අරුණි ශපීරෝ‍ වෙතින්

ඩෙල්මාර්වා බයික් සතිය

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 19, 2012

ඩෙල්මාර්වා යනු ඩෙලවායර්, මේරිලන්ඩ් සහ වර්ජීනියා යන ප්‍රාන්ත තුනෙන් හැදෙන අර්ධ ද්වීපයයි. මා ජීවත්වෙන්නේ එහි ඩෙලවෙයාර් සහ මේරිලැන්ඩ් ප්‍රාන්ත යාවෙන හරියේ මුහුදට ආසන්නයෙනි.

ඩෙල්මාර්වා බයික් සතිය පසුගිය ඉරිදා අවසන් විය. නොයෙකුත් සංගීත සංදර්ශන, තරඟ හා බයික් සවාරි බොහොමයක් පිරි ඒ දින කිහිපයේ දී බර බර ගා ඇදෙන බයික් හඬ නිසා “සන්ස් ඔෆ් ඇනාකි” අය පළාත අරක් ගෙන ඇතැයි දැනුණි. දිග රුවුල්, අත පයේ සම දකින්නට බැරි තරම් පිරි පච්ච කෙටිලි සහ අනේක විධ හම් කබා මෝස්තර බොහොමයක් ද දැක ගන්නට ලැබුණි.

බයික් වලට අවශ්‍ය කොටස් හා වෙනත් ඒ හා යන විච්චූර්ණ දෑ අලෙවි කරන කුඩාරම් වලට වෙන් වූ තැන් ද විය. අන්තර්ජාලයෙන් ඕනෑම බඩුවක් ගෙදරට ම ගෙන්වා ගත හැකි යුගයක ඔවුන්ගේ උත්සාහය කෙතරම් සාර්ථක වුවා දැයි නොදනිමි. වැඩි දියුණු කරගත යුතු කුසලතාවයක් සොයා ගතිමි. එනම් ‘ඇක්ෂන් පින්තූර’ ගන්නට පුහුණුව වහාම පටන් ගැනීමයි!!!

මුහුදු නගරයේ බියර් කූඩාරමක බියර් විකුණූ කෙල්ලක් එක දවසක ටිප් පමණකින් ඩොලර් නවසියයක් සොයාගත් බව සතුටින් කීවාය. බියර් මතින් බයික් පදවන්නට තහනම් නිසා පොලිස් නිලධාරීන් ද බහුලව සිටියහ. කිසිවෙක් අනතුරකට පත් වූ බවක් අහන්නට නොලැබී බයික් සතිය නිමා වීම සතුටට කාරණයකි.

මේ ලංකාවේ දී බයික් වලට ආසාව තිබ්බ කාලේ ගත්තු පින්තූරයක්.

18 Responses

Subscribe to comments with RSS.

  1. Amarasinghe Sujatha said, on සැප්තැම්බර් 19, 2012 at 6:23 පෙ.ව.

    ඔයත් ගියාද අක්කෙ?

  2. ලක්මාල් said, on සැප්තැම්බර් 19, 2012 at 1:08 ප.ව.

    ෂා මරු බයික් ටික, ඔක්කොම එන්ජින් කැපෑසිටි එක වැඩි එව්වා, ගොඩක් එව්වා හාර්ලි ඩේවිඩ්සන් නේද, අපි කවදා ඔව්වා පදින්ඩද, ගන්න සල්ලි තියන කෙනෙක්ට උනත් පාරේ පදින්ඩ තහනම්නේ, අඩුම තරමේ තාත්තා පලාත්සභාවක මන්ත්‍රී කෙනෙක්වත් වෙන්න ඕන.

    • arunishapiro said, on සැප්තැම්බර් 20, 2012 at 7:45 පෙ.ව.

      ලක්මාල්,

      ඔව් හාර්ලි ඩෙවිඩ්සන් ප්‍රිය කරන අය වැඩිය හිටියා තමයි. මුළු ලෝකයේ ම ආණ්ඩු තහනම් ගෙන එන්නෙ ඒවා ජනතාවගේ ආරක්ෂාවට දාන ඒවා කියලයි. ඒත් .. ඇත්තට ම ලෝක ජනතාව ආරක්ෂා කරගන්න ඕනෑ ඒ ආණ්ඩු වල ඉන්නා නීති ගෙනෙන අයගෙන්.

      ඩෙලවෙයාර් වල හෙල්මට් පළඳින්නත් නීතියෙන් අවශ්‍ය නැහැ. ඒත් මේරිලැන්ඩ් හා වර්ජීනියා වල එය අවශ්‍යයි.

  3. dishan83 said, on සැප්තැම්බර් 19, 2012 at 2:03 ප.ව.

    Harley-Davidson වර්ගයෙ බයික් වැඩිපුර යොදා ගන්නවා නෙ වෙනම් සංවිදාන තියෙනවා නෙ

    • arunishapiro said, on සැප්තැම්බර් 20, 2012 at 7:47 පෙ.ව.

      dishan83,

      ඔව් ඒ ඒ බයික් නිෂ්පාදනකරුවන්ගේ රැළි හා උත්සව වෙනම පැවැත්වෙනවා. මේක ඕනෑම බයික් වර්ගයක් පදින අයට එකතු වෙන්නට ගෙනා උත්සවයක්.

  4. buddhiprasadh said, on සැප්තැම්බර් 20, 2012 at 1:01 පෙ.ව.

    91 ශ්‍රී තැපැල් නයින්ටියක් අපටත් තිබුනා.

  5. wicharaka විචාරක said, on සැප්තැම්බර් 20, 2012 at 3:15 පෙ.ව.

    පොහ්……බලනකොට අරුණිත් පරණ බයිසිකල් කාරියෙක්නේ.
    ඔක්කොම විච්චුරන වැඩ කෑලි දාපු හාර්ලි ඩේවිඩ්සන් එකක් ඩොලර් කීයක්‌ විතර වෙනවද?

  6. ravi said, on සැප්තැම්බර් 20, 2012 at 5:26 පෙ.ව.

    / බියර් මතින් බයික් පදවන්නට තහනම් නිසා… /

    මෙතන මතින් කියන්නෙ ” පිපි මල් මතින් පියමංකලෝ ……” ගීතයෙ මතින් කියල යෙදෙන අර්ථයෙන්ද අරුණි නැත්නම් D.U.I. වල යෙදෙන අර්ථයෙන්ද? 😀 😀

  7. Chandi said, on සැප්තැම්බර් 20, 2012 at 11:23 පෙ.ව.

    මම ජීවිතේට එකම එක පාරයි බයික් එකක නැගල ගියෙ. අපි ලංකාවට ආව අලුත මොටර් බයික් එකක් අපිට තිබුනෙ. ඒක චැලියක්. අපේ මහත්තයා අපේ ඇනිවසරි දවසක ගොල්ෆේස් ගියා එකෙ මාවත් නග්ග ගෙන. ඒදයින් එදාමයි කවදාවත් මාව ඒකට නග්ග ගත්තෙ නෑ. ඇයි? ඒක හැරවෙන හැරවෙන පැත්තට මම බයටම කරේ එල්ලිලා තව ටිකෙන් දෙන්නම මහපාරෙ මිය යන්ට තමා වෙන්නෙ. D

    • arunishapiro said, on සැප්තැම්බර් 20, 2012 at 11:55 පෙ.ව.

      Chandi,

      අයියෝ චාන්දි අක්කා, එහෙම එල්ලිලා යන එකෙන් තමයි ගමනේ රස වැඩිවෙන්නෙ. හැබැයි ඇත්තටම බය වැඩි නම් ඉතින් භයානකයි තමා ගමන. 😀


ප්‍රතිචාරයක් ලබාදෙන්න