සමාජීයත්වය යනු බැහැර කිරීමට එරෙහිව කරන අරගලය යි බව සිංහලයෙක් යනු කුමක්ද? පසුගිය 12 වනදා කදිර් ස්මයිලි සමඟ පැවති සාකච්ඡුාව තුළින් ශ්‍රී ලංකාව සිංහල ජාතිය මුල්කරත් රාජ්‍යක් ලෙස ගොඩනැගී පැවතීමේ ප්‍රාථමික කොන්දේසිය වන්නේ ම මෙරට සුළුතර ජාතීන්ගේ පැවැත්ම බව නැවතත් අවධාරණය කෙරුණි. ඉතාම සංකීර්ණ මෙම සහසම්බන්ධය ඔහු පැහැදිලි කරන්නේ ගැහැනියක් යනු කුමක්ද? යන ප්රශ්නය උදාහරණ ලෙස දක්වමිනි. ස්ත්‍රී විමුක්තිකාමීන් ඉල්ලා සිටින විමුක්තිය උදාකරලීමට ද අකමැත්තෙන් වුව පුර්ෂ මූලිකත්වය ...
අව්‍යාජ ක්‍රියාවක වියහැකිබව වෙනුවෙන් බව පහතින් පළ වන්නේ පොලිස් නිල ඇඳුම හැඳි මිනිසකුගේ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ‘බට්ටි’ යන අන්වර්ථ නමින් ජනප්‍රියව ඇති හිතවතියක් විසින් සිය යුක්තිය ඉල්ලා කළ අරගලයේ ජයග්‍රහණයක් පිළිබඳව, අප හිතවත් චාමර ගුරුගේ තැබූ සටහනකි. අප යෝජනා කරනා ආකාරයට මෙය, ලැකේනියානු වාමවාදයේ එන කේන්ද්‍රීය පර්යේෂණ ගැටලුවක් වන, ‘අව්‍යාජ ක්‍රියාවක්’ (an authentic Act) ලෙස හඳුනා ගැනීමේ අවධානම ගැනීම වරදක් නොවේ. අව්‍යාජ ක්‍රියාවක තිබෙනා එක ...
නලින් ද සිල්වා ගේ Pulp Fiction එක බව නලින් ද සිල්වා ගේ දර්ශනය සහ දේශපාලනය අතර සම්බන්ධය පිළිබඳව ඇති වී තිබෙනා ඉතාම වැදගත් සාකච්ඡාවට එකතු කිරීමකි. මා සිතනා පරිදි මේ වනවිට එම සම්බන්ධය මෙලෙස සාරාංශගත කළ හැක. නිවන යනු අපේ පරිමිත දැනුමින් කිසිසේත්ම තේරුම් ගත නොහැක්කකි. එම නිසා එය අපේ දැනුමේ ප්‍රවර්ග වලින් වටහා ගත නොහැක. ඒ සඳහා කළ යුත්තේ දැනුම නැති කිරීමයි. නමුත් මේ අදහස ...
හේතුව සහ ඵලය: හියුම් සහ කාන්ට් බව පහත දැක්වෙන්නේ මැන්ෆ්රඩ් කූන් (Manfred Kuehn) විසින් රචිත ” Kant : A Biography” නම් චරිතාපදානයෙන් උපුටා ගන්නා ලද කොටසක පරිවර්තනයයි. මෙහි විශේෂත්වය වන්නේ ඉම්මෑනුඑල් කාන්ට් විසින් ඩේවිඩ් හියුම් ගේ තර්කයන් සම්බන්ධයෙන් දැක්වූ අදහස් ඉතා පැහැදිළි ලෙස දක්වා තිබීමයි. කාන්ට් සම්පූර්ණයෙන්ම හියුමියානු අදහස්වලට එකග නොවන්නේ නැති බවත් එකග නොවන අවස්ථාවල එසේ වන්නේ ඇයි දැයි පැහැදිළි කිරීමක් මෙම කෙටි උපුටනය මගින් ...
හෙන්රි ජයසේනගේ ‘කුවේණි’ – ස්ත්‍රීවාදී කියවීමක් බව අංක තුනක මන:කල්පිතයක් ලෙස හෙන්රි ජයසේන විසින් ”කුවේණි” නාට්‍ය 1962 දී රචනා කරන ලදී. මෙම නාට්‍යයෙන් නිරූපණය වන්නේ කුවේණිය ගැන ප්‍රථම වරට ලියැවුණු මහාවංශයට ඉඳුරාම වෙනස් වූ කුවේණියෙකි. ඔහු කර ඇත්තේ ඉතිහාස කතාවක් නටා පෙන්වීම වැනි සුලබ ගනයේ කාර්යයක් නොවේ. මහාවංශයට අනුව කුවේණිය යක්ෂනියකි. මන්ත්‍ර මායාවන්හි නිපුන වූ මායාකාරියකි. එසේම බුදුන්වහන්සේ සක්දෙව් රජු අමතා කුවේණියගෙන් විජයට ආරක්ෂාව සැපයීමට උපදෙස් ...
ඉතිහාසයෙන් ඉගෙන ගැනීම බව සාමාන්‍යයෙන්, බටහිර රටක දී, කොන්ටෙන් මෙයසූ ගේ ‘පරිමිතත්වයෙන් පසු’ වැනි කෘතියක් ප්‍රකාශයට පත් වන විට එය කියවන්නේ මේ ආකාරයේ පිරිසක් කියා අදහසක් තිබේ. මේ අතරින් බහුතරයක් සම්බන්ධ වී සිටිනු ඇත්තේ විශ්ව විද්‍යාල වලටයි. සමහර දෙනෙක් දෘශ්‍ය කලාගාර, ශාස්ත්රාලීය සඟරා වැනි දේ ට සම්බන්ධ වී සිටිනු ඇත. පොත ගැන සංවාදයක් ඇති වනවානම් එය බොහෝ විට ඇති වනු ඇත්තේ ශාස්ත්රාලීය සඟරා ...
කැලණිය විශ්වවිද්‍යාල භූමිය තුළ ප්රගතිශීලීත්වයෙන් අනෙකා භාර ගැනීම බව ශ්‍රාස්ත්‍රීය ආකෘතියෙන් බැහැරව රචනා වන මෙම කෙටි සටහන 2018.04.20 දින කැලණිය විශ්වවිද්‍යාල තුළ අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදය, සමානාත්මතාවය සහ නවක වදය, නවක නම්නීකරණය වැනි ව්යපෘතීවල පවතින අගතීන්ගේ සමාජීය තක්සේරුව පැහැදිලි කරමින් නාදුනන සාමූහිකය විසින් බෙදා හරින ලද මුද්‍රිත අංගුවක් ‘කැලණිය’ විශ්වවිද්‍යාල පරිපාලනය සහ කැලණිය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය මැදිහත් වීමෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම පාදක කරගනිමින් ගෙන එනු ලබන සහෝදරත්වය
ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ නලින් ද සිල්වා බව මෙම ඉක්මන් සටහනේ ඍජු අරමුණ වන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ මරණයෙන් පසු ඔහු පිළිබඳව නලින් ද සිල්වා ලියූ කෙටි විචාරය පරීක්ෂා කර බැලීමයි (එම විචාරය මෙතැනින්). නමුත් එයට වඩා මෙය අප විසින් ආරම්භ කළ දාර්ශනික සංවාදය තවදුරටත් ඉදිරියට ගෙන යාමට තැබූ ආරම්භක පියවරක් ලෙස සලකන්නේනම් එය වඩාත් සුදුසු වනවා කියා සිතමි. අප විසින් ආරම්භ කළ එම සංවාදයේ තිබෙන්නේ, බොහෝ ...
නොනගතය අවසන් වීමට පෙර ඇති වූ ශුන්‍යතාවයේ කාංසාව බව යළිත් යුද්ධයක් ඇති වීමට ඇති ඉඩ ගැන මේ රටේ ඉන්න භික්ෂූ බහුතරයත් මහින්දවාදීනුත් නිරන්තරයෙන්ම ආණ්ඩුවට චෝදනා එල්ල කරන බව අප දැනටමත් දන්නා කරුණකි . ඒ අතරේ යළිත් යුද්ධයක් ඇති වීම ගැන අනාවැකි පල කරන අනාවැකිකරුවන් සෑහෙන ප්‍රමාණයක් ද සිටිති . ඒ නිසා අපේ සාමාන්‍ය අවබෝධයට ගෙන ආ යුතු වැදගත් දෙයක් මෙහි සටහන් කරන්නට කැමත්තෙමි. අනාගතයේ ඇති වෙන යුධමය විනාශයක් ...
කැතරින් මැලැබූ ගැන කතා කිරීමට අත්‍යවශ්‍ය පෙරවදනක් බව කොන්ටෙන් මෙයසූ ගේ දර්ශනය කේන්ද්‍ර කරගෙන අප විසින් ගොඩ නැගීමට උත්සාහ කරනා සංවාදයේ කොටසක් ලෙස ඔහුගේ අදහස් සම්බන්ධයෙන් එල්ල වූ විවේචන කීපයක් සලකා බැලීම බෙහෙවින් ප්‍රයෝජනවත් වනවා කියා අපි සිතමු. මෙයසූ ගේ සංවාදය මෙරට දැනට තිබෙනා බුද්ධිමය සංවාදය සමග ස්පර්ශ වන්නේ නලින් ද සිල්වා විසින් ගොඩ නැගු ඥානවිභාගාත්මක කතිකාව සමග වුවත් එම අර්ථයෙන් පමණක් ගත්විට මෙයසූ ගේ සංවාදයට හිමිවන්නේ ...
“ඡන්දයට පෙර” – ඇලේන් බදියු බව පහතින් පළ වන්නේ කලකට වංගීස සුමනසේකර විසින් පරිපවර්තනය කළ ඇලේන් බදියු ගේ ‘සාකෝසි යනු කුමක්ද?’ කෘතියේ පළමු පරිච්චේදයේ කොටසකි. එම පරිච්චේදය සමන්විත වන්නේ නිකොලස් සාකෝසි ගේ ආණ්ඩුව බලයට පත් වන ඡන්දයට පෙර බදියු විසින් සිදු කරන ලද දේශනයකිනි. එහිදී ඔහුගේ විශ්ලේෂණයට අනුව 2007 වසරේ ප්‍රංශ ජනාධිපතිවරණය හැඳින්විය හැක්කේ ‘බිය’ (‘fear’) වර්ග දෙකක් අතර තරඟයක් ලෙසයි. එම විශ්ලේෂණය වර්තමාන ශ්‍රී ...
ගීතයේ ප්‍රාගානුභුති විමසීමට ප්රයත්නයක් බව සර්ව වෛශික සන්ධර්භයන්හිම වඩාත් සිත් ඇද ගන්නා සුළු ප්‍රෙහෙළිකාවක් වූ, සෞන්දර්ය පිළිබඳ අර්ථකතනය නිරන්තර විවේචනයට ගොදුරු වන්නක් වූවද, සෞන්දර්ය ආශ්වාදයෙහිලා සමස්ත මානව වර්ගයාම රුචිකත්වයක් දක්වති. මිනිසාත්, කාලාවත්, සෞන්දර්යත් අතර පවතින්නාවූ අවියෝජනීය බන්ධනය මත කලා කෘති වින්දනය ඔස්සේ එකී රුචිකත්වය තෘප්ත කර ගැනීමේ නිරායාස ක්‍රියාදාමයක මානවයා ශිෂ්ටාචාරම්භයේ සිටම පුරුදුව සිටින බව ප්‍රකට කරුණකි. අපේ පැදුරෙන් මිදී කෙල්ලට වාසලට යන්නට වුණා ...
චන්ද්‍රිකා ගේ එපිකියුරියානු රුචිකත්වය බව මෙයට දශක දෙකකට පමණ පෙර ‘The Sunday Times’ පුවත්පතේ පළ වූ ලිපියක් හේතුකොටගෙන පුවත්පතේ කතුවරයා වූ සිංහ රත්ණතුංග ට එරෙහිව නඩුවක් පැවරිණි. නඩුව පැවරුනේ එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ට අපහාසාත්මක ලිපියක් පළ කිරීම පිළිබඳව චෝදනාවක් යටතේය. සතියේ දේශපාලන ඕපදූප පළ වන ලිපියේ කොටසක් ලෙස පළ වූ මෙම සටහනේ සඳහන් වූයේ හිටපු ජනාධිපතිනිය සහභාගී වූ සාදයක් පිළිබඳවයි. සාදය ...
වනාන්තරයක පාර සොයා ගැනීම ගැන උපමා කතා දෙකක් බව දර්ශනයේ ඉතිහාසයේ තීරණාත්මක මන්සන්ධි දෙකකදී ‘වනාන්තරයක පාර සොයා ගැනීම’ පිළිබඳව උපමා කතා දෙකක් හමු වේ. පළමු කතාව හමුවන්නේ ඩෙකාට් ගේ ‘Discourse on Method’ (‘ක්‍රමවේදය පිළිබඳව සංවාදය’) තුළයි. සමහරවිට ලෝකයේ වඩාත් ජනප්‍රියම දාර්ශනික උපුටාගැනීම කියා අපට කිව හැකි ‘මම සිතමි, එනිසා මම පවතිමි’ යන සුප්‍රසිද්ධ අදහස තිබෙන්නේ මෙම රචනයේය. මෙම අදහස මගින් නියෝජනය කරනා ආත්මීයත්වය පිළිබඳව අදහස නූතන දර්ශනයේ සමාරම්භක ...
තමලු-වංගීස විවාද පිළිබදව බව දර්ශනය කියන්නෙ සමාජයක පවතින අධිපති කථිකාව මගින් මුළුමනින්ම බැහැර කරනු ලබන්නා වූ ප්රගතිශීලී නව සමාජ පැහැයක බලාපොරොත්තු කොන්දේසි සහිත මූලධර්ම අනුසාරයෙන් රැස් කිරීමට බලාපොරොත්තු වන සාමූහික ක්‍රියාකාරිත්වයක් ලගා කර ගැනීමට දරණ උත්සහයක්. මේ යටතේ එතරම් අවධානය යොමු නොකරන දේශපාලනික වශයෙන් වැදගත් තීරණාත්මක කලාපය වෙන්නෙ දර්ශනයේ ඉතිහාසය. ඒ යටතේ කොමියුනිස්ට්වාදයට සහ සමාජවාදයට අපගේ ඇති පක්ෂපාතීත්වය තුළ අපට හමුවන සංවාද බහුල ...
EXCLUSION දෛනික ජීවිතයේ සිට පැවැත්මේ අමුතුබව වෙත විතැන්වීම බව කොළඹ BAREFOOT කලාගරයේ පසුගිය දින කිහිපය පුරා පැවති චිත්‍ර ප්‍රදර්ශනය නම් වී තිබුනේ ‘EXCLUSION’ එනම් ‘විතැන්කරණය’ එසේත් නැතිනම් බහිෂ්කරණය යන තේමාවෙනි. ප්‍රසාද් හෙට්ටිආරච්චි මෙම ප්‍රදර්ශනයේ චිත්‍ර නිර්මාණකරුවා විය. ඔහුගේ උත්සහය වී තිබුණේ පශ්චාත් යුද සමයක ජීවත් වන ලාංකීය සමාජය, සංවර්ධනය නමින් ඇති අධිපති කතිකාවේ ක්‍රියාකාරීත්වය හමුවේ සමාජයේ පහළම ස්ථරයන් වෙත ළඟා කර ඇති විතැන්කරණයේ ස්වභාවය ප්‍රකාශ කිරීමය. සරළව කියනවා ...
සංස්කාර ධර්මයන් නැසෙන සුළු වීම අනිවාර්යය නැහැ බව ඉයන් හැමිල්ටන් ග්‍රාන්ට් නම් ‘සමපේක්ෂී යථාර්ථවාදියා’ උගන්වන විශ්ව විද්‍යාලයේ දර්ශන දෙපාර්තමේන්තුව වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ. මෙම තීරණයට විරුද්ධව පොදු විරෝධයක් පැන නගිමින් පවතින අතර එයට එරෙහි අන්තර්ජාල පෙත්සමක් අපේ රටේ දර්ශනය සහ අධ්‍යාපන නිදහස වෙනුවෙන් පෙනී සිටිනා අය අතර සංසරණය වනු දක්නට ලැබුණි (පෙත්සමේ සබැඳිය මෙතැනින්). තමන් හරියට නොදන්නා දේවල් සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා කප් ගසා ...
‘දයා පතිරණ’ නම් අතීතය අපගේ වර්තමානය සකස් කරන්නක් ලෙස බව තිස් එක් වසරක් ගිය ද අද වනතුරුත් ‘ජවිපෙ’ මෙන්ම ‘පෙසපය’ත්, ශිෂ්‍ය විරු සැමරුම් පවත්වන එකල සිට පවතින ජවිපෙ ‘සමාජවාදී ශිෂ්‍ය සංගමය’ත් ‘අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය’ත් ඔහු පිළිබද මුනිවත රකී. ඒ මෙවැනි ම එක්තරා දෙසැම්බරයක ගෙල සිද හුස්ම නවතාලූ ‘දයා පියසිරි හේවාපතිරණ‘ හෙවත් ලාංකේය වාමාංශික ඉතිහාසයෙන් මකාලන්නට තනන වාම මුහුණුවරකින් පෙනී සිටින්නවුන්ට ඔවුන්ගේ විපරීතත්වය නිරාවරණය කරවන උතුරෙ දෙමළ ජනයාගෙ ප්රජාතන්ත්
හදිසි අවශ්‍යතා සහ සැබෑ අවශ්‍යතා බව කොවිඩ් -19 වසංගතය හේතුවෙන් මේ වන විට සියලුම ආකාරයේ රංග ශාලා දින නියමයක් නො මැතිව වසා දමා ඇත. එලෙස ම සිනමා ශාලා සහ සංගීත සන්දර්ශන පැවැත්විය හැකි ශාලා මෙන්ම කලාගාරවලටද මේ ඉරණම ම අත් වී ඇත. මෙම සමාජ දුරස්තකරණය සහ එවැනි සමාජ අවකාශ අවහිර කිරීමේ ක්‍රියාවලිය මේ වන විටත් කිසිදු ආකාරයක ප්‍රශ්න කිරීමට ලක් කිරීමේ සුජාත අයිතියක් ජනතාවට හිමි ...
ෂර්ලොක් හෝම්ස් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට බව දෘෂ්ඨිවාදී විචාරයේදී වැදගත් වන දෙයක් ජිජැක් වරක් සඳහන් කළේ මෙසේය. මේ නිදර්ශනය ඔහු ලබා ගන්නේ ෂර්ලොක් හෝම්ස් ගේ කතාවකිනි. (මට මතක විදියට ‘සිල්වර් බ්ලෙස්’ කියන කතාව). ෂර්ලොක් හෝම්ස් තරමක් කල්පනාකාරී ලෙස පොලිස් පරීක්ෂකවරයා ට මෙසේ කියයි: “මට අවශ්‍ය ඝාතණය සිදු වූ රාත්‍රියේ බල්ලාගේ අමුතු හැසිරීම පිලිබඳ ඔබගේ අවධානය යොමු කරන්න” පොලිස් පරීක්ෂකවරයා තරමක් පුදුමයෙන් යුතුව මෙසේ ප්‍රතිචාර දක්වයි: “ඒත් ...