කිබිසිනි -කෝ මේ ළමයා, තාම නිදි ද? Sinhala story Blog “කෝ මේ ළමයා, තාම නිදි ද?” අම්මාගේ කටහඬ කෑම කාමරය පැත්තෙන් ඇහෙයි. “බේබි ඇහැරිලා පාඩම් කරනවා නෝනා, ලැවරියා කාලා ආපහු දිව්වා,” මෙහෙකාරිය කියන්නීය. ලීලා සුළැඟිල්ලේ වූ මුද්ද දිහා බලා සිටියේ විමතියෙන්. ඇය තවමත් හිටි තැනම සිටගෙන. ඉස්තෝප්පු කාමරයෙන් බැහැරක ගොසින් නැත. ඇය මුද්ද ගලවා වෙන ඇඟිල්ලක රැඳවූවාය. ඇය එතැනම ය. අනිත් අතේ ඇඟිල්ලක දැම්මා ය. ඒත් එතැනම ය. කුමක් ...
කිබිසිනි -ආයෙත් කොහේ යාවි ද? Sinhala story Blog හිමිදිරියේ ඉස්තෝප්පු කාමරයට රිංගා ගත් ලීලා එංගලන්තයේ ගොඩනැඟිලි ගැන වූ පොත අකුරක් නෑර කියැවූවාය. මුද්ද දා ගත් විට තමන් ගිය ස්ථානය කවෙන්ට් ගාඩන්ස් රඟහල යැයි හඳුනාගත්තා ය. තමන් ගියේ අතීතයට බව එදා දැකි ඇඳුම් පැළඳුම් වලින් ලීලා දැනගෙන සිටියත්, පොතේ විස්තර වලින් ඒ 1700 ගණන් තරම් පැරණි කාලයකට යැයි දැක ඇය විස්මිත වූවාය. එහෙත් දෙවැනි වතාවට මුද්ද දා ගත් ...
කිබිසිනි -ආපහු ගේන්න බැරි තැනකට අරන් ගියානෙ Sinhala story Blog ලීලා හමුවන්නට යෙහෙළියන් පිරිසක් නිවසට කඩා වැදුනේ දහවල් දෙකට පමණ. “ඔයා පංති එන්නැති නිසා අපි නෝට්ස් ගෙනාවා,” ඔවුන් කියූහ. එහෙත් අස්සෙන් පැතිර ගිය කිචිබිචියේ වෙනත් රහස් ගමනක් මේ ගමනෙන් වසන් කරගන්නා ආකාරය හෙළිවුණි. ඉස්තෝප්පුවේ පිළිසඳරේ යෙදි ඔවුනට තේ ගෙනැවිත් පිරිනැමූ අම්මා තාත්තාට ද තේ කෝප්පයක් බොන්නට සහාය වෙන අන්දම දැක ඔවුන් කතාබහ මඳකට නතර කළ බලා සිටියහ. වෙනදා ඔහු ...
කිබිසිනි -මගෙ උදව්වට වත් ආව ද? Sinhala story Blog ඉස්තෝප්පු කාමරයෙන් පිටතින් තියා ගන්නා කොපි පොතක ද සටහන් ලියන්නට ලීලා පටන් ගත්තා ය. ‘මේ පොත ඇතුලට ගෙනියන්න එපා’ යැයි ලොකු අකුරින් එහි කවරයේ ඇය ලිව්වා ය. එදා සොයාගත් එංගලන්තයේ ඵෛතිහාසික ගොඩනැඟිලි ගැන වූ පොතේ තිබි රඟහල් ඇතුලත පින්තූර වලින් ඇයට තවත් කොණක් අල්ලා ගන්නට ලැබුණා යැයි ඇයට දැන් පැහැදිලි ය. රාජකීය ඔපෙරා නිවස නොහොත් කවෙන්ට් ගාඩන් නමින් හැඳින්වෙන්න ...
කිබිසිනි -ඇතුලට ගේන එකක් වත් ආයේ අරන් යන්න බැරි ද? Sinhala story Blog ඉඩක් ලැබුණු සැනින් ඉස්තෝප්පු කාමරයට දුවන්නට ලීලා යුහුසුළු වූවාය. අම්මා වත්ත පහළ ගස කපා දර ගොඩ ගැසූ සේනට වියදම් පියවනු පිණිස මුදල් රැගෙන එන්නට බැංකුවට ගිය දිනය ඇයට ලැබි ප්‍රථම අවස්ථාවයි. තනිවම දිවා ආහාරය පිළියෙල කරන්නට සිද්ධ වූ මෙහෙකාරිය ඉස්තෝප්පුව පැත්තේ කරක් ගහන්නට නොඑන බව ලීලා දනියි. තාත්තා ඇඳි පුටුවේ සුපුරුදු නින්දේ වැටී සිටියි. තාත්තා අසලින් හිඳගෙන සිටිය දී ...
කිබිසිනි -දැන් ම කාටවත් කියන්න අවශ්‍යය ද? Sinhala story Blog තාත්තා ඇඳි පුටුවේ නිදි කිරා වැටෙයි. තාත්තා අසලින් අසුන් ගත්, අළුත් කොපි පොතක් අතැති ලීලා අවුල නිරාකරණය පිණිස කළ යුතු දේවල් මොනවා දැයි එහි ලියන්නට වූවාය. රාත්‍රියේ ඉස්තෝප්පු කාමරයේ ගත කළ කාලය තාත්තාගේ සුවය පිණිස ගන්නා තම වෙහෙසේ ආරම්භය සේ ඇය සැලකුවාය. තාත්තාගේ අසනීපයට තමන් යම් විදියකින් වගකිව යුතු යැයි ඇගේ සිත කොනහන්නකි. එය එසේ නොවූවත් ඔහුගේ අසනීපය හා ...
කිබිසිනි -අවුලක් ලිහන්නට නම් කොණක් අල්ලා ගන්නේ කෙසේද? Sinhala story Blog වළාකුල් නොමැති රාත්‍රියේ පුරහඳ හැම අස්සකට ම කොනකට ම එළිය පතුරුවා හැර ඇත. නිවසේ වූ අනිත් අයට නින්ද යනතෙක් බලා සිටි ලීලාට ද නින්ද ගොස් තිබිණ. පාන්දර තුනට පමණ තිගැස්සී අවදි වූ ඇය මුලින් ම ඔරලෝසුවක් දිහා බැලුවේ තමාට මුළු රාත්‍රිය ම අහිමි වූවා දැයි සොයන්නට යි. බකමූණෙක් හූම් හූම් ගානා හඬ ළඟ පාතකින් ඇසිණ. ඒ හැරෙන්නට වෙනත් කිසි ...
කිබිසිනි -ඉතින් බේබි ගිහින් බලන්නකෝ Sinhala story Blog “අම්මෙ … ඇයි මට අර .. (ඇය නිකටෙන් පෙන්වූවාය) කාමරේට යන්න එපා කිව්වෙ.” තාත්තාට බත් ගුලි කරමින් කවන අම්මා වෙතින් ලීලා ඇහුවේ තොරතුරු සෙවීම තවත් කල් දාන්නට බැහැ යැයි තීරණයක් ගත් නිසයි. අම්මා අත වූ බත් පිඟාන වෙව්ලා ගිහින් තාත්තාගේ ඔඩොක්කුවට ද බත් හොදි වැටිණ. “මට තියෙන වැඩ කන්දරාව මදි කියල හිතුවා ද ලීලා?” “ඉතින් අම්මෙ ..” “අනේ දරුවෝ ...
කිබිසිනි -එය ඇරී නොව වැසී ම ඉන්නට වෙර දරයි Sinhala story Blog නොදන්නා තොරතුරු බහුල නිසා පහසු නිගමනයකට එළඹෙන්නට ලීලාට නොහැකි විය. මෙහෙකාරිය මුළුතැන්ගෙයි හිර ව සිටිය දී, අම්මා කඩමණ්ඩියට ගොස් සිටිය දී, තාත්තා ඉස්තෝප්පුවේ ඇඳි පුටුවක නිදි කිරා වැටෙද්දී, ලීලා හැකි තරම් නිහඬ බව රකිමින් ඉස්තෝප්පු කාමරයට ඇතුළු වූවාය. සංසුන් බවක් වෙනුවට ඇය තුල පැවතියේ නොයෙකුත් සිතිවිලි ගලා ආ කාලගෝට්ටියකි. දොර අඩවන් කරන්නට පෙර ඇය තාත්තා දිහා බැලුවාය. දොර අඩවන් ...
කිබිසිනි -අම්මා සකසුරුවමින් වැඩ පටන් ගෙන හමාර ය Sinhala story Blog ඉස්පිරිතාලයෙන් ගෙදර ආ තාත්තා සතියකට පසුවත් කිසිත් කතාබහකින් තොර විය. අම්මා අතින් කවන ආහාරයක් ගිල දමන, මුවට ළං කරන වතුර වීදුරුවක් හෝ තේ කෝප්පයක් පානය කරන ඔහු ඉස්තෝප්පුවේ ඇඳි පුටුවේ දිගා වී කාලය ගෙවන්නේ වටපිටාව ගැන කිසිත් තැකීමකින් තොරව ය. ඥාතීන් වෙතින් හා දන්නා හඳුනන අයගෙන් මෙන් ම තාත්තාගේ කාර්යාලයේ හිත මිතුරන් වෙතින් ද අරහෙම කරලා බලන්න මෙහෙම කරලා ...
කිබිසිනි -තාත්තාට හැදුනේ හෘදයාබාධයක් නෙමෙයි Sinhala story Blog තාත්තාට හැදුනේ හෘදයාබාධයක් නෙමෙයි යැයි දොස්තරවරු කියන ලදි. රෝගය කුමක් දැයි සොයන්නට පරීක්ෂණ ගණනාවක් පැවැත් වු නමුත් එය කුමක් දැයි ඔවුනට සොයාගත නොහැකි විය. ඉස්පිරිතාලයට සති දෙක තුනක් පුරා උදේ හවා දිව්වේ අම්මා ය. ඇයගේ තනියට මෙහෙකාරියත් ලීලාත් වරින් වර ගියහ. තාත්තාට ගෙනගිය කෑම පැකට් වලින් කටවල් කිහිපයක් ඔහුට ගිලින්නට හැකි වූයේ මීට දවස් දෙක තුනකට පෙර සිහිලත් පසු ...
කිබිසිනි -හොඳ වේලාවට නෝනා කාමරයට දිව්වෙ Sinhala story Blog ඉස්තෝප්පු කාමරයේ පොත් රාක්කයක් අසල ලීලා හිටගෙන. තමන් ආපහු ඇවිත් ඉන්නා බවත් තාත්තා එහි නැති බවත් දැකි ලීලාගේ හිතට දැනුනේ සහනයක්. ඒත් ගේ ඇතුලතින් ගලා ආ කලබල සද්ද රාශිය නිසා ඇය කාමරයෙන් එළියට යෑමට මඳක් පසුබට වූවාය. අල්ල දිග හැර මුද්ද එහි ඇතැයි දැකි ලීලා වහාම එය නැවතත් සිමෙන්ති පොළවේ කුහරයේ වූ ලී පෙට්ටියට මුද්ද දමා එහි පියන වසා ...
කිබිසිනි -ඔබේ කෝපයේ බැමි ලිහා දමන්න! Sinhala story Blog “මම උඹලාට අණ කරනවා … මම කියනවා වෙනතක යන්න කියලා .. ආපහු ඔබලා ආපු මැදිරිවලට නඟින්න කියලා,” ලුතිනන්වරයා හඬ ගෑය. “කට වහපන් නාකියා!” යැයි සොල්දාදුවෙක් පරුෂ ලෙසින් බැන වැදිණ. “අපි උඹවත් මේ ගොඩට දාලා මිලිටරි අධිකරණයක් තියනවා,” යැයි තවකෙක් කෑ ගැසීය. ලුතිනන්වරයා පසු බැස්සේ ය. ඔහු සෙමෙන් පදිකවේදිකාවෙන් ඉවත් වී ගියේය. “එයා ද මහේශාක්‍ය ෂටෝනි?” ලීලා විමසුවේ මුවේ දත් ...
කිබිසිනි -මහේශාක්‍ය ෂටෝනි Sinhala story Blog දුම්රියක් එන හඬක් ඇසුනෙන් තමන් ඉන්නේ රඟහලක නොව දුම්රිය තොටුපොළක බව ලීලාට වැටහිණ. ඇය වහාම මහපටැඟිල්ල දිහා බැලුවාය. අත වැසී තිබි හම් අත්වැසුම් අස්සෙන් එහි මුද්ද රැඳී ඇත්දැයි අත ගා සැක පහන් කරගත්තා ය. ඇය තුල චකිතයක් හෝ බියක් නොවීය. රඟහලට නැවත ගියේ නැතැයි පසුතැවිල්ලක් ද නොවීය. දුම්රිය නැවතුම් පල වූයේ සීතල පරිසරයක. ඇයගේ වත වැසෙන්නට දිගු රැළි අත් ...
කිබිසිනි -අහුවුනොත් තාත්තා සමාව දෙයි ද? Sinhala story Blog ලීලා සිටියේ ඉස්තෝප්පු කාමරයේ ඇතුලත ය. වැසුණු දොරට පිට දීගෙන ය. ඇස් වසමින් ඇස් අරිමින් ඇය තමා සිටි රඟහලෙන් නික් ම ආපසු නිවසට ඇවිත් බව නිශ්චය කරගත්තා ය. උදෑසනින් වැඩ පටන් ගන්නා කුරුල්ලෝ ගී ගයන්නට රැල් බුරුල් හරිනා හඬ වටපිටාවෙන් ගලා එයි. ඇයගේ ඇඟිල්ලෙන් ගිලිහුණු මුද්ද පෙරළී ගියේ බිමට නිසා ඇය දණහිසට මඳක් උඩින් අත් දෙක තබා නැවිච්ච කකුල් ...
කිබිසිනි -ලා, මිනිහෝ! Sinhala story Blog “ලා, මිනිහෝ!” කවුදෝ කාන්තාවක් පහත් හඬින් කියනවා ඔවුනට ඇසිණ. “ඔයාගෙ පෙට්ටියේ හොඳට සැතපිලා ඉන්න අර ප්‍රංශ පඹයාට පස්ස හරවන්න හැකි තරම් ඔයා තාමත් තරුණයි.” “පුළුවන් නම් කරන්න මම කැමතියි. ඒත් ගෞරවනීය ආර්යාව මතක් කරගන්න ඕනා අපි අපේ රටට සේවයක් කරද්දි පුද්ගලික කෝන්තර පැත්තකට දාන්න.” ආර්යාව මොකක්දෝ මාළු කතාවක් කියනා හඬ ලීලාටත් ලීලාගේ අක්කාගේත් සවනට වැටිණ. අක්කාගේ මුවේ සිනාවක් පැතිර ...
කිබිසිනි -කොහෙන් ද ඔය දහ ජරාවක් හොයාගත්තෙ? Sinhala story Blog ලීලා ඉස්තෝප්පු කාමරයේ දොර හැර ඇතුලට වැදී දොර පියන් අඩවන් කළේ ඇයට කිසිත් දවසක කිසිවකට නොතිබි කඩිමුඩියකින්. මහ රූ අවදි වූ ඇයට තාත්තාගේ ගෙරවිල්ලත්, එහෙන් මෙහෙන් නිශාචර සත්වයන් හඬනා සද්දත් මිසක අවදියෙන් ඉන්නා අයෙකු ගේ හඬක් ඇසුනේ නැත. දහවල් කාලයේ අවස්ථාවක් ලැබෙන තෙක් කල් ගෙවීමට වඩා මෙසේ සොයා බැලීම සුදුසු යැයි නින්දෙන් අවදි වූ ගමන් ඉතා පැහැදිලි සේ ඇයට ...
කිබිසිනි -තාත්තා දන්නවා නම් අම්මාත් ඒක දන්නවා ද? Sinhala story Blog වත්තේ ඇවිදීම නවතා හනිකට නිවසට ඇතුල් වූ තාත්තා නිදන කාමරයට වැදුනේ දොරත් අඩවන් කරගෙන ය. ලීලා නැවතත් ඇයගේ මේසය ළඟින් වාඩි වී පොත් වලට එබුණි. එළිමහන් සුළඟ වැදී, කියවන කරුණු කාරණා ඉක්මණින් අල්ලා ගන්නට මනස ප්‍රාණවත් වී ඇති සේ ය. රාත්‍රී ආහාර සුදානම් යැයි අම්මා හඬ ගා දෙතුන් වතාවක් කියනා තෙක් ම ලීලා පොත්වලින් ඇස් ඉවත් කළේ නැත. කෑම ...
කිබිසිනි -අල්ලේ දිලෙන ඔපයක් නැති රත්තරන් මුද්ද Sinhala story Blog දින කිහිපයක් ගෙවී ගියේ නොදැනුවත්ව. අනේක වාරයක් ඉස්තෝප්පු කාමරයේ අබරණ පෙට්ටිය සිහියට ආව ද, ලීලා දොරට අත තැබුවේ නැත. එදා සිද්ධ වූයේ කුමක් දැයි ගෙදර කාගෙන් හෝ අහන්නට දිව නළියෙව්ව ද ඇය ඒ ගැන වදනකුදු පිට නොකළාය. තමාගේ අත්දැකීම සත්ය්යක් ද නැත්නම් මායාවක් ද යන්න ඇයට තෝරා බේරා ගත නොහැකි විය. ඒත් මායාවක් අත්දකින කෙනෙක් ට පසුව එය මායාවක් ...
කිබිසිනි – කෝ මම දාගත්තු මාලය? Sinhala story Blog රිදුම් දෙන ගෙල අතගාන ලීලාට තමා ඉන්නේ ඉස්තෝප්පු කාමරයේ මේසය ඉදිරියේ හිටගෙන බව පෙනින. හිටගෙන නින්ද ගිහින් මම හීනයක් දැක්කා ද? ඇය වහාම දණගසා පුටුව ළඟ වූ රතු පැහැති ලෑලී තීරුව වෙත නැඹුරු වූවාය. ලෑලි පියන සෙමෙන් ඉස්සුවාය. ඇතුලත කුහරයේ බහා ලූ අගුල් නොමැති පෙට්ටියේ පියන එක අතකින් ඇරියේ අනිත් අතින් තවමත් රිදුම් දෙන ගෙල අතගාද්දී ය. ඇගේ හදවත ...