පරිගණක වෛරසයක් එනෝ,දුවපියෝ,computer virus is coming,beware.

පරිගණක ලෝකයේ ඉන්න අය අහන්න,දකින්න ආසම නැති දෙයක් තමයි පරිගණක වෛරස කියන්නේ.ඒත් අකමැති වුනත් පරිගණක වෛරස තියෙන එක එන එක අපිට වළක්වන්න බෑ.සමහරු විනෝදයට පරිගණක වෛරස හදද්දි තව අය විනාශකාරී දේවල් සඳහාත් මේවා හදනවා.දැන් කාලේ ගොඩක් අය මේවයින් ගැලවෙන්න virus guard දාන එකේ ඉඳන් දෙවියන්ට කියන එක දක්වා එක එක ඒවා කරනවා.ඒත් ඒ මොනවා කළත් ඒ හැම එකකින්ම රිංගන වෛරසුත් නැතුවම නෙවෙයි.

මොකද වෛරස නිෂ්පාදකයා හා ආරක්ෂිත මෙවලම් නිෂ්පාදකයා අතර තියෙන්නේ අර පූසා හා මීයා අතර සම්බන්ධේ වගේ එකක් හින්දා.ඉස්සර වෙච්ච එකා දිනුම්.

මේ කතාව ටිකක් ඉස්සර වෙච්ච වැඩක්.අද කාලේ පරිගණක වෛරස ගැන ගොඩක් අය අඩු ගානේ අහලා හරි තිබුනට මේ කාලේ පරිගණක කියන්නේ අරුම පුදුම පෙට්ටියක්.කොටින්ම කියනවනම් ආයතනයක පරිගණකය හසුරුවන කෙනා ඒ කියන්නේ අර  data entry operator කියලා අද අපි කියන ‍රැකියාව කරන කෙනා මහ බලවතෙක්.

ඒ දවස්වල love bug එහෙම නැත්නම් CHI චර්නොබිල් කියලා පරිගණක වෛරසයක් අප්‍රේල් මාසේ මෙන්න මේ දිනේ ව්‍යාප්ත වෙනවා කියලා ප්‍රවෘත්ති වලට කිව්වා.ඒ කියපු විදිහට ඒ අප්‍රේල් 26ද කවදද මන්දා ඒ වෛරසය ක්‍රියාත්මක වෙනවා.ඒකෙන්  පරිගණක වලට බර හානි වෙනවා කියලා තමා පත්තරවල පවා පළ වුනේ.

Image

businessinsider.com

ඔන්න මං මේ කියන දවසේ ඒ කියන්නේ අප්‍රේල් මාසේ 25 (හෙට පරිගණක වෛරසය  එනවා කියන දවසේ) එක පරිගණක අධ්‍යාපන ආයතනයක අයට ගැටලුවක් මතු වුනා.මොකද ඒ හෙටයි කියන දවස ඒ ආයතනයේ වැඩ ගොඩක් යෙදී තිබුනු දවසක්.වෛරසයට බයේ ආයතනය එදා වහන්න හිතුනත් වැඩ ගොඩ එක්ක එහෙම කරන්නත් බෑ.ඒ වුනාට වෛරසය ඇවිල්ලා ජර මරයක් වුනොත් ඒකත් පාඩුව.ඉතින් ඒ ආයතනයේ ඉන්න පරිගණක උපදේශකවරු කරා පොඩි ජිල්මාට් එකක්.කොහොමත් ලංකාවේ අය කොම්පියුටර් ජිල්මාට් වලට දක්ෂයිලුනේ.අඩු ගානේ එහෙම දෙයක් තියෙනවා කියලා ලෝකයට හොයලා දුන්නේත් අපිමනේ.

මේ කට්ටිය ප්‍රධාන පරිගණකයෙන් ඒ කියන්නේ  server එකෙන් පද්ධති දිනය වෙනස් කරා.ඒ කියන්නේ අද දිනය ඇවිල්ලා අප්‍රේල් 25නේ.අර වෛරසය එන්නේ අප්‍රේල් 26නේ.ඉතින් මෙයාලා දිනය වෙනස් කරා අද දිනය අප්‍රේල් 27 කියලා.එතකොට මුළු පද්ධතියම අද දිනය 27 කියලා හදා ගත්තම හෙට දිනයට පරිගණකය ඇරඹෙන්නේ අප්‍රේල් 28 දායින්.එතකොට වෛරසය ඊයේ,එහෙම තමයි පරිගණකය හිතන්නේ.මොකද මේ වෛරසය හදලා තියෙන්නේ අප්‍රේල් 26 ක්‍රියාතමක වෙන්නනේ.

 ඔන්න ඉතින් ඊළඟ දවසේ කට්ටිය සුපුරුදු ලෙස වැඩට ආවා.මං කිව්වනේ මේ ආයතනය පරිගනක අධ්‍යාපනය ඒ කියන්නේ පරිගනක පන්ති තියන තැනක් කියලා.එදා කිසිම ලමයෙක් පරිගණක පන්තියට ආවේ නෑ.කට්ටියටම හරිම පුදුමයි

කොහොමහරි ඊළඟ දවසේ ලමයි පන්ති ආවම තමයි වැඩේ තේරුනේ.ඒ දවස් වල ලංකාවේ ජනමාධ්‍ය හැම තිස්සේම මෙන්න මෙදා පරිගණක වෛරසයක් එනවා කියලා මොර දුන්නා මිසක් මේක මොකක්ද කියලා කිව්වේ නෑනේ.ඉතින් ගෙවල් වලින් ලමයින්ට කියලා

ඔන්න අද මොකක්ද වෛරසයක් අර කොම්පීටර් පෙට්ටියෙන් එනවා කියලා කියනවා,උඹලා ඔහේ ගිහිල්ලා දන්නැති ලෙඩ හදාගෙන වරෙල්ලකො කියලා,ඒ ලමයින්ව ගෙදර නවත්තගෙන.

ගම්වල මිනිස්සු හිතලා තියෙන්නේ ඒක බෝවෙන ලෙඩක් කියලා.අර කවුද මුදලාලියෙක් එයා ලොකු කමට ගෙදර ගෙනත් තියපු කොම්පීතර් රාජයාට ඇප නූලකුත් බැන්දලු මේකට.

Image

 

ඔන්න දැන් අර අදාල දිනය පහු වුනාට පස්සේ මේ උපදේශකවරු පිරිස ආයිමත් පාරක් පද්ධතිය සුපුරුදු දිනයට ගෙනාවලු.

ඔන්න දැන් ඊළඟ අවුරුද්දත් ආවලු.මේ වසරෙත් අප්‍රේල් 26 අර වෛරසය ක්‍රියාත්මක වෙන්න නියමිතයිලු.ඒ වුනාට මේ පාර කිසිම ජනමාධ්‍යකට මේක මතක් වුනේ නැල්ලු.අර උපදේශකයින්ටත් මතක් වුනේ නැල්ලු,පද්ධතියේ දිනය වෙනස් කරන්න.ඉතින් එයාලා සුපුරුදු විදිහටම් ඇවිල්ලා අප්‍රේල් 26 පරිගනක ක්‍රියාත්මක කළාලු…………………………….

 

අන්න එදායින් පස්සෙලු ඒ ආයතනයේ ලොක්කට පරිගණක වලට virus guard දාන්න මතක් වුනේ.

4 thoughts on “පරිගණක වෛරසයක් එනෝ,දුවපියෝ,computer virus is coming,beware.

    • ඒ පරිගණක අධ්‍යාපන ආයතනයේ අය කියපු විදිහට නම් ඇත්ත.ඔය වෛරසය නම් දැන් මහ ලොකු වැඩ්ඩෙක් නෙවෙයි.

Leave a comment