කෙලෙස මා තලන්නේ කියාපන් පුතේ මට…..එඩ්වඩ් ජයකොඩි........අනුරුද්ධ වැලිගමගේ.....ගීත අනුරුද්ධ වැලිගමගේ නම්පොතේ නුබ නමට බිංදුවක් වැටුණුවිට මගේහිත වෙහෙසුණා නුබේ රුව සොයන්නට විදුබිමමපොඩි දෙපා පියවරක් නොදුටු බව කෑ ගසා කී නමුදු මා දෙනෙත සොයයි නුබ කුඹුරෙවල් නෙලන්නට , හේනේ පැල් රකින්නට අප්පච්චිඑක්කලා මී දෙනුන් බදින්නට නෑවිදින්පාසැලට නුබ යලිත් එන කලට කෙලෙසමා තලන්නේ කියාපන් පුතේ මට නම් පොතේ නුබ නමට... වෙහෙසවීපාඩමට වාර අවසානයට හැමදාම පන්තියේ පළවෙනියා වුණා නුබ සිත්දරා දිළිදුකම නෙතු සිනා ...
දින නැති දිනපොත යූ ටියුබ් අවකාශයේ ....... අනුරුද්ධ වැලිගමගේ ජීවන ගමනේ සිත නැවතුණු තැන් අපි කාට කාටත් තියෙනවා.ඒවා අතර තම තමන්ගේ අත්දැකීම් වගේම අහන්නට දකින්නට ලැබුණු දේත් තියෙන්නට පුළුවන්. ඒ වුණත් ඒ අත්දුටු දේ වගේම ඇසූ පිරූ දේත් සටහන් කර තබන්නේ සුළු පිරිසක් තමයි. එහෙම ලියන සටහන් කෙටිකථා, නවකථා වගේම පුවත්පත්, සගරා තුලින් අපට කියවන්නට ලැබෙනවා. මුද්‍රිත මාධ්‍යය වෙනුවට මේ වෙනකොට මුහුණු පොත සහ බ්ලොග් අවකාශයේත් ඒ කතා ...
සුවද කැකුළු මල් අපි වෙමු සුවද හමනවා............ අනුරුද්ධ වැලිගමගේ සුදෝ සුදට සුදු ඇදගෙන පේලි හැදෙනවා දහම් පාසැලේ අපි හැම බුදුන් වදිනවා // පන්සිල් , හොද පුරුදු නිතර පුරුදු කරනවා සුවද කැකුළු මල් අපි වෙමු සුවද හමනවා // කථා ඇතුලෙ රජ සිටුවරු එබිලා බලනවා ජාතකවල පාට , එළිය හිතට වැටෙනවා // ගුරු ඔවදන් හොද හොද දේ හිතට ගන්නවා දහම් පාසැලේ අපි හොද ළමයින් වෙනවා //// අනුරුද්ධ වැලිගමගේ1991-1994 වකවානුවේදී ජාතික ...
Agawa Canyon Tour Train එකේ රවුමක් යමුද ? අනුරුද්ධ වැලිගමගේ කැනේඩියානු සංචාරයක මතකය Sault Ste Marie නගරයට සංචාරය සදහා එන අය බලන්න යන ප්‍රධාන සංචාරක ආකර්ශන 2 ක් තියෙනවා. ඉන් පළමුවැන්න Agawa Canyon දුම්රිය චාරිකාවයි. Agawa Canyon Tour Trainඅතීතයේදී මේ ජනශුනය ප්‍රදේශය තුල තිබුණු ප්‍රධාන ව්‍යාපාරික කටයුතු වුනේ දැව සහ යපස් කර්මාන්තයයි. ඒවා ලබාගන්නා තැන ඉදන් වරායට ඒවා ප්‍රවාහනය කිරීමේ අරමුණින් නිර්මාණය වුනු පෞද්ගලික දුම්රිය මාර්ගය පසුකාලීනව CN Rail මගින් ...
චිත්‍රපට තියෙන්නේ සමාජයට පණිවිඩ දෙන්නමද ? අනුරුද්ධ වැලිගමගේ චිත්‍රපට කියන්නේ අත්දැකීම්, අත්විදීම් සහ පරිකල්පන වල එකතුවක් කියලයි පොදු මතය. එතකොට චිත්‍රපට තියෙන්නේ සමාජයට පණිවිඩ දෙන්නමද ?. මට නම් හිතෙන්නේ ඒක අතුරුපලයක් විතරයි කියල. හැබැයි කෙනෙකුට චිත්‍රපට බලල දිරිය ගන්න පුළුවන්. ඒ වගේම නරක පුරුදු , ඇබ්බැහි කම් අත අරින්නත් පුළුවන්. තමන්ගේ සාධාරණ බලාපොරොත්තු වෙනුවෙන් අවසානය දක්වාම මහන්සියෙන් වැඩ කරන්නත් පුළුවන්. ඒ වගේම පරිකල්පන හරහා හිතල අළුත් නිෂ්පාදන, ...
පරිවර්තන කවි තුලින් ජීවිතය කියැවීම ...... අමයුරු කවි රස 14 අනුරුද්ධ වැලිගමගේ අපි හැමෝගෙම හිත්වල කවියෙක් ඉන්නවා. ඒකට හේතුව අපි හැමෝගෙම ජීවිත ගලායන්නේ රිද්මයකට හින්ද. ඒක අපේ හදේ ස්පන්දනයේ, හුස්ම ගැනීමේ , කතාකිරීමේ වගේම ඇවිදීමේත් තියෙන ජීවිතය පුරාම යන දෙයක්.ඒත් ඒ කවි එළියට ඇවිත් තවත් අයට පිලිගන්වන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරු කවි ලියනවා. සමහරු කවි ගායනා කරනවා. සමහරු කවි ගැන විචාර කරනවා. මේ රූපණ අපේ වෑයම කවි ගැන කථා කරන්න - ...
සිත්තම් කර හිත අද්දර , යමුද හිතට පෙම් පුරන්න….. අනුරුද්ධ වැලිගමගේ ඇහිපිය යට හීන තියාදග කරනා තරු ගනින්නකිරි බැබළෙන හඳ පානේවිසිරෙන පිණිබිඳු දකින්න සේපාලික කුමුදු පොකුරු සුවඳ මැදින් ඇවිද යන්නනිසල රැයක ඔබත් මමත්යමුද හිතට පෙම් පුරන්නකන්දේ හැපිලා මුවා වෙලාබලන්න අඩ සද මැවු රූ ඇඟිලි තුඩින් හිස පිරිමැදදෙන්නද හාදුවක් සොඳුරු සිත්තම් කර හිත අද්දර ලස්සන කවි ගීත සින්දු අපි මැදි විය පහු කලාටතාමත් ආදරේ තරුණලු අනුරුද්ධ වැලිගමගේ 2023 නොවැම්බර් මස ලන්ඩන් ...
මගේ පත්තර රස්තියාදුව අනුරුද්ධ වැලිගමගේ මම මුලින්ම පුවත්පතකට යමක් ලිව්වෙ මාතර රාහුල විද්‍යාලයේ හතරෙ පන්තියේ සිසුවෙක් විදිහට. ඒ විජය පත්තරේට. ඒකට පාර කැපුනේ ඒ දවස්වල මකාගෙ යලක් චිත්‍රකතාව ඇන්ද පියල් උදය සමරවීර මහත්මයා මගේ බාප්පගේ යාළුවෙක් වුනු හින්ද . දවසක් ඒ මහත්තයාගේ ගෙදර ගියපු වෙලාවෙ අතින් ඇන්ද චිත්‍රකතා කොටසක බෝඩ් එකක්ම දුන්නා මට මතකයි. විජය පත්තරේට පුංචි පුංචි දේ ලියන අතරේ පත්තරේක ටිකක් වැඩි ...
හිතන්නේ මම කෝම ඒ පුංචි මල්ලි කොළු.........කවි.......අනුරුද්ධ වැලිගමගේ..... අනුරුද්ධ වැලිගමගේ ගුරුපාරඅමතකද පුංචි කඩයක් දැමුණු තවමමතකයෙ ඇත්ද අම්මාට ගුලි ගැහුණු ගතින්අපි දුර වුණත් මුදූ හතකින් එවුණු ඒසොයුරු උණුහුමට හිත පිරෙයි නොම දැමුණු අම්මාගේසාරියක් ඇදන් ගුරුවරිය වුණු පන්තියේදග මල්ල සොයන්නෙමි මැරෙන තුරු තැන්පත්වඅද දිනේ දකින ඔබ සිටිනයුරු හිතන්නේමම කෝම ඒ පුංචි මල්ලි කොළු පතිනියකවී එදා කැදැල්ලෙන් යන අයුරු දකින්නටබෑ කියා හැංගිලා උන්නාලු ඔබේහඩ මතුවෙලා ඇමතුමක් ලැබෙනතුරු අක්කානිදි නෑ තාම මැදියමත් ගෙවෙනතුරු ...
චුටි නංගි හීනෙන් හිනැහෙනවා .... අනුරුද්ධ වැලිගමගේ..... රුපවාහිනී ළමා ගීත.... අනුරුද්ධ වැලිගමගේ සද රැස් පිරිලා මිදුල පුරා කුමුදු මල් පොකුරු පිබිදෙනවා වෙනදා නැති සුවදක් අද පිරිලා චුටි නංගි හීනෙන් හිනැහෙනවා .... පිණිබිදු අහසින් පහලට බැහැලා තණබිම සුව යහනක් කරලා කලාමැදිරි රෑනක් රෑ ඇවිදින් චුටි නංගි සමගින් හිනැහෙනවා…. සද රැස් පිරිලා මිදුල පුරා…… කැවුම් සුවද කුස්සිය පුරවාලා කෙසෙල් කැනේ සුවදට මුසුවී... අකුරු කියන දා චුටි නංගිගේ නැකතට ආසිරි සුවද ගෙනෙනවා සද රැස් ...
යූ ටියුබය හරහා සිංහලෙන් මා බලන වැඩසටහන් කිහිපයක් අනුරුද්ධ වැලිගමගේ මීට පෙර youtube හරහා මා බලන වැඩසටහන් ගැන ලියූ සටහනට ඇතුළත් කර තිබුණේ ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රචාරය වන වැඩසටහන් කිහිපයක්. ඒ නිසා මෙවර සිංහල බසින් youtube අවකාශය තුල තිබෙන වැඩසටහන් හෝ නාලිකා කිහිපයක් ගැන ලියන්නට සිතුනා. මෙහි සඳහන් කරන යොමු හරහා මම ඒ වැඩසටහන් බලන බව සඳහන් වෙතත් , ඒවායේ හිමිකරුවන්ගේ දර්ශනය හෝ මතවාදය ප්‍රචලිත කිරීමට මා පෞද්ගලිකව දායකත්වය නොදක්වන බව ...
වාර්තා චිත්‍රපට තුලින් කාලය තරණය කරමුද ? ...... චිත්‍රපට තුලින් ලෝකය දකිමු 11. අනුරුද්ධ වැලිගමගේ ඔබටමේ මොහොතේදී සියවස් කිහිපයක් පසුපසට යන්නට පුළුවන්ද ? අඩුම තරමේ විනාඩියක්වත් ගෙවුණු කාලය යලිත් ගත නොහැකි අයුරින් සිදුවීම් ඉතිහාසයට එකතු වන්නේ විදුලි වේගයෙනි. පොත්පත් රැසක ඇති මුලාශ්‍ර , ගවේෂණාත්මක තොරතුරු පුරාවිද්‍යාත්මක කාරණා සමග ගලපා ඒ ඉතිහාසය මවන්නට වාර්තා චිත්‍රපට නිෂ්පාදකයින් දක්වා ඇත්තේ මහත් කුසලතාවයකි. ත්‍රිමාණ රූප, සිද්ධි නිරූපණ චරිත සහ විෂය ප්‍රවීණ විද්වතුන්ගේ අදහස් සහ මතවාද අපට ඒ ඉතිහාසය ...
බුදු දහම සහ බැදුණු කවිය .... අනුරුද්ධ වැලිගමගේ අපි හැමෝගෙම හිත්වල කවියෙක් ඉන්නවා. ඒකට හේතුව අපි හැමෝගෙම ජීවිත ගලායන්නේ රිද්මයකට හින්ද. ඒක අපේ හදේ ස්පන්දනයේ, හුස්ම ගැනීමේ , කතාකිරීමේ වගේම ඇවිදීමේත් තියෙන ජීවිතය පුරාම යන දෙයක්.ඒත් ඒ කවි එළියට ඇවිත් තවත් අයට පිලිගන්වන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරු කවි ලියනවා. සමහරු කවි ගායනා කරනවා. සමහරු කවි ගැන විචාර කරනවා. මේ රූපණ අපේ වෑයම කවි ගැන කථා කරන්න - අමයුරු ...
පරිකල්පනය සහ විචිත්රත්වය ........ චිත්‍රපට තුලින් ලෝකය දකිමු 10. අනුරුද්ධ වැලිගමගේ චිත්‍රපට තුලදී අප දකින කථා සියල්ල සැබැවින්ම සිදුවූ දෑ නොවේ. ඉන් සමහරක් සත්‍ය සිදුවීම් ප්‍රතිනිර්මාණය කල ඒවාය. එවිට එම සිදුවීම සිනමාරුපි වීම සදහා විවිධ කොටස් එයට එකතු කර තිබෙනු දැකිය හැකිය. තවත් සමහරක් කථා මවන ලද ඒවාය. ඒවා සුරංගනා කථා වල සිට විද්‍යා ප්‍රබන්ධ දක්වා අතීතයේ සිට අනාගතය දක්වා විහිදෙයි. කලාමාධ්‍යයක් සේම සිනමාව කර්මාන්තයක් බැවින් එහි වාණිජ අරමුණු තිබේ. ඒවා ...
සිංහල බ්ලොග් ගැන කෙරෙන රූපණ විමසුම........ අනුරුද්ධ වැලිගමගේ මා සිංහල බ්ලොග් රසිකයෙක් වූයේ බ්ලොග් කලාවේ ස්වර්ණමය 2014 වසරේදී විය යුතුය. විවිධ සිංහල බ්ලොග් අඩවි රැසක් තුල සැගවුණු වටිනා තොරතුරු තුලින් මා කල සංචාරය වෙනමම මගකට යොමුවුණේ 2016 දී " අහස් ගව්වෙන් එහා ලෝකය " බ්ලොග් අඩවිය රචනා කරන්නට ගත් විටය. ආසාව සහ නිරන්තර කියවීම තුලින් යම් තරමකට සිංහලයෙන් ලියන්නට හැකියාවක් මා සතු වුවත් තාක්ෂණික සහ නිර්මාණාත්මක වශයෙන් ...
ලන්ඩන් කවිය සහ සිසිල සඟරාව........... අනුරුද්ධ වැලිගමගේ ලංකාවෙන් දුර බැහැර විදෙස් රටවලදී සිංහල භාෂාවත් , සංස්කෘතියත් නගා සිටුවීම වෙනුවෙන් සැකසුණු වේදිකාවන් තිබෙන්නේ අතලොස්සකි. එයට හේතු කාරණා ලෙස බොහෝ දේ උදාහරණ කොට දක්වන්නට පුළුවන් වන්නේ දශකයකට අධික කලක පටන් මාද මව්බිමෙන් බැහැරව දිවි ගෙවන බැවිනි. ඒ අතින් ගත් කල කැනඩාවේ ටොරොන්ටෝ නුවර ආශ්‍රිතව ජීවත්වන අපට ඒ වෙනුවෙන් අන්තර්ජාල සහ මුද්‍රිත මාධ්‍යයෙන් නිකුත් වන යාත්‍රා සහ දසත මාසික ...
ජීවිතය විනිවිද දකින මලයාලම් චිත්‍රපට 5 ක්. අනුරුද්ධ වැලිගමගේ චිත්‍රපට ලෝකය 16.ලෝක සිනමාවේ ජීවිතය විනිවිද දකින නිර් මාණ රැසක් බිහි වී තිබෙනවා. වරින් වර ලෝක සිතියමේ විවිධ රටවලින් මතුවන ඒ නිර් මාණ අතරේ වර් තමානයේදී ඉතා ඉහල ජනප්‍රියත්වයක් දරන්නේ මලයාලම් චිත්‍රපට කිව්වොත් ඒකෙ ඇති වැරැද්දක් නැහැ. තවත් පැත්තකින් මලයාලම් සිනමාවට පසුබිම් වන ඉන්දියාවේ කේරල ප්‍රාන්තය ගහකොළ , පරිසරය සහ මිනිස් හැඩරුව , ගති ලක්ෂණ සමහරක් ශ්‍රී ලාංකික අපට සමාන ...
මහින්ද කුමාර දළුපොත ප්‍රවීණයා ගෙන් අළුත් අවුරුද්ද ගැන අහමු අනුරුද්ධ වැලිගමගේ සිංහල අළුත් අවුරුද්ද එක්ක එහි යටගියාව , සිරිත් විරිත් වගේම වත් පිළිවෙත් ගැනත් කථා කරන්න නිවැරදි දැනුම තියෙන විද්වතුන් ඉන්නේ අතේ ඇගිලි ගණනට විතරයි . සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය මහින්ද කුමාර දළුපොත කියන්නේ ඒ වගේ සම්පතක්. එතුමා මේ වෙනකොට ලංකාවේ ජීවත්වන එවන් මහා දැනුම් ගබඩාවක් වගේම කාගේත් හිතට දැනෙන විදිහට ඒ තොරතුරු ඕනෑම කෙනෙකුට තේරෙන සරල බස් වහරකින් කියන්නට ...
ටක් .... ටක්.... ටක් .....අනුරුද්ධ වැලිගමගේ...... අනුරුද්ධ වැලිගමගේ හිරුදඑබෙනවා ටක් ......ටක්... ටක්.. කුකුළා හඩලයි ටක් .... ටක් ... ටක්... පාසැල්යන්නට වෙලාව හරි දැන් නැගිටින් ළමුනේ ටක් .... ටක් .... ටක්... මුහුණදොවනවා ටක් ..... ටක් .... ටක්... දතුත් මදිනවා ටක්.... ටක්.... ටක්.... විගහට, හනිකට ලෑස්ති වෙන්නකො අකුරුකරන්නට ටක් .... ටක් .... ටක්.. අතහැඩකරනා ටක් ..... ටක් .... ටක් තත්වයරකිනා ටක් ..... ටක් .... ටක් රටින්රටට යන අරුමැකි මෙහි ...
Nazi Megastructures හරහා දෙවන ලෝක යුද්ධයේ තැනින් තැනට අනුරුද්ධ වැලිගමගේ එක්දහස් නමසිය හතලිස් පහේදී දෙවන ලෝක යුද්ධය නිමාවන විට එයට වියදම් වූ වියදම වශයෙන් සඳහන් වන්නේ වර්තමාන මුදලින් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන හතරක් (4,000,000,000,000.). 1939 -1945 කාලයේදී ලෝකයේ එයට වැය කළ මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 1,301,316 ක්. ඉන් වැඩිම වියදමක් කර තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. ඒ ඩොලර් බිලියන 341,491ක් . යුද්ධයන් දියත් කළ බවට චෝදනා ලබන ජර්මනිය වියදම් කර තිබෙන්නේ ඇමරිකානු ...