සුපර්බෝල් දැන්වීම් සහ ඇමෙරිකන් උත්කෘෂ්ටය අරුණි ශපීරෝ වෙතින් ඊයේ සුපර්බෝල් තරඟය අතරමැද දී ක්‍රීඩාංගනයේ ලයිට් නිවී යාම හේතුවෙන් අවසානය ඉතා තියුණු ලෙසින් “ඕනෑම ඉරිදා දිනයක ඕනෑම කෙනෙකුට ජයගන්නට හැකියි,” වැනි උච්ඡ අවස්ථාවකට පැමිණ රසිකයන් ප්රබෝධයට පත් කරමින් නිමා විය. සුපර්බෝල් සති අන්තයේ ඇමෙරිකානුවන් කුකුල් තටු බිලියන 1.23 ක් අනුභවයට සැරසී ඇතැයි ජාතික කුකුල් කවුන්සිලය කියා සිටියේය. ඇමෙරිකානුවන් එදින බියර් කේස් මිලියන 50 ක් (ඩොලර් බිලියන 10.8 ක් ...
බඩු මිල අඩුවෙන එකම ක්‍රමය අරුණි ශපීරෝ වෙතින් දුප්පත් රටවල් වලින් කොල්ලකාලා තමයි ඇමෙරිකාවේ අය ධනවත් වෙලා තියෙන්නෙ කියන මුලාව ගිල සිටින අය දුප්පත් රටවල් බහුතරයෙ සිටියෙ/සිටින්නේ ඇමෙරිකන් ක්‍රමයට අකමැති පාලකයන් බව දකිනවා ද? ඇමෙරිකන් ක්‍රමයට අකමැති, ඇමෙරිකාවට බනින පාලකයන්, රටේ පුරවැසියන්වයි රටේ සම්පත් ටිකයි කොල්ල කන්න ඇමෙරිකාවට ඉඩ දෙන්නෙ ඇයි කියලා අහන්න කෙනෙක් ඉන්නවා ද?!!! එහෙම කියමින් ඔවුන් කොල්ල කන්නෙ තම රටේ සම්පත් හා තමන්ගෙ පුරවැසියන්ගෙ ...
තෙල් මිල බැස්සූ ජෝන් ඩී. රොකෆෙලර් අරුණි ශපීරෝ වෙතින් නූතන ඇමෙරිකාවේ පුද්ගලික ධනයෙන් ගොඩනඟන ලද විශාලතම ගොඩනැඟිල්ල ලෙස මෑන්හැටන්, නිව් යෝර්ක් හි දකින්නට ලැබෙන රොකෆෙලර් සෙන්ටර් නමින් වූව සැලකේ. එය 1930 දී පටන් ගෙන 1939 දී ඉදි කර අවසන් වෙයි. ‘අහස පිසින මුදුනක දිවා ආහාරය’ නම් වූ පහත ඇති ඡායාරූපය ලොව සුප්‍රසිද්ධ වූවකි. එය 1932 සැප්තැම්බර් 20 වැනිදා 69 වැනි තට්ටුවේ දී රැගෙන ඇත්තේ මේ ගොඩනැඟිල්ලේ සැකිල්ල ඉදිකිරීම් ...
හයි ලයින් උද්‍යානය, නිව් යෝර්ක් නගරය අරුණි ශපීරෝ වෙතින් 1847 දී නිව් යෝර්ක් නගරයේ මෑන්හැටන් හි බටහිර පැත්තේ වීදි අතරින් රේල් පාරවල් ඉදි කරන ලද්දේ පුද්ගලික කොම්පැණි විසිනි. අශ්වයින් පිට නැඟ ගත් “වෙස්ට් සයිඩ් කව් බෝයිස්ලා” රේල් කොම්පැණිය හයර් කළේ නගරයට එන කොම්පැණියේ දුම්රියට ඉදිරියෙන් අශ්වයන් පිට යමින් කොඩි වනා මහමග ගිය ජනතාවට අනතුරු අඟවන්නට ය. එහෙත් බඩු ප්‍රවාහනය කළ දුම්රිය අනතුරු නිසා 10 වැනි වීදිය “මරණ වීදිය” ...
මම කොන්සර්වෙටිව් නොවන්නේ ඇයි? සංරක්ෂණවාදය යනු කුමක් ද? අරුණි ශපීරෝ වෙතින් ලෝකයේ පවතින කොන්සර්වෙටිව් පක්ෂ වලට අප්‍රසාදය පළ කරන අය බොහෝය. ඔවුන් අතර කොන්සර්වෙටිව් යන්න කුමක් දැයි දන්නා අය සමාජවාදය හා මාක්ස්වාදය දන්නා අය හා සමාන වෙති: එනම් ඔවුන් එය කුමක් දැයි හරියාකාරව නොදන්නා අයයි!!!! “මම කොන්සර්වෙටිව් අයෙක් නොවන්නේ ඇයි?” සිරස්තලයෙන් නොබෙල් ආර්ථික විද්‍යා ලාභි ෆෙඩරික් හයෙක් විසින් ලියන ලද ලිපියෙන් උපුටා ගන්නා කොටස් මෙහි පරිවර්තනය කරමි. මේ ලිපිය මුහුණුපොතෙන් ...
කල්ලි භේද තුලින් මතුවන ප්රචණ්ඩත්වය බිඳ දැමීමට පාලන බලය අරුණි ශපීරෝ වෙතින් “හොඳින් ගොඩ නඟන යුනියනයක වැදගත් ප්‍රවණතාවයක් වෙන කල්ලි භේද තුලින් මතුවන ප්රචණ්ඩත්වය බිඳ දැමීම සහ පාලනය කිරීම කළ යුත්තේ කෙසේද යන්න ප්‍රවේසමෙන් විමසා බැලිය යුතුය. මේ අනතුරුදායක වූ පාපයට ඇති නැඹුරුව දැකීම, ජනප්‍රිය ආණ්ඩු වලට හිතවත් සෑම අයෙක්ව ම තැති ගන්වන්නකි. ඉතින් ඒ නිසා ඔවුන් තමන් ඉතා අගයන නිදහස් සිද්ධාන්තයන් උල්ලංඝනය නොකරන විසඳුමක් ගෙනෙන ඕනෑම සැලසුමකට කැමැත්ත දක්වති. අස්ථීර ...
ව්‍යාපාරයක් විසල් නම් එය අනවරතයෙන් ම දුෂ්ට වූවක් යන දුර්මතය අරුණි ශපීරෝ වෙතින් වෙළඳපොල ව්‍යවසායකත්වය යන්න කුමක් දැයි නොදන්නාකම නිසා ලාබයට විරුද්ධ අදහස් සමාජයක පැතිරි ඉතිරී යයි. ඒ නිසා අපිට මෙවැනි අදහස් සමාජයේ බහුතර වශයෙන් අහන්නට ලැබෙයි. ධනකුවේරයන් බලවතුන් වෙති. ඔවුන් අවශ්‍ය පමණට වඩා ධනවතුන් වෙති. ධනවතුන් ගේ ව්‍යාපාරයන් පමණට වඩා විසල් ව්‍යාපාරයන් වෙති. ඔවුන් තම බලය යොදවන්නේ තමන්ගේ සුබසාධනය සඳහා පමණකි. ඔවුන් වගකීම් වලින් තොර වූ ආඥාදායකයන් ය. ව්‍යාපාරයක් විසල් වන්නේ ද ...
බ්ලොග්කරුවන්ටත් සදාචාර ප්‍රමිතියක්!!!!! අරුණි ශපීරෝ වෙතින් තොරතුරු එක්රැස් කරන්නට පටන් ගත්, එහි වටිනාකමක් ඇතැයි දුටු මිනිසාට, ඇත්ත නැත්ත සොයා ගන්නට මුලින් ම උදව් වූයේ පුස්තකාල වල පොත්ගුල් බාරව සිටි අයයි. ඔබ කොපමණ වතාවක් පුස්තකාලයාධිපතියෙක් අමතා තතු සොයාගෙන ඇත් ද?!!!!!! 2012 දී ඇමෙරිකාවේ ඉතා ජනප්‍රිය වූ විද්‍යාත්මක ලිපි රචකයෙක් ඉල්ලා අස්වීය. නිව් යෝර්කර් සඟරාවේ විද්‍යාත්මක ලිපි ලියූ Jonah Lehrer විසින් Imagine යනුවෙන් පොතක් ලියා තිබුණි. ඉල්ලා අස්වීමට ...
අද වැනිය, එදත් – නැති ද කිසිදු වෙනසක්? අරුණි ශපීරෝ වෙතින් දෙනුවර කතාව ලියන චාල්ස් ඩිකන්ස් පොතට පසුබිම් කරගන්නේ ප්‍රංශ විප්ලවයයි. “ඒ හොඳම කාලයයි, ඒ නරකම කාලයයි, ඒ ඥානයේ යුගයයි, ඒ මෝඩකමේ යුගයයි, ඒ විශ්වාසයේ වකවානුවයි, ඒ අවිශ්වාසයේ වකවානුවයි, ඒ ආලෝකයේ සමයයි, ඒ අන්ධකාරයේ සමයයි, ඒ බලාපොරොත්තුවේ වසන්තයයි, ඒ බලාපොරොත්තු සුන් වූ හේමන්තයයි, අප ඉදිරියේ සියල්ලම තිබුණි, අප ඉදිරියේ කිසිවක් නොතිබුණි, අපි සියල්ලෝම කෙළින් ම දිව්‍යලෝකයට යමින් සිටියෙමු, අපි සියල්ලෝම ...
ඇයි මම මෙහෙම හිතන්නේ? අරුණි ශපීරෝ වෙතින් මේක හැමෝම දන්න තවත් දෙයක්. සංස්කෘතික සදාචාරය, දෙමාපිය වැඩිහිටියන්, යාළු මිත්‍රාදීන් සහ තමන් අදහන ආගම ධර්මයෙන් අපේ තීරණ වලට ලොකු බලපෑමක් එල්ල වෙනවා. ඒවායෙන් සම්පූර්ණයෙන් බැහැරව ‘මම’ නැති වුවත්, ඒවායේ වහලෙක් සේ ‘මම’ සිටිය යුතු ද? මිනිස් මොළයටත් මිනිස් සිරුරටත් ව්‍යායාම අවශ්‍ය බව දන්නවා වුනාට, නිරෝගී ජීවිතයක් වඩා වටිනා යැයි දන්නවා වුනාට, වැඩි පිරිසකගේ පුරුද්ද ඒ ගැන කිසිවක් නොකර ...
අපි වෙනස්! සත්තු වෙනස්! අරුණි ශපීරෝ වෙතින් මිනිසා සහ සත්වයා අතර ඇති වැදගත්ම වෙනස කුමක් දැයි කවුරු හරි ඇහැව්වොත් ඔබ දෙන උත්තරය කුමක් ද? සත්තුන්ට නැති මිනිසාට ඇති වූවක් නම් තමන්ගේ හිත “අරෙහම කරන්න එපා හරි පව්”, “ඔහොම කළොත් අද ගෙදර ගිහින් හමාරයි”, “බේරුමක් වෙන්නෙ නැහැ මේකෙන්,” යනාදී වශයෙන් හිතට වද දීමයි. ඒ සහජයෙන් ඇති සදාචාරය (good conduct, virtue) ගැන හැඟීමකි. නැහැ, නැහැ ඒ ලැබෙන්නේ පරිසරයෙන් ...
මම, තක්කාලි අරුණි ශපීරෝ වෙතින් පැන්සලක් හදාගන්නවත් දැනුමක් නැති වුනාට ඉගෙන ගන්න ඕනෑ මේවා යැයි ද, වවන්න ඕනෑ මේවා යැයි ද, රට පටවන්න ඕනෑ මේවා යැයි ද, රට රුකියාවන්ට යවන්න ඕනෑ මේ අයව පමණක් යැයි ද, දරුවන් හදන්න ඕනෑ අහවල් සංඛ්‍යාව පමණක් යනාදී වශයෙන් අනුන්ගේ ජීවිත සැලසුම් ඉදිරිපත් කරන අය, පුරාතනයේ පටන් අද දක්වාම නොමඳව සිටිති. අනුන්ගේ නිර්මාණ කොපි කරන, හොරෙන් බාගෙන රසවිඳින, අනුන්ගේ ...
ස්වදේශීන් සහ ඉංග්‍රිසීන් -16 වැනි සියවස වර්ජීනියාව අරුණි ශපීරෝ වෙතින් වර්ජීනියාවේ ජේම්ස්ටවුන් පිහිටුවා ගත් ඉංග්‍රීසි ජාතිකයන් ශතකයක් පුරා එහි වූ ස්වදේශී ඉන්දියානුවන් සමඟ ජීවත් වූහ. හැමවිටම සාමයෙන් නොවේ, ඒත් හැම විටම එකිනෙකා මරා ගැනීමෙන් ද නොවේ. 1590 දී A Brief and True Report of the New Found Land of Virginia ලියන තෝමස් හැරියට් එහි තමන් ලියන විස්තර වලට ජෝන් වයිට් විසින් අඳින ලද, මෙම සටහනට එකතු කරන ලද වැනි, ...
ලංකාව තවමත් බැද්දේගම තුල හිර වී සිටී අරුණි ශපීරෝ වෙතින් “විශ්වයේ තියනව යමක්. ඒක විස්තර කරන්න සහ විශ්ලේෂණය කරන්නට දායක වෙන්න ස්වභාවික විද්‍යා අපොහොසත්. ඒ සිද්ධීන් වලට එහායින් තියෙන තව සිද්ධීන් තමයි නිරීක්ෂණය කරල විස්තර කරන්න ස්වභාවික විද්‍යා සුදුසු වෙන්නෙ. ඒ තියෙන්නෙ මිනිස් ක්‍රියාකාරකම්.” ලුඩ්විග් වොන් මීසස් එහෙම සඳහන් කරන්නෙ 1962 දී ලියූ “ආර්ථික විද්‍යාවේ පරම පදනම, ක්‍රමය ගැන රචනාවක් නම් වූ කෘතියේ. රචනාවක් කිව්වට මේකෙ පිටු 150 ක් ...
ඇමෙරිකන් වෘත්තීය ෆුට්බෝල් සහ එයින් බිහි වූ ධනවතුන් අරුණි ශපීරෝ වෙතින් ඇමෙරිකන් ෆුට්බෝල් යනු ඇමෙරිකාවේ නිෂ්පාදනයකි. අනිත් ඇමෙරිකන් ක්‍රීඩා තරඟ වලට වඩා වැඩියෙන් මුදල් උපයන්නේ ඇමෙරිකන් ෆුට්බෝල් ක්‍රීඩාවයි. ජාතික ෆුට්බෝල් ලීගය (NFL) ලෝකයේ ධනවත්ම ක්‍රීඩා සංවිධානය ද වෙයි. NFL හි ආරම්භය 1920 දී ඇමෙරිකන් වෘත්තීය ෆුට්බෝල් සංගමය නමින් වූ කණ්ඩායම් 11 කින් සෑදුණකි. අද එහි තරඟ වදින කණ්ඩායම් 32 කි. ඉන් හරි අඩක් ඇමෙරිකන් ෆුට්බෝල් කොන්ෆරන්ස් (AFC) හි තරඟ කරන ...
ඩෙල්මාර්වා බයික් සතිය අරුණි ශපීරෝ වෙතින් ඩෙල්මාර්වා යනු ඩෙලවායර්, මේරිලන්ඩ් සහ වර්ජීනියා යන ප්‍රාන්ත තුනෙන් හැදෙන අර්ධ ද්වීපයයි. මා ජීවත්වෙන්නේ එහි ඩෙලවෙයාර් සහ මේරිලැන්ඩ් ප්‍රාන්ත යාවෙන හරියේ මුහුදට ආසන්නයෙනි. ඩෙල්මාර්වා බයික් සතිය පසුගිය ඉරිදා අවසන් විය. නොයෙකුත් සංගීත සංදර්ශන, තරඟ හා බයික් සවාරි බොහොමයක් පිරි ඒ දින කිහිපයේ දී බර බර ගා ඇදෙන බයික් හඬ නිසා “සන්ස් ඔෆ් ඇනාකි” අය පළාත අරක් ගෙන ඇතැයි දැනුණි. ...
බිට්කොයින් කැනීම සැකෙවින් අරුණි ශපීරෝ වෙතින් පෞද්ගලික අයිතිය අගයන අය අතින් බිහි වූ බිට්කොයින් නිර්මාණයේ දී එය කෙසේ පුද්ගලයන් අතට පත් කරනවා ද යන්නට ඔවුන් සෑහෙන අවධානයක් යොමුකරන ලද බව පෙනී යයි. බිට්කොයින් අයිතියට සමාජයේ ඕනෑම තරාතිරමක අයෙකුට වෑයමක් ගැනීමට පුළුවන් වෙන පරිදි එය සකස් කර ඇත. පරිගණක ක්‍රීඩාවේ යෙදෙන ලද පරිගණක ගැන දැනුමක් ඇති අය බිට්කොයින් කැනීම සඳහා මුලින්ම සම්බන්ධ වූවත්, ඒ සඳහා සුවිශේෂී ...
ඇපල් සිංහල පොතක්, මේ තවත් අදියරක පටන් ගැන්මයි අරුණි ශපීරෝ වෙතින් සති කිහිපයක සිට මෙහි දකුණු පැත්තේ “ලලනා කෙටිකතා” නමින් රූපයක් හා සබැඳියක් අමුණා තිබුණ. එය PDF විදියට හැදුනු බාගෙන කියවන්න හැකි කෙටිකතා පොතක්. ඊට පස්සෙ මම ෆෙඩරික් බැස්ටියාට්ගේ නීතිය යන කෘතියත් එම විදියටම අමුණා තිබ්බ. ඇපල් කොම්පැණියේ iTunes කඩයෙන් ‘ලලනා කෙටිකතා’ පොත නොමිලේ බාගත හැකියාව ඇත්තේ ඇපල් විජට්ටු ඇති අයට පමණයි. මිල දී ගත හැකි ලෙසින් පමණක් ලෝක වෙළඳපොලට ...
ලිංගික අපචාර වලින් ඔබේ දරුවා රැකගන්න -කියවා බෙදා ගන්න අරුණි ශපීරෝ වෙතින් ලිංගික අපචාර වලින් ඔබේ දරුවා රැක ගන්න – කියවා බෙදා ගන්න යැයි ටෙරාන් කරීම් විසින් ලියූ Facebook සටහන පරිවර්තනයයි. පටන් ගැනීම: තමන්ගේ දරුවාට එයාගේ ඇඟ යනු එයා සතු විශේෂ වූ ආරක්ෂා කළ යුතු වූවක් බව කියා දෙන්න. දරුවාට තේරුම් යනවා යැයි සිතෙන වයසේ දී වහාම පටන් ගන්න. සාමාන්‍යයෙන් වයස අවුරුදු තුනේ දී පමණ වැටහීමක් ඇති වෙන්නකි. සරල විදියෙන් පටන් ...