‘දැකල පුරුදු කෙනෙක්’ – ගෘහස්ත ප්‍රේමයේ ස්වභාවය පිළිබද අපූරු භාවනාවක් බව අද (9 වෙනිදා) දහයයි තිහට මා කටුගස්තොට ඇරීනා සිනමා ශාලාවෙන් දැකල පුරුදු කෙනෙක් නරඹා මගේ ඉස්කූටරයේ එන අතර මෙන්න මේ වැකි හිතේ ගොනු කර කර ආවෙමි. “හෙට නං උදේ කොහෙවත් යන්න දාගන්න එපා. දැකල පුරුදු කෙනෙක් ඔයත් බලන්න ඕනෙ. මමත් ආයෙ බලනවා.” මා මෙය කියන්නට සිතා සිටියේ බිරිදටය. මහනුවර යනු විශාල වෛද්‍ය සේවා වෙළද මධ්‍යස්ථානයක් නිසා අපේ නෑදෑහිතවතුන් වෙනුවෙන් ...
ඔබට එය විශ්වාස කළ නොහැකිනම්, එය නාට්‍ය ධර්මී බව සිතන්න බව දේවින්ද වික්‍රමසිංහගේ ‘මම අඩකුඹුයි’ නාට්‍ය මීට වසර දෙකකට පමණ ප්‍රථම යෞවන සම්මාන නාට්‍ය උළලේ හොඳ ම කෙටි නාට්‍යයට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය. එම නාට්‍ය පිළිබඳ යමක් ලියා තැබීම මෙරට කෙටි නාට්‍ය සාහිත්‍ය තුළ එය විසින් සලකුණු කළ සුවිශේෂීත්වය පිළිබඳ කරන මැදිහත්වීමක් ලෙස සළකමි. එලෙස ම සමකාලීන දේශපාලන හැසිරීම් හේතුවෙන් නිරන්තරයෙන් සිහිගන්වන මෙම නාට්‍යයෙහි කේන්ද්‍රීය අදහස අද ...
‘මොනාලිසා’ – කාන්ටියානු කියවීමක් බව ප්ලේටෝගේ සිට කාන්ට් දක්වා කාලය තුළ සෞන්දර්ය පිළිබඳ විවිධ විග්රහයන් – අවම වශයෙන් වුවත් – දැකිය හැකි ය. ප්ලේටෝ, ඇරිස්ටෝටල්, මධ්‍යතන යුගය, පුනරුදය, බුද්ධි යුගය යන යුගයන්හි පැවති සෞන්දර්ය පිළිබද අදහස් කාන්ට්ගේ සෞන්දර්ය න්‍යායට උපකාරී වී ඇත. එමගින් ඇතැම් අදහස් කාන්ට් තම අදහසට පක්ෂපාතිව ද ඇතැම් අදහස් විවේචනාත්මකවද විග්රහ කර ඇත. ඔවුන් මිනිසාට අමරණීය ආත්මයක් ඇත්ද, දෙවියන් සිටිනවාද, ස්වභාව ...
ගිනි ගිනි මාලේ: කියවීමක් බව කලා කෘතියක් යනු සමාජය තුළ නොමැති දෙය, අහිමි වූ දෙය දිනා ගැනීම වෙනුවෙන් සංවිධානය වන්නකි. මේ සම්බන්ධයේදී නාට්‍යකරුවාට තම නිර්මාණ කාර්යය දිශානත කිරීම තරමක බැරෑරුම් ක්‍රියාවකි. එලෙසම අද දවසේ විද්‍යුත් මාධ්‍ය හා සමාජය මාධ්‍ය සමස්ථ සමාජය තුළ අප මීට දශක දෙක තුනකට ජීවත් වූවාට වඩා නාටකීය අයුරින් ක්‍රියා කරයි. එය කෙතරම් නාටකීයද යත් එය යටින් දිවෙනා සදාකාලික වර්තමානය අපට ...
‘සමපේක්ෂී භෞතිකවාදය’ කියන යෙදුම ගැන බව ‘සමපේක්ෂණය’ යනුවෙන් පරිවර්තනය කර තිබෙන්නේ ‘speculation’ යන ඉංග්‍රීසි වචනයයි. මේ වචනය සඳහා ඇති ලතින් නිරුක්තියේ අර්ථය වන්නේ දැකීම, සංජානනය කිරීම වැන්නකි. එම නිසාම එය, ‘අන්තර්ඥානය’ ලෙස සිංහලට නැගිය හැකි, ‘intuition’ යන වචනය සඳහා ඇති ලතින් නිරුක්තියට සමාන පදයක් ලෙස සැලකිය හැකිය. කාන්ටියානු දර්ශනය තුළ ‘අන්තර්ඥානය’ යනු මිනිසාගේ දැනුම ලබා ගැනීමේ ක්‍රියාවලියේ ආරම්භක මොහොතයි. බාහිර ලෝකය කියා අපට හැඟෙනා දේ ...
සුන්නි – ෂියා අර්බුධයේ ගෝලීය සිතියම අයිසිස් ඉතිහාසය – 09 බව පහතින් පළ වන්නේ පැට්රික් කොක්බර්න් ගේ (Patrick Cockburn) “The Jihadis Return : ISIS and the new Sunni uprising” නම් කෘතියේ කොටසේ සිංහල අනුවර්තනයක 8 වැනි කොටසයි. ‘Patrick Cockburn’ නම් ටැබ් එක යොදා ගෙන මෙම ලිපි මාලාව පිළිවෙලකට කියවිය හැකිය. මාතෘකාවේ වරහන් තුළ දැක්වෙන්නේ මෙම ලිපිය සමස්ත ලිපි මාලාවේ කී වෙනි කොටසද යන්නයි. 2015 වසරේ පළවූ මෙම කෘතියේ, ඉන් පසුව සිදු වූ දේශපාලන වර්ධනයන් ...
පතිරාජ සහ භෞතිකවාදය බව බාක්ලියානු විඥානවාදය සහ කාන්ටියානු අනුභුතිඋත්තරවාදයට පසුව භෞතිකවාදය වෙනුවෙන් පෙනී සිටීමට උත්සාහ කළ අය විසින් අනුගමනය කරන ලද මූලික ප්‍රවේශය වන්නේ විඥානවාදයේ තාර්කික අභියෝගය අමතක කිරීමයි. මෙහි මූලික පියවර දෙකක් හඳුනා ගත හැකිය. පළමුවෙන් සිදු වන්නේ මෙය අර්ථවිරහිත ප්‍රශ්නයක් ලෙස හැඳින්වීමයි. ඒ අනුව මෙය – නීට්ච අනුව යමින් – ‘ලොම් හැලිච්ච ඇකඩමික් මහාචාර්යවරුන්ගේ ප්‍රශ්නයක්’ (‘the sickly Kantians of the University’) ...
වේදිකාවේ සමකාලීනත්වය – රාසම්මා ඩැනියෙල් බව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ 2012/13 වසර විද්‍යාර්ථීන්ගේ අවසන් වසර නාට්‍ය නිෂ්පාදනය වන ‘රාසම්මා ඩැනියල්’ නාට්‍යය ඉකුත් සැප්තැම්බර් මස 04 වන දින යෞවන සම්මාන උළෙල වෙනුවෙන් මරදාන ටවර් රඟහලේ වේදිකාගත කෙරුණි. නිශ්චිත ඒකමිතියක් නොමැති මෙම නාට්‍යයේ කථා වින්‍යාසය පැහැදිලි කිරීම තරමක් සංකීර්ණ කටයුත්තකි. තවත් ආකාරයකට කියන්නේ නම් නාට්‍ය ආරම්භයේදී සිටින චරිත හා නාට්‍ය අවසානයේ සිටින චරිත සම්පූර්ණයෙන්ම වෙනස්ය. මෙහි ඇත්තේ එම ...
නූතන දර්ශනයේ ප්ලාස්ටිකත්වය සම්බන්ධයෙන් මැලැබූ බව අප ප්ලාස්ටිකත්වය පිළිබඳව මැලැබූ ගේ අදහසේ දාර්ශනික මූලයන් පරීක්ෂා කර බැලීමට දැන් යොමු විය යුතුය. හේගල් අනුව යමින්, මැලැබූ පෙන්වා දෙන්නේ කාන්ටියානු දර්ශනය විසින් ඇති කරන කේන්ද්‍රීය දාර්ශනික එකතුකිරීමක් ලෙස අප මෙය වටහා ගත යුතු බවයි. එක අතකින් කාන්ට් පෙන්වා දෙන්නේ උත්තරානුභුතික ආත්මය නම් පූර්ව කොන්දේසිය උපකල්පනය කරන්නේ නොමැතිව අපගේ අත්දැකීමේ ලෝකය යන්න විය නොහැකි බවයි. අපට මේ ලෝකය ...
දේශපාලන පසමිතුරුතාවය යනු කුමක්ද? බව “ ‘ජාතික ජන බලවේගයට’ ඡන්දය දිය යුත්තේ ඇයි?”යන පුළුල් තේමාවක් යටතේ පළ වන ලිපි මාලාවක තෙවැනි ලිපිය මෙයයි (මේ සියලු ලිපි NPP යන ‘tag’ එක හරහා ගොණු කර තිබේ). ආගමික-වාර්ගික දේශපාලනයේ නැග ඒම සහ එය ප්‍රශ්න කිරීමට ඓතිහාසිකව ගොඩ නැගී තිබූ සංකල්පීය මෙවලම වූ දෘෂ්ඨිවාදී විචාරයේ සමකාලීන වර්ධනයන් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇසුරින් මෙයට ප්‍රවිෂ්ඨ වී තිබේ. අද දින සාකච්ඡා කරන්නේ ...
ඉතිහාසඥයාගේ ඉතිහාසය බව ඉතිහාසය යනු අපේ පැවැත්මේ අත්‍යන්ත මානයකි. හෛඩගර් අපට කියා දී ඇති ලෙසම මිනිසා යනු අතීතයක් සිය පැවැත්මේ අත්‍යන්තයක් ලෙස තිබෙන්නා වූ පැවැත්මකි. අපට ‘ජීවිතයක්’ පමණක් නොව ‘ජීවිත කතාවක්’ ද තිබෙන්නේ එම නිසාය. අප කුඩා කාලයේ සිටම ‘ඉතිහාසය’ ඉගෙන ගෙන තිබේ. අපේ රටේ ‘ඉතිහාසය’ කුමක්ද කියා නොදන්නා පිරිස ඉතාම අඩු වනු ඇත. අපි බුදුන් වහන්සේ ගේ ජීවිත කතාවේ ඉතිහාසය ද ...
අපුර්වත්වයක් නොපවතින තැනක දැකලපුරුදු කෙනෙක්ගේ අපුර්වත්වය නොහොත් අතීත අනන්තයේ හා වර්තමාන අනන්තයේ දැකල පුරුදු කෙනෙක් බව වර්තමානයේ පවුල් බලධාරිත්වය සඳහා පුරුෂ ශරීරයක් සතුවිය යුත්තේ ඇයි කියල පැහැදිලිවම දෘශ්යමානයි. වර්තමාන සාධක නැති අතීතයේ චලනයන් මොනවාද ? කොයි හෝ මොහොතක පුරුෂ ලිංගික තෘප්තිය ආයතනයක් වුනු ලක්ෂය, ස්ත්‍රී ශරීරය භාණ්ඩයක්, මෙවලමක් වීමේ ආරම්භක ලක්ෂයට ගමන් කරන්නට පුළුවන් ආවේනික ගතික සහිතව. පුරුෂ ලිංගික තෘප්තියේ පම්පෝරි පිරුණු පැරණිම සාහිත්‍යයේ ගෙවල්වල කොටුවුණු හීලෑ කරපු ස්ත්‍රීයක් අනිවාර්ය ලක්ෂණයකි. එහෙත් පුරුෂ ලිංගික තෘප්තිය ...
ආගම සමඟ සංවාදය බව ආගමිකයින් සහ නිරාගමිකයින් අතර විශාල සංවාදයක් ආරම්භ වී ඇත. මුහුණු පොතෙහි මෙම සංවාද උදෙසාම සමූහ පවා නිර්මාණය වී ඇත. සංවාදයක් ඇති වීම ඉතා හොඳ තත්ත්වයක් වන අතර අවාසනාවකට මෙන් මෙම සංවාද බොහෝමයක් පෞද්ගලික අපහාස සහ අසභ්‍ය වචන හුවමාරු මැද අවසන් වේ. ඕනෑම පුද්ගලයෙකුට ආගමක් ඇදහීමට මෙන්ම නොඅදහා සිටීමට ද නිදහසක් තිබිය යුතු ය. ආගම යනු පෞද්ගලික කැමැත්තක් විය යුතු ...
ජාතියකට ආවේණික ‘චින්තනය’ පිළිබඳව අදහස බටහිර නූතනත්වයේ ප්‍රතිඵලයක් වන්නේ ඇයි? බව අප සටන් කරන මූලධර්ම මෙරට තරුණ පරපුරට ආකර්ෂණය නොවීම සම්බන්ධයෙන් අප හිතවත් සුමනසිරි ලියනගේ සිය කණස්සල්ල පළ කරමින් ෆේස්බුක් සටහනක් දමා තිබුණි. සුමනසිරි ට අනුව 1930 සිට 1970 පමණ වන තුරු තරුණයන් ආකර්ෂණය වූ එම මූලධර්ම වලට අද තරුණයන් ආකර්ෂණය වන්නේ නැත. එම නිසා කොතැනක හෝ වැරදියි ඇති බව සුමනසිරි කියයි – නමුත් ඒ නිශ්චිතව කොතැනද කියා අදහසක් එහි ...
මෙයසූ ගේ ප්‍රාග්ඥාතීත්වය පිළිබඳව තර්කයට එරෙහි ප්‍රති-තර්ක දෙක සහ එය ලාංකික සන්දර්භයක කියවීම බව පහතින් තිබෙන්නේ කොන්ටෙන් මෙයසූ ගේ ‘පරිමිතත්වයෙන් පසු – අහඹුබවේ අනිවාර්යතාවය පිළිබඳ රචනයක්’ කෘතියේ එන ප්‍රාග්ඥාතීත්වය පිළිබඳව තර්කය සම්බන්ධ සරල සිංහල හැඳින්වීමකි. මෙය සකස් වූයේ සෑම ඉරිදාවකම පැවැත්වෙන මෙයසූ ගේ කෘතිය කියවීමේ අන්තර්ජාල සැසියේ එක් කොටසක් ලෙසයි. දැනට දින දෙකක් හමු වී ඇති මෙම සැසිය තවත් දින තුනක් පැවැත්වීමට නියමිත ය. ඉලක්කය වන්නේ මෙයසූ ගේ කෘතිය පිළිබඳව හොඳ කියවීමක් සිදු ...
විඥානවාදයේ ඓතිහාසික සීමාව බව නිර්මාණාත්මක සාපේක්ෂතාවාදීන් සමග සංවාදය අවසානයේ නතර වූ ලක්ෂ්‍යය වන්නේ ‘මනස’ පිළිබඳව එහි ඉදිරිපත් කරනා විවරණයේ ඇති ගැටලුවයි. ‘සිංහල බෞද්ධ මනස විසංයෝජනය කිරීම’ යනුවෙන් මා ලියූ රචනය තුළ මා පෙන්වා දීමට තැත් කළ මූලික කරුණ වන්නේ මෙයයි (එම රචනය මෙතැනින්). සැබැවින්ම, නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේ මනස පිළිබඳව විවරණය කියවනා කෙනෙක් හට සිහිපත් වන්නේ අසල්වැසියෙක්ගෙන් කේතලයක් ඉල්ලා ගත් මිනිසා පිළිබඳව ෆ්‍රොයිඩ් ගේ ජනප්‍රිය ...
‘මිනියෝසියස් වෙත ලිපිය’ බව පහතින් පළ වන්නේ එපිකියුරස් ගේ ජනප්‍රිය රචනයක් වන ‘මිනියෝසියස් වෙත ලිපිය‘ සඳහා සිංහල සිංහල පරිවර්තනයකි. දර්ශනය සහ කලා න්‍යායට සම්බන්ධ වැදගත් කෙටි ලිපි සිංහලට පරිවර්තනය කිරීමේ ‘බව’ ව්‍යාපෘතිය යටතට මෙය අයත් වේ. අප නිරන්තරයෙන් පෙනී සිටින ස්ථාවරයක් වන්නේ දර්ශනය යනු ඇකඩමික් විෂයක් හෝ හුදු බුද්ධිමය ව්‍යායාමයක් නොව මිනිසුන් සංවිධානය කරනා මෙවලමක් සහ පවත්නා ක්‍රමයට එරෙහිව සිට ගත හැකි ආස්ථානයක් වන ...
ඇති වී ඇති තත්වය පිළිබඳව ඉක්මන් සාංදෘෂ්ඨික විමසීමක් බව ඊයේ දිනයම වාගේ ගත කළේ මා මේ දිනවල – දෛවයේ සරදමක් ලෙස – ලියමින් සිටින මරණය පොතේ වැඩ කරමින් ය. එසේ වුවත් මෙවැනි පරිසරයක සිට මේ තේමාව සම්බන්ධයෙන් ලිවීමේ විශාල අස්වැසිල්ලක් තිබෙනවා කියා සිතමි. මෙම පොතේ විශාල අවධානයක් යොමු කරන්නේ මරණය සම්බන්ධයෙන් මාටින් හෛඩගර් ගේ සුප්‍රකට විශ්ලේෂණය සහ ඒ සම්බන්ධයෙන් පැමිණි පසුකාලීන අර්ථකථන – විශේෂයෙන් ඩෙරීඩා ගේ – පිළිබඳවයි. ...
කොවිඩ් සහ පරාරෝපණයෙන් මිදීම බව ජිජැක් ගේ ලිපියේ මූලික සාරාංශය මෙසේ ය. ජිජැක් වැනි අය ගෙදරට වී හුදෙකලාවේ ලියන කියන වැඩ කරගෙන සිටීමට කැමැති අයයි. එවැනි අය මෙසේ නිවාස අඩස්සියේ සිටීමට කැමති විය යුතුය. නමුත් පුදුම සහගත ලෙස මෙය දැනෙන්නේ එසේ නොවේ. මෙය තේරුම් ගැනීම සඳහා අප ‘නිශේධය’ පිළිබඳව හේගලියානු පාඩම සිහිපත් කළ යුතුය. අප ප්‍රායෝගිකව එළි මහනේ ඇවිද ගියේ නැති වුවත් එය අපේ ...
‘පසමිතුරුකාරිත්වය’ පිළිබඳව පශ්චාත්-මාක්ස්වාදී විවරණය බව “ ‘ජාතික ජන බලවේගයට’ ඡන්දය දිය යුත්තේ ඇයි?”යන පුළුල් තේමාවක් යටතේ පළ වන ලිපි මාලාවක පස්වැනි ලිපිය මෙයයි (මේ සියලු ලිපි NPP යන ‘tag’ එක හරහා ගොණු කර තිබේ). ආගමික-වාර්ගික දේශපාලනයේ නැග ඒම සහ එය ප්‍රශ්න කිරීමට ඓතිහාසිකව ගොඩ නැගී තිබූ සංකල්පීය මෙවලම වූ දෘෂ්ඨිවාදී විචාරයේ සමකාලීන වර්ධනයන් සම්බන්ධයෙන් සාකච්ඡාවක් වටා මෙම සංවාදය නාභිගත වෙයි. අපට අවශ්‍ය වන්නේ දෘෂ්ඨිවාදය ...