නිහඬ බව බිඳිමින් බව ප්‍රායෝගික ප්‍රශ්න කීපයක් නිසා පසුගිය කාලයේ ‘බව’ බ්ලොග් අඩවිය සක්‍රීය වූයේ නැත. මෙය එක්තරා ආකාරයක නැවත ආරම්භයක් වන නිසා ‘බව’ පිළිබඳව සඳහනක් කිරීම ප්‍රයෝජනවත් විය හැකි බව අපි සිතමු. එක්තරා ආකාරයකට ක්‍රියාකාරිත්වය, අක්‍රිය වීම, නැවත ආරම්භය යනු මානව විමුක්තිය පිළිබඳව නූතනවාදී අදහසේ අනිවාර්යය අංගයකි. සැමුවෙල් බෙකට් කියූ ලෙසම අපට තිබෙන්නේ නැවත උත්සාහ කිරීමට, නැවත අසාර්ථක වීමට සහ, මේ අවස්ථාවේදී, ...
දාර්ශනික නූතනත්වයේ තීරණ දෙක බව බොරැල්ල මංසන්ධියේ බේස්ලයින් පාරට මීටර පනහක් පමණ ඇතුලට වන්න ඇති කෙටි මාවතක, රාත්‍රී අඳුර වැටීගෙන එන සන්ධ්‍යාවක, කුඩා පිරිසක් ගොඩනැගිල්ලක එළිමහනේ රැස් වී සිටියි. ඔවුන් වට වී සිටින තැන මැද පස් අතුරා ඇති පටු තීරුවක් දක්නට ඇත. අඩි දෙකක් පමණ පළල, අඩි හයක් පමණ දිග මේ පස් තීරුව වටා මැටි පහන් පේළියට අඩුක් කර තිබෙන අයුරුද දැක ගත හැක. ...
කාන්ට් බිහිවන ජර්මනිය බව කාන්ට් ගැන කතා කරද්දි ඔහු ජීවත් වුන ජර්මනිය ගැන කතා නොකර බැහැ. ඕනම දාර්ශනිකයෙක්ට සිය දාර්ශනික සිතීම ”හැකි කරවන” සාධක ලෙස ඔහු ජීවත්වන පලාත/රට/මහද්වීපය බලපානවා. උදාහරණයකට හේතු/බුද්ධිවාදීන් (Rationalist), ප්‍රංශය, ඕලන්දය, නෙදර්ලන්තය ආශ්රිත ව බිහිවීමත් අනුභූතිකවාදීන් එංගලන්තය ආශ්රිත ව බිහිවීමත් ලෙස මේ ගැන ඉතා රලු බෙදීමක් කළ හැකියි. තමන් ජීවත්වන ජර්මනිය විසින් තමන්ගෙ දාර්ශනික සිතීම හැකිකරවූ බව වඩා සවිඥාණිකව ...
දර්ශනය සහ ක්‍රිස්තියානි ආගම අතර සම්බන්ධය (සහ ‘අපේ’ බුදු දහම) බව දර්ශනයේ ඉතිහාසය සහ ක්‍රිස්තියානි ආගමේ ඉතිහාසය අතර, එක නිශ්චිත කාල සීමාවකදී, සමපාත වීමක් ඇති බව ප්‍රතික්ෂේප කළ නොහැක. දර්ශනය ආරම්භ වන්නේ ක්‍රිස්තියානි ආගම බිහි වීමට පෙර කියා අපි දනිමු. සත්‍ය වශයෙන්ම, බදියු රසවත් ලෙස පෙන්වා දෙන පරිදි, ඇතන්ස් යනු ශාන්ත පාවුළු හට ක්‍රිස්තියානි සුභාරංචිය රැගෙන යාමට නොහැකි වූ ‘මුදා නොගත් ප්රදේශයයි’. ශාන්ත පාවුළු ගේ ගමන් පථය අධ්‍යයනය කරන විට ...
‘සංචාරක කෝකිලාව’ – කියවීමක් බව වෛෂයික හා සංස්කෘතිකමය වශයෙන් පුද්ගලයෙකු සිදුකරන නිර්මාණයක් සඳහා ආත්මීය කුසලතා ක්‍රියාත්මක වන හෙයින් ද ඕනෑ ම දාර්ශනික, සමාජ විද්‍යාත්මක, විද්‍යාත්මක හෝ කලාත්මක නව නිපැයුමක් දුර්ලභ ගනයේ අහම්බයකි. කලාකරුවාගේ ක්‍රියාකලාපය නිර්ණය කරනු ලබන්නේ සමාජ සංස්ථාවෝ අතර ගැටුම විසිනි. මෙකී තත්වය අවබෝධ කරගන්නා ප්‍රමාණය අනුව කලාකරුවා නිරායාසයෙන්ම විප්ලවයේ හවුල්කරුවා බවට පත්වන්නේ ය. පවුල, සයුර අසල සිටින තරුණයෝ, පියරේ සහ කවටයා, ...
කොරෝනා වෛරසය ගැන ජිජැක් බව මෙයට වඩා බොහෝ දරුණු බෝවෙන රෝග තිබෙන්නේ වුවත් අප මේ එක වෛරසයක් සම්බන්ධයෙන් මෙතරම් බිය වන්නේ ඇයි? ඉන්ෆ්ලුවන්සා රෝගය නිසා මෙයට වඩා අති විශාල පිරිසක් වාර්ෂිකව මිය යයි. එම නිසා අප මෙහි සැබෑ කරුණු ගවේෂණය කළ යුතුය. මෙහි ‘කරුණු’ සහ ‘දෘෂ්ඨිවාදය’ අතර සම්බන්ධය ආරම්භ වන්නේ කොතනද? සමස්ත අත්දැකීමේ ඇති එක් විරුද්ධාභාශයක් වන්නේ මෙයයි. අපේ ලෝකයේ සම්බන්ධතා වැඩි වනවාත් සමගම ...
‘සංස්කෘතියට’ එරෙහි ‘සංස්කෘතික මිනිසා’ බව පහතින් පළ වන්නේ 2018 ඔක්තෝම්බර් මස 7 වැනි ඉරිදා ‘ලංකා ඉරිදා සංග්‍රහයේ’ පළ වූ ලිපියකි. ‘බව’ මගින් ආරම්භ කර තිබෙන කලාව, දර්ශනය සහ දේශපාලනය පිළිබඳව සංවාද වලට මෙය අදාළ වන බැවින් එය මෙලෙස පළ කරමු. ‘ලංකා ඉරිදා සංග්‍රහයේ’ ලිපි මාලාවක කොටසක් ලෙස මෙය පළ වුවත්, මෙය තනිව කියවිය හැකි ලෙස ලියා තිබේ. එසේ වුවත් එම සමස්ත සංවාදය කියවිය ...
රූපණය කියන්නේ කවුද? බව ‘රූපණය යනු කුමක්ද’ යන ගැටලුවට නැතිනම් එම ඓතිහාසික ප්රශ්නය සඳහා පිළිතුරු ගොනු කරමින් සිටින රංග කලා න්‍යායවේදීන්ගේ විවිධ අදහස් අද වන විට ලෝකයේ විවිධ ආකාරයෙන් කතා බහට ලක් වේ. නමුත්, අවාසනාවකට, මෙරට මෙම ජනප්‍රිය ප්රශ්නය ශාස්ත්රාලයීය කථිකාව තුළ පවා කතා බහට ලක් වන්නේ ඉතාම අඩුවෙනි. මෙම සම්භාව්‍ය ප්රශ්නය ගැන සද්භාවවේදී විචාරයක් තුළින් සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි. තවත් ආකාරයට ...
මාක්ස්වාදයට එරෙහි නලින් ද සිල්වා ගේ සමාරම්භක විවේචනය බව පහතින් තිබෙන්නේ 80 දශකයේ ආරම්භයේ දී නලින් ද සිල්වා විසින් ‘සිළුමිණ’ පුවත්පතට ලියන ලද ‘මාක්ස්වාදය විද්‍යාත්මක ද?’ යන ප්‍රකට ලිපි මාලාවේ පළමු ලිපියයි. කොටස් තුනකින් යුත් ලිපි මාලාවක් ලෙස පළ වූ මෙය සම්පූර්ණයෙන් මෙහි පළ කිරීමට උත්සාහ කළ ද අපට මෙහි අවසන් කොටස සොයා ගැනීමට නොහැකි විය. එහි පිටපතක් ඇති කෙනෙක් අප වෙත එය ලබා දෙන්නේනම් ස්තුතිවන්ත වෙමු. කොන්ටෙන් ...
What is Philosophy? (2 වන කොටස) බව ඉතිං what is philosophy? යන ප්‍රශ්ණයම ග්‍රීක සම්භවයක් ඇති ප්‍රශ්ණයක්. (පළමු ලිපිය මෙතැනින්) එනම් එය ග්‍රීක Whatness එකක්.(What is that…?) එමෙන්ම එය දැනුම පිළිබද ප්‍රශ්ණයක් නෙවෙයි. එසේම එය දර්ශනවාදයේ දර්ශනවාදය ගැන ප්‍රශ්ණයක්ද නෙවෙයි. ඒ වගේම එය දර්ශනවාදයේ පටන් ගැන්ම හෝ වර්ධනය වීම පිළිබද ප්‍රශ්ණයක්ද නෙවෙයි. නමුත් මෙම ප්‍රශ්ණය විසින් අපව ඇද දමන ක්‍රියාව ඓතිහාසිකයි. එනම් එය ඉරණම් සහගත ඇද ...
අහසින් වැටුණු අදහස් : ආත්මීය ප්‍රශ්න බව අනන්ත එදිරිසූරියගේ තුන්වැනි සටහන් පොතේ එන පහත සටහන හමු වන්නේ 2017 වසරේ දෙසැම්බර් 3 වැනි දිනය යටතේ ය. එම නිසා මෙය අප මෙහි පළ කළ සටහනට (එම සටහන මෙතැනින්) පසුව ලියවූ සටහන ලෙස – එසේත් නැත්නම් එයට පසුව ලියූ සටහන් අතරින් එකක් ලෙස – මෙය හඳුනා ගත හැකිය. මෙහි ආකෘතිය අනුව මෙය අනන්ත ගේ දිගු කාලීන ලියුම් හුවමාරුකාරිය වූ ...
දැනුමේ දේශපාලනය බව 1980 දශකයේ පටන් ක්‍රමිකව ආරම්භ වූ සහ මේ වනවිට පරිසමාප්තියට පත් වී තිබෙනවා කියා කිව හැකි විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ පරිහානියේ එක් කුඩා යහපත් ප්‍රතිඵලයක් වූයේ මෙරට බුද්ධිමය සංවාදය ‘මහපාරට’ ඇද වැටීමයි. මෙය යහපතක් වන්නේ ‘මහපාරේදී’ අදහස් වල වල කල්පැවැත්ම කෘතිමව සුරක්ෂිත කළ නොහැකි නිසාය. විශ්ව විද්‍යාලයේ දී වසරකට වරක් අලුතෙන් පැමිණෙන ශිෂ්‍ය කණ්ඩායමකට දේශන ශාලාවේදී උගන්වන දෙයට – කැමැත්තෙන් ...
වාර්ගික-ආගමික දේශපාලනය සහ දර්ශනය අතර සම්බන්ධය බව පහතින් තිබෙන්නේ කොන්ටෙන් මෙයසූ ගේ ‘පරිමිතත්වයෙන් පසු – අහඹුබවේ අනිවාර්යතාවය පිළිබඳව රචනයක්’ කෘතිය සඳහා එහි සිංහල පරිවර්තක විසින් ලියන ලද හැඳින්වීමේ කොටසකි. නූතන දර්ශනයේ වර්ධනය සහ සමකාලීන දේශපාලනයේ ඇති ආගමික-වාර්ගික දේශපාලනය අතර සම්බන්ධය පිළිබඳව මෙයසූ විසින් ගොඩනගන තර්කය මෙහිදී සංක්ෂිප්ත කර තිබේ. මෙම කෘතිය සමකාලීන ලාංකික දේශපාලන කතිකාව සමග සම්බන්ධ විය යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් මෙමගින් ඉඟියක් ලබා ගත ...
පශ්චාත් යටත්විජිතවාදය පිළිබඳව අධ්‍යයන සටහනක් බව පශ්චාත් යටත්විජිතවාදය සම්බන්ධයෙන් මගේ විශාල උනන්දුවක් කිසිදා තිබුනේ නැත. විශේෂයෙන් නූතන සිංහල ජාතිකවාදී කතිකාව හමුවේ පශ්චාත් යටත්විජිත සංවාදය බරපතල දේශපාලන අර්බුධයකට මුහුණ දෙනවා කියා මම සිතමි. අනෙක් අතට මේ සංවාදයේ සමහර ප්‍රකාශකයන් ගේ ඉදිරිපත් කිරීමේ ශෛලිය අතිශය ව්‍යාජයක් වනවා යන සැකයෙන් මට කිසිදා ගැලවෙන්නට නොහැකි විය. මේ සඳහා පළමු නිදර්ශනය වන්නේ හෝමි බාබා (Homi Bhabha) ගේ ලිවීමයි. ඔහු කියන්නට ...
රන් ඇපල් සොරා සහ කුමාරවරු හතරදෙනා බව බෙලායෙව් රජතුමා ගොඩක් හොඳින් තමන්ගෙ රට පාලනය කළා. ඒ රට මහ සාගරය වගේ විසාලයි. ස්ටෙප්ස් තණ බිම වගේ කෙළවරක් පේන්නෙ නෑ. ඒ රට කොච්චර විසාලද කියලා බෙලායෙව් රජතුමා වත් දැනගෙන හිටියෙ නෑ. කොහොම වුණත් ඒ රටේ මිනිස්සු ගොඩක් සතුටින් ජීවත් වුණා. ගොවිතැන් කළා, පාන් පිච්චුවා, උත්සව පැවැත්වුවා, වයින් බිව්වා, මී පැණි කෑවා. බෙලායෙව් රජතුමාට, ඉවාන්, ආන්ද්‍රෙයි, සිමියොන් සහ අල්යෝෂා ...
ආගමෙහි අහඹුබව බව අප පළමුවෙන්ම මේ පැටළුණු නූල් බෝලයෙහි කෙළවරක් සොයාගත යුතුය. අපගේ ජීවිතය, අප ජීවත් වන ලෝකය ඇතුළු මේ සියළු ගැටළු අපට උරුම වී ඇත්තේ කෙසේද? එසේ නොමැතිව ශුන්‍යත්වයක් පමණක් වී නම් මා හට මෙය ලිවීමට වත් ඔබට මෙය කියවීමටවත් අවස්ථාවක් නොලැබෙනු ඇත. සියල්ල සිදු වන්නේ කිසිවක් නොමැති බව වෙනුවට කුමක් හෝ දෙයක් පවතින නිසාය. පැවැත්ම යනු එයයි. එය කෙබඳු දැයි ...
නලින් ද සිල්වා ගේ සාවඥ සිනහව බව පහතින් පළ වන්නේ නලින් ද සිල්වා විසින් 80 දශකයේ ආරම්භයේ දී ‘සිළුමිණ’ පුවත්පතට මාක්ස්වාදය විවේචනය කරමින් ලියූ ලිපි මාලාවක දෙවැනි ලිපියයි (පළමු ලිපිය මෙතැනින්). බොහෝ දෙනෙකු කියවා නැති මෙම ලිපිය සොයා ගැනීමට අප තරමක මහන්සියක් ගත්තේ බුද්ධිමය පරිවර්තනයක් සිදු වන සංක්‍රාන්තිය පිළිබඳව අපට තොරතුරු හෙළිකරන වැදගත් ඓතිහාසික සාක්ෂියක් ලෙස මෙය වැදගත් වන නිසාය. වර්තමාන සන්දර්භයේ සිට මේ ආකාරයේ ප්‍රශ්න ...
සම්මා දිට්ඨිය – විකල්ප අර්ථකථනයක් බව ‘අපි සියල්ලෝම සාමාන්‍ය මනුෂ්‍යයින් වෙමු. ඉපදුණු විගස පියුම් මත පියවර නගන හෝ මරණයෙන් උට්ඨානය වන කිසිවෙක් අප අතර නැත.’ සම්මා දිට්ඨිය යනු බුදු දහමේ එන සංකල්පයකි. ආර්යෂ්ඨාංගික මාර්ගයේ පළමු අංගය වන්නේ සම්මා දිට්ඨියයි. සම්මා දිට්ඨිය යනු නිවැරදි දැකීමයි. (සම්මා දිට්ඨිය යනු නිවැරදි දැකීම ලෙස හැඳින්වීම එතරම් නිවැරදි නොවේ. මන්දයත් නිවැරදි දේ කුමක්දැයි අපට නිශ්චිතව තෝරගත නොහැකි හෙයිනි. මිනිසාට කළ ...
සහසම්බන්ධතාවාදී මගේ ලෝකය බව ‘මුළුමහත් පැවැත්මම පාලනය වන්නේ රැඩිකල් සහ උත්තරීතර අහඹුබවකිනි – එයට ඉහළින් සිටිය හැකි වෙනත් කිසිදු දෙවියන් වහන්සේ කෙනෙක් නැත, ධර්මතාවක් නැත, නිවනක් නැත’ – කොන්ටෙන් මෙයසූ ගේ දර්ශනයේ මූලධාර්මික තිසීසය වන්නේ මෙයයි. අවසානයේ අපට වටහා ගැනීමට ඇති ගැඹුරුම සත්‍යය වන්නේ මෙයයි. දාර්ශනිකයා විසින් කළ යුත්තේ මෙහි ඇති ප්‍රතිවිඵාක – ජීවිතයට, කලාවට, සමාජයට, දේශපාලනයට, විද්‍යාවට ආදී ලෙස – මොනවාද කියා ...
මෙස්කිර්ෂ්හී පුංචි විජ්ජාකාරයා බව “ඔහු”— අනුදත් පරිදි; මහපොළොව ද, නිල් අහස ද, ඈත විමන්හී පහල වූ දෙවිවරු ද, මිහිමත උපන් මියදෙනසුලු සියලු මනුෂ්‍යයන් ද සිහියෙහි තබාගනිමින් මම, මෙසේ අරඹමි. මාගේ ලිඛිත ඉදිරිපත් කිරීමට ඔබින කොටස් නැවත ලිවීමට ද, නිසි තැන් හුවා දැක්වීමට මෙන් ම සුනිසි තැන් හුරු බසට හැරවීමට ද මම බලාපොරොත්තු වෙමි. මෙවන් ලිපියක් සැකසීමට මා සිතූ ඒක කරුණක් වන්නේ මම ද ...