කිබිසිනි -මම අඳුන්නලා දෙන්නම් ඕනෑම පොතක නමක් දන්න කෙනෙක්ව Sinhala story Blog “ඔය ළමයා, ඔය බඩු මළු උස්සන් ඉන්න ළමයා, ඕවා අරන් එන්න බෑ පුස්තකාලේ ඇතුලට.” ලීලා වටපිට බැලුවාය. “ඔව්, ඔය ළමයට තමයි කියන්නෙ,” මැදිවියේ කාන්තාවක් ඇය දිහා සැර පරුෂ දෙනෙත් එල්ල කරගෙන සිටින්නීය. ලීලාට තම අත්වල එල්ලෙන බඩු මළු ඇතිබව මතක් වුනේ එවිටයි. පුස්තකාලය අයිනේ කාණු ගැට්ටක වාඩි වී සිටින කාන්තාවන් කිහිප දෙනෙක් දැක, හති දමමින් දුව ආ මෙහෙකාරියටත් එතැනින් ...
දියාරුවාදීන් හා දියාරුවිරෝධවාදීන් Sinhala story Blog වයින් වෙළඳාමෙන් ආදායම වැඩි කරගන්නට යෝජනාවක් ගෙනෙනු ලැබීය. ඒ පිනෝ ග්‍රෑන්ඩ් ෆෙන්වික් වලට වතුර එකතු කිරීම මඟින් ප්‍රමාණය වැඩි කිරීමටයි. ඒ යෝජනාව නිසා ග්‍රෑන්ඩ් ෆෙන්වික් වැසියන් දැඩි ලෙසින් විරුද්ධය පා පැති දෙකකට බෙදුණි. එක පැත්තක්, දියාරුවාදීන්, වයින් මුහුන් වෙන බැරල් වලට වතුර සියයට දහයක් වැනි ස්වල්පයක් එකතු කිරීමෙන් ආදිපාද දනව්ව නැවතත් ස්වයංපෝෂිත වීමේ ආදීනව කියා පෑහ. නිෂ්පාදනයේ ප්‍රමිතිය යාන්තමින් ...
කිබිසිනි -ආයේ තේ බොමු Sinhala story Blog “මොකද වුනේ බේබි?” “මේක .. මේක අර ඉස්තෝප්පු කාමරේ වගේ,” ලීලා නූපුරය කොණකින් උස්සා පෙන්වීය, “මට මිදුලෙන් හම්බ වුනෙ.” මෙහෙකාරිය වටහා ගත් ලෙසින් හිස වනයි. “තාත්තා මිදුලෙ ඇවිද්දෙ මේක හොයන්න.” ඇය ලීලා වෙතින් දෑස් ඉවත් නොකරම චීත්තය බුරුල් කොට නැවතත් තදින් ගැට ගසා ගත්තීය. “ඒත් ඉස්තෝප්පු කාමරේ ඇතුලට ගෙනිච්චොත් ආයේ එළියට ගේන්න බෑ. කාමරේ ඇතුලෙ පෙට්ටියක මුදු මාල වළලු ...
කිබිසිනි -මහන්සි නම් උඩට ගිහින් පොඩි විවේකයක් ගන්න Sinhala story Blog අඳුරු බිම් මාලයක පස් ගොඩක් මැද්දේ තාත්තා සහ ලීලා හිටගෙන. “ලිනා, මහන්සි නම් උඩට ගිහින් පොඩි විවේකයක් ගන්න,” කණට කොඳුරා රහසින් පැවසූ අයෙක් ලීලාගේ අතේ වූ බාල්දිය ඉවත් කළේය. බාල්දියක් ඔසවා ගෙන සිටිනවා යැයි ලීලා දැක්කේ එවිට. “… මහත්තයාටත් දැන් මහන්සි ඇති, දුවත් එක්ක ම විවේකයක් ගත්තොත් නේද?” පියාට අනෙක් පැත්තෙන් වූ අයෙක් ගැඹුරු එහෙත් හඬ බාල කරන ලද ...
එයාල පියාඹන පීරිසියකින් පාත් වෙච්ච අය Sinhala story Blog 8 ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වේ විශේෂ හමුදා බලකාය විසින් ඇමෙරිකාව ආක්‍රමණය කර පැය දෙකක් පිරෙන්නට යද්දී තමයි රාජකීය මට්ටමකින් වූ, නැත්නම් ඕනෑම මට්ටමකින් වූ කිසිවෙක් හෝ එවැන්නක් සිද්ධ වෙනවා යැයි දැනගන්නේ. අවිගත් අමුතු පිරිමි මෑන්හැටන් හි දී හඳුනා ගැනුනත් එහි වැදගත්කම ගැන කිසිවෙකුට කිසිම අදහසක් තිබියේ නැහැ. වීදි වලින් මිනිසුන් ඉවත් කර ඔවුන්ව මුර කරන පරිනත සැලසුම් සාර්ථක ය. කාලයක් ...
කිබිසිනි -මම ඇල්ලුවාට කමක් නැතෙයි? Sinhala story Blog “ඇයි දිය කරන් බොන්නෙ නැත්තෙ?” අල්ලට සීනි ඩිංගක් හලා ගෙන එය දිව ගාමින් මෙහෙකාරිය තේ කෝප්පය බොයි. “මෙහෙම බිව්වම රහ වැඩියි බේබි.” “තේ වල ද? සීනි වල ද?” “දෙකේම බේබි,” ඇය කියන්නේ සිනාවකිනි. “කෝ අම්මා,” ලීලා ඇසුවේ රහසින්. “නෝනා නාගන්න ගියා ද කොහෙද,” මෙහෙකාරිය වත්තේ ලිඳ පැත්තට ඔළුවෙන් ඉඟි කළාය. ගේ ඇතුලට වත්තන් කරගෙන ආ තාත්තාගේ මඩ පැල්ලම් වැටුණු ...
ජනාධිපතිතුමනි, ව්‍යාපෘතිය සාර්ථකයි Sinhala story Blog 5 ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති වයිට් හවුස්හි ඕවල් කාමරයේ තම මේසය පිටුපස වූ පුටුවට බර දුන්නේ එහෙන් මෙහෙන් ඉතිරි වී ඇති කොණ්ඩය මතින් ගෝමර වැටි අතක් යවමිනි. වේලාව උදෑසන නවයයි. ඒත් දැනටම ඔහු විඩාපත්ය. හිසරදයකින් පෙළුණි. එය වයිට් හවුස් හි නිල වෛද්‍යවරයාට රපෝර්තු නොකරන්නට ඔහු දැන සිටියේය. නැත්නම් රුධිර පීඩනය සොයා බලන, ඉලෙක්ටොකාඩියෝග්රෑම් එකක් ඇතුළු නොයෙකුත් අංග වලින් සපිරි ...
අපිට ළඟ දී ම ආයෙත් යුද්ධයක් කරන්න සිද්ධ වෙනවා Sinhala story Blog “නැහැ,” සිටුවරයා කීවේය. සූර්යාලෝකයෙන් ආලෝකමත් වූ ඔහුගේ රීදි පැහැයෙන් වූ ඔළුව හරියට දිස් වූයේ ජාතික ලාංඡනයේ වූ උකුස්සාගේ හිස මෙනි. “ඊට පස්සෙ කිසිත් යුද්ධයක් අවශ්‍ය වුනේ නැහැ. පිනෝ මංකඩ සටනෙන් පස්සෙ හැමදාටම සර්වබල අයිතියත් ග්‍රෑන්ඩ් ෆෙන්වික් ආදිපාද දනව්වේ නිදහසට ගෞරව කරන්නත් ඉඩ පෑදුණ. “අපිට එහෙම නම් පුරුද්ද නැතිවෙලා ගිහින් ඇති -මම කියන්නෙ යුද්ධ කරන පුරුද්ද,” ආදිපාදවරිය මිමිණුවා ය. “සමහර විට,” ...
මෙන්න මගෙන් ජීවිතය බේරාගන්නට වීදුරුවක් Sinhala story Blog එම පුහුණුව සඳහා තමන් විසින් එකතු කරගත යුතු බඩු බාහිරාදියේ ලැයිස්තුවක් අනතුරුව පුවත්පතේ පළ විය. එහි අන්තිමට මෙසේ සඳහන් වුණි: “මේ පුහුණුව ඔබේත්, ඔබේ සමාජයේ හා රටේත් ආරක්ෂාව සඳහා වූවකි. ඔබේ කොටස ඉටු කිරීම අත්‍යාවශ්‍යය වූවකි.” ළඟ එන පුහුණුව ගැන රේඩියෝවෙන් ද ප්‍රචාරය කර හරින ලදි. වාහන වෙළඳුන්, දිවා ටෙලිනාට්‍ය ඉදිරිපත් කරන්නන්, සුප් හා මස් ටින් කෑම හදන්නන්, ලී ...
කිබිසිනි -දැන් මොකද කරන්නෙ? Sinhala story Blog ඔවුන් ගැන සොයන්නට කිසිවෙක් ආවේ නැත. “දැන් මොකද කරන්නෙ?” ලීලා වැඩිහිටියන් වෙතින් අසයි. “අපිට කතාබහ කරගන්න වෙන්නැති මෙතැන්ට එන්න ඇත්තෙ,” මිස් සුරම්‍යා යටිතොලේ කොනක් සපමින් සැකයෙන් පවසයි. “ඒ කියන්නෙ අපිට අවශ්‍ය දේ කළින් දැනගන්න හැකියාවක් .. අබරණ වලට නැත්නම් ඉස්තෝප්පු කාමරයට තියෙනවා කියලා ද?” ඒ ලීලා. “අපිව මෙතෙන්ට එව්වෙ කතාබහ කරගන්න නම් .. අපිව මෙහෙයවන වෙන බලයක්?” “නෑ නෑ,” ...
කිබිසිනි -ඇයත් නොදත් තනිකමකින් Sinhala story Blog “අපි හිතේ තියන දේවල් ගැන දොඩවනවා වැඩි නේද?” ඒ ලීලා. “අපි කිව්වෙ ගෑණු අය ද?” මිස් සුරම්‍යා අසන්නීය. ලීලා කිසිවක් නොකියා හිසෙන් එසේ යැයි හැඟෙව්වාය. මිස් සුරම්‍යා ද සිනාවක් පාමින් ඔළුව දෙපැත්තට වනමින් එහෙම නැහැයි කියද්දී ලීලාට සිනා ගියේ ඔවුන් දොඩවන්නේ නැතිව අදහස් හුවමාරු කරගන්නට සමත් වූ නිසයි. මිස් සුරම්‍යා ඇස් බැමි නටවමින් ඔවුන් අතර වූ නිහඬ හුවමාරුව අගයන ...
සොල්දාදුවෙක් තම හතුරන්ගෙ සොහොන් බලන්න යන්නෙ Sinhala story Blog පැතිර ගිය දැඩි නිහැඬියාව බිඳිමින් කුරුල්ලෙක් උද්දාම ලෙසින් සිංදු කියනවා සියල්ලන්ට ම ඇසිණ. කුරුල්ලාගේ ඒ උද්දාම ගී හඬින් සභාවේ වූ දැඩි අර්බූදකාරී තත්වයෙන් යම් සහනයක් සියල්ලන්ට ම දැනිණ. “ඒ ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වේ ගේ කුරුල්ලෙක්,” මුරකරුවන් දෙදෙනා ගෙන් එක් අයෙක් කීය. “ගිම්හානය මුල දී ඔවුන් ලෝකයේ අනිත් හැම පැත්තක ම ඉන්නා ගේ කුරුල්ලන්ට වඩා නිර්භීත ලෙස සිංදු කියන බව මා ...
කිබිසිනි -තාත්තා මහ දවාලේ බිම නිදියන්නට පටන් ගත්තොත්? Sinhala story Blog “ඇඳෙන් වැටුනේ නෑ මයෙ හිතේ, ඇඳ කියලා හිතාගෙන ඔය බිමට වෙලා නිදි වෙන්නැති.” “ඔව් වැටෙන සද්දයක් ඇහුනෙ නෑ නෝනා.” අම්මාත් මෙහෙකාරියත් කසුකුසුවේ දොඩන්නේ පැදුරක්, ඇතිරිල්ලක් නොමැතිව සිමෙන්ති පොළවේ නිදිගත් තාත්තාව නැඟිට්ටවා ගන්නේ කෙසේ ද කියාය. තමන් ගිය ස්ථානයේ දිගු කාලයක් ගෙවා දැම්මත් ලීලා ආපහු නිවසට ඇවිත් ඉන්නේ පිට වී ගියාට පසු තත්පරයක් හෝ ගෙවී නොගිය ලෙසකටය. දෙමව්පියන්ගේ කාමරය ලීලා ...
බඩගින්නෙ ඉන්න රටවල් ආචාරශීලී වෙන්නෙ කොහොම ද Sinhala story Blog රාජකීය කටයුතු වල දී දොලොස්වන ග්ලෝරියානා ආදිපාදවරියට තරුණ කාන්තාවකගේ භූමිකාවෙන් කාටවත් ළං නොවන රැජිනකගේ භූමිකාවට ඉතා දක්ෂ ලෙසින් මාරු වෙන්නට හැකියාව තිබිණ. මෙය අළුතින් තෝරා පත්වුනු නායකයන් විසින් හඳුනාගන්නට සමත් වූයේ දැන් ය. එය ඔවුන්ව නොසන්සුන්තාවයකට පත් කරන ලදි. දැන් ආදිපාදවරියක් සේ හැසිරෙන ඇය මිනිත්තු කිහිපයකට පෙර අව්‍යාජ ලෙසින් දෙළුම් ගෙඩියක් අතගාමින් සිටි තරුණ කෙල්ලක් වූවාය. දැන් ඇය තම ...
අපිට පුළුවන් ඇමෙරිකාවට එරෙහිව යුද ප්‍රකාශ කරන්න Sinhala story Blog ඔවුන් නිහඬ වූහ. ග්ලෝරියානා ටලී දිහා බැලුවාය. රටේ ආර්ථික අර්බූදයෙන් සලිත වී සිටිය ද ඇයට මේ මිනිසා අනිත් අය අතුරින් වෙනස් හා උසස් තැනකින් ඉන්නවා යැයි හිතෙන්නට විය. ඔහු අනිකුත් වැසියන් හැදූ මැටියෙන් ම තැනුනකි. එහෙත් අච්චුව වෙනස් ය. ඔහුගේ මුහුණ ඇය වෙතින් අඩක් අහකට හැරී ඇත. ඔළුව කෙළින් එසවී ඇත. ආදිපාද දනව් මාලිගාවේ එල්ලා ඇති රොජර් ෆෙන්වික්ගේ ඡායාරූපය ...
මා ලවා තුන්වැනි පක්ෂයක් හදවන්නයි Sinhala story Blog මාලිගාවේ සිට ටලී ගේ කුඩා නිවහන වෙත තම ආදිපාද බයිසිකලය පදවන ගමන් දොලොස්වන ග්ලෝරියානා ආදිපාදවරිය මේ සියල්ල ගැන සිතුවා ය. තමන් ටලී ට කැමැති ද නැත්නම් අකමැති ද යන්න ඇයට තීරණය කරත හැකියාවක් ද නොවීය. කොමියුනිස්ට් යෝජනාව ගැන කතාබස් කරන්නට මවුන්ට්ජෝයි සිටුවරයාට හෝ බෙන්ටර්ට බාර නොදී ඇය තනිවම ටලී මුණ ගැහෙන්නට ඉටා ගැනීමට ඒ එක හේතුවකි. ඔහු ගැන ඇයට හරියට ...
අපිට ඕනෑ සාර්ථක වෙනවා වගේ පෙන්නන්න විතරයි Sinhala story Blog “මේක විහිළුවක් නෙමෙයි,” ග්ලෝරියානා දැඩි ස්වරයකින් කීවාය. “මේක දැඩි ප්‍රශ්නයක්. ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වට මුදල් අවශයයි. අපේ බඩු වලින් විතරක් රකින්න බැහැ දැන් පමණට වඩා වැඩියෙන් ජනගහණයක් ඉන්නවා. ඉතින් අපට ආහාර සහ වස්ත්‍ර පිටින් ගෙන්වන්නට සිද්ධ වෙලා. ඒක කරන්න අපිට මුදල් අවශ්‍යයි. බෙන්ටර් මහත්තය කියනවා අපිට ප්‍රමාණවත් සල්ලි හොයා ගන්න පුළුවනි කියලා පිනෝ වලට වතුර එක් කරලා අපි වැඩියෙන් අපනයන ...
අපි ඒක පස්සෙ කරමු Sinhala story Blog පාළුවට ගිය වීදිය, ගොළු ගොඩනැඟිලි, නිශ්ශබ්ද වායුව, හිස් දොරකඩ යනාදියෙන් වූ නිව් යෝර්ක් නගරයට ඇතුල් වී එහි මැද්දට පා ගමනින් ගිය ෆෙන්වික් දනව්වේ හමුදා බලකායේ සද්දය අමුතු ලෙසකින් දෝංකාරය දුනි. එය නව ලෝකයේ කවදාවත් ඇසී නැති හඬකි. යකඩ දම්වැල් වලින් සෑදුන ඇඳුම් වලට උඩින් දමාගත් ආවරණ වලින් ආ හඬ අහන්නට කැලෑවත් නිහඬ වී සිටියා සේ ය. හිස් දෙකකින් වූ ...
කිබිසිනි -හැම වතාවක්ම අලුත් අත්දැකීමක් ලෙසින් ඔහු දකිනවා ද? Sinhala story Blog ලීලා නින්දෙන් අවදි වූයේ පුස්තකාලය, පුස්තකාලය යැයි සිත හඬගා කියද්දී. ඇය ඇඳෙන් නොබැස අත දිගුකර බිමට වැටුණු පෑන අහුලා ගෙන කොපි පොත යළි දිග හැරියාය. ඇය එහි අලුතින් ලියාගත් පේලි නැවත නැවතත් කියෙව්වාය. ඇයි ඒ පුස්තකාලයකට යන්න තහනමක්? වංගගිරිය මුදුනේ තිබූ එයත් ඉස්තෝප්පු කාමරය වැනි අපූර්ව හාස්කම් දක්වන තැනක් නිසා ද? එහෙම නම් එහි හාස්කම කුමක් ද? ඒ ගිය ...
කිබිසිනි -අප ඉන්නේ ඉඳුරා ම ඛේදනීය වූ සමයක Sinhala story Blog තමා ගිල දැමූ බත් පිඟානේ වූයේ මොනවා දැයි කිසිවෙක් හෝ ඇහුවා නම් විස්තර කියන්නට ලීලාට නොහැකිය. රාත්‍රී අන්ධකාරය මුළු පරිසරයම වෙලා ගනිමින් පැතිර යද්දී ලීලාට දැනුනේ දැඩි වෙහෙසකි. ඇය නැවතත් තම නිදන කාමරයට වැදුනේ පොතේ ඉතිරිය කුමන ලෙසකින් ගලා යන්නේ දැයි සොයන්නට කැමැත්ත හා අකමැත්ත දෙකම පිරි සිතකිනි. ඉස්තෝප්පු කාමරයේ ගොඩ ගැසී ඇති පොත් අතර ප්‍රබන්ධ කොතරම් සංඛ්‍යාවක් ඇත්තේ ...