Sri Lankan girls with blue films?ලංකාවේ කෙල්ලෝ වැල හංගන්නේ කොහේද?

මේ කතාව ළමයින්ට හරි ඒවගේ හිතන පතන අයට හරි වුනත් කියවන්න හොඳයි.ඒ වුනාට ඒ අය මේ කතාව නොකියවන තරමට හොඳයි කියලා මං කියන්නේ සමහරුන්ට ඒ කියන්නේ ඔය වැල වරකා කිව්වම බඩේ අමාරු හැදෙන (අර වැල ගෙඩියක් පුහු පොල් ගෙඩියක් එක්ක පත බාපු පබිලා එහෙම නෙවෙයි) අයට මේක කියවලා නිකං බඩ පෙරලාගෙන එනවා වගේ දැනෙයි කියලා.

ඒ වගේම කෙල්ලො කියන්නේ මොකුත් නොදන්න අහිංසක බෝ පැල වගේ කියලා හිතන් ඉන්න කොල්ලො එහෙම ඉන්නවනම් අනිවා මේක බැලුවට කමකුත් නෑ.අ‍ටුවා ටීකා ටිප්පණි තියලා කතාවට කෙලින්ම බහින්නම්කො.

Image

zedge.net

සාමාන්‍යයෙන් අපි ඔය මොන වර්ගයේ කැම්පස් එකක ඉගෙන ගත්තත්, ඒ කියන්නේ රජයේද පුද්ගලිකද කියලා නැතුව ඔය ඕනම එකක ගොඩක් වෙලාවට ඉදිරිපත් කිරීම එහෙම නැත්නම් සිංහලෙන් කියනවනම් presentation කරන්න වෙනවා.කන්ඩායම් විදිහට හරි කේවල ඒ කියන්නේ තනියෙන් හරි මෙව්වා කරන්න වෙනවා.

හැම ළමයෙක්ටම වගේ මේ වගේ වැඩ වලදි එක එක විදිහේ අකරතැබ්බ වෙනවා.ඒ හින්දා හොඳට පුහුණු වීම් එහෙම කරලා තමයි මේවට යන්න ඕන.ඔය කණ්ඩායම් වැඩ වලදි නම් වෙන්නේ මොනවද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ.

සමහරු කොච්චර කිව්වත් එන්නේ ඌට ඕන වෙලාවට මිසක් කියන වෙලාවට නෙවෙයි.

තව සමහරු අපේ කණ්ඩායමේ ඉන්නවා කියලා අපි දන්නේ අදාළ presentation එක කරන්න තියෙන දවසෙදි,මොකද එච්චර හොඳට එයාලා අපිත් එක්ක වැඩේට එකතු වෙලා තියෙනවා.

ඊට පස්සේ කොච්චර වෙලා ගියත් එතනට ගියාට පස්සේ වෙන වෙන මඟුල් තමයි කියවන්නේ.

අනික ඔය කන්ඩායම් අතර තරගයකුත් ඇති වුනාම හැම කන්ඩායමක්ම හදනවා තමන්ගේ එක අනික් එකට වඩා වෙනස් වෙන්න හදන්න.

ඔන්න ඉතින් ඔය වගේම තවත් එක් presentation එකක් අපිට කරන්න තියෙනවා කියමුකෝ.මේකෙත් කන්ඩායම් අතර තරගයක් ඇති කරගන්න අපේ බවලත් පාර්ශවය සමත් වුනා.දැන් ඉතින් හැම group එකක්ම හදන්නේ අනික් එකට වඩා වෙනස්ම විදිහේ presentation එකක් කරලා පෙන්නන්න.

ඉතින් අපිත් හැදුවා වෙනස්ම විදිහේ එකක්.ඒකට දාන්න ඕන ආලවට්ටම් එක එක ඒවා දාලා වැඩි පරිස්සමට pen වලයි DVD වලයි දෙකේම save කරලා තියා ගත්තා.

ඔන්න දැන් කරන දවස ආවයි කියමුකෝ.අපේ presentation  එකට අපේ group එක විතරක් අදාල lab එක ඇතුලට ගියා.

panel එකත් ඉන්නවා වාඩි වෙලා.

අපිත් ඔන්න වැඩේට බැස්සා.

කෙළියා තාප්පෙට.

වැඩ දාලා කරන්න ඕන කියලා power point නැතුව එකක් video විදිහට ගෙනාපු presentation එක open වෙන්නේ නෑ.

පස්සේ එක එක වැඩ දාලා වෙන video player එකක් තිබිලා ඒකෙන් pen එකේ තිබ්බ playlist එකක් open කරලා අපේ කර්තව්‍යය පටන් ගත්තා කියමුකෝ.(මතක තියාගන්න open කළේ playlist තිබ්බ එකක්)

වැඩේ නැඟලා ගියා ලොකු ප්‍රශ්නයක් නැතුව.panel එකත් අපේ වැඩට සැටිස්.අපිටත් ඉතින් සන්තෝසයි.අතර මැදදි අහපු ප්‍රශ්න වලටත් ගිඩි ගිඩි ගාලා උත්තරත් දුන්නා.ඒ හින්දා අපේ වැඩේ අවුලක් නැතුව ගොඩ දාගන්න පුලුවන් වුනා කියමුකෝ.දැන් ඔන්න අපේ මහා presentation එක ඉවර වුනා.ඒ කියන්නේ එකට හදපු video  එක නිමා වුනා.

දැන් තමා නියම සෙල්ලම පටන් ගත්තේ.මං කලිනුත් pen එකේ තිබ්බ playlist එකක් play කළේ කියලා.මෙන්න බොලේ අර playlist එකේ තිබ්බ ඊලඟ video එක open  වුනා.කරුමෙටම ඊළඟ එක ඇවිල්ලා

අමු වැලක්…………….

Image

wikipedia

මොකක්ද අමුම අමු වැලක්.

නිකං නෙවෙයි අපි soundsත් on කරලා තිබ්බේ.

දැන් පුළුල් තිරයේ යනවා නියම එක.ආයි නෑ on the spot practical.

දඩි බිඩි ගාලා ක්‍රියාත්මක වෙච්ච අපි දන්න සෙල්ලම් ටික දාලා වහාම ඒක close කරත් දන්නෝ දනිති ගානට වැඩේ ප්‍රදර්ශනය වෙලා තිබුනා.

ඒත් වාසනාවකට වගේ panel එකේ ලොක්කා ඊට ටික වෙලාවකට කලින් call එකක් ගන්න එළියට ගිහිල්ලා හිටියේ.panel එකේ ඉතුරු වෙලා හිටියේ අලුතින් අපිට කලින් batch එකකින් විශේෂ අනුකම්පාවක් ලැබිලා staff එකට ගත්තු demo බට්ටියෙක්(චෝයි අක්කියෙක්).

Image

ඒ අක්කි කටත් ඇරන බලන් හිටියා මිසක් මොකුත් කිව්වේ නෑ.අපිත් ටක් ගාලා හිමීට අපේ අඩුම කුඩුම ටිකත් අරන් එතනින් මාරු වුනා.

එළියට ආවට පස්සේ තමයි කතාව.

කවුද බං දන්නේ එහෙම එකක් තියේ කියලා? open කරපු එකා කියනවා.

pen එක අයිති එකා කියනවා උඹ මොකටද open කළේ කියලා.කොහොමහරි අන්තිමටම අපේ group එකේ හිටපු කෙල්ලො ටික කියපු එකට අපිට කට උත්තර නැතුව ගියා.

“”ඔයාලා ඒවා pen වල දැම්මේ ඇයි?ඒකනේ මේ අවුල.අපිනම් දාන්නේ hard එකේ.නිකංයැ කොල්ලො කියන්නේ මෝඩයෝ කියන්නේ”””

මේක කියපු කෙල්ල කොලේ ඉරා ගත්තා කියලා ඒකිටම තේරෙන කොට අපි හිනාවෙන්න පටන් අරං ඉවරයි.

කොහොමහරි අපි එදා දැන ගත්තා කෙල්ලො කොහෙද වැල හංගන්නේ කියලා.

10 thoughts on “Sri Lankan girls with blue films?ලංකාවේ කෙල්ලෝ වැල හංගන්නේ කොහේද?

  1. වෙනම පාටිෂන් එකක් ගහගෙන එන්ක්‍රිප්ට් කලා නං පොලිසිය ආවත් ටික් හොයන්න ආමරුයි.

    • කරනවනම් කොච්චර වැඩ තියේද? ඒ වුනාට අපිට හිනා ගියේ යකෝ බෝ පැල වගේ ඉන්න කෙල්ලො එව්වා කරනවා කියලා එළිපිට කිව්වම?

  2. අනේ දෙයියනේ. ඉතින් ඕක ප්ලේ වෙන වෙලාවෙ ගොලුබෙලි කට්ටක්වත් තිබුන්නැත්ද ළඟපාත? කොහොමහරි කෙල්ලො ටිකගෙ බළල්ලුත් මල්ලෙන් එලියටම පැනල.

    • ඒ වෙලාවේ මොනවා කරන්නද,කොහොම කරන්නද කියලා එක පාරට මතක් වුනේ නෑනේ.කෙල්ලෝ ඉතින් ඇදගෙන නාගත්තා.

Leave a comment