Tax officers’ strategies/බදු ගහන්නේ මෙහෙමයි

සල්ලි,දෙවියන්ගේ මල්ලි.සල්ලි පොදි  ගහගන්න ගොඩක් අය කැමතියි.මොකද සල්ලි කියන්නෙත් එක්තරා බලයක් හින්දා.ඒ හින්දා තමන් සල්ලි කාරයෙක් කියලා පෙන්නන්න එහෙම නොවන අය වගේම එහෙම අයත් ගොඩක් උත්සාහ කරනවා.

Image

restaurantmagazine.com

ඒ වුනාට ඔය කොයි සල්ලි කාරයත් වැඩිපුරම බය කට්ටියකුත් ඉන්නවා.ඒ ආදායම් බදු නිලධාරින්.

මොකද සල්ලි ගෙවලා කෑවොත් අඩු ගානේ බඩට.ඒ වුනාට බදු ගෙව්වොත් නිකන්ම සල්ලි යනවා විතරනේ.ඒ බදු වලින් රට නග්ගනවා කිව්වට කාටද ඒ ගැන විශ්වාස තියෙන්නේ?ඉතින් මේක දන්න හින්දම ඔය ආදායම් බදු එකේ කට්ටිය එක එක විදිහේ ජිල් මාට් දානවා අර බදු නොගෙවා ඉන්න ජිල් මාට් දාන අයගෙන් කොහොමහරි  ඒක කඩා ගන්න.අද මං කියන්නෙත් ඒ වගේ වෙච්ච සෙල්ලමක් ගැන.

Image

lessgovsd.com

ඔන්න දවසක් ඔය ආදායම් බදු එකේ කට්ටිය කුරුණෑගල පැත්තේ එක්තරා මුද්‍රණ ආයතනයකට ගොඩ වැදිලා තියෙනවා මිනිහගෙන්,ඒ කියන්නේ අයිතිකාරයගෙන් හොඳ බදු කුට්ටියක් කඩා ගන්න.

ඉතින් මේ පාර ආදායම් බදු එකේ කට්ටිය පරීක්ෂා කරන්නේ මේ ආයතනයේ අලෙවි ආදායම.ඒකට එයාලා ඉන්වොයිසි පරීක්ෂා කර කර බලනවා.ඔන්න හදිසියේම එයාලට හම්බවෙනවා හරි අපූරු ඉන්වොයිසියක්.

ඒක මංගල ඇරයුම් පත්‍ර මුද්‍රණය කරපු එකකට ගෙවපු එකක්.සාමාන්‍යයෙන් මේ ආයතනයේ මංගල ඇරයුම් පත්‍ර මුද්‍රණය කරන හින්දා ඒක එච්චර පුදුමයක් නෙවෙයි.ඒත් ගැටලුව මේකයි.

Image

etsy.com

ඇරයුම් පත්‍ර 400 විතර මුද්‍රණය කරලා.

සම්පූර්ණ වියදම රුපියල් 4,000,000/=.

ඒ කියන්නේ ලක්ෂ 40යි.එක ඇරයුම් පත්‍රයකට රුපියල් 10,000/=.

ආදායම් බදු කට්ටිය වහාම එතන වැඩ නැවැත්තුවා.ඒ බිල ගෙවපු ගනුදෙනුකරුවගේ තොරතුරු එතනින්ම ගත්ත නිලධාරීන් වහාම හොයාගෙන ගියේ අර ගනුදෙනුකාරයාව.කවුද එයා?

ලංකාවේ කුරුණෑගල පන්ති කරන දැවැන්ත ධනවතෙක්.මිනිහගේ විවාහ මංගල්‍යයට තමයි මෙච්චර වියදමක් කරලා මංගල ඇරයුම් පත්‍ර මුද්‍රණය කරලා තියෙන්නේ.අනික මිනිහා ආදායම් බදු ගෙවන්නේ නෑ කියලා දැන ගත්තම ආදායම් බදු නිලධාරීන්ගේ කට කනේ.

වහාම හැදුවා මිනිහගේ අතීතයටත් බලපාන පරිදි ආදායම් බදු වගකීම.දඩ මුදලුත් එක්කම.ආසන්න වශයෙන් ලක්ෂ 80 විතර කුට්ටියකට මිනිහට තට්‍ටුවෙන විදිහට නිලධාරීන් වැඩේ කළා.මේක අරගෙන අර ටියුෂන් සර්ට කලන්තේ හැදෙන විදිහට පන්තියටම ගිය නිලධාරීන්ගේ මහා වරුණාව අහන් ඉඳපු ඒ සර්.

ආ දැන් මං කීයද ගෙවන්න ඕනේ,ලක්ෂ 80නේ.ආ අරං යන තැනක තොලොංචිවෙයල්ලා කියලා එතනදිම චෙක් පතක් ලියලා දුන්නා.මොකද මිනිහට එච්චරම සල්ලි.

Image

මේ කතාව අපි දැන ගත්තේ කොහොමද කියලා නම් අහන්න එපා.නමුත් අවාසනාවකට වගේ එකකට රුපියල් 10,000 වියදම් ගිය මංගල ඇරයුම් පත්‍රය බලා ගන්න අපිට බැරි වුනා.

ඉතින් මේක බලන අයට මං කියන්නේ මේකයි.ඔයාලා ආදායම් බදු ගෙව්වා හෝ නොගෙව්වා හෝ තමන්ගේ නම ගම දුරකථන අංක එක්ක බිල් දාද්දි ගොඩක් පරිස්සමින්.

විශේෂයෙන්ම ඔය ලොකු ලොකු ගණන් වල බිල් දාද්දි.ඒක බලන ආදායම් බදු අංශයට විතරක් නෙවෙයි හොරෙකුට වුනත් ඔයාට ටොපියක් දෙන්න ඒක ඇති.

ඔයාලා ඔය රත්තරං බඩු කඩවලින්,එතකොට ගණන් සාරී එහෙම ගන්න කොට එයාලා ඔයාගේ visiting card ඉල්ලනවනේ.එතකොට වඩාත් පරිස්සම් වෙන්න.ඒ ආයතනය හොඳ හිතින් ඉල්ලනවා වෙන්න පුලුවන්.ඒත් ඒක කාගේ අත් වලට යයිද කියලා එයාලවත් දන්නේ නැති වෙන්න පුලුවන්.

10 thoughts on “Tax officers’ strategies/බදු ගහන්නේ මෙහෙමයි

    • ඇත්තටම මාත් මාර ගේමක් දුන්නා කාඩ් එකක් බලා ගන්න.ඒත් ඒ නිලධාරීන්ටත් බලන්න හම්බ වෙලා නෑ.සමහරවෙලාවට ඒක හම්බවෙච්ච අයත් කෞතුකවස්තු විදිහට තියා ගන්න ඇති.

    • සමහර විට ඔය අර්ධ මැණික් එහෙම දාන්න ඇති.මම දන්න එක්තරා විවාහයක කේක් පෙට්ටිය කළුවර ලීයෙන් හදලා දීලා තිබුනා.

  1. මං ඉන්ටනෙට් එකෙන් කාඩ් ටිකක් ගෙන්න ගත්තා.ඒවයි තියෙන්නෙ මගේ ඉන්ටනෙට් එකවුන්ට් වල ඩීටෙල් විතරයි. නම ගම නැහැ. හබැයි පොන් නම්බර් එක තියෙනවා.
    ඔත්තුවට ස්තූතියි.

    • අපෝ තාම නම් එච්චර දුරට යන්නේ නෑ.එකම දේ ඔය රත්තරන් බඩු එහෙම ගනිද්දි තමන්ගේ විස්තර දෙනවනම් පරෙස්සම් වෙන්න.

  2. ටියුෂන් කට්ටිය තමයි මුදලාලිලා….මේ ලඟදී කාර් එකක් දුන්නේ ළමයෙකුට. වෙඩින්ග් කාඩ් එකට 10000ක් වියදම් කරන රටේ කොච්චර මිනිස්සු වේල පිරිමහ ගන්න දඟලනවාද?

    • අපි එහෙම හිතුවොත් එයාලගේ ආදායම ගැන අපි ඉරිසියා හිතුවා වෙනවා.තමන්ගේ දක්ෂතාව අනුව සල්ලි උපයන එක එයාලගේ හැකියාව.හැබැයි මං මෙතනදි අවධානය යොමු කරේ බදු නිලධාරීන් එල්ලෙන්න හොයා ගන්න තැන් ගැන.

Leave a comment