝහයන් Sinhala story Blog ලීලා ආපහු එද්දී තාත්තා ඉස්තෝප්පු කාමරයේ සිටියේ නැහැ. අත කරට ගියත් මකර තැල්ල ද ඇයගේ කරේ නොවීය. ගිය තැනක කොතරම් කාලයක් ගෙව්වත් ගිය වේලාවට ම ආපහු එන්න හැකියාව මෙවර අහිමි වී ඇත් ද? ඇය දොර හරිද්දී තාත්තා දොර ළඟ එහා පැත්තේ හිටගෙන තව පොඩ්ඩෙන් දොර වැදී ඔහු ඇදවැටෙන්නට ඉඩ තිබුණි. ඔහු තිගැස්සුන හැටි දුටු අම්මා හුන් අසුනෙන් නැඟිට තාත්තා ...
කිබිසිනි – එක කාන්තාවක් වටින්නෙ නැහැ Sinhala story Blog ලීලා අසල සිටි හතර පස් දෙනා විසි තිස් දෙනෙකු බවට පත්වූයේ ඉතා ඉක්මණින්. අලුතින් එක් වූ තරුණියන් මෙතෙක් කිසිවෙක් නොකී තොරතුරු ඉදිරිපත් කළහ. “ඉන්දුක්, ඇයගේ නම ඉන්දුක්.” “අපේ ගුරුවරයා තමයි යුල්-හාන්. මේ ඔහුගේ බිරිඳ.” “ඇය දෙවැනි දරුවා ගැබ්ගෙන ඉන්නවා කියල කතාවක් පල්ලියේ දී ඇහුන.” නොඉවසිලිමත් තරුණයන් ආවේගශීලීව කතා කළහ. “හැම පැත්තෙන්ම ගිහින් අපි පොලීසියට පහර දෙමු.” “කට්ටියක් එහෙම ගහද්දී ...
කිබිසිනි -මස්කඩකාරයා මේ පවුල එක්ක තරහයි Sinhala story Blog තේ කෝප්පයට මොනවා දෝ එකතු කර ඇත. මේ පළාතේ ඇත්තේ සීනි වෙනුවට ගම්මිරිස් දාලා තේ හදන සිරිතක් දැයි ලීලා සිතුවාය. එහෙත් ඇය තිත්ත කහට කෝප්පය බිංදුවක් වත් ඉතිරි නොකර බී අවසන් කළාය. දැරිය ඉකිබිඳිල්ල නවතා ඇඟිල්ලක් උරමින් පැතලි කොට්ටය මත නින්දේ පසුවෙයි. මැහැල්ල මොනවා දෝ මතුරමින් ගේ පුරා එහා මෙහා ඇවිදියි. පාරේ සද්ද වලින් ඇහෙන්නේ දොරවල් ජනේල වසාගෙන හැංගිච්ච ...
කිබිසිනි -මට මගේ දරුවා මෙතැන තනියම දාලා යන්න බැහැ Sinhala story Blog පොලිස් නිලධාරියෙක් කාන්තාවගේ අත්දෙක පිටුපසට තබාගෙන ඇයව අල්ලා ගෙන සිටියි. පාරට වැටුණ දරුවා තවත් හයියෙන් හඬා වැලපෙයි. “මන්සෙයි කියලා කෑ ගහලා තියෙනවා ද?” පොලිස් නිලධාරියා අසන්නේ ගෙවල් වලට රිංගා ගත් හැමට ඇසෙන පරිදි ය. ඔහුගේ මුහුණ ඉදුණ ජම්බෝලයක් මෙන් රතුපාට වී ඇත. ඇස් කුරිරි බවකින් දිළිසෙයි. කොටට කැපූ කළු කොණ්ඩයේ කෙස් ගස් එකින් එක ඉද්ද ගැසුවාක් ඉහළට ඉස්සී පවතී. ...
කිබිසිනි -ඔක්කොම ළමයි ටික කුදලාගෙන ගිහින් දැන් පොලීසියේ Sinhala story Blog හංදියේ වූ කතාබහ ඊට කළින් දිනයේ යම් කලබලයක් ගැනයි. කාන්තාවකගේ බෙල්ල වටා අත්දෙක දමාගෙන, ඉන වටා කකුල් දෙක ඔතාගෙන, ඇයගේ උරපත්තේ එල්ලී ගත් කුඩා දැරියකි. ඒ කුඩා දැරියගේ මවට ඇයව මෙසේ කරපින්නා ගෙන යෑම හුරු බව පෙනුණි. එහෙත් දුවගේ බරට වඩා වැඩි බරක් මවගේ විඩාබර මුහුණෙන් දිස්වේ යැයි ලීලාට සිතිණ. ඔවුන් තමා අසලින් යද්දී ලීලා දැරිය වෙත හිනාවක් පෑව ...
කිබිසිනි -මකර තැල්ල Sinhala story Blog තාත්තාට ළං වූ ලීලා එක අතකින් ඔහුගේ බාහුවක් අල්ලා ගත්තාය. අනෙක් අතෙන් ඇය රතු හා සුදු මැණික් ගල් වලින් අලංකාර වූ මකර තැල්ල රැගත් සිහින් රන් පොට උස්සා හිස නවා එය කරේ දමා ගත්තාය. ගෙදර ගේට්ටුව ළඟ නැවතුනු කෙනෙක් එය සොලවන හඬක් ඇසුණි. තාත්තා සහ ලීලා තවමත් ඉස්තෝප්පු කාමරයේ හිටගෙන සිටිති. ඇය තම කරේ එල්ලෙන මකර තැල්ල දිහා බැලුවේ ...
කිබිසිනි -මට මේක තනියම විසඳන්න බැහැ Sinhala story Blog ඉස්තෝප්පු කාමරයේ කොපමණ කාලයක් තමා නිදි වැදුනා දැයි කියන්නට ලීලා නොදත්තීය. නිදිමතෙන් පියැවී ඉන්නට කැමති දෙනෙත් අසීරුවෙන් විවර කරද්දී තමා වැතිර සිටින්නේ තාත්තාගේ කකුල් දෙක ළඟ සීතල සිමෙන්ති පොළවේ බව ලීලාට දැනුණි. තාත්තා අවදියෙන්. හරි බැරි ගැසී වාඩි වී ඉන්නා පුටුවෙන් නැඟිටින්නට කිසිම උත්සාහයක් ගත් බවක් ඔහු තුලින් පෙනෙන්නට නැත. “ඇයි එහෙම ගමනක් ගිහින් ආවට පස්සෙ අපිට හොඳටම නිදිමත ...
කිබිසිනි -මකුළු දැල් කඩන්නෙ අතුගාන්නෙ එහෙම කවුද? Sinhala story Blog මෙහෙකාරිය ඉස්තොප්පුවේ සිට බෙරිහන් දෙන හඬ නිවස ඇතුලත දෝංකාරය දෙයි. අම්මා කලබල වෙන්නට පෙර මෙහෙකාරිය නිහඬ කළ යුතුයි. තාත්තා බොකු වේවැල් පුටුවේ හිර වී තද නින්දක පසුවෙයි. මෙහෙකාරියගේ කෑ ගැසිල්ලෙන් ඔහු අවදි වූයේ නැත. ඉස්තෝප්පුවට ඔළුව හොබන්නට ගත් වෑයම අසාර්ථක විය. ඇය පිටුපසින් දොර ඉබේම වැසිණ. එහෙත් ඉස්තෝප්පු කාමරයෙන් එළියට ආ ලීලාව දුටු මෙහෙකාරිය තැති ගත්තේ නැත. “බේබිට ඇතුලට ...
කිබිසිනි -අපට තියෙන්නෙ මේ අබරණ එකින් එක දාගෙන හැකි තරම් ගමන් යන්න Sinhala story Blog තාත්තා වේවැල් බොකු ගැසුන පුටුවේ හිර වී සිටියි. ඔවුන් දෙදෙනාම ඉස්තෝප්පු කාමරයට පැමිණ සිටිති. පුටුව අසලින් හිටගෙන තාත්තාගේ අතක් අල්ලා ගෙන සිටින බව දැක ඇය අත හිමිහිට ඉවත් කළාය. ඔහු පුටුවෙන් නැඟිටින්න උත්සාහයක් ගත්තේ නැත. මුහුණට එබී බලද්දී ඔහු කුමක් දෝ කියන්නට උත්සාහ කර එය අත්හැර දැමුවේය. ලීලා කකුල දිහා බැලුවේ නූපුරය එහි නැති බව දැන දැන ය. ඇය ...
කිබිසිනි -එහෙදි මට කතා කරන්නත් බැරි ද? Sinhala story Blog විටින් විට වචනයක් දෙකක් හුවමාරු වුව ද ඔවුන් අතර කතාබහ අඩුවෙන් ද වැඩ වැඩියෙන් ද සිද්ධ විය. පාන්දර තුනට පමණ උඩුමහලේ වූ යුවතිය තරප්පු පෙළ බැස්සේය. “කෝපි ටිකක් රත් කළා .. හපන්න දෙයක් නම් නෑ,” ඇය මුහුණ සඟවා ගනිමින් කීවාය. තරබාරු කාන්තාව ඇයගේ සැමියාට ඉඟි කළාය. ඔහු කරවටේ ඔතාගෙන තිබි සාටකයක් ගැලවූයේය. එහි කොණක වූයේ ලොකු ගුලියකි. ගැට ලිහා ...
කිබිසිනි -අපි හැමෝම එක දවසේ යන්න ඕනෑ ඒ නිසා Sinhala story Blog උඩු මහලට ගිය තරුණයා සමඟ එක් වූ තරුණිය ඔවුන් වෙතින් අහන ප්‍රශ්න වලට උත්තර දෙන ආකාරය ඔවුනට යාන්තමෙන් ඇසිණ. දොරක් වැසෙන හඬකින් පසුව තරුණයාගේ අඩි තරප්පු පෙළේ පහළට එන අන්දම දෝංකාරය දුනි. “හැමදාම අහන ප්‍රශ්න තමයි,” ඔහු දන්වා සිටියේය. “ඇයි මේ රූ වැඩ කරන්නෙ අහනවා, මම කිව්වා දවස පුරාම මට පැය හතරක් ඈත තියෙන කම්හල් රැකියාව කරන්නයි මේ ගේ ...
කිබිසිනි -මහන්සි නම් උඩට ගිහින් පොඩි විවේකයක් ගන්න Sinhala story Blog අඳුරු බිම් මාලයක පස් ගොඩක් මැද්දේ තාත්තා සහ ලීලා හිටගෙන. “ලිනා, මහන්සි නම් උඩට ගිහින් පොඩි විවේකයක් ගන්න,” කණට කොඳුරා රහසින් පැවසූ අයෙක් ලීලාගේ අතේ වූ බාල්දිය ඉවත් කළේය. බාල්දියක් ඔසවා ගෙන සිටිනවා යැයි ලීලා දැක්කේ එවිට. “… මහත්තයාටත් දැන් මහන්සි ඇති, දුවත් එක්ක ම විවේකයක් ගත්තොත් නේද?” පියාට අනෙක් පැත්තෙන් වූ අයෙක් ගැඹුරු එහෙත් හඬ බාල කරන ලද ...
කිබිසිනි -ආයේ තේ බොමු Sinhala story Blog “මොකද වුනේ බේබි?” “මේක .. මේක අර ඉස්තෝප්පු කාමරේ වගේ,” ලීලා නූපුරය කොණකින් උස්සා පෙන්වීය, “මට මිදුලෙන් හම්බ වුනෙ.” මෙහෙකාරිය වටහා ගත් ලෙසින් හිස වනයි. “තාත්තා මිදුලෙ ඇවිද්දෙ මේක හොයන්න.” ඇය ලීලා වෙතින් දෑස් ඉවත් නොකරම චීත්තය බුරුල් කොට නැවතත් තදින් ගැට ගසා ගත්තීය. “ඒත් ඉස්තෝප්පු කාමරේ ඇතුලට ගෙනිච්චොත් ආයේ එළියට ගේන්න බෑ. කාමරේ ඇතුලෙ පෙට්ටියක මුදු මාල වළලු ...
කිබිසිනි -මම ඇල්ලුවාට කමක් නැතෙයි? Sinhala story Blog “ඇයි දිය කරන් බොන්නෙ නැත්තෙ?” අල්ලට සීනි ඩිංගක් හලා ගෙන එය දිව ගාමින් මෙහෙකාරිය තේ කෝප්පය බොයි. “මෙහෙම බිව්වම රහ වැඩියි බේබි.” “තේ වල ද? සීනි වල ද?” “දෙකේම බේබි,” ඇය කියන්නේ සිනාවකිනි. “කෝ අම්මා,” ලීලා ඇසුවේ රහසින්. “නෝනා නාගන්න ගියා ද කොහෙද,” මෙහෙකාරිය වත්තේ ලිඳ පැත්තට ඔළුවෙන් ඉඟි කළාය. ගේ ඇතුලට වත්තන් කරගෙන ආ තාත්තාගේ මඩ පැල්ලම් වැටුණු ...
කිබිසිනි -සියළු ආබරණ පැළඳ ඒවායෙන් අපූර්ව ගමන් ගිහින් අවසන් ද? Sinhala story Blog මඩ වතුරේ දිළිසෙන්නේ නා නා වර්ණ ඇබිත්තන් මැණික් ගල් ඇල්ලූ රත්තරනින් නිම කළ නූපුරයකි. ගෙට ගොඩ වෙන්නට පෙර කකුල් හෝදන්නට තිබූ වතුර බාල්දියෙන් ලීලා එය සෝදා ගත්තාය. අල්ලේ තබාගෙන එය කෙසේ පළඳින්නක් දැයි ඇය කල්පනා කරන්නට වූවාය. “ලීලා තාත්තා එනවා ඔන්න පඩිය නඟිද්දී පොඩ්ඩක් බලන්න,” හති දමමින් තාත්තා පසුපස තවමත් දුවන අම්මා කියයි. එහෙත් තාත්තා ගෙට ගොඩවෙන්නට පඩිය නැඟ්ඟේ ...
කිබිසිනි -සීනි ටිකක් ගෙනැත් දීලා ඔක්කොම ශේප් නේද? Sinhala story Blog හදිසියේ කඩා වැටුණු ධාරානිපාතයෙන් බස් රථයෙන් බැසි ලීලාත් මෙහෙකාරියත් ඇඳුම් ඇඟට ඇලෙන ලෙසින් තෙත බරිතව තෙමී ගියහ. කාලයකට පස්සේ ගෙදරින් බැහැරක ගිය නිසාවෙන් ඇති වූ ගමනේ විඩාවත්, පුස්තකාලයේ ක්ලාන්ත වී වැටීමේ සිද්ධියත් දෙකෙන් ම කරකියා ගත නොහැකි ලෙසකින් සිතින් ගතින් දෙකෙන් ම හෙම්බත් වී සිටි ලීලා සහ මෙහෙකාරිය එකිනෙකා දිහා බලා අද දවස විශ්වාස කරන්න පුලුවන් දැයි වචන නැතිව ...
කිබිසිනි -පොත දෙන්න එපා කාටවත්, මම ආපහු ඉක්මණට එනවා Sinhala story Blog “එංගලන්තෙ කවෙන්ට් ගාඩන්, ඒ කියන්නෙ රෝයල් ඔපෙරා හවුස් ගැන ..” “ඒ ගැන පොත් ගොඩක ලියැවිලා තියෙනවා. ඒක ගැනම ලියපු පොත් තියෙනවා.” “නැහැ, තැන ගැන නෙමෙයි. ඒකෙ ඇතුලේ වෙච්ච කතාන්දරයක්.” මිස් සුරම්‍යා ඇයගේ වදන් වලට උවමනාවෙන් සවන් දෙන්නේ නැවතත් තොලේ කොණක් හපමින්. “රතු කොණ්ඩයක් තියෙන ලස්සනම ලස්සන ලේඩි කෙනෙක් ඇතුල් වෙනවා ඒ රඟහලේ ඔපෙරා දර්ශනයක් පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දී. ...
කිබිසිනි -මම අඳුන්නලා දෙන්නම් ඕනෑම පොතක නමක් දන්න කෙනෙක්ව Sinhala story Blog “ඔය ළමයා, ඔය බඩු මළු උස්සන් ඉන්න ළමයා, ඕවා අරන් එන්න බෑ පුස්තකාලේ ඇතුලට.” ලීලා වටපිට බැලුවාය. “ඔව්, ඔය ළමයට තමයි කියන්නෙ,” මැදිවියේ කාන්තාවක් ඇය දිහා සැර පරුෂ දෙනෙත් එල්ල කරගෙන සිටින්නීය. ලීලාට තම අත්වල එල්ලෙන බඩු මළු ඇතිබව මතක් වුනේ එවිටයි. පුස්තකාලය අයිනේ කාණු ගැට්ටක වාඩි වී සිටින කාන්තාවන් කිහිප දෙනෙක් දැක, හති දමමින් දුව ආ මෙහෙකාරියටත් එතැනින් ...
කිබිසිනි -ඒ වගේ කතන්දර ලියැවී ඇත්තේ මොන වගේ පොත් වල ද? Sinhala story Blog මේස ලාච්චුවේ කොණක තැන්පත් කර තිබූ ලියුම් කවරය ලීලාට අමතක වී ගිය ලද්දක් නොවේ. ඇයගේ උපන් දින වලට, අවුරුදු උත්සව වලට තාත්තා ගෙන් හා නොයෙකුත් ඥාතීන් විසින් තෑගි කරන ලද මුදල් නෝට්ටු වලින් පැරණි ලියුම් කවරය පිරී තිබුණි. එහි මුදල් පාවිච්චියට ගත යුත්තක් ලෙසින් ලීලා සලකා තිබුනේ නැත. ඇය ලාච්චුවේ තිබුණු ලට්ටලොට්ට ඈත් මෑත් කර ලියුම් කවරය අතට ගත්තේ ...