කිබිසිනි -ප්‍රංශ ගයානාවේ දණ්ඩන ගණවාසය Sinhala story Blog “ලෝ ..” ඝන අඳුරේ කිසිවක් නොපෙනේ. “ලෝ ..” හඬ එන්නේ කොයි පැත්තෙන් දැයි සොයන්නට ඉඩක් නොදී මදුරුවෙක් වේගයෙන් එහා මෙහා යමින් කන අසල බෙරිහන් දෙයි. “ලෝ ..” නුරුස්සුම් බවක් හිතේ මෝදු වෙද්දී ලීලා කන අත ගෑවේ මදුරුවා එළවන්නට. ඒත් අතේ පොඩි වී ගියේ මදුරු රොත්තකි. බෙරිහන් නාදය එක මදුරුවෙක් ගෙන් නොවේ. මුළු සිරුර වටකර ගෙන මදුරුවන් සිටිනා බව අවබෝධ ...
කිබිසිනි – ආරම්භය Sinhala story Blog මොර සූරන වැස්සකි. ගෙදර සිටිනා කිසිවෙක් කරනා කියනා කිසිවක් ඇහෙන්නේ නැති තරමට කළු වළාකුලින් පිරි අහසින් ඇද හැලෙන වැසි බිංදු හඬ පතුරවා හරියි. වෙනදා තොර තෝංචියක් නැතිව ඇහෙනා අම්මාගේ මැසිවිලිය වැස්සේ ගෝරානාඩුවෙන් යටපත් වී ඇතැයි දකිද්දී ලීලාගේ මුවේ නොදැනුවත්ව ම සිනාවක් පැතිර ගියේය. ඉස්තෝප්පුවේ තිබි ඇඳි පුටුවක දිගා වී ඇය වත්තට ගලා එන වතුර පාරක් එන්න එන්නම තරමින් විශාල ...
අවසන් කොටස Sinhala story Blog මෙහෙය අවසන් වී ආශීර්වාදය ලැබුණු පසු ශාලාවේ හැම කොණකින් ම සුබ පැතුම් මහත් හඬින් ගලා ආවේය. මුලින් ම මනාලියගේ අත සිප ගත්තේ මවුන්ට්ජෝයි සිටුවරයායි. මේ ජය මොහොත තම ජයග්‍රහණයක් කියා, ඔවුන් දෙදෙනා එක් කළේ තමා යැයි ඔහු මහත් සේ සතුටු විය. ආදිපාදවරිය සිය වල්ලභයා සමඟ මධුසමය ගත කරන්නට බටහිර ලෝකයේ සියළු අගනගර වෙත පිටත් වී යන්නට පෙර, ආචාර්ය කොකින්ට්ස් ...
කිසිම රටක නායකයෙක් ඉතුරු වෙන්නෙ නැහැ Sinhala story Blog ලෝකයේ ඉහළ තනතුරු දරණ කොතරම් පිරිසක් උත්සවයට සහභාගී වන්නට කැමති වුවා ද යත්, ඔවුන් සියල්ල ම පාහේ ආරාධනා බාරගත් හෙයින්, මාලිගාවේ ප්‍රධාන ශාලාවේ එය පැවැත්වීම ගැන ටලී ගේ සිත මහත් කරදරයට පත් කළේය. මන්ද එහි පතුලේ තවමත් භයානක වූ ද, විනාශකාරී වූ ද කුවේඩියම් බෝම්බය තවමත් ඇති නිසා ය. “බෝම්බෙට මොකක් හරි වුනොත්,” ටලී කීවේය, ”කිසිම රටක නායකයෙක් ඉතුරු වෙන්නෙ ...
මාත් එක්ක කරන වැඩක් Sinhala story Blog “ඇතුලට එන්න පුතේ,” පියර්ස් කීය. “ග්ලෝරියානා ඇවිත් ඉන්නෙ ඔයා මුණගැසෙන්න.” “ඔහ්,” ටලී කීවේය. ඔහු ඇතුල් වී ගිනි උදුන අසලට ගියේය. අතක් උදුනිස මත තබාගත් ඔහු එතැන හිටගත්තේ ය. ග්ලෝරියානාට හදිසියේ ම දැඩි බියක් දැනින. කුමක් කියන්න ද, කොහෙන් පටන් ගන්න ද, මොන ආකාරයෙන් මොන විෂයයන් ගැන කතාබහ කර තමන් එහි පැමිණි හේතුවේ මාතෘකාවට එන්න දැයි ඇයට සිතාගත නොහැකි විය. ...
කොහොම ද මගේ තාත්තා මගේ අම්මාට විවාහ යෝජනාව කළේ? Sinhala story Blog ඔහු වයින් වීදුරු දෙකක් සහ වයින් බෝතලයක් රැගෙන විත් වීදුරු වලට වයින් ඩිංග ඩිංග වත් කළේය. නොසන්සුන් නිහැඬියාවක් පැතිරිණ. ග්ලෝරියානා තම වයින් වීදුරුවේ නාරටිය දිහා බලාගෙන සිටියාය. පියර්ස් ඇය දිහා බලා සිටියේ ඔහුගේ පුතා ඔහුගෙන් උරුම කරගත් තීක්ෂණ වූ කෙළින් බැල්මෙන් ම ය. “ඔබගේ හිතේ මොකක් හරි දෙයක් තියෙනවා,” ඔහු අවසානයේ දී කියා සිටියේය, ”ඉතින් මේ පැත්තේ ආවේ ඒ හේතුව ...
වාඩිවෙන්න මම වත්කරන්නම් ඔබට පිනෝ වීදුරුවක් Sinhala story Blog 21 ග්ලෝරියානා ආදිපාදවරිය තම බයිසිකලයේ නැඟ මාලිගාවේ කන්ද පල්ලමේ වේගයෙන් ඉගිල ගියාය. ඇය ගියේ ග්‍රෑන්ඩ් ෆෙන්වික් වනාන්තරය හා එහි වූ ටලී බැස්කොම්බ්ගේ නිවස පැත්තට ය. කන්ද බැස වේගයෙන් යෑම ඇය කවදත් ප්‍රිය කරන ලද්දකි. එහෙත් දැන් ඒ තරම් වේගයෙන් යන්නේ නැත්නම් හොඳ යැයි ඇයට සිතිණ. ගොළුබෙල්ලෙකුගේ වේගයට බයිසිකලය ගෙනෙන්නට හැකි නම් හොඳ යැයි ඇය සිතුවා ය. ඇය එය කරන්නට ...
මට ගැහැණියෙක් විදියට ඉන්න ඉඩ දෙන Sinhala story Blog “මම හිතන්නෙ,” ග්ලෝරියානා කණස්සල්ලෙන් කීවාය, “ඔයා යෝජනා කරන එකක් නැහැ මට අර ඇමෙරිකන් මන්ත්‍රීවරයා එක්ක විවාහ වෙන්න කියල. මොකද මම ඒක කරන්නෙ නැහැ. මම මේ ඇමෙරිකන් කාන්තා සඟරාවක් කියෙව්වා. ඒකෙ තියනවා ඇමෙරිකන්කාරයෝ සේරම එයාලගෙ භාර්යාවන්ට හරිම වද දෙනවා කියල.” “වද දෙනවා කියල?” සිටුවරයා එය ම ඇසුවේ ය. “හරියට ම හරි. ඔවුන් එයාලට සලකන්නේ එක සමාන අය විදියටලු. එයාල කිසිම ...
වෙළඹක් පැටව් ගහන්න සූදානම් කරන ආකාරයට Sinhala story Blog ඔහු ඇයගේ කැමැත්ත ඉටු කළේය. ඔහු කොතරම් ඇයගේ කැමැත්ත කරන්නට උත්සාහ ගත්තා දැයි කිවහොත් රතු මිණිකැට මෙන් වූ දෙළුම් ඇට එකින් එක මහපැටඟිල්ලෙන් හා වෙදැඟිල්ලෙන් ගලවමින් දෙළුම් ගෙඩියකින් බාගයක් කන්නට පවා ඉදිරිපත් විය. ඔහු එය මිනිත්තු දෙක තුනක් කර අනතුරුව එහි ලෙල්ල රීදි බන්දේසියේ තැබුවේය. ඔහු තම තනි කාච ඇස් කණ්ණාඩිය ඇසේ නිසි සේ රැඳ වී ඇත්දැයි අත ගා ...
සත්‍ය පැණි බනිස් එකක් Sinhala story Blog මුළු සැලැස්ම ඔහුගේ හිතට ආවේ නොසිතූ අවස්ථාවක දී ය. ඒ නිව් යෝර්ක් නගරයේ පොලිස් නිලධාරියෙක් හා කතාබහේ යෙදී සිටිනා විට දී ය. ඇමෙරිකාව හා ගිවිසුම අත්සන් කෙරුණු වහාම ජනරාල් ස්නිපෙට් ඇතුළු පොලිස් නිලධාරීන් හතර දෙනා ග්‍රෑන්ඩ් ෆෙන්වික් මාලිගාවෙන් මායිමේ වූ වූ ඇමෙරිකන් තානාපති වෙතට ගෙන යන අවස්ථාවේ දී ය. ආපසු තම රට බලා යන උද්දාමයෙන් යුතු වූ එක් පොලිස් ...
සියල්ල පොරොන්දු වී කිසිත් නොදෙන සේ හැකි වූ කතාබහේ Sinhala story Blog අනතුරුව ඩිංගිත්තන් විස්ස තම තම රටවල් බලා ගියහ. ඊ ළඟ රැස්වීමක් සඳහා දිනයක් නියම නොවිණ. ඇත්තෙන් ම ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ නැවත රැස්වීමක් කිසිදා කැඳවන්නට සිද්ධ නොවේ යැයි කියාය. එහෙත් ඔවුන්ගේ එකමුතුවේ පිළිබිඹුවක් හැටියට හැම මාසයක දී ම වෙනත් රටකින් සොල්දාදුවන් පිරිසක් පැමිණ ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වේ දොර මුර කරන දුනුවායන් හා එක් වෙන්නට තීරණය වුණි. එම සතියේ ම ඇමෙරිකන් කොංග්‍රසයේ ...
පැඩී මහත්තයාගේ ඌරා වගේ Sinhala story Blog සම්මන්ත්‍රණය පැවතියේ දින දෙකක් පමණි. පළමු දවස ගෙවුනේ ඔවුන්ගේ අනන්‍යතා පරික්ෂාවට ය. දෙවැනි දවසේ මහා සභා රැස්වීම කැඳවුණි. එහි දී දොලොස්වැනි ග්ලොරියානාව සභාපති ලෙසින් තෝරා පත් කර ගැනුනි. පැනමාවෙන් ආ අයෙක් ව උප සභාපති බවට පත්විය. තුර්කියේ අයෙක් කමිටුවක් පත් කර ඇජෙන්ඩාව තීරණය කළ යුතු යැයි යෝජනා කළේය. එහෙත් අයර්ලන්තයේ අයෙක් යෝජනා කළේ ඇජෙන්ඩාවන් ද කමිටුවන් ද අවශ්‍ය නැතැයි ...
යම් දෙයක් පිළිගන්න සූදානම් වූවාම විශ්වාස කරන දේවල් Sinhala story Blog තිරයක් පිටුපසින් වූ කාමරයකින් ඔහු කූඩුවක් රැගෙන ආවේය. එහි ඇතුලත යම් දෙයක් එහා මෙහා යයි. එහි හිසක් නැත. එහෙත් මුවක් තිබුණි. එය ඇරෙමින් වැසෙමින් පැවතුණි. එය ලෝම වලින් පිරි තොල් වලින් වූවකි. කකුල් හයක් සහ මයිල් නොමැති කොටස් වූ හම නිල් පැහැයෙන් දිස්විය. “ඒ කුමක් ද?” විදේශ කොමිස්සාර් විමසීය. “මේකා ඉස්සර මීයෙක්,” ටලී හිමිහිට උත්තර දුන්නේය. “මේකා මුහුණ දීපු ...
ඔයාගේ රටේ මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න ඔයාට බැහැ Sinhala story Blog සෝවියට් විදේශ කොමිස්සාර්ට ග්ලෝරියානා හමුවූයේ නැත. ටලීට ඔහු හමු වී කතාබස් කිරීම පැවරුණි. ග්ලෝරියානා තමනට සුවය මඳ යැයි කියා ගැලවුනාය. ඇත්තෙන්ම ඇය සිතුවේ නැහැ විදේශ කොමිස්සාර් හා කතාබස් කරන්නට ඇයට හැකියාවක් ඇතැයි කියා. ඒ නිසයි ඇය ඒ වැඩේ ටලීට පැවරුවේ. ටලී මෙහෙය ඉටු කළේය. මූලික ආචාර සමාචාර අවසන් කළ පසු, සෝවියට් දේශය සිහින මවන්නට ශතක ගණනාවකට පෙර ෆෙන්වික් දනව්ව ...
ඩිංගිත්තන් විස්ස Sinhala story Blog 19 ලෝක මාධ්ය්යේ ‘ඩිංගිත්තන් විස්ස’ නමින් හැඳින්වුනු ඒ නියෝජිත කණ්ඩායම ඊ ළඟ සතියේ දී ෆෙන්වික් මාලිගාවේ දී හමුවූහ. ඒ අතර තුර දී බ්‍රිතාන්‍ය විදේශ ලේකම්ව ග්ලෝරියානා ආදිපාදවරිය විසින් හමු වී තිබිණ. ප්‍රථම වතාවට කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් කිසිත් ප්‍රතිඵලයක් සහනයක් දිනා නොගෙන හිස් අතින් ආපසු ගියේය. 1402 දී ගිවිසුම අනුව ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්ව බ්‍රිතාන්‍ය සේනාංක අටක් ඉතා කැමැත්තෙන් බාර ගනු ...
ඇමෙරිකාවේ ඒවා විකුණන්න සම්පූර්ණ අලෙවිකරණ අයිතිය ඉල්ලනවා Sinhala story Blog “ඔයා හිතනවා ද ඔවුන් ඇත්තට ම බෝම්බය පුපුරුවා හරියි කියල?” ජනාධිපතිවරයා ඇසීය. “ජනාධිපති මහත්තයා,” ලේකම්වරයා පටන් ගති, ”ඔයා විශ්වාස කරනවා ද ඔවුන් දිගු දුනුවායන් විස්සක් එක්ක නැවක් කුලියට ගෙන ඇවිත් මෑන්හැටන් දූපතේ බැහැලා ඇමෙරිකාව ආක්‍රමණය කරයි කියල?” “මට වැටහෙනවා ඔබ කියන දේ,” ජනාධිපතිවරයා උත්තර දුනි. “ඉතින් සෙනෙට් සභාව සම්මත කරන්න තියෙද්දී, අපි මේ සොයා බැලීම් කරන වැඩේ එක්ක එකඟ වෙමු. ...
එයාලා තමයි හැම තිස්සෙම හරස් වෙන්නෙ Sinhala story Blog ඔවුන් එකඟ වූයේ තම තමන්ගේ වාහන වල අසුන් ගන්නට ය. රියැදුරන් අත ඝාසය හුවමාරු කරගන්නා ලදි. විදේශ ලේකම් රහසෙන් වොඩ්කා ටික පාරට හැලුවේ ය. සෝවියට් කොමිස්සාර් සැන්ඩ්විච් ඉඹ බලා ඒවා තම රියැදුරා අත තබන ලදි. රියැදුරා ඒවා කෑවේ තරමක අවිශ්වාසයකිනි. ඔවුන්ගේ දිවා ආහාරය මැද දී ඇමෙරිකන් රාජ්‍ය ලේකම් පැමිණියේය. ඔහුට ඉදිරියෙන් නවතා ඇති වාහන දෙක දිහා ඔහු නොසන්සුන් ව ...
මා ළඟ වොඩ්කා ටිකක් තියෙනවා Sinhala story Blog සෝවියට් කොමිස්සාර් අයාචනා කළේය, තර්ක කළේය, කෝපයෙන් වියරු වූයේය, බැන වැදුනේ ය, ඒ සියල්ල ම කළේ රුසියන් බසෙනි. ඒ සියල්ලෙන් ම ඵලක් නොවීය. ටලී ඔළුව දෙපැත්තට වනා ඔහුට ඉවත් වී යන්නට යැයි අතින් සංඥා කළේය. ඊ ළඟට ආවේ බ්‍රිතාන්‍ය විදේශ ලේකම්. ඔහුව නැවත්වූයේ දුනුවායන් පමණක් නොව ඔහුට ඉදිරියෙන් නවතා තිබි රුසියානු කොමිස්සාර්ගේ වාහනය ද විය. “අර මිනිහාට පාරෙන් අයින් ...
තැති ගන්නට කිසිත් උවමනාවක් නැත Sinhala story Blog 18 මුළු ලෝකයේ ම අවධානය යොමු වී තිබුනේ එහි ඉතිහාසයේ කිසි දවසක මේ තරම් අවධානයක් නොලත් ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්ව වෙතට ය. ලෝකය පුරා පළ වූ පුවත්පත් සෑම එකකම පාහේ ෆෙන්වික් දනව්වේ හැම අංගයක් ම පෙන්වන සිතියමක් පළ කරන ලදි. අඩි දෙදහසක් උස කන්ද මුදුනේ වූ මාලිගාවේ නියමිත පිහිටීම සමහර පත්‍ර වල දක්වා තිබුණි. කුවේඩියම් බෝම්බය ඇත්තේ මේ තැනයි දක්වන ...
ඉතින් කොහොම ද මේ මීයෝ සිංහයන් හීලෑ කරන්නෙ? Sinhala story Blog “මේ ප්රශ්නය උපන්‍යාසයක්,” ආචාර්ය කොකින්ට්ස් දෙවුර හකුලමින් කීවේය. “ඒ වගේ එකඟතාවයක් ඇති කරගෙන නැහැ. ඉතින් ඔබටයි මටයි, මේ කැලෑවේ මෙතැන හිඳගෙන, ඒ වගේ එකඟතාවයක් ගෙනෙන්නටත් බැහැ.” “ඒක කිසිසේත් ම උපන්‍යාසයක් නෙමෙයි,” පියර්ස් කියා සිටියේ ය. “මොකද මම කියන්නම් ඔබට වැඩි කලක් යන්නට මත්තෙන් ඒ වගේ ජාත්‍යන්තර එකඟතාවයක් සිද්ධ වෙයි කියල. ඒක එන්නෙ ලොකු ආරවුල් ඇති දැවැන්ත රටවල් වලින් නෙමෙයි. ...