මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, April 9, 2022

වේවා ඔබ සැමටම සුබ අවුරුද්දක් .... අනුරුද්ධ වැලිගමගේ...

 


සුවද හමන අවුරුදු ....

බක් මහ අසිරිය මැවූ
හෙල අවුරුදු යලි සිහිකර
මතකය එයි නිරතුරු


කැවුම් කොකිස් සුවද හමන අවුරුද්දක් .....
කොහා නදින් ගම පුබුදුන අවුරුද්දක් .....
දස අත එරබදු මල් පිරි අවුරුද්දක් ......
වේවා ඔබ සැමටම සුබ අවුරුද්දක් .....

රබන් සුරල් හඩ පැතිරෙන ගම් මැද්දක් .....
වෙල් ඉපනැලි පුරා නටන කොළු රෑනක් ....
උණ වෙඩි සද්දෙන් පිරි ඒ පෙර දවසක් ......
ආයෙත් ඒවිද අපහට කවදාවත් ......

වටයක් කැරකී හිරුවට ලොකු රවුමක්....
ලබනා දවසට සරුවෙයි හැම නිවසක් ......
පවුලේ හැමදෙන එක්වෙන එක මොහොතක් ......
ආයෙත් ඒවිද ඒ වගෙ අවුරුද්දක් ........

වේවා ඔබ සැමටම සුබ අවුරුද්දක්........

අනුරුද්ධ වැලිගමගේ



2022  අප්‍රේල් මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.

https://londonkavi.com/

විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

10 comments:

  1. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ලියෝනි ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි ......

      Delete
  2. 🎶 පංකාදු කවිය...
    සුබ අලුත් අවුරුද්දක් වේවා අනුරුද්ධ.... ඔයාටත් 🙏

    ReplyDelete
    Replies
    1. නමියා ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි ......

      Delete
  3. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. අහස් යාත්‍රිකයා ඔබේ ප්‍රතිචාරයට සහ ගොඩවැදුනාට බොහොම ස්තුතියි ......

      Delete
  4. එසේම වේවා!

    අපිට නං ඊස්ටර්. බනී තාම එළියට ආවෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාර පමා වුණාට සමාවන්න.ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
  5. Replies
    1. ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි.

      Delete