මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Monday, July 27, 2020

අම්මා ....... අනුරුද්ධ වැලිගමගේ ....කවි.....

Healing herbs for new moms

දස මාසේ කුස තියාන

රැයක් දවාලක් නැතිවම

අම්මේ නුබ විදි දුක ගැන

කියන්න මට වචන කොහෙද

 

කීයට ගෙදරට ආවත්

කන්න යමක් හදල දුන්න

ඔබ කවදාවත් කිව්වද

අනේ කඩෙන් කාල එන්න

 

අපේ පුතා ඉපදුණ දා

කිව්ව වචන මතක නැද්ද

අම්මේ නුබ කිව්වේ මට

සතුටයි ඔබ මගෙන් වින්ද

 

මූදු හතක් එහා ඉදන්

ඉදහිට ඔබ බලන්න එන

දාකට ආපහු යනකොට

බලන්න බැහැ ඔබේ මුණ

 

අනුරුද්ධ වැලිගමගේ 


Mother Silhouette Images, Stock Photos & Vectors | Shutterstock

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.


No comments:

Post a Comment