මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Friday, August 13, 2021

දළදා පෙරහැර නුවරට එනවා..............අනුරුද්ධ වැලිගමගේ....


න්කුටු  න්කුටු  පෙරහැර  එනවා

හේවිසි හොර නෑ හඬ පැතිරෙනවා

ඇත්රජ මහ කරඩුව ඩමනවා

ඇසල මහේ මහ පෙරහැර යනවා


පන්තේරුව ලස්සන හැඩ මවලා

කොප්පර පහනින් රෑ එළි කරලා

බෙරහඩ තාලම්පට හා බැදිලා

උඩරට නැටුමින් දන මන දිනලා

 

කුබල් පෙරහැරින් ඇරබුම ලබලා

ඇත්රජ රන්දෝලිය පිට වඩලා

දිය කැපුමෙන් වැඩ අහවර කරලා

දළදා පෙරහැර නුවරට එනවා

 

අනුරුද්ධ වැලිගමගේ

රූපණ අන්තර්ජාල රූපවාහිනියේ ජයේ මාමාගෙන් අහන්න වැඩසටහන සදහා ලියැවුනකි. 

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

No comments:

Post a Comment