දෙවැනි තෙවැනි පුරවැසිකම් අරුණි ශපීරෝ වෙතින් දෙවැනි තෙවැනි පාස්පෝට් ඇති අය අද ලොව බහුල ය. ඇමෙරිකන් පුරවැසියෙකුට වෙනත් රටක පුරවැසිකමක් ලබා ගැනීම නීතියෙන් තහනම් නැත. වෙනත් රටක ඉපදී ඇමෙරිකාවේ පුරවැසියෙක් වූ අයෙකුට තම රටට ආපසු ගොස් පදිංචි වී කිසිදාක නැවත ඇමෙරිකාවට පය තිබ්බේ නැති වූවාට ඇමෙරිකන් පුරවැසිකම අහෝසි වී නොයයි. භූමියේ උපන් පමණින් පුරවැසිකම ලැබෙනා සංවර්ධිත රටවල් දෙකකි: ඒ ඇමෙරිකාව සහ කැනඩාවයි. අනිත් රටවල් බොහොමයක ...
පරිස්ථානීය දැනුමට පරිස්ථානීය විසඳුම් බලය අරුණි ශපීරෝ වෙතින් දැනුම ලොව විසිර පවතින්නකි. සියල්ල දන්නා මාස්ටර් මොළයක් නැති නිසා මිනිසාගේ පැවැත්මට හා උන්නතියට පරිස්ථානීය දැනුම (local knowledge) අත්‍යාවශ්‍ය වේ යැයි පෙන්වා දුන්නේ ෆෙඩ්රික් හයෙක් විසිනි. කොමියුනිස්ට් හා සමාජවාදී ක්රමයන් අසාර්ථක වූයේ මෙම පරිස්ථානීය දැනුමට වැදගත්කමක් නොදෙන ලෙසින් බලය (force) යොදාගෙන ස්ථාපිත වූ මධ්‍යම සැලසුම් ක්‍රමයෙන් ගැලවිය නොහැකි දුර්වලතාවය නිසයි. පරිස්ථානීය දැනුම නම් සමාජයක හැම තලයකම විසිර සිටින ඒකීය ...
රණසිංහ ප්‍රේමදාසට කියන්න බැරි වූ කොටස සජිත්ට ලියමි අරුණි ශපීරෝ වෙතින් මම ලංකාවේ සිටිය දී ඇමෙරිකාවේ සේ වැඩ කරන්නට ගියෙමි. මට තිබි කුසලතාවයන් පෙන් වූ කල මට තැනක් ලැබේ යැයි මම සිතුවෙමි. මා හා එකට තරඟ කළ අනිත් අයට වඩා වැඩි දක්ෂතා පෙන් වූ බැවින් මා ඉල්ලා සිටියේ කාන්තාවක් නිසා පිරිමියාට සේ සම පඩි නොවේ. මට තරම් නොහැකි ගැහැණු සහ පිරිමි දෙගොල්ලන්ටම වඩා වැඩි පඩියකි!!!! ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ කළුතර ...
යදම් ගැල වූ ජැන්ගෝ – ඩී සයිලන්ට් ය අරුණි ශපීරෝ වෙතින් 2012 දෙසැම්බරයේ ඇමෙරිකන් සිනමාවට එකතු වූ Django Unchained (2012) චිත්‍රපටිය කුවෙන්ටින් ටරන්ටිනෝ නිෂ්පාදනයකි. තතු දන්නා අයට දැන් කියැවීම අවසන් කර චිත්‍රපටිය රසවිඳිය හැකියි. ඉතිරිය තතු නොදන්නා අයට. කුවෙන්ටින් ටරන්ටිනෝ යනු ඔහුටම ආවේනික ශෛලියකට චිත්‍රපටි නිපදවන අති දක්ෂ සිනමාකරුවෙකි. “යදම් ගැල වූ ජැන්ගෝ” බටහිර වීරකාව්‍ය සිනමා ප්රබන්ධයකි. එහි සත්‍ය සමාජ ලක්ෂණ සහ ප්‍රබන්ධය රසවත් කරන්නට යොදා ඇති පසුබිම තමන් විසින් ...
බල්ලාගේ නැහැය අරුණි ශපීරෝ වෙතින් මිනිසාට වඩා ඉතා සූක්ෂම වූ නැහැයක් ඇත්තේ බල්ලාට. ඌට එක නාස් පුඩුවක් ස්වාධීනව සොලවන්න පුළුවන්. ඉස්සරහ තියන නාස් පුඩු වලින් හුස්ම අරගෙන ඒ දෙපැත්තෙ තියන පටු විවර වලින් හුස්ම පිටකරන්න පුළුවන්. ඒත් ඌ දන්නෙ නැහැ අනිත් සත්තු හුස්ම ගන්නෙ පිටකරන්නෙ කොහොම ද කියන එක. අපිට සුප් එක මාළු ද එළවළු ද කියන්න පුළුවන් වෙද්දී ඌට ඉව අල්ලලා ඒකෙ තියන ...
මිනිස් ජීවිත සාර්ථක කරන එකම සමාජ සංස්ථාව අරුණි ශපීරෝ වෙතින් ධනවාදීන් කියා ගන්නා අයත් සමාජවාදීන් කියා ගන්නා අයත් පිල් දෙකකට බෙදී සිටින ආකාරය අද ලෝකයේ හැම පැත්තකින් ම පාහේ දකින්නට ලැබේ. මේ දෙපැත්තේ ම අභිප්‍රාය නම් මිනිස් වර්ගයාගේ සමාජ හා ආර්ථික සංවිධානය තමන්ගේ සැලසුමෙන් සාධනයයි. අද ධනවාදියා සහ සමාජවාදියා අතර වෙනස කුමක් දැයි තමන් ධනවාදීයි හෝ තමන් සමාජවාදීයි කියා ගන්නා අයත් නොදන්නා තරමට විකල් වී ඇත. අද දෙපැත්තම උත්සාහ ...
ඇමෙරිකන් නිදහස් විප්ලවය vs ප්‍රංශ නිදහස් විප්ලවය අරුණි ශපීරෝ වෙතින් 18 වැනි සියවස අග දී ඇමෙරිකන් නිදහස් විප්ලවය (1763-1776) දියත් කළ යටත්විජිත ඇමෙරිකාවේ වැසියන් බ්‍රිතාන්‍යය ආණ්ඩුවෙන් අයින් වූවා යැයි නිදහස් ප්රඥප්තියක් අත්සන් කළේ 1776 දී ය. එයින් ඇමෙරිකාන්කාරයන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ප්‍රජා පීඩක පිළිවෙත් සහ බදු හා වෙළඳ රෙගුලාසි වලින් ගැලවුනහ. ජනතා නියෝජනයෙන් වූ ප්රජාතන්ත්රවාදී ආණ්ඩු ක්‍රමයක්, සීමිත බලතල හිමි ෆෙඩරල් ආණ්ඩුවක්, ප්‍රාන්ත 13 කට ස්වාධීනත්වය ලැබෙන ජනරජයක් ඔවුන් පිහිටුවා ...
වියෙනා, වර්ජීනියාවේ ඇම්ෆෝරා අවන්හලේ රසැති බ්ලින්ට්සස් අරුණි ශපීරෝ වෙතින් පැය 24 පුරාම උදේ, දවල් හා රාත්‍රී ආහාරයන් යැයි සැලකෙන දේවල් වලින් තමන් කැමති වූවක් අනුභව කරන්නට හැකි ඇම්ෆෝරා අවන්හල 1977 සිට පවත්වාගෙන ව්‍යාපාරයකි. වර්ජීනියාව ප්‍රාන්තයයි. වියෙනා යනු මේ 2010 ජනසංඛ්‍යා ලේඛන දත්ත අනුව 15,687 ක් ජීවත්වෙන නගරයයි. වොෂිංටන් දිස්ත්‍රික්කයට ආසන්න බැවින් එහි නොයෙකුත් උත්සව, ජනරැළි වලට එන අය මේ පැතිවල ද සැරිසරන්නහ. එහි ප්‍රථම ස්වදේශී නොවන ජනතාවක් පදිංචි ...
ඇමෙරිකන් බදු අබිරහස අරුණි ශපීරෝ වෙතින් ආණ්ඩුවේ වියදම් පාලනය කරගත නොහැකි ලෙසින් ඉහළ ගොසින් නැත්නම් බුෂ් බදු සහන් මරා දැමීමට කිසිවෙකුටත් උවමනා නොවේ. අයිරා ස්ටොල් විසින් 2012 දෙසැම්බර් 31 වෙනිදා reason අන්තර්ජාල අඩවියේ පළ කරන ලද ලිපියයි. ඉංග්‍රීසියෙන් කියවන්න සබැඳියට කොටන්න. රහස් පරීක්ෂක ප්‍රධානියා තමන්ගේ අත් දෙක දිගු වැසි කබායේ පොකැට්ටු තුලට ඔබමින් ෆෙඩෝරා තොප්පියේ ගැට්ට ඇද්දේය. “අපේ ඉස්සරහ මිනීමැරුමක් තියෙනවා, මහත්වරුණි.” “අයියෝ, අලුත් අවුරුද්ද ...
මෙය හුදු හීනයක් පමණක් නොවෙන්නේ මන්ද? අරුණි ශපීරෝ වෙතින් තිසර අහපු ප්‍රශ්නයකට උත්තර දැම්මට පස්සෙ ඒක තව ටිකක් හදලා සටහනක් විදියට දාන එක හොඳයි කියල හිතුන. ලෝකයේ ධනවාදී අදහස් වලට පුරෝගාමී වූයේ ඇමෙරිකාව. ඒත් ධනවාදයේ සම්භවය ශ්‍රම විභජනයෙන් පටන් ගත් 18 වැනි සියවසේ බ්‍රිතාන්‍යයයි. යුරෝපයට පාත්වෙච්ච මාක්ස්වාදී අදහස් නිසා ඔවුනට වැඩවසම් යුගයේ මතවාදයෙන් ගොඩ එන්න තවමත් නොහැකි වී තිබෙනවා. මාක්ස්වාදයෙන් සෝවියට් රුසියාව බංකොළොත් වුවාට පස්සෙ ධනවාදී ඇමෙරිකන් ආධාරයෙන් ...
හැම සතයකින්ම චන්දය ප්‍රකාශ කරන සුවිශේෂී ප්රජාතන්ත්රවාදී සංස්ථාව අරුණි ශපීරෝ වෙතින් පුද්ගලික දේපල යන්නෙහි සමාජය හඳුනන අර්ථය සහ එහි ආර්ථික ක්‍රියාකාරීත්වය බහුතරයක් විසින් වරදවා වටහා ගන්නා ලද්දකි. වැඩවසම් රදළයෙක් යනු ආක්‍රමණයකින් දේපල අල්ලා ගත්තෙක් හෝ එසේ අල්ලා ගත්තෙකුගේ සහායකයෙකි. එවැන්නා ගේ නිති අරමුණ තමනට සහ තම කල්ලියට යටහත් පහත් ලෙසින් සේවය නොකරන, ඊට අයිති නොවූවන්ට, තමන් කියනා පරිද්දට පිටතින් වෙන කිසිම ආකාරයකින් ජීවිකාව උපයා ගැනීමට ඉඩක් නොදීමයි. එවැනි ප්‍රාථමික සමාජයක ...
හිතේ ලෙඩක් නිසා නිදහසත් වගකීමත් නැතිවෙනවා ද? අරුණි ශපීරෝ වෙතින් ළමා අපචාර වෙනුවෙන් මරණ දණ්ඩනය යළි ක්‍රියාත්මක කරන්නට පටන් ගත යුතු යැයි වාර්තාව පළ වූ පුවත්පතේ ම, දැන් කියන්නෙ ළමා අපචාර වලින් 60% ක් දෙමව්පියන්ට අහුවෙච්ච ආදර සබඳතා වාර්තා වීමයි කියා නීතිපති පාලිත ප්‍රනාන්දු විසිනි. නීතියේ රීතිය කුමක් දැයි වටහා නොගත් කළ, රදළයන් හිස් ගසා, පල්ලියේ වස්තුව උදුරා ගෙන, උරුමයෙන් ඔටුන්න පමණක් නොව හිසත් අහිමි වූ රජෙක් වෙනුවට නැපෝලියන් ...
තෙවැනි උඩ යටිකුරු කරන ලෝකය අරුණි ශපීරෝ වෙතින් තෙවැනි උඩු යටිකුරු කරන ලෝකය (Turning the World Upside Down III) 2006 දී ලන්ඩනයේ Deutsche Bank සඳහා නිර්මාණය වූයේ අනිශ් කපූර් නැමති මූර්ති ශිල්පියා අතින්. 1954 දී මුම්බායි හි ඉපදුන අනිශ් අද ජීවත්වන්නේ ලන්ඩන් හි ය. දැවැන්ත, බරින් ඉතා අධික, මන බන්ඳන, ඇස් පිනවන, කෙසේ ද, කුමක් ද, කොයි ආකාරයෙන් දැයි සිතාගත නොහැකි අපූර්ව නිර්මාණ ලෝකයට ඉදිරිපත් කරන්නට සමත් ...
අනෙකාගේ දේපල අයිතියට ගෞරව කිරීමේ හැදියාව අරුණි ශපීරෝ වෙතින් කියවන්න ලියන්න දැන සිටියාට දේශපාලන සාක්ෂරතාවය ගල් යුගයේ තරමින් ඇතැයි දක්වන කාටූනයක්, ගල් යුගයේ තරමින් දේශපාලන සාක්ෂරතාවය ඇති අයත් බෙදා ගනිද්දී සිනා නොවී සිටිය හැකිද? ලංකාව තුල බහුලව දකින්නට ලැබෙන්නේ එකම පැත්තක අදහස් පොදිබැඳගෙන විරුද්ධවාදීන් ලෙසින් පෙනී සිටින අය පමණි. අනෙක් පැත්තේ අදහස් මොනවාදැයි කියා හෝ දැනසිටින්නේ ඉතාමත් අල්පයකි. යුක්ති සහගත හැදියාව ගැන ඕනෑම සමාජයක පවතින රීති වලට දීර්ඝ ...
බිට්කොයින් අද ඇමෙරිකන් ඩොලර් සහ රත්තරන් මට්ටමට පැමිණ ඇත්ද? අරුණි ශපීරෝ වෙතින් පහසු හුවමාරුවට පමණක් නොව අගය අඩුනොවන තැන්පතු හැටියටත් මෙතෙක් පැවති ඇමෙරිකන් ඩොලර් සහ රත්තරන් වලට එකතු වී සිටින අලුත් තරඟකරුවා බිට්කොයින් නමින් හැඳින්වේ. මහාබැංකු මැදිහත්වීම් වලට ගොදුරු වී සිටින ඇමෙරිකන් ඩොලරයත්, රත්තරන් ආරක්ෂාව සඳහා තෙවැනි පාර්ශවයකට බාර කිරීමට සිද්ධ වෙන නිසා ඇතිවන ගැටළු නිසාත් අද බිට්කොයින් අගය ලෝකයේ වැඩි ප්‍රසාදයට පත්වී ඇති බවක් පෙනී යයි. බිට්කොයින් විකිණෙන මිල වේගයෙන් ...
මිනිස් සබඳතාවයන් පිළිබඳ දර්ශනය අරුණි ශපීරෝ වෙතින් “මිනිසා ස්වභාවයෙන්ම දේශපාලන සත්වයෙක්,” (πολιτικόν ζῷον) යන්න ඇරිස්ටෝටල් විසින් කියන ලද කියමන් අතර ඉතා සුප්‍රසිද්ධ වූවකි. එය උපුටන සමහරු එය ඇරිස්ටෝටල් ඉදිරිපත් කරන ලද්දක් බව නොදන්නවා විය හැකියි. එසේම ඇරිස්ටෝටල් හදාරා නැති අයෙක් එය කුමන සංදර්භයකින් ඔහු ඉදිරිපත් කළේ දැයි නොදන්නවා ද විය හැකියි. පොලිටික්ස් හැදෙන පොලිස් πόλις යන ග්‍රීක වචනයේ අර්ථය නගරයයි. ඇරිස්ටෝටල් ගේ πολιτικόν ζῷον පාඨය මිනිසා ...
උපාධියක් ඇත්නම් රස්සාවක් නැත්නම් ඇමතිට අබ ගෙනියන්න අරුණි ශපීරෝ වෙතින් නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා විසින් රැකියාවක් නැති උපාධිධරයෙක් සිටින නිවසකින් අබ ඇට අහුරක් ඉල්ලූ ප්‍රවෘත්තියක් කියෙව්වෙමි. ඔහු එහෙම කියා ඇත්තෙ අද ලංකාවේ උපාධි සහතික ඇති එහෙත් රස්සා නැති අය දුලබ බව පෙන්වන්නටලු. ඒ ප්‍රවෘත්තියට හොඳටම හරියන පින්තූරය මෙයයි. ඉතින්, තාප්පයක්/බිත්තියක් හැදුවයි කියල ඵලක් තියෙනවා ද?!!!! අනුන්ට වඩා ඉහළ මට්ටමක ඉන්නා අයෙක් වෙතින් ඔහුට වඩා පහළින් සිටින අය පාලනය ...
ප්‍රාග්තන යුගයට යන ලංකාව අරුණි ශපීරෝ වෙතින් මෙය ප්‍රබන්ධයක් දැයි නැද්දැයි සිතාගත නොහැක්කේ “සංසාර ගමනක කතාව” කියා සඳහනක් තිබුණත් සටහන දැනුමක් බෙදන ආකාරයකින් හා අනුගමනය කළ යුතු පිළිවෙතක් සමඟ ලියා ඇති නිසා සහ, ලියන්නාව ශාස්ත්‍රාචාරිණී, මනෝ විද්‍යාවේදී විශ්ව ශක්ති යනාදී හැඳින්වීම් සහ ඡායාරූපයක් ද සමඟ පළවෙන නිසා ඇය උපදේශිකාවක් සේ හැඟෙන සේ ලියා ඇති නිසායි. එසේ හැඳින්වෙන ගංගා සුදර්ශනී, 2014 අප්‍රේල් 22 සඳුදා නවලිය පත්‍රයෙන් ඔබේ ...
යුරෝපීය යුනියනය සයිප්‍රස් තැන්පතු සල්ලි ගන්නට හැදූ තැත වැරදේ අරුණි ශපීරෝ වෙතින් මාර්තු 18 වැනිදාට නියමිත වී තිබුණ හදිසි සැසි වාර පාර්ලිමේන්තු චන්ද විමසීම සයිප්‍රසය විසින් කල් දමා ඇත. යුරෝපීය යුනියනයේ මුදල් ඇමතිවරුන් ණය බරින් ඉන්නා අසල්වැසි ග්‍රිසියෙන් සයිප්‍රසයට ඇති බලපෑම නිසා යුරෝ බිලියන 10 ක සහනාධාර ලබා දෙනු පිණිස ගෙනා එක් යෝජනාවක් වූයේ ඔවුන්ගේ බැංකු වල ඇති තැන්පතු වලින් 9.9% ක් අහිමිකරණයට (forfeit) සයිප්‍රසය කැමති කරවා ගැනීමයි. එහෙත් ඒ තැත ...