Truth vs false,ඇත්ත,බොරුව හා බොරු ඇත්ත.

ජීවත් වෙන්න බොරු කියනවයි බොරුවෙන් ජීවත් වෙනවයි කියන්නේ එකට ගියත් වෙනස් සංකල්ප දෙකක්.හරියට රේල්  පාරක පීලි දෙකක් වගේ.එකම දිහාවට ඇදුනත්,තම තමන් අතර පරතරය ස්ථාවරව තියා ගත්තත් කවදාවත් ඒක එකක් වෙන්නේ නෑ.ඒ වුනාට ඒ පීලි දෙකම යන්නේ එකම දිශාවට.බොරුවෙන් ජීවත් වුනත් ජීවත් වෙන්න බොරු කළත් අන්තිමේදී වෙන්නේ බොරුව කියන එක තුල නතර වීම.මෙතනදි හරිම සංකීර්ණ වෙන අවස්ථාව වෙන්නේ සත්‍යය මිථ්‍යාව එක්ක මිශ්‍ර වෙලා එන කොට.මොකද එතකොට ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියන එක හොයා ගන්න අමාරු නිසා.ඊටත් වඩා අතිශය දරුණු කාරනාව වෙන්නේ සත්‍යය වුනත් මිනිසා නොමඟ යන විදිහට ඉදිරිපත් කරන එක.

Image

දැන් මං මේ කියන්න යන හරුපේ මොකක්ද කියන එක තේරුම් යන්නත්  එක්ක පොඩි කතාවක් කියන්නම්.දවසක් ඇමරිකාවයි සෝවියට් දේශයයි මෝටර් රේස් තරඟයකට සහභාගී කරවනවා තමන්ගේ රටවල ධාවකයින්.මේකෙන් අන්තිමට ඇමරිකාව දිනනවා.දැන්  මේ ප්‍රවෘත්තිය යන්නේ රටවල් දෙකේ මේ විදිහට.

ඇමරිකාව.

 ධාවන තරගයෙන් රුසියාව පරදා ඇමරිකාව දිනයි.

 සෝවියට් දේශය

පසුගියදා පැවති ධාවන තරගයෙන් අප දේශය එක් රටකට පමණක් දෙවෙනි වෙමින් ජයග්‍රහණය කරන ලදී.මේ තරගයට සහභාගී වූ ඇමරිකා කණ්ඩායම තරගය අවසාන කළේ අන්තිමයාට කලින් ධාවකයා ලෙසිනි.

 

දැන් බලන්න.රටවල් දෙකම කියන කතාව ඇත්ත.කරුණු වශයෙන් ඇත්ත.ඒ වුනාට මෙතන සරලව කිව්වොත් කොලේ වහලා ගැහිල්ලක් තියෙනවා.වෙච්ච දේට ආලවට්ටම් ටිකක් දාලා කියවන මනුස්සයා නොමඟ යවලා තියෙනවා.

ඒ මොකටද?ඒ ඒ කෙනාගේ තියෙන පුද්ගලික න්‍යාය පත්‍රවලට තැනක් දෙන්න.

අද ලංකාවේ ආණ්ඩුවේ,පුද්ගලික මාධ්‍ය මේ කොයි එකකත් වෙන වෙනම න්‍යාය පත්‍ර තියෙනවා.ගොඩක් අය මේක දන්නවා.ඒත් නිකමට හිතන්න,මේ මාධ්‍යයකට විද්වතෙක් ලෙස ඉන්න කෙනෙක් ඇවිල්ලා තමන්ගේ විෂයය දැනුම යොදාගෙන ඒක අවභාවිත කරමින් වැරදි යමක් මිනිස්සු අතරට ගෙනිච්චොත් ඒකේ ප්‍රතිපලය මොකක් වෙයිද කියලා?

විශේෂයෙන්ම ඒක අහන කෙනා විචාර බුද්ධිය නැති ඒත් බලයක් ඇති කෙනෙක් වුනොත්,හරියට ගෙදරක ගෘහණියක් වගේ.මොකද ගොඩක් පිරිමි තමන්ගේ බිරින්දෑට බයයි.බිරින්දෑට මොලයක් තිබුනේ නැත්නම් ඒ කාන්තාව ලෝකේ නැති බහු බූත ඔලුවට දාගත්තොත් ගෙදරට කොච්චර හානියක් වෙන්න පුලුවන්ද?

මෝඩ මිනිසෙක් බුද්ධිමත් ගැහැනියක් විසින් මෙහෙයවන තාක් කල් ප්‍රශ්න ගොඩක් අඩුයි.ඒත් ඇත්ත ලෝකෙදි වෙන්නේ ඒකේ අනික් පැත්ත.

මෝඩ ගැහැනියක් විසින් බුද්ධිමත්(?) මිනිසුන් මෙහෙයවීම.

ඉතින් කවුරුහරි මගඩි දාසයෙකුට ලංකාවේ ගෑනු බය කරන්න පුලුවන් කියන්නේ ඒකා ලංකාවේ ඉන්න මහා ජගතෙක් වෙනවා කියන එක.බොරු නම් බලන්න,අද ලංකාවේ කාන්තා වැඩසටහන්,කාන්තා පත්තර කියලා යන එව්වයේ පොරවල් වෙලා තියෙන්නේ කවුද කියලා.

තමන් දන්න හරි නොදන්න හරි ජෝතිශ්‍යයක් කරේ තියා ගත්ත පොරවල්.

Image

boloji.com

මන්තර කරයින්,මැජික් කාරයින් නැත්නම් ඒ වගේ මොකක් හරි ජිල් මාට් එකක් දාන්න දන්න අය.

සත පහක් නොවටිනා ටෙලි කතා නැත්නම් ඒ වගේ වෙනත් කතා ලියන අය.

 

අර පත්තරේ ගන්න අය නැත්නම් වැඩසටහන බලන කාන්තා පාර්ශවය ඒකේ තියෙන වෛද්‍ය,නීති,භාෂා කොටස් පැත්තකට දාලා අර මගඩි කාරයො පස්සේ යනවා.මේකෙත් ලස්සනම වැඩේ වෙන්නේ මේ දේවල් ගැන හරියට දැනගෙන ඇත්ත ඇති සැටියෙන් කියන අයට වඩා මගඩි වාදීන්ට මේ අමන කාන්තාවන්ගේ ඉල්ලුම වැඩියි.

ඉතින් තමන්ගේ කෙල්ල/බිරිඳ මේ වගේ මගඩි කාරයෙක්/කාරිනියක් ඔලුව උඩ තියාගෙන  අපිටත් ඌට පුදන්න කියලා කිව්වම අපි බැහ් ගෑවොත් මොකද වෙන්නේ.පුලුවන්නම් අපිව යුධ අධිකරණයට හරි යවනවා.යකෝ බලද්දි මෙච්චර කරන අපි නෙවේ කොහෙවත් ඉන්න මගඩියෙක්නේ ලොකු වෙලා තියෙන්නේ???????

Image

 

මොනවා කරන්නද “”ෂාරුක් ඛාන්ට වගේ කවදද මට සලකන්නේ”” කියලාහිත හදා ගන්න තමා.

12 thoughts on “Truth vs false,ඇත්ත,බොරුව හා බොරු ඇත්ත.

  1. දැන් ඇත්ත පේන්නෙත් බොරුව වගේ…බොරුව තමයි ඇත්ත. මෙහි මූලික වගකීම පැහැරහරින්නේ මාධ්‍යය. අනිත් අය ඊට පස්සේ.

    • දරුණුම තත්තවය තමයි ඇත්ත පහදා දිය හැකි අය පවා මුදලට හෝ වෙනත් දෙයකට ඇත්ත සඟවා කතා කිරීම.

  2. සම්පුර්ණ ඇත්ත.යම් සිද්ධියකදී වෙලා තියෙන්නෙ මොකක්ද කියල ඇත්තටම දැනගන්න නම් පත්තර කීපයක්ම කියවලා ඇත්ත තෝරා බේරා ගන්න වෙනවා. හැබැයි බොරු කාරයන්ට අහුවිමේදී නම් ගැනු පිරිමි භේදයක් නැහැ කියලයි මට හිතෙන්නෙ.අඩුවැඩි වශයෙන් අපි ඔක්කොම අපිව අන්දවන බොරු ලියන අයට අහු වෙනවා.

    • බොරුකාරයින්ට පිරිමි ගැහැණු ඔක්කොම අහුවෙනවා.නමුත් ඔය මගඩි වාදීන්ගේ පස්සේ පෙරහැර වගේ යන ගොඩක් අය කාන්තාවන්.

Leave a comment