ආජන්ටීනාව පොහොසත් රටක් කරන හවියෙර් මිලෙ අරුණි ශපීරෝ වෙතින් ආජන්ටීනාවේ ජනාධිපති ධූරයේ වසරක කාලයක් නියැළීම සටහන් කරන හවියෙර් මිලෙ අපි කලින් දැන සිටි පාඩමක් සැබෑ ලෝකයේ ප්‍රතිඵලවලින් පෙන්වන්නට සමත් වූවෙකි. යළි යළිත් මේ බ්ලොග් අඩවියෙන් ඔබට කියවන්නට ලැබී ඇති ඒ පාඩම නම් රටක් පොහොසත් වෙන්නේ රාජ්‍ය මැදිහත්වීම් අඩුවෙද්දී පමණයි යන්නය. හවියෙර් මිලේ ජනාධිපති වූයේ ආජන්ටීනාව මහත් ආර්ථික අර්බූදයක වැටී සිටියදීය. ආජන්ටීනාව ශතක ගණනාවක් තිස්සේ ආර්ථික අගාධයක පහළටම ඇද වැටෙමින් ...
“නව” අර්ථ ශාස්ත්රයේ අසාර්ථකත්වය අරුණි ශපීරෝ වෙතින් “උප්පරවැට්ටිය තමයි මිල ගණන් ඉහළ යැවීමට කටයුතු කිරීමෙන් සැබෑ වේතන අඩු කිරීම. එතකොට ශ්‍රමිකයන් රැකියාවට බඳවා ගන්නා වැය සේවායෝජකයාට අඩු වෙනවා. අර මුදල් මායාවෙන් ඉන්න සේවකයා එතකොට එයාලගෙ බඩු මිල ඉහළ ගියා කියල ක්ෂණයෙන් වැඩි මුදල් පඩි ඉල්ලන්න යන්නෙ නැහැයි කියල කේන්ස් කිව්ව. බඩු වලට ඉහළ මිල ලැබෙද්දී, වෙනස් නොවූ වේතන නිසා සේවායෝජකයාගේ ලාබ අන්ත දියුණ වෙනවා නැත්නම් ඒක නිර්මාණය ...
පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් වෙනුවෙන් අරුණි ශපීරෝ වෙතින් කළ යුතු මූලික කාර්යය රටේ මූල්‍ය ප්‍රතිපත්ති හරහා රටවැසියාගේ පසුම්බියේ ඇති මුදල් වල අගය අඩු නොකිරීමයි. එය හොරකමකි. රටක් පොහොසත් වෙන්නේ පුරවැසියාගේ පසුම්බියේ ඇති මුදල් වල අගය අනුවයි. මුල්‍ය ප්‍රතිපත්ති හදන්නට දායක වන බොහොමයක් තමනට ලැබුණ අධ්‍යාපනය හේතුවෙන් මේ මූල්‍ය මැදිහත්වීම් නිවැරදි යැයි සිතති. එහෙත්, මෙවැනි මැදිහත්වීම් නිසා අනිවාර්යෙන් ඇතිවන ඛේදනීය තත්ත්වයේ දී, අපි හදන්න ගියෙ පොහොසත් රටක් ඒත් දුප්පත් ...
වමෙන් සහ දකුණෙන් පිළිවෙත් දෙකක සැසඳීමක් අරුණි ශපීරෝ වෙතින් දක්ෂිණාංශ දේශපාලනය ගැන කතාබහේදී ඔහුව හැඳින්වෙන්නේ ටර්ගො (Turgot) යන වාසගමෙන්. ඈන්-රොබට් ජාක් ටර්ගො ප්‍රංශයේ විසූ අර්ථ ශාස්ත්‍රඥයෙකි. රාජ්‍ය තාන්ත්රයේ නියැළුනෙකි. පහළොස්වැනි ලුවි රජු යටතේ පරිපාලකයෙක් ලෙසින් පත්ව සිටියෙකි. 1774 සිට 1776 දක්වා දහසය වැනි ලුවි රජුගේ මුදල් ඇමතිවරයා ලෙසින් කටයුතු කළ අයෙකි. ප්‍රංශ අර්ථ ශාස්ත්‍රයට ප්රාග්ධනය යනු නිෂ්පාදනයේ සාධකයක් ලෙසින් හඳුන්වා දීමත් සහ ආන්තික අගැයුම් ගැන ආර්ථික රචනා ලියූ අයෙකි. ...
අරපිරිමැස්මෙන් රටක ජනතාවට සෙතක් සැලසෙනවාද? අරුණි ශපීරෝ වෙතින් යම් රටක ජනතාවට ඔවුන්ගේ හැකියා සහ කුසලතා ඔවුනට රිසි සේ ඔවුන්ගේ දියුණුවට පාවිච්චි කිරීමට හැකියාවක් ඇත්ද, එවැනි රටක ජනතාවට රජයේ අරපිරිමැස්මෙන් සෙතක් ලැබෙයි. එවැනි ඉඩකඩක් නැති හෝ අඩු රටවල වාසය කරන අයට නම් රටේ පාලකයන් කොතරම් අරපිරිමැස්මෙන් යුතුව කටයුතු කළද ජනතාවගේ ජීවිත තුළ සැලකිය යුතු දියුණුවක් දකින්නට නොලැබේ. ඊට කදිම උදාහරණය අද කියුබාවයි. එපමණක් නොව, යම් රටක පාලකයන් අරපිරිමැස්ම කියා ...
ආයෙත් ලියන්න කාලය ඇවිත් අරුණි ශපීරෝ වෙතින් විවිධ අදහස් දකින්නට ලැබීම ඕනෑම සමාජයක් ඉදිරියට යන සලකුණු පෙන්වන්නකි. විවිධ අදහස් වලට ඉඩ නොලැබී යද්දී සමාජය ආපස්සට ගමන් කරයි. ටික කාලයක් මේ බ්ලොග් ලියැවිල්ලෙන් ඈත්ව සිටියත් මම ලියන අදහස් කියවන්නට තවමත් මෙහි එන අය බොහොමයක් සිටින බව ඉතා සතුටින් දැක්කෙමි. ඉතින් ආයෙත් ලියන්න කාලය ඇවිත්. අවුරුදු 15 ක් තරම් අතීතයක දී මේ බ්ලොග් සටහන් එකතු කරන්නට පටන් ගත්විට වැඩිපුර ...
ප්රජාතන්ත්රවාදය ගොඩනැඟීමේ මුල් පියවරයන් අරුණි ශපීරෝ වෙතින් ශ්‍රී ලංකාවේ පශ්චාත්-යුධ ප්රජාතන්ත්රවාදය ගොඩනැඟීමේ මුල් පියවරයන් 2015-2019: උගත් පාඩම් යන මාතෘකාවෙන් යුතු තොරතුරු රැසකින් පිරි අධ්‍යයනයක් Regional Centre for Strategic Studies ආයතනයෙන් නිකුත් වී තිබේ. ආණ්ඩු ක්‍රමයක් යනු අරාජකත්ව ප්රචණ්ඩත්වය සහ ප්රජාපීඩක ප්රචණ්ඩත්වය යන අන්ත දෙක මැදින් පවතින්නකි. ලංකාව කිසිදු දිනෙක මේ අන්ත දෙකින් එකකට හෝ ඇද වැටී නැති වුවත් රටේ සියළුම ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත බව තහවුරු කරන ...
රජයට පින්සිද්ධ වෙන්න ළමයින්ට කන්න ලැබෙනවා අරුණි ශපීරෝ වෙතින් රජයේ ඉහළ නිලතලයක් උසුලන අයෙකුගේ මාර්ගයෙන් පාසැල් ළමුන්ට බෙදන ආහාර වේලක් සඳහා අනුමැතිය ලබාගැනීමට කලකට ඉහත දී සමත්වීම ගැන මගෙ යාළුවා ඒ අයට පින්දෙමින් කතා කළේය. තම දරුවන්ට ආහාර වේලක් දීමට පවා දෙමව්පියන් අසමත් වන්නේ මෙසේ රජය හරහා බෙදීමට පටන් ගැනීම නිසා යැයි පැහැදිලි කිරීම කොතැනින් හෝ පටන් නොගන්නේ ද ලංකාව අදටත් වඩා අවාසනාවන්ත තත්ත්වයකට පත්වනු ඇත. 1979 දී ...
ණය බර කරගහ ගත් ආණ්ඩුවක් බේරාගන්නට හැකි එකම ක්‍රමය අරුණි ශපීරෝ වෙතින් 17 වැනි සියවසේ දී එංගලන්තයේ එක රජෙක්ගේ හිස ගසා දමා අනෙකාව රටෙන් පළවා හැර තිබුණි. මධ්‍යම පාංතිකයන් වූ ලෙවෙලර්ස් Levellers නමින් තමන්ව හඳුන්වා ගත් පිරිස, ජනතාව සතු අයිතීන් වලට ඇඟිලි ගහන්නට පාර්ලිමේන්තුවට පවා බලයක් නැතැයි කියා සිටි අය වූහ. ආගම ඒකීයපුද්ගලයාගේ හෘදය සාක්ෂිය වේ යැයි ද, රජයට ඒ ගැන කිසිත් සම්බන්ධයක් නැතැයි ද කීහ. ස්වභාවික නිදහසට එරෙහි නිසා තෝරාගන්නා ...
ඉතින් ඊ ළඟට දොයි මයි ද? අරුණි ශපීරෝ වෙතින් සමෘද්ධිය ගෙනෙන ප්‍රතිපත්ති ගැන කතා කරන අයෙක් හෝ පිරිසක් තවමත් දකින්නට නැත. එහෙන් මෙහෙන් “ආර්ථික නිදහස” සහ “නිදහස් වෙළඳපල” යන වචන අහන්නට ලැබුනද ඒවා දොඩන අය ඒ වදන් සැබැවින් විශ්වාස කරන බවක් නොපෙනෙයි. යම් රටක් සීඝ්‍ර ආර්ථික වර්ධනයක් අත්කර ගත්තේ ද, එසේ සිද්ධ වූයේ ඒ රටේ රාජ්‍ය බලයේ අතපෙවීම් ජන ජීවිතයෙන් බෙහෙවින් ඈත් වූ නිසා යැයි පෙන්විය හැකි උදාහරණ ...
බදු ගෙවන ජනතාව යනු කරකියාගත නොහැකි අතදරුවන් නොවෙති අරුණි ශපීරෝ වෙතින් මැයි 16 වැනිදා අගමැති ලෙසින් රනිල් වික්‍රමසිංහ කළ විශේෂ ප්‍රකාශය අවසන් වූයේ හුණුවටයේ කතාවේ අනුන්ගේ දරුවෙක් වඩාගෙන වැල් පාලම තරණය කළ ගෲෂාටත් වඩා වැඩි වගකීමක් තමන් බාරගත්තා යැයි කරන සඳහනෙන්. උද්ගත වී ඇති තත්ත්වය ධනවාදයේ, ගෝලීය ධනපති ක්රමයේ, ධනේශ්වර නිෂ්පාදන ආර්ථික ක්රමයේ යැයි කියන අය මෙන්ම එසේ නොකියන ලංකාවේ සාමාන්‍ය රටවැසියා ද රනිල් වික්‍රමසිංහ යනු සමාජවාදියෙක් යැයි කියා සලකන්නේ ...
රටක් සමෘද්ධිමත් කිරීම දේශපාලකයාගේ අරමුණ ද? අරුණි ශපීරෝ වෙතින් නැත. දේශපාලකයන් ද මිනිසුන් වන බැවින් අනෙක් වෙනත් ඕනෑම පුද්ගලයෙකුට ඇති පරිදි විවිධාකාර වූ අරමුණු ඔවුනට ද ඇත. රටක් සමෘද්ධිමත් කිරීම යනු ඒ විවිධාකාර අරමුණු අතරේ තිබිය හැකි වූ හෝ නොහැකි වූවකි. නමුත් දේශපාලකයෙකු තුළ පවතින ප්‍රධානතම වූ අරමුණ වනුයේ පාලන බලයේ හැකි තරම් කාලයක් සිටීම යන්න සියළු රටරටවල පුරවැසියන්ගේ සිහියෙන් ඉතා පහසුවෙන් ගිලිහී යන්නකි. පාලන බලයේ සිටීමට රටක ...
ලංකාවේ විකල්පය “බොලිවේරියන් මිලීෂියාවක්” වෙයිද?! අරුණි ශපීරෝ වෙතින් වෙනිසියුලාවේ ආර්ථික ව්‍යසනයට මූලික වශයෙන් වරදකරුවන් වනුයේ උගෝ චෑවේස් සහ නිකොලාස් මධූරෝ යැයි ද, ඒත් චෑවේස් බලයට පත්වන්නට පෙර වෙනිසියුලාවේ ආර්ථිකය හොඳින් පැවතුනක් යැයි කියන්නේ නැති බවත් කලින් දැමූ සහ මේ සටහන ලියන්නට පාදක කරගත් ලිපියේ කතුවරයා වන හෝසෙ නින්යො (José Niño) කියා සිටියි. කලින් ලිපියේ දක්වන ලද පරිද්දෙන් වර්තමාන වෙනිසියුලාවේ අර්බූදයට හේතුවන ප්‍රතිපත්ති ගෙනෙන ලද්දේ දශක ගණනාවකට පෙර ...
අර්බූදයෙන් ගොඩ එන්න නම් අර්බූදයට වැටුණ ආකාරය දැනගත යුතුයි අරුණි ශපීරෝ වෙතින් ශ්‍රී ලංකාවේ පාලකයන් විසින් ලබාගන්නා ලද අභ්‍යන්තර ණය ගෙවීම පැහැර හරින්නට තීරණය කර ඇති බව අද නිවේදනය කරන ලදහ. ඒ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවටයි. ජනතාවගේ අනාගත වත්කම් හිලව් කරමින් ගන්නා ලද ණය ගෙවීම මෙසේ පැහැර හැරීම සහ රාජ්‍ය වැය අඩු කරන පිළිවෙත් කිසිවක් ඉදිරිපත් නොකර සිටීමෙන් ඔවුන් තවත් දුර්භාග්‍යයට ඇද දමන්නේ ලංකාවේ ජනතාවයි. ලංකාවේ ජනතාවට අත්‍යාවශ්‍ය බඩු මිල දී ...
ඉක්වදෝරයෙන් පාඩමක් ඉගෙන ගනිමුද? අරුණි ශපීරෝ වෙතින් වෙනිසියුලාව යන මාර්ගයේ නොයා ලංකාවේ ජනතාවට ඉක්වදෝරයෙන් පාඩමක් ඉගෙන ගන්නට හැකියි. පාලකයන් පත්කරගන්නේ ජනතාව නිසා රටක ජනතාව මේ ගැන පළමුව දැන සිටිය යුතුයි නේද!! 2020 වසරේ දී ලෝකයේ බහුතර දේශපාලකයන් විසින් කෝවිඩ් වසංගතය මුලාවෙන් රට රටවල් වසා දැමීමත් සමඟ රාජ්‍ය බැඳුම්කර අලාබ ලැබීම වැඩි වැඩියෙන් දකින්නට ලැබිණ. වසා දැමීම් නිසා ව්‍යාපාර ඇන හිටීම හේතුවෙන් මුදල් ප්රභවය අඩුවී යද්දී සියළුම ...
ස්වෛරීත්ව ණය නොගෙවා සිටියොත්? අරුණි ශපීරෝ වෙතින් ලංකාව මුහුණ පා සිටින ආර්ථික අර්බූදයට විසඳුම් ලෙසින් මේ දිනවල ඉදිරිපත් කරන මතිමතාන්තර බොහෝ වෙති. ඒ එකතුවට ඉදිරිපත් කරන මේ විසඳුම එයාකාරයෙන්ම ක්‍රියාවට නැංවිය යුතු වුවත් සිද්ධ වෙනුයේ මෙයින් කොටසක් ක්‍රියාවට නංවා අර්බූදය තව දුරටත් බරපතල වන ප්රතිපත්තිවල දිගින් දිගටම නියැළීමයි. විවෘත ආර්ථිකය යැයි කියා අතිශයෙන්ම සංවෘත වූ ආර්ථික ප්‍රතිපත්ති කරපින්නාගත් දේශපාලකයන් හා රටවැසියන් සිටින රටකින් වෙනසක් බලාපොරොත්තු විය ...
යන මාර්ගය දැන්වත් වෙනස් කරන්න! අරුණි ශපීරෝ වෙතින් අනුගමනය කරන වැරදි පිළිවෙත් නිසා ඇතිවන දුර්භාග්‍ය තත්ත්වය ගැන වසර 13 ක් තරම් කාලයක සිට නිතිපතා ලියමින් සිටින බ්ලොග් එකකි මෙය. මෙහි අදහස් ඉඳහිටෙක ප්‍රධාන මාධ්‍යයන් හරහා කතාබහට ලක් කළ කෙනෙක් දෙන්නෙක් හැරෙන්නට (ඒ අයට මගේ ස්තූතිය) අද මුහුණ දෙන ඵලවිපාක අත්විඳින්නට සිද්ධවේ යැයි මෙය කියවන්නට පැමිණි බහුතරය විශ්වාස නොකළහ. මෙහි දී ඉදිරිපත් කළ අදහස් සොයා බැලීම වෙනුවට රටක ...
නිර්ධන පංතියේ පළමු විප්ලවය ගැන ඔබට අසන්නට ලැබී නැති කොටස අරුණි ශපීරෝ වෙතින් නිර්ධන පංතියේ අභිප්රායයන් කුමක් වී දැයි කියා නිර්ධනයන් වෙතින් සටනට පෙර විමසන ලද අවස්ථා ඉතිහාසයේ සොයාගන්නට නොහැකි තරම් ය. නිර්ධන පංතිය වෙනුවෙන් කියා නිර්ධන නොවූ අය විසින් පාලන බලය අල්ලා ගන්නා ලද අවස්ථාවන් නම් වාමාංශික ඉතිහාසයෙන් එමට දැකිය හැකියි. ඒ සෑම අවස්ථාවක දී ම නිර්ධනයන්ට අත්වූයේ ඉතා ඛේදනීය වූ තත්ත්වයන්ය. නිර්ධන පංතියේ පළමු විප්ලවය හැටියට බොහෝ වාමාංශිකයන් දක්වන්නේ පැරිස් ...
අගය පිළිබඳ මාක්ස්වාදී සංකල්පය අරුණි ශපීරෝ වෙතින් මාක්ස්ට අගය පිළිබඳ න්‍යායයක් නොවීය. මාක්ස්ට තිබුණේ අගය ගැන නිර්වචනයක් නැත්නම් සංකල්පයකි. ඒ නිසා ආර්ථික න්‍යායයක් ඔප්පු කරන අවශ්‍යතාවය මඟහැර සිටින්නට ඔහුට හැකියාව ලැබිණ. “ඒ ඒ විශේෂ පරිභෝජන භාණ්ඩ වර්ග සඳහා සමාජයට යෙදවිය හැකි බැහැර දිය හැකි ශ්‍රම කාලය පරිභෝජන භාණ්ඩවල අගය පිළිබඳ නීතියේ දී තීන්දු වෙයි” (the law of value of commodities ultimately determines how much of its ...
කාල් මාක්ස්ගේ අතිරික්ත අගය සහ සූරාකෑම අරුණි ශපීරෝ වෙතින් 1867 දී නිකුත්වන දාස් කපිතාල් හි පළමු වෙළුම තුළ දැක්වෙන මාක්ස්ගේ ආර්ථික ක්රමයේ පදනම් එංගල්ස් අතින් 1883 දී සහ 1894 දී එහි දෙවැනි සහ තෙවැනි වෙළුම් නිකුත් වෙද්දී යල්පැන ගොස් තිබිණ. පළමු වෙළුමේ දී පසුව පහදන්නම් යැයි මාක්ස් කියූ දේවල් දෙවැනි තෙවැනි වෙළුම්වලින් පහදා දෙන්නටත් පෙර, එනම් මාක්ස්ගේ විශ්ලේෂණයේ පටන් ගැන්ම වැඩිකල් නොගිහින් සහමුලින් අභාවිත වී තිබුණි. මේ සාධකය ...