මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, April 22, 2023

කැනඩාවේ රූපණ කණ්ඩායම ලංකාවේ චරණ ට ආ අවුරුදු ගමන


හරවත්, නැණවත් දිගු ගමනක යෙදෙන ලංකාවේ චරණ රූපවාහිනියේ මෙවර අවුරුදු සජීවී වැඩසටහන සමග විටින් විට අවස්ථා කිහිපයකදී හමු වන්නට කැනඩාවේ ටොරොන්ටෝ නුවර රූපණ අන්තර්ජාල රූපවාහිනියේ අපට ඉඩක් ලැබුණා. 

අපේකමට අපේ හඩක් නගමින් ටොරොන්ටෝවේ යහපත් මාධ්‍ය මෙහෙවරක යෙදෙන අපට එය මහත් සතුටට කරුණක් . පසුගියදා ටොරොන්ටෝවේ සිට වැඩසටහන් කිහිපයක් ඉදිරිපත් කල දෙරණ මාධ්‍යවේදී චතුර අල්විස් මහතාට මාධ්‍ය පහසුකම් සපයන්නට අපේ තාක්ෂණික පිරිවර ඉදිරිපත් වීමත් අපි මේ මොහොතේ සිහිපත් කරන්නට කැමතියි.   

 ඒ හින්ද අප එය සලකන්නේ කැනඩාවේ සිට ලංකාවට ආ නෑ ගමනක් විදිහටයි. 







මේ අපි අපේ එකතුවීම සටහන් කල හැටි ..........

මම ඔබත් එක්ක එකතුවෙන්නෙ  කොළබ ඉදන් කිලෝමීටර 14 දහසක දුරින් තියෙන කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ ඉදන් 

Super - අනුරුද්ධ වැලිගමගේ 

             කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ සිට .......


ග්‍රිනිච් මධ්‍ය රේඛාවෙන් බටහිර වන්නට පිහිටි අපත් නැගෙනහිරින් ඉන්නා ඔබත් අතර කාල පරතරය දල වශයෙන් පැය  10 ක් . ඒ කියන්නෙ අප ඉන්නෙ ඔබට පැය 10 ක් පිටුපසින් .



උතුරු අර්ධ ගෝලයේ ශීත හිමරටක් හින්ද තවමත් අපට ලංකාවෙ ඉන්න ඔබට වගේ සුවදායක කාලගුණයක් නැහැ . මේ වෙනකොට අපේ පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 14 ක් විතර. ඒ හින්ද අපේ සියළු පටිගත කිරීම් කෙරෙන්නෙ ගොඩනැගිලි ඇතුලත තමයි.


ඒ කොච්චර වෙනස්කම් තිබුණත් , විවිධ හේතු හින්ද මව්බිමෙන් පිට ජීවත් වන්නට සිදු වුනත් ශ්‍රී ලංකා  බිමේ උපන් අපට සිංහල හින්දු අළුත් අවුරුද්දෙ වටිනාකම තදින් දැනෙනවා.


අද දවස අපට නිවාඩු දිනයක් නොවුණත් , චරණ ලෝකේ වටේ අවුරුදු එක්ක වෙනස් අංග කිහිපයක් අරගෙන ටොරොන්ටෝවෙන් නැගෙන අපේ හඩ රූපණ කණ්ඩායම අද දවසෙදි විටින් විට ඔබ හමුවන්න බලාගෙන ඉන්නවා.




මම මේ ඉන්නා ස්කාබරෝ ප්‍රදේශයේ ශ්‍රී ලාංකික හිමිකාරීත්වයක් ඇති උත්සව ශාලා පරිශ්‍රයේ ඉදන් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් සහ හින්දු කුගේ අවුරුදු පණිවුඩ 2 ක් වගේම ලස්සන නර්තන අංගයකුත් ගෙන එන්නට බලාපොත්තු වෙනවා .


ඒ වගේම මාකම් නගරයේ පුබුදු සහ මංජුලා ආරියරත්න යුවලගේ නිවසේ අවුරුදු චාරිත්‍ර ඉටුකරන විදිහ බලන්න එහි සිටින සංජීව අබේරත්න සහ සම්පත් පෙත්තාවඩු සහෝදරයින් දෙන්නා එක්කත් එකතු වෙන්න බලාගෙන ඉන්නවා . 


ඒ වගේම අපේ පොඩිත්තන් කීප දෙනෙකුගේ මියුරු ගායනයක් අහන්නත් සුදානමක් තියෙනවා .


එහෙම නම් අපි තව ටිකකින් ආයේ හම්බ වෙමු





2023 අප්‍රේල් 22 වැනිදා වෙබ් ගත වූවකි. 


https://rupane.com/2023/04/22/rupane-episode-344-april-22-2023/


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ
ඉදිරි නිරමාණ එළිය  කරාවි.



2 comments: