ආයෙත් දවසක් ඒවිද අප හට ඒ රස විදින්න.....කවි....අනුරුද්ධ වැලිගමගේ..... අනුරුද්ධ වැලිගමගේ නිසලරැයේ දගකරනා පාටපාට තරු ගනින්න කිරිබැබලෙන සද පානේ විලඅද්දර මුණ ගැහෙන්න පෙම්පුරවපු හිත අරගෙනදෙවට දිගේපිය මනින්න හැකිවෙදඅප දෙදෙනාටම තුරුණු වියට පිය මනින්න සංසාරෙන්සංසාරෙට පැතුම්පොකුරු මල් පිපෙන්න වැහිඅහසේ දේදුන්නකසිත් මල් පුබුදා තියන්න රෑතුන්යම හිත් අවදිවතුරුණු හදට හැගුම් දෙන්න ආයෙත්දවසක් ඒවිදඅප හට ඒ රස විදින්න අනුරුද්ධ වැලිගමගේසේයාරූ- අන්තර්ජාලයෙන් Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයිමගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් ...
මන්නාරම් බස් එක… අනුරුද්ධ වැලිගමගේ “අවුරුදු විස්සක්,” සපුමල් කිව්වෙ හිනාවෙලා “ඔව් බං දැන් අපි බැදලා අවුරුදු විස්සක්!” මට සපුමල්ව හම්බවුණේ අනුරාධපුරයේ බැංකු ශාඛාවක වැඩ කරපු කාලෙ. සපුමල්ගේ ගෙවල් මීගමුවෙ කොච්චිකඩේ. මංරත්මලානෙ. දෙන්නම නැවතිලා හිටියෙ අනුරාධපුර නගරයෙ තිබුණු එකම නවාතැනක. “මම මේ බඩු වගයක් අස් කරද්දි පරණ ෆොටෝ ටිකක් හම්බ වුණා. පරණ මතක අළුත් වෙන්නත් එක්ක ෂෙයා කළා” සපුමල් කිව්වා. වට්ස්ඇප් සංවාදය නිමවුනේ තවත් පෞද්ගලික ...
ලෝකෙ ලොකුම මිරිදිය දූපත බලන්න යමු අනුරුද්ධ වැලිගමගේ ලෝකයේ ලොකුම මිරිදිය දූපත තියෙන්නේ අප ඉන්නා ඔන්ටාරියෝ පළාතේම තමයි. පංච මහා විල් අතරින් දෙවැනි තැන ගන්නා Huron විලේ කොනක තියෙන මේ දූපත වර්ග කිලෝමීටර 2766 ක් විශාලයි . මේ වන විට මේ දූපතට භාවිත වන නම Manitoulin Island . Ojibwe ගෝත්‍රික භාෂාවෙන් " Cave of the Spirit" කියන තේරුම තියෙන Manidoowaaling කියන වචනය ප්‍රදේශය ගවේෂණය කළ ප්‍රංශ ජාතිකයන් ...
වේවා ඔබ සැමටම සුබ අවුරුද්දක් .... අනුරුද්ධ වැලිගමගේ... අනුරුද්ධ වැලිගමගේ සුවද හමන අවුරුදු ....බක් මහ අසිරිය මැවූහෙල අවුරුදු යලි සිහිකරමතකය එයි නිරතුරුකැවුම් කොකිස් සුවද හමන අවුරුද්දක් .....කොහා නදින් ගම පුබුදුන අවුරුද්දක් .....දස අත එරබදු මල් පිරි අවුරුද්දක් ......වේවා ඔබ සැමටම සුබ අවුරුද්දක් .....රබන් සුරල් හඩ පැතිරෙන ගම් මැද්දක් .....වෙල් ඉපනැලි පුරා නටන කොළු රෑනක් ....උණ වෙඩි සද්දෙන් පිරි ඒ පෙර දවසක් ......ආයෙත් ඒවිද අපහට කවදාවත් ......වටයක් කැරකී හිරුවට ලොකු ...
ලක්බිමට අවුරුදු පැතුමක් අනුරුද්ධ වැලිගමගේ පින්බිමයි , මේ බිමයි අපට අගනා වන්දනා කරන අයට ජයම ලැබෙනා සිත් තනා , මෙත් වඩා පැතුම් පතනා සාදු දී වදිනෙමි මේ මව්බිම බැතිනා දවස ගානෙම හත් අට වටයක් යනෙනා සිරි දළදාවේ සුදු බුදු රැස් බලෙනා සමන් ගිරෙන් තවත් අළුත් ඉරක් වඩනා හැටි බලන්න අපි රොක්වෙමු තුටිනා නමුණුකුල ගිරි හිස අහස් කුසම සිබිනා සුදු සේල වලා වැනි දියඇලි මවනා ඒ ...
සංචාරක ගවේෂක රොහාන් එක්ක ඉරාකයට ........ අනුරුද්ධ වැලිගමගේ ඉරාකයේ ඉතිහාසය ඉතාමත්ම පැරණි එකක් . යුක්රටිස් , ටයිග්‍රීස් ගංගාධාරයේ මානව ජනාවාස වලින් පටන් ගෙන මෝගල් , ඔටෝමාන් අධිරාජ්‍යයන් යටතේ පැවතුණු ප්‍රදේශ ඉරාකය නමින් රටක් ලෙස නම්වුනේ පළමු ලෝක මහා සංග්රාමයෙන් පස්සෙ . ඔබ ඒ ගැන උනන්දුයි නම් ඔබට අන්තර්ජාලයට ගිහින් ඒ ගැන වැඩි විස්තර හොයාගන්න පුළුවන් .අප දන්නා කාලයේ ඉරාකය ජනප්‍රිය වුනේ හොද පැතිවලින් නම් නොවේ . කලක් ...
ඊරි විලට බහින්නෙපා තාම සීත දැනෙන්නේ ! අනුරුද්ධ වැලිගමගේ ගමනක මතකයඅද අප කථා කරන්න යන්නෙ ගිම්හානයට ඊරි විල ආශ්‍රිතව ඔබට යන්නටපුළුවන් තැන් කිහිපයක් ගැන. අඩු මුදලකින් , අඩු මහන්සියකින් ඔබට මේඅවුරුද්දෙ විවේකී දවස්වලට ඒ තැන් වලට යන්න මේ වැඩසටහන උදව්වක් වේවි.මෙවර වැඩසටහන් තුලින් ඔබට ........පංච මහා විල් අතරින් පුංචිම එක වගේම අඩුම කලක් වතුර රදන විල වන ඊරි විල සංචාරකයෙකුට වැදගත් වෙන්නෙ කොහොමද ? ටොරොන්ටෝ වල ඉදන් පැය ...
කැනඩා දිනයේදී කැනඩාව ගැන හොයමු අනුරුද්ධ වැලිගමගේ කැනඩාවේ 157 වන උපන්දිනය යෙදෙන්නේ මේ සදුදා ඒ කියන්නේ 2024 ජූලි පළමුවෙනිදාට. කැනඩාවේ පුරවැසියන් විදිහට අපට ආඩම්බර වන්නට පුළුවන් දවසක් තමයි ඒ.හැම අවුරුද්දකම කැනඩා දිනයට අපි කැනඩාව ගැන ඔබව විවිධ අංශ වලින් දැනුවත් කරනවා. අපේ වෙබ් අඩවියේ පැරණි වැඩසටහන් වලින් ඔබට ඒ තොරතුරු දැනගන්න පුළුවන්. කැනඩාව ගැන රූපණ අපගේ පහුගිය වැඩසටහන් 2024 - ඔන්ටාරියෝ තැනින් තැන පාට වෙනස බලමුද ?https://ahasgawwenehalokaya.blogspot.com/2024/02/fall-colors.html2023 ...
අවුරුද්ද සමග බැදුණු කවිය...... රූපවාහිනි අත්දැකීම... අනුරුද්ධ වැලිගමගේ අපි හැමෝගෙම හිත්වල කවියෙක් ඉන්නවා. ඒකට හේතුව අපි හැමෝගෙම ජීවිත ගලායන්නේ රිද්මයකට හින්ද. ඒක අපේ හදේ ස්පන්දනයේ, හුස්ම ගැනීමේ , කතාකිරීමේ වගේම ඇවිදීමේත් තියෙන ජීවිතය පුරාම යන දෙයක්.ඒත් ඒ කවි එළියට ඇවිත් තවත් අයට පිලිගන්වන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරු කවි ලියනවා. සමහරු කවි ගායනා කරනවා. සමහරු කවි ගැන විචාර කරනවා. මේ රූපණ අපේ වෑයම කවි ගැන කථා කරන්න - ...
වායු දූෂණය , ලැව් ගිනි සහ කැනඩාව අනුරුද්ධ වැලිගමගේ සාමාන්‍යයෙන් මම මේ වගේ කාලීන සටහන් ලියන්නෙ අඩුවෙන්. මේ සතියේ පලකරන්නට හිතන් හිටි සටහන අයින් කරලා වෙනස් එකක් එකතු කරන්නයි හිතුවෙ ඒ නිසයි . ටොරොන්ටෝව අවට නගරයක ජීවත්වන මට මේ සතියේ ගෙදරදීත් රැකියාවට ගිය වෙලාවෙදි ටොරොන්ටෝ නගරයේදීත් දකින්නට ලැබුනෙ නුපුරුදු දුම් වලාවක් හින්ද හරිහැටි ඉර එළිය පොලොවට නොවැටුණු බවයි . මාධ්‍යවලින් වගේම ටොරෝන්ටෝවට උතුරින් නගරවල සිට පැමිණෙන අය කිව්වෙ ...
දළදා පෙරහැර නුවරට එනවා..............අනුරුද්ධ වැලිගමගේ.... අනුරුද්ධ වැලිගමගේ ඩ න්කුටු ඩ න්කුටු පෙරහැර එනවා හේවිසි හොර නෑ හඬ පැතිරෙනවා ඇත්රජ මහ කරඩුව ව ඩමනවා ඇසල මහේ මහ පෙරහැර යනවා පන්තේරුව ලස්සන හැඩ මවලා කොප්පර පහනින් රෑ එළි කරලා බෙරහඩ තාලම්පට හා බැදිලා උඩරට නැටුමින් දන මන දිනලා කුබල් පෙරහැරින් ඇරබුම ලබලා ඇත්රජ රන්දෝලිය පිට වඩලා දිය කැපුමෙන් වැඩ අහවර කරලා දළදා පෙරහැර නුවරට එනවා අනුරුද්ධ වැලිගමගේරූපණ අන්තර්ජාල ...
දොයි දොයි දොයි බෝනික්කෝ ... බයි බයි බයි බෝනික්කෝ අනුරුද්ධ වැලිගමගේ තරුඑක්කොට මාලයකට නුබේ ගෙලේ පලදන්නම් දේදුන්නේපාටවලින් ගවුම් පොඩිය සරසන්නම් දොයිදොයි දොයි බෝනික්කෝ . බයි බයි බයි බෝනික්කෝ .. මට පොත් පාඩම් කරන්න නිදාගන්න බෝනික්කෝ ....... අම්මඑක්ක කඩේ ගිහින් වළලු ටිකක් ගෙන දෙන්නම් ජම්බු ගහේ ඉදුණු ජම්බු තෝරල කඩලා දෙන්නම් දොයිදොයි දොයි බෝනික්කෝ ... බයි බයි බයි බෝනික්කෝ . නාඩාඉතින් නිදියගන්න මගේපුංචි බෝනික්කෝ චක්කරේපාඩම් කරන්න කවිපන්තිය කියවගන්න හරියටපාඩම් නොකරොත් සැවොම ...
කැනඩාවේ ජීවත්වන විද්වත් ශ්‍රී ලාංකිකයන්ගේ පර්යේෂණ පත්‍රිකා එකතුවක් අනුරුද්ධ වැලිගමගේ Scholarly work by Sri Lankan Canadiansකැනඩාවට සංක්‍රමණය වී කැනඩාවේ විවිධ අධ්‍යාපන, රාජ්‍ය සහ පෞද්ගලික ව්‍යාපාරික ආයතන වල රාජකාරි කරමින් ලෝකයට වැඩදායී මෙහෙවරක් කරන ශ්‍රී ලාංකික පිරිස් කැනඩාවේ විවිධ ප්‍රදේශවල ජීවත් වෙනවා.අද රූපණ පොත් පිටු අතරින් අපි කතා කරන්න යන්නේ මේ වනවිට කැනඩාවේ ජීවත්වන ලංකාවෙන් බිහිවූ මිණිකැට කිහිපයක් ලියූ පර්යේෂණ පත්‍රිකා එකතුවක් ගැන. මේ පොත මුද්‍රණය කර තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ...
ටොරොන්ටෝවේ අප දන්නා දෙදෙනෙකුගේ පනාපුත්‍ර කුහුඹුපැණි මතක අනුරුද්ධ වැලිගමගේ පහුගියදා අප අතරින් වෙන්වූ නිර්මාණ ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා ගැන ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍යය ඔස්සේ බොහෝ තොරතුරු මතුවුනා. පූර්ණ කාලීනව මාධ්‍ය කටයුතුවල නොයෙදෙන අප හිතුවෙ ඔහුගේ කාර්යභාරය ගැන වෙනස් ඇහැකින් බලන්නයි. ඒ නිසා ඔබ ඉදිරියට ගෙනෙන්නට ටිකක් කල්ගත වුනත් ටොරොන්ටෝවේ අප අතර ඉන්නා ප්‍රවීණ රංගධර අජිත් ජිනදාස සහ ප්‍රවීණ රූපවාහිනී නිෂ්පාදක සහ අධ්‍යක්ෂක කෝසල මකුලොළුව සම්බන්ධ කරගෙන කල මේ ...
අළුත් අවුරුද්ද බොදු සහ හින්දු ආගමික ඇසින් බලමු අනුරුද්ධ වැලිගමගේ මුලින්ම හිරු දෙවි පූජාවක් විදිහටත් ඊට පස්සෙ අස්වනු මංගල්‍යයක් විදිහටත් සැමරුණු අප්‍රේල් මාසයේ සැමරුමට අද වෙනකොට විවිධ සංස්කෘතික අංග රැසක් එකතුවෙලා තියෙනවා. ලංකාවේ ඉතිහාසය දිහා පාට කණ්නාඩි වලින් මිදිලා බලද්දි ඉන්දියානු සහ හින්දු ආගමේ බලපෑම් වගේම බෞද්ධ විශ්වාස වලට අමතරව දේව විශ්වාසයන් එකතුවී තියෙන හැටි දකින්න පුළුවන්. හින්දු ආගමිකයින් අළුත් අවුරුද්දට කියන්නෙ පුත්තාන්ඩු කියල . හින්දු සිරිත් විරිත් සිංහල ...
අම්මා ....... අනුරුද්ධ වැලිගමගේ ....කවි..... අනුරුද්ධ වැලිගමගේ දසමාසේ කුස තියාන රැයක්දවාලක් නැතිවම අම්මේනුබ විදි දුක ගැන කියන්නමට වචන කොහෙද කීයටගෙදරට ආවත් කන්නයමක් හදල දුන්න ඔබකවදාවත් කිව්වද අනේකඩෙන් කාල එන්න අපේපුතා ඉපදුණ දා කිව්වවචන මතක නැද්ද අම්මේනුබ කිව්වේ මට සතුටයිඔබ මගෙන් වින්ද මූදුහතක් එහා ඉදන් ඉදහිටඔබ බලන්න එන දාකටආපහු යනකොට බලන්නබැහැ ඔබේ මුණ අනුරුද්ධ වැලිගමගේ සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි. මගේ ලිපි අතර ...
චිත්‍රා ජෝසප් ගේ නාමල් සුවදක් සහ ලක්ෂ්මන් මාකාවිට ගේ ගුවනේදී ලියූ කවි ...........පොත් පිටු අතරින්....... අනුරුද්ධ වැලිගමගේ " කට්ට කෙල්ල " ඇය හඩ නගා සිනාසුනාය." ඔය හැමෝම ගාඩිනියා පැල අරන් එන්නේ නිකමට නෙවේ. නාමලී ඔයාට ඕවට වග උත්තර දෙන්න වෙයි . " " ඉදා හරි වැඩේනෙ. මං කාගෙන්වත් පැල ඉල්ලුවේ නැහැ. අර පහුනු දවස්වල කමල් මල් පැල වගයක් ගෙනාවා. ඒත් මම ඉල්ලලා එහෙම නෙවෙයි ."" මම කලිනුත් කිව්වා වගේ කෙනෙක් දෙසැරයක් හැරිලා බලන මොකක්දෝ අමුතු චාම් ...
කැනඩාවේ රූපණ කණ්ඩායම ලංකාවේ චරණ ට ආ අවුරුදු ගමන අනුරුද්ධ වැලිගමගේ හරවත්, නැණවත් දිගු ගමනක යෙදෙන ලංකාවේ චරණ රූපවාහිනියේ මෙවර අවුරුදු සජීවී වැඩසටහන සමග විටින් විට අවස්ථා කිහිපයකදී හමු වන්නට කැනඩාවේ ටොරොන්ටෝ නුවර රූපණ අන්තර්ජාල රූපවාහිනියේ අපට ඉඩක් ලැබුණා. අපේකමට අපේ හඩක් නගමින් ටොරොන්ටෝවේ යහපත් මාධ්‍ය මෙහෙවරක යෙදෙන අපට එය මහත් සතුටට කරුණක් . පසුගියදා ටොරොන්ටෝවේ සිට වැඩසටහන් කිහිපයක් ඉදිරිපත් කල දෙරණ මාධ්‍යවේදී චතුර අල්විස් මහතාට මාධ්‍ය පහසුකම් සපයන්නට අපේ තාක්ෂණික ...
ලොවටම බලපෑම් කළ බරපතල අනතුරු ගැන කෙරෙන විශ්ලේෂණයක් - Disaster Autopsy අනුරුද්ධ වැලිගමගේ ලොවටම බලපෑම් කළ බරපතල අනතුරු ගැන කෙරෙන විශ්ලේෂණයක් - Disaster Autopsyපහුගිය දවස්වල මම ආයෙමත් නිදි මරාගෙන වාර්තා වැඩසටහන් පෙලක් බැලුවා. පටන් ගන්නා තැන පටන් අවසානය තෙක් කුතුහලයෙන් බලන්නට පුළුවන් ඒ වැඩසටහන් පෙල Disaster Autopsy.National Geographic නාලිකාව නිෂ්පාදනය කල මේ වැඩසටහන් මාලාව වෙබ්ගත වුනේ 2024 අගෝස්තු මාසයේ පටන් . එහි පළමු අදියර යටතේ මේ වනවිට වැඩසටහන් 8 අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. ...
නයගරා ඇල්ල මගහැර නැව් යන හැටි බලා වරෙන් ...... කැනේඩියානු සංචාරයක මතකය අනුරුද්ධ වැලිගමගේ කැනඩාවත් , ඇමෙරිකා එක්සත් ජනපදයත් අතර මායිමේ පිහිටි නයගරා දියඇල්ල ලොව වැඩි සංචාරක පිරිසක් නරබන අතිශය ජනප්‍රිය සංචාරක ඉසව්වක්. ටොරොන්ටෝවට නුදුරින් ජීවත් වන බොහෝ දෙනා සෑම ගිම්හානයකටම දවසක් හෝ මේ ඉසව්වට යන බව රහසක් නොවෙයි . සොබාදහමේ මහගු දායාදයක් වන නයගරා ඇල්ල ආශ්රිත සංචාරක බල ප්‍රදේශයට යනෙන සංචාරකයින්ට කරන්නට ඇති පදම් දේ තිබෙනවා . එහෙත් ඒ ඉසව්වට යන අයගෙන් ...