කිබිසිනි -හැම වතාවක්ම අලුත් අත්දැකීමක් ලෙසින් ඔහු දකිනවා ද? Sinhala story Blog ලීලා නින්දෙන් අවදි වූයේ පුස්තකාලය, පුස්තකාලය යැයි සිත හඬගා කියද්දී. ඇය ඇඳෙන් නොබැස අත දිගුකර බිමට වැටුණු පෑන අහුලා ගෙන කොපි පොත යළි දිග හැරියාය. ඇය එහි අලුතින් ලියාගත් පේලි නැවත නැවතත් කියෙව්වාය. ඇයි ඒ පුස්තකාලයකට යන්න තහනමක්? වංගගිරිය මුදුනේ තිබූ එයත් ඉස්තෝප්පු කාමරය වැනි අපූර්ව හාස්කම් දක්වන තැනක් නිසා ද? එහෙම නම් එහි හාස්කම කුමක් ද? ඒ ගිය ...
කිබිසිනි -තාත්තා මහ දවාලේ බිම නිදියන්නට පටන් ගත්තොත්? Sinhala story Blog “ඇඳෙන් වැටුනේ නෑ මයෙ හිතේ, ඇඳ කියලා හිතාගෙන ඔය බිමට වෙලා නිදි වෙන්නැති.” “ඔව් වැටෙන සද්දයක් ඇහුනෙ නෑ නෝනා.” අම්මාත් මෙහෙකාරියත් කසුකුසුවේ දොඩන්නේ පැදුරක්, ඇතිරිල්ලක් නොමැතිව සිමෙන්ති පොළවේ නිදිගත් තාත්තාව නැඟිට්ටවා ගන්නේ කෙසේ ද කියාය. තමන් ගිය ස්ථානයේ දිගු කාලයක් ගෙවා දැම්මත් ලීලා ආපහු නිවසට ඇවිත් ඉන්නේ පිට වී ගියාට පසු තත්පරයක් හෝ ගෙවී නොගිය ලෙසකටය. දෙමව්පියන්ගේ කාමරය ලීලා ...
කිබිසිනි -වයින්, චීස්, ඔලිව්, පාන් සහ අනගි මුද්දරප්පලම් Sinhala story Blog කතාබහ නතර කළ දෙදෙනා පන්දම් අතැතිව එළියට ආහ. පන්දම් එළියෙන් පෙනුනේ හිසේ සිට පාද දක්වා ආවරණය වූ දිගු ලෝගු ඇඳගත් දෙදෙනෙකි. පළමුවෙන් පා තැබූ අය වැඩිමහල් බවත් පසුව ගමන් ගත්තා තරුණ වියේ බවත් ඔවුන්ගේ ගමන් විලාසයෙන් ලීලා අනුමාන කළාය. කිසිත් කලබලයක් නැතිව ඔවුන් වංගගිරිය හොඳින් දන්නා අය සේ ගමන් කළහ. පන්දම් එළිය නොපෙනී යනතුරු බලා සිටිය ලීලාට ඔවුන් නොපෙනී ...
කිබිසිනි -කවුද අපිව සොයාගෙන ආවේ? Sinhala story Blog බිත්ති වල නටන පන්දම් එළියට ද යා යුතු තැන සොයාගත නොහැකි විය. දෙතුන් වරක් ඉහළට නඟින්න ගත් උත්සාහයන් අත්හැරලා පන්දම් එළිය සමඟින් එහා මෙහා ඇවිද්ද අය පහළට බැස නොපෙනී ගියේය. තමා සිටියේ ඒ අසලම යැයි ද, තවත් ළං වෙන්නට ගත් උත්සාහය නිසා ඈත් වන්නට සිද්ධ වූයේ යැයි ද සිතී ලීලාට දැනුනේ පොඩි තරහක්. වටපිටාව දැඩි සේ සීතලය. දිගු කාලයක් ...
කිබිසිනි -අඩියෙන් අඩිය තබමින් පඩියෙන් පඩිය උඩට නඟිනා අය Sinhala story Blog ඔවුන්ගේ කතාබහ නැවතිය ද දෙන්නා ගෙන් එක් අයෙක් වත් කාමරයෙන් පිටතට ආවේ නැත. වෙව්ලමින් දැල්වෙන පහන් එළිය එන කාමරය පැත්තට යනු පිණිස ලීලා හෙමින් ඇදුනේ එහි ඇතුලට යන අදහසකින් නොවේ. තමා සිටි කාමරයෙන් පිටතට පැමිණි ඇය යාන්තමින් ආලෝක වූ වටපිටාව දැක පුදුමයට පත් වූවාය. ඇය සිටි කාමරය, ඉහළින් හා පහළින් තට්ටු ඇති ගොඩනැඟිල්ලක මැද වූවකි. කාමරයෙන් කාමරයට යා හැකි ...
ලෝකය අපිට දෙන සාක්කි හඳුනාගන්න, මා හිතවත් ඇඩ්සෝ Sinhala story Blog දොරක් කෙඳිරිගාමින් ඇරෙන හඬක් ලීලාට ඇසුණි. අඩි සද්දය තමා සිටි පැත්තට එනවා යැයි ලීලා සිතුවේ එය තමා සිටි කාමරයේ බිත්තියේ දෝංකාරය වූ නිසා යැයි ඇයට පැහැදිලි විය. ඇවිද ගිය අය තමා වෙතින් ඈතකට ගිහින්. ගලා ආ මඳ එළියෙන් ඇය ඉදිරියෙන් වූ මකුළු දැල් පිරි මේසය දිහා බැලුවාය. එය නිමැවී ඇත්තේ ඉතා ප්‍රාථමික ආකාරයෙන් යැයි ඇයට සිතිණ. මේක මොනවා ගබඩා ...
කිබිසිනි – සුසුම් ලෑම කාට ඇහේවි ද? Sinhala story Blog අම්මා කුඩා දැරියක් මෙන් මෙසේ හඬනවා ලීලා කිසිකලෙක දැක නැත. ලීලාගේ ඇස්වල කඳුළු පිරුනේ නැත. ඇය බලා සිටියේ අම්මාගේ ඉකිගැසිල්ල නැවතෙන තුරු. අම්මා තුල ඇති බිය සැක යාන්තමකට හෝ අඩු කරන්නට උවමනා වුවත් එය කරන්නේ කෙසේදැයි ලීලා නොදත්තාය. “මහත්තයා නැඟිටලා වගේ ඇහෙනවා නෝනා,” මෙහෙකාරිය ඉස්තෝප්පුව අතුගාන්න කොස්සකුත් රැගෙන ඇවිත්. අම්මා පුටුවෙන් නැඟිට්ටේ සුසුම් ලමින්. ඇය ගේ ඇතුලට ගියේ එතරම් ...
කිබිසිනි -මයේ හිතේ කහටක් නැහැ සුදු නංගි Sinhala story Blog “මට බැහැ මහතුන් අයියෙ. වැඳලා කිව්වත් කරන්න බැරි වැඩක්.” “නංගි ළඟට මේ වෙලාවෙ ඇවිත් කරදර කරන්නෙ කැමැත්තකින් නෙමෙයි.” “මම නොදන්නවායැ.” “මට වෙන යන්න අතක් නැහැ.” “අපේ කැමැත්ත විතරක් මදිනෙ. අනිත් කට්ටිය …” “මයෙ කැමැත්තයි මල්ලිගෙ කැමැත්තයි තිබුනාම ඇති .. ඒ කියන්නෙ දැන් මේ නංගිගෙ කැමැත්ත …” “අනිත් කට්ටිය ඇවිත් සද්දෙ දාලා ගියා පහුගිය දොහක.” “මම ඉන්න නරකාදිය ගැන එයාල ...
කිබිසිනි -අප ඉන්නේ ඉඳුරා ම ඛේදනීය වූ සමයක Sinhala story Blog තමා ගිල දැමූ බත් පිඟානේ වූයේ මොනවා දැයි කිසිවෙක් හෝ ඇහුවා නම් විස්තර කියන්නට ලීලාට නොහැකිය. රාත්‍රී අන්ධකාරය මුළු පරිසරයම වෙලා ගනිමින් පැතිර යද්දී ලීලාට දැනුනේ දැඩි වෙහෙසකි. ඇය නැවතත් තම නිදන කාමරයට වැදුනේ පොතේ ඉතිරිය කුමන ලෙසකින් ගලා යන්නේ දැයි සොයන්නට කැමැත්ත හා අකමැත්ත දෙකම පිරි සිතකිනි. ඉස්තෝප්පු කාමරයේ ගොඩ ගැසී ඇති පොත් අතර ප්‍රබන්ධ කොතරම් සංඛ්‍යාවක් ඇත්තේ ...
කිබිසිනි -ලේඩි ෂැටර්ලිගේ ආදරවන්තයා Sinhala story Blog දිවා ආහාරයත් එපා කියා පොතත් රැගෙන නිදන කාමරයට වැදුණු ලීලා පොතේ පිටු දහයක් ඉක්මවා යන්නට පෙර කාමරේ දොර වසා දැමුවාය. ලැජ්ජාවෙන් වෙව්ලන ඇඟිලි වලින් ඇය පිටු පෙරලුවේ ලිංගික හැසිරීම් ගැන මෙතරම් විස්තරාත්මකව ලියන්නට එතරම් සුප්‍රසිද්ධ වූ කතුවරයාට ලැජ්ජාවක් තිබුනේ නැද්ද යැයි සිතමිනි. එදා යෙහෙළියන් පැමිණ සිටිය දී පොතේ නම ඇහෙද්දී තාත්තාගේ සිනාවේ ඇදුණු සිනාව යළි මතක් කරගන්නට ඇය ඇස් ...
කිබිසිනි -මට කන්න බොන්න පුළුවන් මෙහෙම ගමනක් ගියාම Sinhala story Blog රත්තරන් වළල්ල රන් අබරණ පෙට්ටියේ දිළිසෙමින් හිනාවෙයි. පිඟන් හෝදන සුවිසල් වතුර කල්දේරමේ සබන් පෙණ අස්සේ ලීලාගේ රත්තරන් වළල්ල ගැල වී ගියෙන් ලීලා නැවතත් ඉස්තෝප්පු කාමරයේ සිටගෙන සිටියේ කුමක් දැයි කියාගත නොහැකි තරම් දැඩි ආවේගයකින් පිරිල. එය වළලුකරයෙන් ගිලි හී යද්දී තමා ආපහු ඉස්තෝප්පු කාමරයට ක්ෂණයෙන් යන බව නිසැකව දත් ඇයට සබන් වතුර කල්දේරමේ එය සොයන්නට තත්පරයක් හෝ ඉඩක් ලැබුණේ ...
කිබිසිනි -කැප කිරීමක් නොකළොත් ලැබෙන ඵලය අගයෙන් අඩුයි Sinhala story Blog “කවියෙක් වෙන්න අකුරු කුරුටු ගෑවට බැහැ, හද කකියන අත්දැකීමක් අත්විඳින්නම ඕනෑ.” “ලුසියන් දැනටමත් ආදරෙන් පැරදිලා ඉන්නෙ, එයාගෙ හදවත සෑහෙන්න රිදිලා.” “ඒත් ඒක මතුපිටින් දැනෙන රිදිල්ලක් විතරයි. වෙන ලස්සන කෙල්ලෙක් දැක්කම මුලින් හිත රිදෙව්ව එක්කෙනාව අමතක වෙලා යයි.” “ඩැනියෙල් මොකක් ද කියන්නෙ?” මෙතෙක් නිහඬ වී සිටි කඩවසම් තරුණයා සුප් පිඟානෙන් හිස එසැවූයේ සිනාවක් මුවේ පැතිර යද්දී. “යමක් සඳහා කැප කිරීමක් ...
කිබිසිනි -හදවත් හා සිත් වලින් එකතු වූ මිතුරු කැළ Sinhala story Blog කල්දේරම් වල සූදානමින් ඇති ආහාරය කුමක් දැයි ලීලාට සිතාගත නොහැකිය. එය කෑම කාමරයට ගෙන යන්නේ කෙසේදැයි කියා ද ඇය නොදත්තාය. එහෙත් ඇය හා සේවය කරන අනික් මෙහෙකාරිය ගෙන් ඒ ප්‍රශ්න ඇසුවොත්, කිසිත් සැකයක් නැතිව මෙවන් ගමන් ආ කළින් වතාවන් හි දී මෙන් තමන්ට ලැබි ප්‍රතිචාර හා සමාන ප්‍රතිචාරයක්, එනම් සිද්ධ වෙන්නේ කුමකට දැයි සිහිකල්පනාව නොදක්වන අයෙකුට ලැබෙන සැලකිල්ල, තමනට ...
කිබිසිනි -හාමතේ ඉන්න කොල්ලො ටික කොයි වේලාවේ හරි පාත්වේවි Sinhala story Blog “මහත්තයා ඉස්තෝප්පුවට එන්නෙ නැතිවෙයි අද,” ඉඳුල් පිඟාන ලීලාගෙන් ඉල්ලා ගන්නා ගමන් මෙහෙකාරිය රහසින් කියුවාය. “ඇයි?” “ඊයේ රෑ පොඩ්ඩක් වත් නිදා ගත්තෙ නැහැයි කියල නෝනා කිව්වා,” ඇය කට අතින් වසාගෙන කියන්නේ එය උච්චාරණයෙන් යම් දෝෂයක් සිදුවේ යැයි බියෙනි. ඊයේ රූ ඇද හැලුණු ධාරාණිපාතයත්, හාස්කම් පෙන්වන්නට සමත් ඉස්තෝප්පු කාමරයත්, සමඟින් තාත්තාගේ අසනීප තත්වය සම්බන්ධ වන්නේ කෙසේදැයි පැහැදිලි කරන්නට නොදත්ත ද එහි ...
කිබිසිනි -ගහක් කඩා වැටී ඇත් ද? Sinhala story Blog උදෑසන අවදි වූ ලීලා ඇස් ඇරියේ ගසක් කඩා වැටුණු සද්දය ඇසුනා දැයි සිතුවිල්ලෙනි. තාත්තාට අසනීප වූ දිනයේ හටගත් මහා වර්ෂාවෙන් කඩා වැටුණු ගස යම් වැදගත්කමකින් වූවක් ද? ඊයේ රෑ හෙනහඬ සමඟින් ගසක් කඩා වැටුන හඬක් ඇසුණ බවක් ලීලාගේ මතකයේ සටහන් වී නැත. හනිකට නිදන ඇඳුම් මාරු කරගත් ඇය වත්තට දිව ගියේ ගහක් කඩා වැටී ඇත් දැයි සහ මඩ ගොඩකින් ...
කිබිසිනි -හෙණහඬ ආලෝකය හඹා ආවේය Sinhala story Blog යෙහෙළියන් තවම පොතත් රැගෙන පැමිණ නැත. ඉස්තෝප්පු කාමරයේ පොත ඇත්දැයි සෙව්වාට ඵලක් නොවුණි. දැන් එහි යන එන බව රහසක් සේ තියාගන්නට හේතුවක් ලීලාට නැත. අම්මා ඉදිරියේ දී එහි ඇතුල් වෙන්නට හෝ ඉන් පිටට නොඑන්නට පමණක් ලීලා වගබලා ගත්තේ තමා දකින හැම අවස්ථාවක දී ම හටගන්නා මවගේ තැති ගැන්ම සති දෙක තුනක් ඉක්ම ගියත් යාන්තමකින් හෝ අඩු වී නැති නිසාය. ...
කිබිසිනි -කෝ අපිට පෙනෙන වෙනසක් තියේයැ Sinhala story Blog “සුදු නංගි, මොකද කියන්නෙ එතකොට?” දොරට හේත්තු වී සිටි ලීලාටත්, තාත්තාගේ අත අල්ලාගෙන ඔහු අසලින් වාඩි වී ඉන්නා අම්මාටත්, නෑදෑයින් ගෙනගිය කතාවේ අගක් මුලක් වැටහී නොතිබිණ. කටහඬවල් ඇසුනාට ඒවායෙන් කියූ වදන් ඔවුන් දෙදෙනාට ඇසුනේ නැත. අම්මා හිස ඔසවා ඔවුන් සියළු දෙනාගේ ම මුහුණු දෙස බැලුවේ කිසිවක් කරකියා ගත නොහැකි අසරණ බැල්මකිනි. “සුදු නංගි ඔහොම පැත්තකට වෙලා ඉඳල හරියන්නෙ නැහැ. ...
කිබිසිනි -අම්මා දිහා බලා සිටින ලීලා Sinhala story Blog පොරොන්දු වූ පොත ගෙනෙන තෙක් ලීලා සිටියේ නොඉවසිල්ලෙන්. දැන් තාත්තා වෙතින් ඉඳහිටෙක සිනාවක් දකින්නට ලැබේ. එහෙත් එය වැඩි වේලාවක් මුහුණේ රැඳී සිටින්නේ නැත. ඔහු විටෙක යමක් පහදා ගන්නට මෙන් අම්මා දිහා හෝ ලීලා දිහා එක එල්ලේ බලාගෙන සිටියි. එවැනි අවස්ථාවක දී අම්මා රටේ තොටේ ඇහෙන සිද්ධීන් ඔහු හමුවේ තබයි. ඔහුගෙන් පිළිතුරු නොලැබීම ගැන අම්මා තැකීමක් නොකරන්නීය. ඔහුගේ ඇස් ඉවතක ...
කිබිසිනි -මං හිතන්නේ ඒ පොත තාත්තත් කියවලා තියෙනවා ද කොහෙද Sinhala story Blog කෙල්ලො ටික බයේ ගැහෙති. නොසෙල්වී ඉන්නට උත්සාහ ගන්නා අම්මාගේ අත වෙව්ලයි. වීදුරුව පිරෙන්නට පුරවා තිබූ බීම ඉහිරෙන්නට ඔන්න මෙන්න. තාත්තා තවමත් ඔවුන් වෙතින් ඇස් ඉවත් කර නැත. එය අසනීපයෙන් පසු ඔහු වෙතින් දැකි එවැනි දෙවන උත්සාහයයි. “ආයෙත් කියන්න,” පැතිර තිබු නිහඬතාවය මැද ලීලා රහසින් කීවාය. කෙල්ල හිස සොලවන්නේ ලීලාගේ දෙමාපියන් ඉදිරිපිට දී තහනම් පොතක නමක් හඬගාන්නට ඇති බලවත් අකමැත්ත ...
කිබිසිනි -ලීලාව නරක් කරන්න හදන්නෙ මේ වනචර කෙල්ලො Sinhala story Blog ඉස්තෝප්පු කාමරයේ ඇති පොත් බොහොමයක් කියවන්නට ලීලා සමත් වූවාය. තම පාඩම් පොත්වලින් දැනුම වෙනදාට වඩා හොඳින් උකහා ගන්නට තමන් සමත් වූයේ කෙසේදැයි හදිසියේ ම ඇයට පසක් විය. ඒ වෙනදා කිසි අරමුණක් නැතිව ඉබගාතේ දුවන සිතුවිලි වලින් දවස ගෙවන ඇය දැන් පාඩම් කටයුතු වලට හැම දිනක ම කාලයක් නිශ්චිතව ම වෙන් කරන නිසා ය. එසේම තාත්තාගේ ලෙඩේ සනීප කරන්නට හැකි ...