මනසින් තේරුම් ගත නොහැකි දෙය අවසන් වන්නේ දේශපාලනයෙනි – දෙවැනි කොටස බව පහතින් පළ වන්නේ ෆිලීප් ලකු-ලබාර්ත් (Philippe Lacoue-Labarthe) නම් ප්‍රංශ චින්තකයාගේ “Transcendence Ends in Politics” (‘අනුභූතිඋත්තරත්වය අවසන් වන්නේ දේශපාලනයෙනි’) නම් රචනය පිළිබඳව කෙටි හැඳින්වීමක දෙවන කොටසයි (පළමු කොටස මෙතැනින්). දර්ශනය සහ දේශපාලනය අතර සම්බන්ධය පිළිබඳව තරමක් ගැඹුරු කතා බහක් ඇති කරගැනීම දේශපාලනය පිළිබඳව දාර්ශනික උනන්දුවක් තිබෙනා අයට ඉතාමත් වැදගත් වෙයි. සාමාන්‍යයෙන් අප සිතන්නේ දේශපාලනය ගැන අවබෝධය වඩාත් හොඳින් තිබෙන්නේ වඩාත් ගැඹුරින් ...
සමකාලීන සංස්කෘතික මරණය ඉදිරිපිට පැවැත්මක් ලෙස (රක්ත වර්ණ ගැහැණු) බව යුරෝපය කේන්ද්‍රකර ගනිමින් දහනමවන සියවසේදී පමණ ඇරඹුණු ස්ත්‍රීවාදී දේශපාලනය අදවන විට එය ලොව පුරාම ව්‍යාප්ත වෙමින් සිනමාව, සාහිත්‍ය, කවිය, චිත්‍රය, දෘශ්‍ය කලාව හා දේශපාලනය යන විවිධ හැඩතල ඔස්සේ විකාශනය වෙමින් පවතී. ස්ත්‍රීවාදී දේශපාලනයේ ආරම්භක නියමුවරියන් ලෙස මේරී වොල්ස්ටන්ක්‍රාෆ්ට් Mary Wollstonecraft, සීමොන්ඩ් ඩි බෝවර් Simone de Beauvoir, මෙලනි ක්ලේන් Melanie Klein සහ තවත් සමාජ දේශපාලන චින්තිකාවන් බොහොමයක් ස්ත්රීන්ගේ අයිතීන් ...
අවකාශීයත්වය පිළිබඳ ව වේදිකාව ඇසුරින් බව අවකාශය නම් වස්තුවිෂය වේදිකාව පිළිබඳ කෙරෙන සංකථන තුළ ප්‍රමුඛතාවයේ පවතියි. සාමාන්‍යයෙන් අවකාශය යනු කුමක්ද යන්න පිළිබඳ අපෙන් ඇසූ විට පලමුවෙන් අපට නැගෙන පිළිතුර වන්නේ ”හිස් ඉඩකඩ” යන්න යි. ”අර තියෙන්නෙ හිස් වේදිකාවක්” යන්න කෙනෙකුට පෙන්විය හැකි ය. මෙම පෙන්වීම මගින් හැගවෙන හිස් ඉඩ ඔනෑම වේදිකා ආකෘතියක ම දැකිය හැකි ය. Proscenium Stage, Trust Theatre, End Stage, Glob Theatre, Arena ...
විවේචක සාදුවරයා – එම්මානුවෙල් කාන්ට් බව අපි සාදුවරයෙක් කියන්නෙ මුලු ජීවිත කාලෙම එකම දෙයක් වෙනුවෙන් කැප කළ කෙනෙකුට, එලෙස කැප කිරීම නිසා ලැබෙන ශික්ෂණය, පුහුණුව, සියුම්බව, නිසා අපට බැලූ බැල්මට ඔහු හෝ ඇය වෙන්කොට හදුනා ගත හැකියි. ඒ වගේම එක්තරා දහමක් වෙනුවෙන් ජීවිත කාලෙම කැප කරන නිසා ඔහුගේ ජීවිතය තුළ විවිධ සිදුවීම් ගහන වෙන්න බෑ. නමුත් ඔහු රකින දහම තුළ සිදුවීම් ගහනයි. ඒක නිසා සාදුවරයෙකුගේ ...
ආගමික විශ්වාසයේ පදනම දර්ශනයේ ඉතිහාසයෙන් පිටුවහල් කළ මොහොත බව මානසික ලෝකයට සාපේක්ෂ නොවන සැබෑ පැවැත්මක් ඇති බව තහවුරු කරන්නේ කෙසේද? බොහෝ දෙනෙක් මේ වනවිටත් අසා තිබෙනා ලෙස මෙයසූ ගේ කෘතියේ එක්තරා මූලික අභිලාශයක් වන්නේ මෙම ප්‍රශ්නයට පිළිතුරක් ලබා දීමයි. අප ගේ මෙතෙක් සංවාදය තුළ අප පෙන්වා දුන්නේ ඔහුගේ ‘පර්යේෂණ ගැටලුව’ කුමක්ද යන්නයි. සංක්ෂිප්තව ගතහොත් මෙයසූ අසන්නේ මෙවැන්නකි: නූතන දර්ශනය – ඔහු මෙය නම් කරන්නේ ‘සහසම්බන්ධතාවාදය’ ලෙසයි – සඳහා ...
සතුරා ඇත්තේ පිටත නොව, එය ඇත්තේ අප තුළමය – සිනමාව ඇත්තේ පිටත නොව, අප තුළමය බව මේ සටහන මම ආරම්භ කරන්නේ ඇතීනියානු ඉතිහාසඥයෙකු වන Thucydides ගේ History of the Peloponnesian War, II.53 නැමැති කෘතියේ එන අදහසක් සමඟිනි. වසංගත තත්ත්වයක දී සමාජයක් මුහුණ දෙන තත්ත්වය සහ මිනිසුනගේ වෙනස්වීම් ඔහු හොඳින් මෙම කෘතියේ සටහන් කර තිබේ. එවැනි එක් විස්තරයක් බටහිර සාහිත්‍යයේ ආරම්භයේදීම පවතී. හෝමර්ස් ඉලියඩ්, (700 බීසී පමණ), ට්‍රෝයි හි ග්‍රීක හමුදාවට පහර දෙන වසංගතයක් පිළිබඳ විස්තරයක් සමඟ එය ආරම්භ වේ. ග්‍රීක ...
සැබෑ ජීවිතය බව දින සටහනක් නොමැතිව ලියා ඇති මෙම ලියමන හමුවන්නේ ද අනන්ත එදිරිසූරිය ගේ තුන්වැනි දින සටහන් පොතේ ය. ආන්යා වෙත ඍජුව ආමන්ත්‍රණය කරමින් ලියා ඇති මෙම ලියවිල්ලේ අන්තර්ගතය අනුව මෙය ලියා තිබෙන්නේ දෙසැම්බර් 17 වැනිදා ට පසුව යන්න පැහැදිළි වේ. බලය, දර්ශනය සහ සමාජ මැදිහත්වීම් පිළිබඳව අනන්ත ගේ සිතා බැලීම් අතර හමුවන මෙම සටහන් පෙළට කියවීමක් ලැබීම ප්‍රයෝජනවත් වන හෙයින් ...
දේශපාලනය/දර්ශනය – බදියු/මෙයසූ බව පහතින් පළ වන්නේ අනන්ත එදිරිසූරිය ගේ අප්‍රකට දින පොත් තුළ හමු වන රචනයකි. මෙය පුද්ගලික ලියුමක් බව පැහැදිළි වුවත් එහි අන්තර්ගතය මුළුමනින් වැය වන්නේ න්‍යායික කරුණු වෙනුවෙන් නිසා එය මෙහි පළ කිරීම ප්‍රයෝජනවත් වේ. විශේෂයෙන් මෙයසූ පිළිබඳව ඇතිව ඇති උනන්දුව නිසා බදියු පිළිබඳව මෙයසූ ගේ කියවීමක් මෙහි තිබීම මේ මොහොතේ මෙය පළ කිරීමට හේතු විය. ලියවිල්ල තිබෙන්නේ අනන්ත එදිරිසූරිය ...
හියුම් ගේ ගැටලුව බව පහතින් පළ වන්නේ ඩේවිඩ් හියුම් විසින් මතු කරන ලද හේතුව සහ ඵලය අතර තාර්කික සම්බන්ධයක් පෙන්වීමේ නොහැකියාව පිළිබඳ දාර්ශනික ගැටලුව සඳහා සරල සිංහල පැහැදිළි කිරීමකි. මෙය ඍජු පරිවර්තනයක් නොවන්නේ වුවත් හියුම් ගේ තර්ක අනුපිළිවෙල මෙහි එලෙසින්ම අනුගමනය කර ඇති හෙයින් මේ මගින් හියුම් ගේ රචනය සමග සම්බන්ධ වීමට පහසු වනවා කියා අපි සිතමු. සමහරවිට මෙම නිශ්චිත ගැටලුවට ඍජුව අදාළ ...
වචන සහ දේවල් බව රූපණය පිළිබඳ ලියවෙන ලිපි මාලාවේ හතරවන ලිපිය මඟින් (පළමු ලිපිය මෙතනින්, දෙවැන්න, තෙවැන්න) පැහැදිලි කිරීමට උත්සහ ගන්නේ නළුවා/නිළිය භාෂාව සමඟ දක්වන සම්බන්ධය පිළිබඳවයි. අප සාමාන්‍ය ජීවිතයේ සන්නිවේදනය සඳහා යොදාගන්නා භාෂාවක් තිබේ. එහිදී අප බොහෝ විට උත්සහ කරන්නේ අපගේ සිතුම් පැතුම්, විනිශ්චයන් හා අනෙකා සමඟ කරනා ගනුදෙනුවට සඳහා අවශ්‍ය සංඥා පද්ධතියක් ගොඩ නැගීමයි. මෙම ක්‍රියාවලිය ම නාට්‍ය කලාව තුළ නළුනිළියන් ...
ප්රබුද්ධාලෝකයට “අර්ථයක්” බව සැබවින් ම අප කරමින් සිටින්නේ අමුතු දෙයකි. එනම්, අප කිසි දිනෙක නො දුටු පුහුදුන් මිනිසෙකු ව සරණ නො ගොස් එහෙත්, මහත් ආයාසයකින් හා නිති වැඩෙන ආශාවකින් අපි ඔහුට සමීප වන්නෙමු. මෙකී සමීප වීම හුදෙක් ම බුද්ධිමය එකකි. අපි යම් අවබෝධයක් අපේක්ෂා කරන්නමු. එය පතන්නෙමු. එහෙත් මෙම පැතුම හුදු නිෂ්ක්‍රීය පතා බලා හිඳීමක් නො ව, නිරන්තර බුද්ධිමය අරගලයක ...
ස්වාමිත්වය ගැන බව පශ්චාත්ව්යුහවාදී සම්ප්රදායේ ආධිපත්‍යය තිබෙනා සමයේ ‘ස්වාමිත්වය’ පිළිබඳව අදහස සලකනු ලැබුවේ ප්‍රතික්ෂේප කළ යුතු දුෂ්ඨත්වයක් ලෙසයි. නිදර්ශනයක් ලෙස ලැකේනියානු න්‍යායේ එන ස්වාමියාගේ කතිකාව පිළිබඳව අදහසට අනුව ස්වාමිත්වය යනු සෑම විටම කිසිදා පරිපූර්ණ ලෙස නියෝජනය කළ නොහැකි දෙබෙදුනු ආත්මය හැඟවුම්කාරකයක් මගින් නියෝජනය කිරීමකි – එනිසාම එය සෑම විටම අවසන් වන්නේ එම අර්ථ ජනනය තුළට මුළුමනින් ඇතුලත් කරගත නොහැකි අතිරික්ත විනෝදයක ආකෘතියක් ...
‘බෝම්බයක් ඉතුරුයි’ – කියවීමක් බව චාමික හත්ලහවත්තගේ නවතම නාට්‍ය නිර්මාණය වන බෝම්බයක් ඉතුරුයි නාට්‍ය පසුගිය 11 වන දා ලයනල් වෙන්ට් රඟහලේදී රංග ගත කෙරුණි. වේදිකා නාට්‍ය කලාවේ කලක සිට නිර්මාණ කාර්යයේ නියැලී සිටින චාමිකගේ නිර්මාණ බෝහෝවිට රාජ්‍ය නාට්‍ය උළලේ සම්මානයට පාත්‍ර වෙයි. මෙම නිර්මාණයද මේ වන විට රාජ්‍ය නාට්‍ය උළලේ අවසන් වටය නියෝජනය කිරීමට නියමිත බව දැනගන්නට ලැබිණි. මෙහිදී මා බෝම්බයක් ඉතුරුයි නාට්‍යය ප්‍රවේශ ...
සංකල්පීය කලාව ගැන වැකි බව පහතින් පළ වන්නේ සොල් ලෙවිට් (Sol Lewitt) නම් ඇමරිකානු ජාතික දෘශ්‍ය කලා ශිල්පියා ගේ (නමුත් සත්‍ය වශයෙන්ම ‘දෘශ්‍ය’ යන යෙදුම මෙහිදී යෝග්‍ය නොවන්නේ ඔහු සිය භාවිතාව තුළ අභියෝගයට ලක් කරන්නේම මෙම ‘දෘශ්යබවේ’ ඇති ආධිපත්‍යය වීමයි) ‘Sentences on Conceptual Art’ නම් කෙටි ලියවිල්ලක සිංහල පරිවර්තනයයි. ‘සංකල්පීය කලාව’ (Conceptual Art) නම් දෘශ්‍ය කලා ව්‍යාපාරය – පොදුවේ හැඳින්වෙන්නේ මේ ආකාරයටයි – සඳහා ...
මාටින් හෛඩගර් සඳහා ‘සිංහල බෞද්ධ’ හැඳින්වීමක් බව අපි සංවාදය ඉදිරියට ගෙන යමු. අවසන් වරට මා ලියූ කෙටි රචනය තුළ (එම රචනය මෙතැනින්) පෙන්වා දුන් පරිදි, නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේ සීමාව වන්නේ එය සඳහා ‘මනස’ යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පැහැදිළි කරගත නොහැකි වීමයි. එක අතකින් මනසින් තොර වූ යථාර්ථයක් නොමැති බව ප්‍රකාශ කරනා විට එමගින් අදහස් කරන්නේ, සැබැවින්ම පවතින්නේ මනස පමණක් යන්නයි. එම නිගමනය වෙත පැමිණියහොත්, ඉන් පසුව ...
පැවැත්මේ අහඹු බව බව ‘ඔබ නිවස ඉදිරිපිට ඇති ගසක් හදිසියේ එක්වරම කුරුල්ලෙකු වී පියඹා යනු ඔබ දැක තිබේද?’ අප දකින්නේ අප එකිනෙකාට සාපේක්ෂ වූ ලෝකයකි. ඔබ දකින්නේ මා දකින ලෝකයට වඩා හාත්පසින්ම වෙනස් වූ ලෝකයක් විය හැක. සමහරවිට එසේ නොවීමටද ඉඩ තිබේ. ලෝකය පවතින්නේ නිරන්තරයෙන් වෙනස් වෙමිනි. මේ වෙනස් වීම ද අප එකිනෙකාට සාපේක්ෂ විය හැක. මෙම තර්කයේ අවසාන අන්තයට ගියහොත් ලෝකය පවතින්නේ ...
‘අන්තෝනියෝ ග්රාම්ස්චි’ – කෙටි විමසුමක් බව සුමිත් චාමින්ද ගේ ‘අන්තෝනියෝ ග්රාම්ස්චි – ජීවිතය, චින්තනය, දේශපාලනය’ කෘතිය මෑත කාලීන සිංහල භාෂා සාහිත්‍යය තුළ කේන්ද්‍රීය ලෙස වැදගත් දේශපාලනික-න්‍යායික ග්රන්ථයක් බවට විවාදයක් තිබිය නොහැකිය. මූලික කොටස් දෙකකින් යුතු මෙම කෘතියේ පළමුවෙන් තිබෙන්නේ 1971 වසරේ ග්රාම්ස්චි ගේ සිරගෙයි සටහන් අතරින් තෝරා ගත් රචනා එකතුවක් පළ වීමේ දී එම කෘතියේ සංස්කාරකවරුන් සහ පරිවර්තකවරුන් විසින් සකස් කරන ලද හැඳින්වීමේ රචනයයි. අන්තෝනියෝ ...
ඇබ්සර්ඩ් රංග කලාව යනු කුමක්ද? බව මේ ප්‍රශ්නයට විවිධ ප්‍රවේශ ඔස්සේ පිළිතුරු නිර්මාණය වී ඇති බව අපි දනිමු. නමුත් ඒ බොහොමයක් විශාල වශයෙන් එකිනෙකට වෙනස් නොවන අතර ඒවා එක ම අවකාශයක කතා බහට ලක් වෙයි. එනම් අද වන විට ඇබ්සර්ඩ් රංග කලාව සම්බන්ධයෙන් සාමාන්‍ය පොදු අදහසක් රංග කලාව සම්බන්ධයෙන් උනන්දු වන්නන් තුළ පවතියි. ජීවිතයේ අර්ථ විරහිතබව මත පදනම් වූ කාංසාව තුළ සිදු වන සිදුවීම් පෙලක්, ...
‘ජාතික ජන බලවේගයට’ අප සහය දිය යුත්තේ ඇයි? බව මෙම ලිපි මාලාවේ ඉලක්කය වන්නේ ‘ජාතික ජන බලවේගයට’ අප සහය දිය යුත්තේ ඇයි යන ප්‍රශ්නයට පිළිතුරක් ගොණු කිරීමට උත්සාහ කිරීමයි. එම අර්ථයෙන් ගත්විට මෙය ජනාධිපතිවරණය ඉලක්ක කරගත් ප්‍රචාරණ ව්‍යාපෘතියක් ලෙස හඳුනා ගැනීමේ වරදක් නොමැත. නමුත් ‘ප්‍රචාරණය’ යන වචනය ගෝලීය ධනේශ්වර සන්දර්භයක් තුළ ලබන්නේ අතිශයින් පටු සහ ගැටලුකාරී අර්ථයක් බව අප සිහිපත් කළ යුතුය. කුමාර් සංගක්කාර සිය පුහුණු වීම් අතරතුර ...
අහසින් වැටුණු අදහස් බව පහතින් පළ වන්නේ, අප වෙත අහම්බයෙන් ලැබුණු, ‘අනන්ත එදිරිසූරිය’ මහතා ගේ සටහන් පොත් අතර තිබූ එක සටහනකි. එහි කිසිදු සංසකරණයකින් තොරව මෙහි පළ කර තිබේ. මේ සටහන සඳහා දිනයක් දමා නොමැති වුවත් මෙය 2017 වසරේ අවසානයේ ලියවූවක් කියා විශ්වාස කිරීමට සාධාරණ හේතු තිබේ. මේ කාලය තුළ අනන්ත එදිරිසූරිය, අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ කළ දීර්ඝ සංචාරයට පසුව, සිය සොයා ගැනීම් ලියා ...