අරුණි ශපීරෝ‍ වෙතින්

ඇපල් සිංහල පොතක්, මේ තවත් අදියරක පටන් ගැන්මයි

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 9, 2013

Book preview

සති කිහිපයක සිට මෙහි දකුණු පැත්තේ “ලලනා කෙටිකතා” නමින් රූපයක් හා සබැඳියක් අමුණා තිබුණ. එය PDF විදියට හැදුනු බාගෙන කියවන්න හැකි කෙටිකතා පොතක්. ඊට පස්සෙ මම ෆෙඩරික් බැස්ටියාට්ගේ නීතිය යන කෘතියත් එම විදියටම අමුණා තිබ්බ.

ඇපල් කොම්පැණියේ iTunes කඩයෙන් ‘ලලනා කෙටිකතා’ පොත නොමිලේ බාගත හැකියාව ඇත්තේ ඇපල් විජට්ටු ඇති අයට පමණයි.

මිල දී ගත හැකි ලෙසින් පමණක් ලෝක වෙළඳපොලට ටැබ්ලට් එකකින් කියවන සිංහල පොතක් ඉදිරිපත් කළ හැකි එකම විජට්ටු දැනට ඇත්තේ ඇපල් වලට පමණයි. ඉතින් මා එය අත්හදා බැලුවා. විකුණන්නට පමණක් නොව නොමිලේ බෙදා හරින්නට ද එහි පොත් රාක්කයට ඇතුල් කරන්න පුලුවන්. මේ පොත නොමිලේ බෙදා හරින්නක්. මම සොයා බැලු තරමින් මෙය තමා ප්‍රථම සිංහල iBook එක.

පොතක් මුද්‍රණාලයකට ගෙන ගිහින් අච්චු ගහනවාට වඩා නම් පහසුයි, ලාබයි, කාර්යක්ෂමයි. වැඩියෙන්ම සතුටක් දැනෙන්නෙ අනේ වැඩේ හරියට කරලා දෙන්නැයි කියල කාගෙන්වත් යදින්න ඕනෑකමක් නැතිඑක!!!!!!!

මෘදුකාංග අඩුපාඩු යාන්තමෙන් තියනවා. ඒත් සිංහල බස අන්තර්ජාලයෙන් ලියන හා කියවන අය තව වැඩිවෙද්දී ඒ අඩුපාඩු කවුරු හෝ හදාවි කියලත් හිතෙනවා.

පොතක් ලොවට දායාද කරන්න හිතේ නළියන ආශාවක් තියෙන අයට කදිම ආධාරකයක් ලෙසින් iBooks Author වැනි විජට්ටු (ඇපල් කොම්පැණියෙ විතරක් නෙමෙයි අනිත් කින්ඩල් වැනි ටැබ්ලට් වලත්) තව දියුණු වේවි. ලෝකය පුරාම ඉන්නා සිංහලෙන් කියවන ජනතාව අතර භාවිතය තවත් වැඩිවේවි. අද ලංකාවේ අය එකිනෙකාට කෙටිපණිවුඩ යවන තරමට අනාගතයේ දවසක ටැබ්ලට් භාවිතය ජනප්‍රිය වුවහොත් එදාට සිංහලෙන් ලියන්නාට මුද්‍රණකරුවන්ට හා ප්‍රකාශකයන්ට පිණ්සෙන්ඩු වෙන්නට නොවී තමන් ලියන නවකතා, කෙටිකතා, කවිපොත් තමන්ගෙ නිර්මාණ කියවන්නට කැමති අය අතරට යවන්න පහසු වේවි!!!!!

තවත් පොත් ගණනාවක් මේ රාක්කයට එකතු කරන්නයි මගේ පරමාර්ථය. එයට සිංහලෙන් ලියන කියවන තවත් අය වැඩි කාලයක් නොගිහින් එකතු වේවා යැයි මගේ පැතුමයි!

12 Responses

Subscribe to comments with RSS.

  1. සෑම් said, on ජනවාරි 9, 2013 at 11:17 පෙ.ව.

    ඊ බුක් දැන් අයි බුක් වෙලා වගේ.

    සාමාන්‍ය පොතක් කියවනවට වැඩිය, ඩිස්ප්ලේ එකක් දිහා බලන් පොත් කියවන එක ඇහැට අපහසුවක්.

    ජය වේවා.

  2. lakmal said, on ජනවාරි 9, 2013 at 11:44 පෙ.ව.

    ෂා මරු වැඩක් , දැන් දැන් නවීන තාක්ෂණය අපේ අය අතටත් ඉක්මනින් එන නිසා , කායත් එක්ක ගොඩ දෙනෙක් ඔතනට එකතුවෙයි . කියවන්න කැමති පොත් සල්ලි වලට ගන්න අමාරු අය කොච්චර ඉන්නවද

  3. දූපත් said, on ජනවාරි 9, 2013 at 12:03 ප.ව.

    පොතක් මුද්‍රණාලයකට ගෙන ගිහින් අච්චු ගහනවාට වඩා නම් පහසුයි, ලාබයි, කාර්යක්ෂමයි උනාට තවමත් එසේ අච්චු ගසා ජනප්‍රිය වූ පොත් පත් තමයි අන්තර්-ජාලයෙනුත් මාකට් වෙන්නෙ.
    ඉස්සරහට නම් කෙලින්ම සිංහල පොතුත් නෙට් එකෙන්ම පබ්ලිෂ් වෙයි.

    සිංහලෙන් ලියවුන pdf ලෙස බාගත හැකි පොත්පත් බොහොමයි. පහුගිය ටිකේ මෙන්න මෙතනින් අරගෙන බණ පොත් ටිකක් කියෙව්ව(http://www.savanatasisilasa.org/Dhamma_Books/). නමුත් අපේ කෙනෙකුට තමන්ගේ පොතක් අන්තර්ජාලයෙන්ම විකුණා මුදල් කරගත හැකි අවස්ථා තවම විරලයි.

    • arunishapiro said, on ජනවාරි 10, 2013 at 7:28 පෙ.ව.

      දූපත්,

      ඔව් මේ “ඉස්සරහ” ගැන හිතලා අද කරපු වැඩක් තමා!!!!

      හැම දෙයක්ම නොමිලේ ලැබෙන කම් බලාගෙන ඉන්න පුරුදු වෙච්ච අයට ඒ නිසාම තමන්ට මුදල් උපයත හැකි මාර්ග ද අහිමි වෙන බව පෙන්නේ නැහැනේ.

  4. Jay said, on ජනවාරි 10, 2013 at 1:03 පෙ.ව.

    ඔබට හර්දයන්ගම සුබපෑතුම්……
    යෝද බලය යෝධ වීර්යය ලෑබේවා…

  5. Amila C Kumarasinghe (@AmilaC_LSM) said, on ජනවාරි 10, 2013 at 6:23 පෙ.ව.

    This is in pdf format right? publish it as a .epub format. then anyone can watch it in any apple device or android device or e-Readers.

    Another thing is i searched “ලලනා කෙටිකතා” in iTunes from my iphone5. but no any results found because iTunes not recognize unicode search. So if you can put the title in English then use unicodes within brackets.

    Cheers . .

    • arunishapiro said, on ජනවාරි 10, 2013 at 7:52 පෙ.ව.

      Amila,

      iTunes Store වලින් දෙන්නයි free download පොත හදලා තියෙන්නෙ iBooks Author format යොදාගෙන. iBooks app යනු epub format එකක්.

      දකුණත පින්තූරයට අමුණන සබැඳියේ ඇත්තෙ එයින් හදපු පොත PDF දාලා. ඒක ඕන සෙල් ෆෝන් එකකින්, පරිගණකයකින් කියවන්න පුලුවන්. කැමති අයට කැමති අය එක්ක බෙදා ගන්නත් පුලුවන්. ඇපල් ලංකාවේ වැඩිය නැති නිසාමයි එය දැම්මේ 😀

      දැනට සිංහල භාෂාවෙන් ලියැවිච්ච ඊ-පොතක් අන්තර්ජාල වෙළඳසැලක් මඟින් බෙදා හරින්නට නම් iBooks විතරයි සහායට ගතහැකි එකම විජට්ටුව. තව විදියකින් කිව්වොත් සිංහලෙන් කියවත හැකි ඊ පොතක් ලියලා එක තැනක සිට ලෝකය පුරා හොරෙන් බාගත නොහැකි ලෙසින් “විකුණන්න” පුලුවන් මේ විදියෙන් පමණයි.

      කෙටිකතා; අරුණි; දෙකෙන්ම iTunes Store වලින් හොයන්න පුලුවන්. ඒත් ඒ එහි දකුණත අගට ම ගිහින් ඇමෙරිකාව, කැනඩාව, ජපානය, පර්මනිය වගේ රටකට කොඩිය මාරු කරගත්තම. ලංකාවේ කඩේ නැහැ. ලංකාවේ කඩේට දාන හැටි ගැන මෙහෙ ඇපල් අයගෙන් අහන්න ඕනෑ.

      පොත හදනා විට meta data සිංහලෙන් ලිවිය යුතු යැයි ඇපල් විසින් ඉල්ලා සිටිය. මේක පර්යේෂණයක් නිසා ඊට ඉංග්‍රීසි දැම්මෙ නැහැ. කියන විදියටම හදලා කොච්චර ඉක්මණින් පිටවේදැයි සොයන්න. අනාගත පොත් වල දී අමිල කියන විදියට දාන්න හිතනවා.

      ස්තූතියි.

  6. nishanthakamaladasa said, on ජනවාරි 28, 2013 at 11:42 ප.ව.

    ඉතාම වටිනා ආරංචියක්.

    • arunishapiro said, on ජනවාරි 29, 2013 at 11:03 පෙ.ව.

      nishanthakamaladasa,

      ඔව්, ලෝකයේ රටවල් 50 ක වෙළඳපොලට වහාම සිංහල පොතක් දාන්න හැකි අවස්ථාවක්.

      එකම අඩුපාඩුව තවම ලංකාවේ ඇපල් කඩේ පොත් රාක්කයක් නැතිකම. ඒ වෙළඳ ගණුදෙනු පලහිලව්ව ඉවර කරගන්න තෙක් අපිට බලා සිටින්න වේවි. ඒ අතර තුර ඇපල් වල භාවිතා වන සිංහල අකුරු තව දියුණු කරගන්නටත්, සිංහලෙන් ibooks author අකුරු සූක්ෂම කරන්නටත් කවුරු හරි ඇපල් එක්ක එකතු වේවි කියලා බලාගෙන ඉන්නෙ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න