දීර්ඝායුෂ හා සමෘද්ධිය ලැබේවා!!!! අරුණි ශපීරෝ වෙතින් මේ අත්වැසුම දැක්කෙ REI කඩේට ගියාම. සීත කාලයේ එළිමහනේ සිටිය දී අත්වැසුම් ගලවන්න සිද්ධ වෙනවා multi-touch interface ඇති ස්මාට් ෆෝන් පාවිච්චියට. නිතර ගලවන දාන කරදරේ වගේම ඇඟිලි අයිස් වගේ සීතල වෙනවා පණිවිඩ කියවන්න යවන්න වැඩි කාලයක් ගියොත්. මේ අත්වැසුම් වල මහපටැඟිල්ල සහ වෙදැඟිල්ල අගිසි හැදිලා තියෙන්නෙ ඒ ෆෝන් පාවිච්චියට අත්වැසුම දාගෙන කිරීම පහසු විදියට. ඉතින් එහෙම ෆෝන් හදපු අය ...
අවදානමයි: උණු පානය උණුයි!!!!! අරුණි ශපීරෝ වෙතින් Coffee Quotes | Forward this Picture ඔබ සුවිශේෂී පුද්ගලයෙක්. ඒ කියන්නෙ ඔබට සුවිශේෂී වූ දේවල් ඒ ලෙසින්ම පිහිටා ඇති වෙන කිසිවෙක් මේ ලෝකයේ නැහැ. ඔබේ වර්ගයා අතර දකින්නට ලැබෙන විවිධ ලක්ෂණ ඔබ තුලින් දකින්නට ලැබුණත් ඒවා සංකලනය වී ඔබ හැදී ඇත්තේ ඔබටම වූ සුවිශේෂී ලෙසකින්. එය ඔබ පිළිගත්තේ නැති පමණින් අසත්‍යයක් නොවන්නකි. ඔබේ දිවට යම් රසයක් දැනෙන්නේ ඔබට සුවිශේෂී ...
ඇත්ත සුනිලා අබේසේකර කවුදැයි අමතක නොකරමු අරුණි ශපීරෝ වෙතින් පින්තූරය: බීබීසී සිංහල වෙබ් අඩවියෙන් අයෙක් මිය ගිය පසු එයා ගැන කිසිත් වරදක් කියනවාට බහුතරයක් අකමැති වෙති. සත්‍යය සොයා යන ජීවිත ගමනේ දී බහුතරයක් අකමැති දේවල් හෙළිදරව්/මතක් කරන්නට මට පැකිළීමක් නැත. පසුගිය දින කිහිපයේ සුනිලා අබේසේකර ගැන පළ වූ එක පැත්තක් පමණක් කියන අතීත ආවර්ජනා කියවද්දී නළියන මගේ සිත දමනය කරගැනීම බෙහෙවින් අපහසු බව අවසානයේ දී මට පසක් විය. මිය ...
The Goddess Diaries අරුණි ශපීරෝ වෙතින් “දිව්‍යාංගනාවන්ගේ දිනපොත්” නමින් නර්තන දර්ශනයක් පැවතියේ පසුගිය දිනයෙක ය. ඒ ලිංගික අපචාරයන්ට සහ ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරු වූ කාන්තාවන්ගේ සත්‍ය කතා හෙළි කරන්නට ය. සත්‍ය කතාවන් ඇසුරින් ආත්මගත භාෂණයෙන් (monologue), නර්තනයෙන් හා සංගීතයෙන් නරඹන්නාට සමාජයේ නොදකින පැත්තක් ඔවුන් පෙන්වූහ. දර්ශනයෙන් එකතු වූ මුදල් ඔවුන් දුන්නේ Victims of Violence Fund වෙත ය. නර්තනය හදාරන සිසුවියන් හයක් ඊට නර්තනයෙන් දායක වූහ. ඒ අතර ...
මහා පරාක්‍රමබාහුගේ ආර්ථික ප්‍රතිපත්ති: අද ඉගෙන ගත හැකි පාඩම් එහි තියෙනවා ද? අරුණි ශපීරෝ වෙතින් ඩබ්ලිව්. ඒ. විජේවර්ධන ලියන ලද Economic Policies of Parakramabahu the Great: What lessons are there for today? ලිපියේ සිංහල පරිවර්තනයයි. ****** ලංකා ඉතිහාසයේ රන්වන් යුගය මහා පරාක්‍රමබාහු නොහොත් පළමුවැනි පරාක්‍රමබාහු රජතුමාගේ පාලන සමය, ලංකා ඉතිහාසයේ රන්වන් යුගය සේ එවක දී සැලකිණ. ඒ ඔහුගේ පාලන සමයේ දී ඔහු රටට ගෙනා අතුල්‍ය සමෘද්ධිය නිසයි. පරාක්‍රමබාහු රජතුමා සිංහාසනයට පත් වූයේ 1153 දී ...
අච්චාරු කඩේ -Achcharu Kadé අරුණි ශපීරෝ වෙතින් ලියාගෙන යන සටහන් වලින් පොඩි විරාමයක් ගන්න හිතුව අච්චාරු කඩේ ගැන ලියන්න. පටන් අරගෙන වසරක් සපුරා නැති අච්චාරු කඩේ කියන්නෙ සෙනසුරාදා උදේට රේස් කෝස් එකේ වාහන නැවතුම්පොළේ කෑම විකුණන, ගෙනියන්න දෙන සහ ඕඩර් කළාම කෑම ළඟටම ගෙනැත් දෙන ව්‍යාපාරයක්. මම දැක්කෙ මුහුණුපොතෙන්. එයාල කවුද කියල මම පුද්ගලිකව දන්නෙ නැහැ. ටික කාලයක් තිස්සෙ එයාල දාන පින්තූර බල බල මම මෙහෙ ...
2012 සර්කිට් ඔෆ් ඇමෙරිකා දිනූ ලුවිස් හැමිල්ටන්ට ජයවේවා!!!!!!! අරුණි ශපීරෝ වෙතින් ලුවිස් හැමිල්ටන් මගේ ප්‍රියතම F-1 ධාවන ශූරයා බව කිහිප වතාවක් මා මෙහි ලියා ඇත්තෙමි. ඔහු ඇමෙරිකාවේ දී ජයග්‍රහණය ලැබීම තරම් වෙන සතුටක් අද නැත!!!!!!! අද ඔස්ටින්, ටෙක්සාස් හි පැවැත්වුනේ අතුරු සිදුරු නැතිව පිරුණු සෙනඟක් උද්දාම කරවන තරඟයකි. තරඟය දිනූ අයට දෙන බේස්බෝල් කැප් වෙනුවට මෙදා ඔවුනට කව්බෝයි තොප්පි ලැබිණ. තරඟ පිටිය අක්කර 375 ක ඉඩමක ඩොලර් මිලියන 400 ක ...
ඉංජිනේරුවන් හා අනුන්ට ප්ලෑන් හදන අය නොදකින දෙයක් අරුණි ශපීරෝ වෙතින් අපේ දැක්ම ප්‍රතිපත්ති මාලාව සකස් වෙන්නේ මාක්ස් සිට මෙතෙක් මාක්ස්ගේ අදහස් සාධාරණීය කරන්නට උත්සාහ ගන්නා සියල්ලන්ම තවමත් අල්ලා ගෙන සිටින මතවාදයෙන්. ඔවුන් සියල්ලන්ටම අනගි පරමාර්ථ ගැන පාරට්ටු බාන්නට හැකිය. එහෙත් ඔවුන් කිසිවෙකුට ඒවා ඉෂ්ට කරගත හැකි ආකාරය පහදන්නට තවමත් නොහැකිය. ශ්‍රමිකයා සහ ප්‍රාග්ධන හිමියා හැමදාම අරගලයක ගැටෙනු ඇතැයි කියමින් ශ්‍රමිකයාගේ නොවැළැක්විය හැකි ජයග්‍රහණය උදාවන සමාජවාදී සමාජයක් ගැන සිහින මවන ...
ඇමෙරිකාවේ ශ්‍රේෂ්ඨතම ඇන්ටි-මොනොපොලිස්ට් වූ කොරනේලියස් වැන්ඩබිල්ට් අරුණි ශපීරෝ වෙතින් 1800 ගණන් වල මුල් කාලයේ යාන්ත්‍රීකරණයට භාජනය වූ හුමාලයෙන් දුවන නැව් කර්මාන්තයට ආණ්ඩුව මැදිහත් වීම නිසා දේශපාලන ව්‍යවසායක වූ හා වෙළඳපොල ව්‍යවසායක වූ යැයි දෙකොටසක් බිහි වූහ. එවක ලොව ප්‍රමුඛයන් වූ බ්‍රිතාන්‍යය හා තරඟ කරන්නට නම් දේශීය අයට සහනාධාර දී රටේ ව්‍යාපාර නඟාලිය යුතු යැයි කට්ටියක් කීහ. අනෙක් කට්ටිය කීවේ අපි තවම අලුත් රටක්. පොඩ්ඩක් ඉඩදෙන්න මෙයාලට තමන්ගේ දක්ෂතා පෙන්වන්න ...
දැනුම සහ මතිය අතර වෙනස නොදන්නා විද්වතුන් සහ සමාජය අරුණි ශපීරෝ වෙතින් විද්වතා නොහොත් intellectual ගැන ගොඩක් ඉස්සර ලිව්වා. කෙටියෙන් කිව්වොත් අපි විද්වත් යැයි අදහස් කරන්නෙ අදහසක් නිර්මාණය කරන කෙනෙක්ව. එයින් අදහස හරි ද වැරදි ද කියා කියැවෙන්නේ නම් නැහැ!!! නමුත් සමාජයේ හුරුව විද්වත් අයෙක් කියන අදහස් නිවැරදි යැයි සොයා නොබලා පිළිගැනීම. සමහර විට ඉතා ඈත අතීතයක, මුළු ලෝකයේ හැම පැත්තකින් ම දකින්න තිබිච්ච ලක්ෂණයක් මීට සාධක වෙන්න පුළුවන්. ඒක තමයි ...
මෛත්‍රිය අපෙන් පටන් ගනිමු අරුණි ශපීරෝ වෙතින් අතිශයෙන් උතුම් ධර්මයක් යළිත් අපට මතක් කර දෙන්නේ ගල්කන්දේ ධම්මානන්ද හිමියන් විසිනි. මෙහි අවසානයේ “පවුලක් ඇතුලේ ප්‍රශ්නයක් විසඳා ගන්නෙ නැහැ ආයේ කවදාවත් මුහුණ බලන්න බැරි වෙන විදියට ගහ මරා ගන්න තත්වයෙන්,” යන මේ හිමියන්ගේ වාක්‍යය කොතරම් අසීරු වූ කටයුත්තක් දැයි දන්නා අය පමණක් පවුලක ඉන්නවාට වඩා පිරිසක් එකතු වී හැදෙන සමාජයේ දී එය කොතරම් දුෂ්කර දැයි ද දනිති. එහෙත් ...
වෙළඳ හොරුන් ගෙන් බේරෙන්න යැයි ලෝක හොරු පත් කර ගැනීම අරුණි ශපීරෝ වෙතින් සිංහලෙන් කියවන්නාගේ සිත්වල පැල පදියම් වී තිබෙන්නේ වෙළෙන්ඳන් හොරකම් කරන්නේය ආණ්ඩුව පාරිභෝගිකයා ආරක්ෂා කරන්නේය යන දෝෂ සහගත චින්තනයයි. හොරුන් වනාහී හැම ක්ෂේත්රයකම ඉන්නා බව හා ඔවුන් සහමුලින් නැති කර දැමිය නොහැකි බව නොදකිති. හොරු අල්ලන්නට යැයි කියා පත්කර ගන්නා ආණ්ඩු සාධාරණයක් කරනවා යැයි කියමින් දුප්පත් ජනතාවගේ පොකැට්ටුවට විදින බව දකින්නේ නැත. පල් හොරු කන්ද නමින් ලබුගම වතුයායේ ස්ථානයක ආදී ...
ට්‍රාන්ස්-සයිබීරියන් ඔකෙස්ට්‍රා නම් ඇමෙරිකන් රොක් සංගීත කණ්ඩයාම අරුණි ශපීරෝ වෙතින් ට්‍රාන්ස්-සයිබීරියන් ඔකෙස්ට්රාව මිනිස් කුසලතාවයන් විදහා පාන්නකි. 1993 දී පෝල් ඕ’නීල් විසින් ආරම්භ කරන ලද TSO සංගීත කණ්ඩායම මිලියන 9 කට වඩා සංදර්ශන ටිකට් පත් විකුණා ඇති අතර මිලියන 8 කට වඩා සංගීත තැටි විකුණා ඇත. එතෙක් තිබි සංගීතයෙන් නව මගක යෑම පමණක් නොව එතෙක් තිබි සංගීත සංදර්ශන වලින් ද නව මගකට පිවිසි නියමුවෝ හැටියට ඔවුන් සැලකේ. මේ සංගීත කණ්ඩායම ...
කැමැත්තෙන් එකඟ වූ ගිවිසුමකින් කැමැත්තෙන් අයින් වෙන්න හැකියි අරුණි ශපීරෝ වෙතින් නිදහස් අරගලය දිනාගත්තාට ඇමෙරිකානුවන්ට වැටහුනේ තමන් සෙසු යුරෝපය සමඟ මිලිටරි දැනුමෙන් කිසිසේත්ම සමාන තත්වයක නොවන බවයි. විශේෂයෙන් ම සියවස් ගණනාවක් පුරා යුද්ධයන් හි නිරත වූ බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය අසලකටවත් එන යුද දැනුමක්, පුහුණුවක් හෝ අත්දැකීම් ඇමෙරිකානුවන්ට නොතිබුණි. එසේම යුද වියදම් දරන්නට ෆෙඩරල් භාණ්ඩාගාරයක් ද නොතිබුණි. රටේ අගනුවරක් හෝ ෆෙඩරල් ආණ්ඩුවට නිල කාර්යාලයක් නොවිණ. නිදහස් ඇමෙරිකාවේ උතුරු අත්ලාන්තික් වෙරළබඩ බ්‍රිතාන්‍ය ...
නිදහස නම් කාටවත් හිංසාවක් නොවන තෝරා ගැනීමකට බාධක නැතිවීමයි අරුණි ශපීරෝ වෙතින් මිනිසා ගන්නා සියළු තීරණ තෝරා ගැනීමකින් සිද්ධ වෙන්නකි. තෝරා ගැනීම් කරන මිනිසා විවිධ භෞතික භාණ්ඩ සහ සේවා අතර පමණක් සිය තීරණ පදනම් කර නොගනියි. සියළු මිනිස් අගැයුම් ද මිනිසාගේ තෝරා ගැනීම් වලට පාත්‍ර වෙති. සාක්ෂාත් කරගන්නට අදහස් කරන සියළු ඉලක්ක, ඒ සඳහා ගන්නා සියළු මාර්ග, සියළු භෞතික හා අධ්‍යාත්මික වාදපද (issues), උත්කෘෂ්ට වූව සහ තුච්ඡ වූව ද, උතුම් වූව ...
නඩු අහන්නයි නඩු කියන්නයි එකවර බැහැ -10 වැනි ෆෙඩරලිස්ට් රචනාව අරුණි ශපීරෝ වෙතින් [10 වැනි ෆෙඩරලිස්ට් රචනාවේ මුල් කොටස මෙතැනින් කියවන්න.] “නීති සම්පාදනයේ දී කිසිම පුද්ගලයෙකුට තමන් පෙනී සිටින්න වෙනුවෙන් විනිශ්චය කරන්නට ඉඩක් නොලැබේ. මන්ද එහි දී ඔහුගේ කැමැත්ත, නිශ්චිතවම ඔහුගේ පක්ෂභජනය ඔහුගේ විනිශ්චයට බලපාන නිසා එහි දී ඔහුගේ අවංකත්වය දුෂණය කරනු ඇත. විනිශ්චයකරුවන් හැටියත් සහ නඩු කියන්නන් හැටියටත් දෙකින්ම එකවර පෙනී සිටින්නට කල්ලි වල අයට ඉඩදිය නොහැකි ඊටත් වඩා වැදගත් හේතු ...
ජන ගැල්ම නිසා වෙනස් වූයේ රටේ වැසියන් ද? සංක්‍රමණිකයන් ද? අරුණි ශපීරෝ වෙතින් ආගමනය නම් immigration නොහොත් ලතින් migratio වලින් එන, උපන් රටෙන් බැහැර වී ගොස් වෙනත් රටක පදිංචි වීම ය. විගමනය නම් emigration නොහොත් පදිංචිව ඉන්නා පළාතෙන් කැමැත්තෙන් පිට වී යෑම ය. සංක්‍රමණිකයා නොහොත් migrant උපන් රටෙන්, පදිංචි වී ඉන්නා රටෙන්, බැහැරකට යයි. මා වැනි අයෙක් තනිවම උපන් බිම හැර දා යෑම හෝ ඉන්නා තැනින් වෙනතක පදිංචියට යෑම එතරම් වැදගත් කමක් ...
විකෘති ආශාවන් ඇති මානසික ලෙඩ්ඩු අරුණි ශපීරෝ වෙතින් “සිකුරු මාරුව නිසා ස්ත්‍රී දූෂණ වැඩි වේ” යන ලංකා ගොසිප් නිව්ස් කියපු විදියට සිකුරා මාරු වෙච්ච නිසා වෙන්නැති මේ වසංගතය පටන් ගත්තෙ. ඒ ඡ්‍යෝතිශ්ශාස්ත්‍රඥයා, ප්‍රතිකාර ලබා දිය යුතු පිස්සන්ව ග්‍රහ මාරුවක් නිසා ‘විය හැකි’ දෙයක් ලෙස සාධනීය කරන්නට යනවා. මේ බීජය ඵල ලා දැන් උස්ව වැවෙමින් යන්නේ මැතිවරණය අත ළඟට එද්දී!!!! මිනිස්සු තමන්ගේ වගකීම් බාරගන්නටත් යුතුකම් ඉටුකරන්නටත් පටන් ගන්නේ ...
කුසගිනි කුරුල්ලෝ අරුණි ශපීරෝ වෙතින් ලොව සියල්ලන්ට ම සෞඛ්යෙන් පිරි, නිදහස් වූ සහ නිර්මාණශීලී ජීවිත ගෙවන්නට හැකිය. එය කිසිවෙක් ලවා බලහත්කාරයෙන් කරන්නට බැරි ය. කැමැති අයට කැමත්ත සොයා යන්නට ඉඩක්, හැමෝටම එක හා සමාන අන්දමින් හැකියාව උරගා බලන්නට වාතාවරණයක්, යම්කිසි සමාජයක ඇත්නම්, එවැනි සමාජයක ආර්ථිකය යහපත් වෙයි. පරිසරය රැකෙයි. මැල්තීසියානු අසුභවාදීන් නන් වෙසින් ඉතිහාසය පුරා කාලයෙන් කාලයට බිහි වී ආර්ථික සහ පරිසර විනාශය ගැන ...
ඇමෙරිකාවේ දුප්පතුන් vs යුරෝපීය ජනතාව අරුණි ශපීරෝ වෙතින් සුදු අප්පුහාමි ජර්මනියේ ගමක පදිංචිව සිටිය දී දිනක් ලොකු සවලයක් (shovel) රැගත් ගමේ කෙනෙක් නිවසට ආවේ ය. “අහවලා මිය ගියානේ” ඔහු කීය. “මගේ කණගාටුව” සුදු අප්පුහාමි පිළිතුරු දුනි. වයෝවෘද්ධ ඒ ගමේ සීයා මිය යන දවස වැඩි නුදුරක නොවූ බව ගමේ සැවොම දැන සිටියකි. පණිවිඩය ගෙනා පුරුෂයා පණිවිඩය දී තවමත් දොරකඩ හිටගෙන ය. සුපුරුදු ඇමෙරිකන් හැදියාවෙන් සුදු අප්පුහාමි හිතුවේ අවමංගල්‍යයට ...