කකා ගියා,මොකක්ද ගියේ?????????18+Terms in short. හිම පියලි දැන් මේ කතාව මොකක්ද,කකා කොහේද ගියේ කියලා තකහනියෙම බලන්න එන අය ඉන්නවා නම් මුලින්ම කියන්න ඕන මේක ඇවිල්ලා වැඩිහිටියන්ට පමණක් වෙන් වෙච්ච කතාවක්. http://www.layoutsparks.com මේ සිද්ධිය වුනෙත් කොහොමත් අංකල් වයසේ ඉන්න අය අතරේ හින්දා කොහොමත් පොඩි එවුන් මේක නොබලන එක හොඳයි. ඒ වගේම මේක මේ කාවහරි ඉලක්ක කරන් මඩ ගහන්න හදපු දෙයක් නෙවෙයි කියලත් මං කියන්නේ නැත්නම් මේ වචනවල අයිතිය ...
එම්බා යුවතිය….පමා වැඩියි ඔබ,hey girls…you are too late. හිම පියලි හා පුරා කියලා අවුරුද්දට පස්සේ ඒ කියන්නේ මං කාපු අවුරුද්ද හෙවත් මාව කාපු අවුරුද්දට පස්සේ පෝස්ට් එකක් දාන්න හිතුවා.අද මං දාන්න යන්නේ ඉස්කෝලේ යන දවස්වල එක්තරා ටියුසොන් පන්තියකදී සිද්ද වෙච්ච අලකලංචියක්. මේ කියන පන්තිය ඇවිල්ලා සද්දන්ත පන්තියක්.ඒ කියන්නේ දැන් කියන්නේ ඔය අර mass classes, hall classes කියලා අන්න ඒකක්. http://www.nytimes.com මේ පන්තියේ ලමයින්ට වාඩි වෙන්න බංකු පේලි තුනක් තිබ්බා.සාමාන්‍යයෙන් වෙන ...
Sri Lankan girls with blue films?ලංකාවේ කෙල්ලෝ වැල හංගන්නේ කොහේද? හිම පියලි මේ කතාව ළමයින්ට හරි ඒවගේ හිතන පතන අයට හරි වුනත් කියවන්න හොඳයි.ඒ වුනාට ඒ අය මේ කතාව නොකියවන තරමට හොඳයි කියලා මං කියන්නේ සමහරුන්ට ඒ කියන්නේ ඔය වැල වරකා කිව්වම බඩේ අමාරු හැදෙන (අර වැල ගෙඩියක් පුහු පොල් ගෙඩියක් එක්ක පත බාපු පබිලා එහෙම නෙවෙයි) අයට මේක කියවලා නිකං බඩ පෙරලාගෙන එනවා වගේ දැනෙයි කියලා. ඒ වගේම කෙල්ලො කියන්නේ මොකුත් ...
දැන් එතකොට ෆිල්ම් එක කොහොමද? How about the movie? හිම පියලි පන්සිල් පද පහෙන් තමන් මොන සිල් පදේ රැක්කත් නැතත්, හතර වෙනි සිල්පදේ රකින්නැති එකාට ඕන සිල්පදයක් කඩලා රකිනවා වගේ ඉන්න පුළුවන්.මොකද හතරවෙනි සිල්පදේ හෙවත් තමන් බොරු කීමෙන් වළකිනවාය කියන එක කැඩුවාම තමනට ඕනම බොරු කෙප්පයක් අත අරින්න පුළුවන්නේ.ඒ කියන්නේ බොරු කියන කෙනාට ඕනම පව් වැඩක් කරන්න පුළුවන්,ඇයි කරලා නෑ කියන්න පුළුවන්නේ.ඉස්සරහට එන ඡන්ද කාලේ ටොම් පච ගැලුම් පිටින් දිග අරින ...
තුන්කොන් සටන ඇරඹේ.Triangle of Love හිම පියලි ආදරවන්තයින්ගේ දිනය නැත්නම් වැලන්ටයින් දිනය.මීට ටික කාලෙකට කලින් එක පැත්තකින් ආදරය නාමෙන් රොද බැඳ ගත්තු වෙළෙන්දන් එක්ක ආදරය ට එරෙහිව සදාචාරයේ සීතාම්බර පට සලු පැලඳ ගත්ත ආදරය නොකරපු (කරන්න බැරි කමක් තියෙන) සංස්කෘතික පොලිසීය වෙන වෙනම සටන් කරා.ඒත් පෙරමුණු දෙකක.වෙන වෙනම.ඒත් අද එහෙම නෑ.හැමෝටම එපා වෙලා .සමහර විට අද ආදරය වෙනුවට කොටු පැනීම ආදේශනය වෙලා තියෙන හින්දාද දන්නේ නෑ. http://www.all-images.org ...
රාවණා සීතා හා කැඩිල්ල.Ravanna,Seetha and bow. හිම පියලි රාවණා වගේම රාවණාගේ දුන්නක් කඩපු කතාවක් ළඟක ඉඳන් ලංකාවේ සිංහල අන්තර්ජාල කියවන්නන් අතර පැතිරිලා යනවා.රාවණා කෙසේ වෙතත් රාවණාගේ දුන්නක් කඩපු කතාව පැතිරිලා යන්නේ විහිළු කතාවක් විදිහට. http://www.commons.wikimedia.org ඒත් ඇත්තටම රාවණාගේ දුන්න මොකක්ද?කවුද රාවණාගේ දුන්න කැඩුවේ? මේ සියලු ප්‍රශ්න එහෙමම තියෙද්දි අදාල කතාව නිකං ලාමක ටිං ටිං විදිහට අරං හිනා වෙලා අමතක කරලා දානවා. අද මං මේ කතාව ලියන්නේ මේකේ මුල්ම ...
cheating teachers ලංකාවේ ගුරු හොරු. හිම පියලි මේක ලිව්වට පස්සේ තැලෙන යකඩෙට උඩ පැන පැන දීමක් වෙනවා.ඒ වුනාට කමක් නෑ කියන්න තියෙන දේ කියලම දානවා.මේක ඇවිල්ලා ලංකාවේ ඉස්කෝල ක්‍රමය නැත්නම් පාසල් අධ්‍යාපන ක්‍රමය ගැන තමයි.මෙතනදි වෙච්ච දේ හැමෝටම වෙනවා කියලා කියන්නේ නෑ.ඒ වුනාට වෙන්න පුළුවන්.ඉස්කෝලවල පහළ පන්තිවලදි හරියට වෙන වැඩක් තමයි සමාන පද,විරුද්ධ පද,ඡ්ත්‍ර පද අරවා මෙව්වා හොය හොයා ලියන එක. දවසක් මං පොඩි කාලේදි අම්මට සමාන ...
what girls really need? ස්ත්‍රී ජාතී නැත විශ්වාසේ. හිම පියලි මේ ලෝකේ කොල්ලන්ට තියෙන ලොකුම දුර්වලතාවක් තියෙනවා වසර දහස් ගණනක් තිස්සේ පරිණාමය වෙලත් තාම හදා ගන්න බැරි වෙච්ච.මිනිස්සු ගල් යුගයෙන් එඬේර යුගයට, එඬේර යුගයෙන් කෘෂි යුගයට,පස්සේ කාර්මික යුගයට පරිණාමය වුනත් අද අපි තොරතුරු තාක්ෂණ,නැනෝ තාක්ෂණ යුගයට ආවත් තාමත් මානව සංහතියේම පිරිමින්ගේ මේ වැරැද්ද තියෙනවා. wikipedia ඒත් ඒක හරි සොඳුරු වැරැද්දක්. ආයි ආයි කරන්න හිතෙන ජාතියේ වැරැද්දක්. ඒ තමයි අච්චර මෙච්චර ...
මහා නාලාගිරි දමනය.Nalagiri and politics හිම පියලි දැන් තියෙන ඡන්ද උණුසුමත් එක්ක ඕනම ගිනි පුපුරක් මහා ගිනි ජාලාවක් වෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ.හැබැයි ඒක අද විතරක් තියෙන දෙයක් නෙවෙයි.ඕනම කාලෙක දේශපාලනය කියන්නේ මිනිස්සුන්ට හොඳට රණ්ඩුවෙන්න පුළුවන් මාතෘකාවක්.විශේෂයෙන්ම පක්ෂ දේශපාලනය.අද කියන්න යන්නෙත් ඒ වගේම ලංකාවේ පක්ෂ දේශපාලනයට යට වෙච්ච කතාවක් ගැන. http://www.elephantjournal.com ලංකාවේ වෙසක් එකට පොසොන් එකට තොරණ් බඳින සාමාන්‍ය දෙයක්නේ.ඔන්න ඉතින් එක නගරෙක පොසොන් තොරණක් හැදුවා ඒ ...
ගමේ කෙල්ල හා බැලේ නැටුම.Ballet dance in Sri Lanka???????????? හිම පියලි සමහර දේවල් තියෙනවා අන්තිමට හොඳ කරන්න ගිහිල්ලා අපි අපිවම බයිට් කර ගන්න.පහුගිය දවසක මේ මංතුමාටත් වඳින්න ගිය දේවාලයක් ඉහේ කඩාගෙන වැටුනානේ. අපේ ගෙවල් ගාව අලුතින් බෝඩිමක නවතින්න ආවා ඉටිකිරිස් යුවතියක්.මට වඩා අවුරුදු 3-4 විතර බාලලු.මමත් ඉතින් ඒ ළඟ පාතින් යන එන ගමන් ඒ පැත්තට රබර් ඇහැ දාලා බැලුවා මොකද අර බයිබලෙත් කියලා තියෙනවලුනේ “අසල්වැසියාට ප්‍රේම කරන්න “කියලා. http://www.libertyforcaptives.com කෙල්ල නම් ...
හිටියොත් දෙකට නැවී…kick your self හිම පියලි ප්‍රශ්න.මේ ලෝකේ ප්‍රශ්න නැත්තේ කාටද?ඒත් ඇත්තටම ප්‍රශ්නයක් කියන්නේ මොකක්ද?සාමාන්‍ය විග්‍රහය අනුව ගත්තොත් අපි යමක් ගැන අපේක්ෂා කරන මට්ටමයි,සත්‍ය මට්ටමයි අතර වෙනසක් තියෙනවා නැත්නම් වෙනසක් තියෙනවා කියලා අපි හිතුවම ඒක අපි දන්න විදිහට නරකයි කියන එක ප්‍රශ්නයක් කියලා කියන්න පුළුවන්.ඒත් ඇත්තටම ප්‍රශ්නයක් කියන්නේ මොකක්ද කියන එකට තව අයට වෙන වෙන නිර්වචන තියෙනවා වෙන්න පුලුවන්.කොහොමහරි ප්රශ්නය ඇතුලේ අපිට අපේක්ෂා පරතරය කියන එකක් ...
කේන්දර පලිය why marriages break? failure of astrology? හිම පියලි සුනිල් පෙරේරා කියලා කියන්නේ ලංකාවේ අතිශය විවාදාත්මක චරිතයක්.එයාට වැඩිය ලොකු කලාකාරයො කොච්චර ලංකාවේ හිටියත් තමන් කියන කරන බොහොම පොඩි දෙයකින් ලොකු සමාජ කැළඹීමක් කරන්න පුලුවන් කෙනෙක්.එයාගේ අතිශය ප්‍රසිද්ධ ගීතයක් තමයි “” I don”t know why හෙවත් එහෙම වෙන්නේ ඇයි කියන ගීතය.මේකෙන් ලංකාවේ අපි හැමෝම දන්න,එහෙම නැත්නම් දන්න ඒත් පවත්නා සමාජ සම්මතය ඇතුලෙදි අපි ප්‍රශ්න නොකරන සිද්ධීන් ගණනාවක් මෙයා වේදිකාවක කෑගහලා ...
මහා ලී දන්සැල හෙවත් ලොක්කා රැවටූ ජිල්මාට්.great wood corruption හිම පියලි ලොක්කා කියන්නේ කොහොමත් ලොකු කෙනෙක්නේ.ලොක්කාට හැමෝම වගේ බයයි.මකද ලොක්කට බලය තියෙනවා.විධිමත්වම.(සමහරවෙලාවට ලොක්කා ගාව ඉන්න එකා ලොක්කට වඩා ලොකු විදිහට ඉන්නවනේ) http://www.enterprisecioforum.com අර කතාවකුත් තියෙන්නේ එක කන්තෝරුවක පියන් කෙනෙක් කිව්වා කියලා “ලොක්කා ඇති තැන මම බලු කුක්කාය,නැති තැන මහ රැජිනගෙත් මී මුත්තාය” කියලා.ඉතින් අද දිග ඇරෙන්නෙත් ඒ වගේ කතාවක්.මේකේ ඇත්තම සිද්ධිය දන්න අය අදටත් සමහර පැතිවල ඉන්නවා,ඒ හින්දා පරිස්සමින් නම් ගම් ...
පරිගණක වෛරසයක් එනෝ,දුවපියෝ,computer virus is coming,beware. හිම පියලි පරිගණක ලෝකයේ ඉන්න අය අහන්න,දකින්න ආසම නැති දෙයක් තමයි පරිගණක වෛරස කියන්නේ.ඒත් අකමැති වුනත් පරිගණක වෛරස තියෙන එක එන එක අපිට වළක්වන්න බෑ.සමහරු විනෝදයට පරිගණක වෛරස හදද්දි තව අය විනාශකාරී දේවල් සඳහාත් මේවා හදනවා.දැන් කාලේ ගොඩක් අය මේවයින් ගැලවෙන්න virus guard දාන එකේ ඉඳන් දෙවියන්ට කියන එක දක්වා එක එක ඒවා කරනවා.ඒත් ඒ මොනවා කළත් ඒ හැම එකකින්ම රිංගන වෛරසුත් ...
අවුරුද්දට රජ හොද්දක්.අතිශයින්ම පිරිමින්ටයි.greatest gruel of the world.:-) හිම පියලි ඔය එක එක රස කෑම හදන්න ගෑනු කට්ටිය කියලනේ කියන්නේ.ඒ වුනාට එයාලට වැඩිය රසට උයන්න පුලුවන් පිරිමි අය නැතුවාම නෙවෙයි.අද දාන්න යන්නේ පිරිමි අයට සුවිශේෂි හොද්දක් ගැන.මේක ගෑනු අයටත් හදන්න පුලුවන්.ඒ වුනාට එයාලාව මේකෙන් ඈත් කරලා තියන එක ඇඟට ගුණයි.ඒ මොකද කියලා හොද්ද හදන හැටි කියන් යද්දි තේරෙයි.මේ හොද්දේ නම තමයි “”"රජ හොද්ද”".පුදපු ගමන් කාපි යකා ක්‍රමයට දාන්නේ නැතිව හොද්ද ...
ගණිකාවට ගණිකාවක් ඉරිසියා කරයි.18+Should prostitution be legalized? හිම පියලි ගණිකාව,වරංගනාව,අබිසාරිකාව,රෑ සමනළිය,නගර ශෝබිනිය…මේ හැම වචනයකින්ම පැහැදිලි වෙන්නේ ලෝකේ පරණම වෘත්තිය කරන කාන්තාවන්ව.මේ ලිපිය කියවන්න කියලා පිවිසෙන ඕනම කෙනෙකුට මුලින්ම පුංචි අවවාදයක් දීලම පටන් ගන්න මං කැමතියි.ඒ තමයි මේක පොඩි ලමයින්ට ඒ කියන්නේ හිතින් පොඩි ලමයින්ටත් (ඔය වගේ දේවල් ඇහුවාම බඩ කුරුවල් වෙන අය) අවශ්‍ය දෙයක් නොවේ කියන එක.ඒ නිසා මේක කෙළින්ම 18+. විවිධ අයට මේ කාන්තාවන් ගැන විවිධ අදහස් තියෙනවා.ගණිකා ...
ගහන ගැහිල්ල.Shylock today හිම පියලි නිවටයා දැක්කම එලුවත් රැවුල පානවා කියන්නේ අපි අතර තියෙන ආප්තෝපදේශයක්.ඒකේ තේරුම තමයි අවස්ථාව ආපුවාම ඉතාම නොවැදගත් පුද්ගලයා වුනත් අසරණ නැත්නම් පීඩිතයාගෙන් වාඩුව ගන්න හදනවා කියන එක.එතනදි තමන්ට ඒ වින්දිතයාගෙන් විපතක් වුනාද කියන එක අදාළ නෑ.දෙන්න පුලුවන් වෙලාවේ දෙනවා බැෂ්ටිය අතීසාරයට ජාපාල ගැහුවා වගේ වෙන්න. ලංකාවේ මේ වැඩේ හරි ලස්සනට කරන පිරිස් තමයි නීතීඥවරු,පොලීසිය,එතකොට දේශපාලඥයො. ඒ හැමෝම තමන් ගාවට උදව්වක් සමහරවෙලාවට ...
Truth vs false,ඇත්ත,බොරුව හා බොරු ඇත්ත. හිම පියලි ජීවත් වෙන්න බොරු කියනවයි බොරුවෙන් ජීවත් වෙනවයි කියන්නේ එකට ගියත් වෙනස් සංකල්ප දෙකක්.හරියට රේල් පාරක පීලි දෙකක් වගේ.එකම දිහාවට ඇදුනත්,තම තමන් අතර පරතරය ස්ථාවරව තියා ගත්තත් කවදාවත් ඒක එකක් වෙන්නේ නෑ.ඒ වුනාට ඒ පීලි දෙකම යන්නේ එකම දිශාවට.බොරුවෙන් ජීවත් වුනත් ජීවත් වෙන්න බොරු කළත් අන්තිමේදී වෙන්නේ බොරුව කියන එක තුල නතර වීම.මෙතනදි හරිම සංකීර්ණ වෙන අවස්ථාව වෙන්නේ සත්‍යය මිථ්‍යාව එක්ක ...
හොර අරක්කු හදන්නේ මෙහෙමයි.how to impost liquor,18+ හිම පියලි ඔය මල් පූජා කරන වෙලාවට මහ හයියෙන් සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි කියලා මොර දුන්නට ගොඩක් අය වෙලාව හම්බ වෙච්ච ගමන් ආයි නෑ කන පාත් වෙන්න අනුමත වෙනවා.එක ෂොට් එකෙන් දෙකෙන් ඉවර කරනවා කියලා වාවි වුනාට අන්තිමට වැඩි වෙලා කබරයා දාන කං ගොඩක් එවුන්ට කල්පනාවක් නෑ.මොකද සමහරු බොන්න ගියාම ලෝකේ තියෙන අන්තිම බීම මේක තමයි කියලා සැන්ඩි නැතුවම ...
Tax officers’ strategies/බදු ගහන්නේ මෙහෙමයි හිම පියලි සල්ලි,දෙවියන්ගේ මල්ලි.සල්ලි පොදි ගහගන්න ගොඩක් අය කැමතියි.මොකද සල්ලි කියන්නෙත් එක්තරා බලයක් හින්දා.ඒ හින්දා තමන් සල්ලි කාරයෙක් කියලා පෙන්නන්න එහෙම නොවන අය වගේම එහෙම අයත් ගොඩක් උත්සාහ කරනවා. restaurantmagazine.com ඒ වුනාට ඔය කොයි සල්ලි කාරයත් වැඩිපුරම බය කට්ටියකුත් ඉන්නවා.ඒ ආදායම් බදු නිලධාරින්. මොකද සල්ලි ගෙවලා කෑවොත් අඩු ගානේ බඩට.ඒ වුනාට බදු ගෙව්වොත් නිකන්ම සල්ලි යනවා විතරනේ.ඒ බදු වලින් රට නග්ගනවා කිව්වට ...