මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, May 21, 2022

සුවද කැකුළු මල් අපි වෙමු සුවද හමනවා............



 සුදෝ සුදට සුදු ඇදගෙන

පේලි හැදෙනවා

දහම් පාසැලේ අපි හැම

බුදුන් වදිනවා //

 

පන්සිල් , හොද පුරුදු

නිතර පුරුදු කරනවා

සුවද කැකුළු මල් අපි වෙමු

සුවද හමනවා //

 

කථා ඇතුලෙ රජ සිටුවරු

එබිලා බලනවා

ජාතකවල පාට , එළිය

හිතට වැටෙනවා //

 

ගුරු ඔවදන් හොද හොද දේ

හිතට ගන්නවා

දහම් පාසැලේ අපි

හොද ළමයින් වෙනවා ////

 

අනුරුද්ධ වැලිගමගේ


1991-1994  වකවානුවේදී ජාතික රූපවාහිනියේ ළමා ගී සහ උදාර වැඩසටහන් වෙනුවෙන් ලියැවුනකි.

දෘශ්‍ය පිටපත් හෝ විකාශ දින  වකවානු පිළිබද තොරතුරු නොමැත.

මේ ගීත ගායනා කල හෝ සංගීත නිර්මාණ  කල ශිල්පීන් හෝ දෘශ්‍ය පිටපත් ඇතොත් අමතන්න. 

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියිසිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයිසමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ  කණගාටුව

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

No comments:

Post a Comment