යුද්ධයක් වෙනවා කියල දැනගන්නට රහස් ඔත්තු සේවය Sinhala story Blog 13 “ජනාධිපති මහත්තයා,” ආරක්ෂක ලේකම්වරයා ඇමතීය, ”මේ පුද්ගලික සම්මුඛ සාකච්ඡාව මම ඉල්ලුවේ විශ්වාස කරන්න බැරි තරම් දෙයක් ගැන මට වාර්තා කරන්න තියන නිසා. ඒත් විශ්වාස කරන්න බැරි වුනත් ඒක ඇත්තක්. මේක කොච්චර පුදුම සහගත ද කිව්වොත් කොහෙන් පටන් ගන්න ද කියලා මම දන්නෙ නැහැ.” “වාඩිවෙන්න,” ජනාධිපතිවරයා සිනා මුසු මුහුණකින් කීවේය, ”කොහෙන් පටන් ගන්නවා ද කියන එක ගැන සිත් කරදර කරගන්න එපා. ...
තැති ගන්නට කිසිත් උවමනාවක් නැත Sinhala story Blog 18 මුළු ලෝකයේ ම අවධානය යොමු වී තිබුනේ එහි ඉතිහාසයේ කිසි දවසක මේ තරම් අවධානයක් නොලත් ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්ව වෙතට ය. ලෝකය පුරා පළ වූ පුවත්පත් සෑම එකකම පාහේ ෆෙන්වික් දනව්වේ හැම අංගයක් ම පෙන්වන සිතියමක් පළ කරන ලදි. අඩි දෙදහසක් උස කන්ද මුදුනේ වූ මාලිගාවේ නියමිත පිහිටීම සමහර පත්‍ර වල දක්වා තිබුණි. කුවේඩියම් බෝම්බය ඇත්තේ මේ තැනයි දක්වන ...
සියල්ල පොරොන්දු වී කිසිත් නොදෙන සේ හැකි වූ කතාබහේ Sinhala story Blog අනතුරුව ඩිංගිත්තන් විස්ස තම තම රටවල් බලා ගියහ. ඊ ළඟ රැස්වීමක් සඳහා දිනයක් නියම නොවිණ. ඇත්තෙන් ම ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ නැවත රැස්වීමක් කිසිදා කැඳවන්නට සිද්ධ නොවේ යැයි කියාය. එහෙත් ඔවුන්ගේ එකමුතුවේ පිළිබිඹුවක් හැටියට හැම මාසයක දී ම වෙනත් රටකින් සොල්දාදුවන් පිරිසක් පැමිණ ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වේ දොර මුර කරන දුනුවායන් හා එක් වෙන්නට තීරණය වුණි. එම සතියේ ම ඇමෙරිකන් කොංග්‍රසයේ ...
යම් දෙයක් පිළිගන්න සූදානම් වූවාම විශ්වාස කරන දේවල් Sinhala story Blog තිරයක් පිටුපසින් වූ කාමරයකින් ඔහු කූඩුවක් රැගෙන ආවේය. එහි ඇතුලත යම් දෙයක් එහා මෙහා යයි. එහි හිසක් නැත. එහෙත් මුවක් තිබුණි. එය ඇරෙමින් වැසෙමින් පැවතුණි. එය ලෝම වලින් පිරි තොල් වලින් වූවකි. කකුල් හයක් සහ මයිල් නොමැති කොටස් වූ හම නිල් පැහැයෙන් දිස්විය. “ඒ කුමක් ද?” විදේශ කොමිස්සාර් විමසීය. “මේකා ඉස්සර මීයෙක්,” ටලී හිමිහිට උත්තර දුන්නේය. “මේකා මුහුණ දීපු ...
එක්කො නිදහස දෙන්න නැත්නම් මට මරණය දෙන්න Sinhala story Blog “තවත් කාරණයක් තියෙනවා. මේ සද්ගුණය ගැනත් රාජ්‍යතාන්ත්‍රික සැලකිල්ල ගැනත් නොවන තවත් දැයක් තියෙනවා දැඩි සේ බලපාන්නක්. ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වේ වැසියන් අපිට නොමඳ සාධක දී තියෙනවා එයාලගේ දේශප්‍රේමීත්වය සහ ස්වාධීනත්වය පිළිබිඹු කරන. ඉතින් අපි ඔවුන් ආක්‍රමණය කළොත් ඔවුන් යටත් නොවී තමන්වත් සෙසු යුරෝපයත් විනාශ කරාවි යැයි හිතන්නත් පුළුවන්. පැට්රික් හෙන්රි “එක්කො නිදහස දෙන්න නැත්නම් මට මරණය දෙන්න,” කියද්දී එයා කිව්වෙ ...
මා ළඟ වොඩ්කා ටිකක් තියෙනවා Sinhala story Blog සෝවියට් කොමිස්සාර් අයාචනා කළේය, තර්ක කළේය, කෝපයෙන් වියරු වූයේය, බැන වැදුනේ ය, ඒ සියල්ල ම කළේ රුසියන් බසෙනි. ඒ සියල්ලෙන් ම ඵලක් නොවීය. ටලී ඔළුව දෙපැත්තට වනා ඔහුට ඉවත් වී යන්නට යැයි අතින් සංඥා කළේය. ඊ ළඟට ආවේ බ්‍රිතාන්‍ය විදේශ ලේකම්. ඔහුව නැවත්වූයේ දුනුවායන් පමණක් නොව ඔහුට ඉදිරියෙන් නවතා තිබි රුසියානු කොමිස්සාර්ගේ වාහනය ද විය. “අර මිනිහාට පාරෙන් අයින් ...
කිබිසිනි -හදවත් හා සිත් වලින් එකතු වූ මිතුරු කැළ Sinhala story Blog කල්දේරම් වල සූදානමින් ඇති ආහාරය කුමක් දැයි ලීලාට සිතාගත නොහැකිය. එය කෑම කාමරයට ගෙන යන්නේ කෙසේදැයි කියා ද ඇය නොදත්තාය. එහෙත් ඇය හා සේවය කරන අනික් මෙහෙකාරිය ගෙන් ඒ ප්‍රශ්න ඇසුවොත්, කිසිත් සැකයක් නැතිව මෙවන් ගමන් ආ කළින් වතාවන් හි දී මෙන් තමන්ට ලැබි ප්‍රතිචාර හා සමාන ප්‍රතිචාරයක්, එනම් සිද්ධ වෙන්නේ කුමකට දැයි සිහිකල්පනාව නොදක්වන අයෙකුට ලැබෙන සැලකිල්ල, තමනට ...
කිබිසිනි -ඒ වගේ කතන්දර ලියැවී ඇත්තේ මොන වගේ පොත් වල ද? Sinhala story Blog මේස ලාච්චුවේ කොණක තැන්පත් කර තිබූ ලියුම් කවරය ලීලාට අමතක වී ගිය ලද්දක් නොවේ. ඇයගේ උපන් දින වලට, අවුරුදු උත්සව වලට තාත්තා ගෙන් හා නොයෙකුත් ඥාතීන් විසින් තෑගි කරන ලද මුදල් නෝට්ටු වලින් පැරණි ලියුම් කවරය පිරී තිබුණි. එහි මුදල් පාවිච්චියට ගත යුත්තක් ලෙසින් ලීලා සලකා තිබුනේ නැත. ඇය ලාච්චුවේ තිබුණු ලට්ටලොට්ට ඈත් මෑත් කර ලියුම් කවරය අතට ගත්තේ ...
කාලගුණයත් මතභේද වලින් තොර නොවන මාතෘකාවක් Sinhala story Blog කෙසේ වෙතත් වසන්තයේ වගාවන් අරඹන්නට තිබිය දී, පස් පෙරළන්නට හැම අතක් ම අවශ්‍ය වී තිබිය දී, පැළ කරන්නට හෝ බැටළුවන් බලාගන්නට හැම අයෙක් ම උවමනා වී තිබිය දී, ආදිපාද දනව්වට තවත් මැතිවරණයක් පැවැත්වීමට නොහැකිය. ඒ නිසා ප්රශ්නය ආදිපාද ආර්යාව, එකලොස්වන ග්ලෝරියානා වෙත පැවරිණ. ඇය වයස විසිදෙකක් වූ ලස්සන කෙල්ලෙකි. රට ආරම්භ කරන ලද රොජර් ෆෙන්වික්ගේ පරම්පරාවට ඍජුව හිමිකම් කියන්නියකි. ...
කිබිසිනි -ගහක් කඩා වැටී ඇත් ද? Sinhala story Blog උදෑසන අවදි වූ ලීලා ඇස් ඇරියේ ගසක් කඩා වැටුණු සද්දය ඇසුනා දැයි සිතුවිල්ලෙනි. තාත්තාට අසනීප වූ දිනයේ හටගත් මහා වර්ෂාවෙන් කඩා වැටුණු ගස යම් වැදගත්කමකින් වූවක් ද? ඊයේ රෑ හෙනහඬ සමඟින් ගසක් කඩා වැටුන හඬක් ඇසුණ බවක් ලීලාගේ මතකයේ සටහන් වී නැත. හනිකට නිදන ඇඳුම් මාරු කරගත් ඇය වත්තට දිව ගියේ ගහක් කඩා වැටී ඇත් දැයි සහ මඩ ගොඩකින් ...
සීමාවක් නෑ මිනිස් කැමැත්තට Sinhala story Blog “හොඳටම ප්‍රමාණවත්,” කොකින්ට්ස් කීවේය. මිලියන දෙකක වර්ග සැතපුම් ප්‍රමාණයක් සුන්නත් දූලි කරන්න. සමහර විට ඊටත් වැඩියෙන්. ඔයා දන්නවානේ මේ අපි විද්‍යාඥයෝ කොහොම අය ද කියල. අපිට කිසිම දෙයක් සහතික කරන්න බැහැ අත්හදා බලන්නෙ නැතිව.” අනිත් දෙදෙනා සිලින්ඩරය දිහා බැලුවේ කුතුහලයත් සම්භ්රමයත් මිශ්‍රිතව ය. ආරක්ෂක ලේකම්වරයා මුලින් ඇමතීය. ඔහු සිය ඇඟිලි තුන යටිතොලට තබා, පාසැල් වයසේ කොල්ලෙක් මුළු පංතිය ඉදිරිපිට ...
කිබිසිනි -මෙහෙම වෙන්න ඉඩ දීලා ඔබ බලාගෙන ඉන්නවා ද? Sinhala story Blog ඔවුන් තිදෙන ඉන්නේ සිරකාමරයක යැයි හඳුනාගන්නට අපහසු නොවිණ. තමන් තවත් අපූරු ගමනක පැමිණ ඇතැයි වටහා ගත් තාත්තාගේ මුහුණේ සිනාවක් පැතිර ගියත් ලීලා සමඟ සිටින මිස් සුරම්‍යා දැක තාත්තාගේ දෑස් විසල් විය. ඔහු යමක් කියන්නට යද්දී අහල කාමරයක දොරක් හැරී වැසෙන හඬ ඔවුනට ඇසිණ. “මම ඔබට එව්ව රහසිගත වාර්තා ඔබ කියෙව්ව ද?” පිරිමි කටහඬක් කෙඳිරිගාන ස්වරයකින් අසයි. අහල කාමරයේ කතාබහට ...
කාන්තාවන් විසින් යුද්ධයක් අවලංගු කරන ලදි Sinhala story Blog ආරක්ෂක ලේකම්වරයා නැගෙනහිර මුහුදු වෙරළේ පුහුණුව නවත්වන විධානය නිකුත් කළේ පැය හයකින් පසුව ය. ඊට හේතු ගණනාවකි. ප්‍රධාන වූ හේතුව නම් තව දුරටත් ජනතාව එය පිළිනොපැදීමයි. පුහුණුව අවසන් කරනවා හැරෙන්නට වෙනත් තෝරා ගැනීමක් නැති බව ඔහුට පෙනී ගියේය. ඒකීය පුද්ගලත්වය අගයන දීර්ඝ ඉතිහාසයක් ඇති රටක කිසිත් ජන කොට්ඨාශයක්, වඩාත්ම විශාල ජනගහණයක් ආණ්ඩු කරන්නට ඉතාමත් ම ස්වල්ප වූ නීති රැසක් ...
ආරක්ෂක ලේකම්වරයාගේ උකුසු ඇස් වලට හසුවිය Sinhala story Blog මේ අතර තුරේ දී, ඒ දැවැන්ත පුහුණු මෙහෙයෙන් පැන නැඟි ගුප්ත වූ අවස්ථාවන් ගණනාවක් කල එලි බැස්සේ ය. ඒ සියල්ල ගැන දැනගන්නට ලැබුනේ පුහුණු මෙහෙයේ ප්රවෘත්ති සැර අඩු වී ගිය පසු ය. වරාය අසල තොරතුරු ලියන නිව් යෝර්ක් හෙරල්ඩ් ට්‍රිබියුන් වාර්තාකරුවා රේගු ගොඩනැඟිල්ලේ ලෙල දෙමින් තිබි හිස් දෙකකින් යුතු උකුස්සා වූ කොඩිය සොයා ගත්තේ ය. එහි වූ තරු සහ ...
කපල කොටල අවලක්ෂණ කෙරුවත් ගහ උත්සාහ කරන්නෙ ජීවත්වෙන්න Sinhala story Blog “ගහක් කැපුව ම ලී වලට මොකද කරන්නෙ?” “කුඩා අතු රිකිලි වලින් දර කෑලි හදනවා. ඝන ලී ගෙවල් අලුත්වැඩියා කරන්න යොදා ගන්නවා. සමහර විට අලුත් ගෙවල් හදන්නත්. ඒ ලී වලට ගාස්තුවක් අය කරන්නෙ නැහැ. ඔයා පුදුම වෙයි අපේ ගෙවල් ඇතුලට ගියොත්. අයිතිකාරයට හඳුන්වන්න පුළුවන් ඇතුලෙ තියන හැම ලීයක් ම. ඒක ආවේ මොන ගහෙන් ද, කොතැන ද ගහ වැවුනේ, කොහොම ද ...
විපරීතයි එහෙත් ඇත්තයි Sinhala story Blog “අපි මෙහි දී මූලික වූ දැයක් නොදැක සිටිනවා,” ජනාධිපතිවරයා කීය. “අපි ග්‍රෑන්ඩ් ෆෙන්වික් එක්ක යුද්ධයක ඉන්නෙ. අපිට බැහැ හතුරාව ආරක්ෂා කරන්න හමුදාව යවන්න. ඒ වගේ යෝජනාවක් කෙළින් ම ප්‍රතික්ෂේප කරාවි. අපි ග්‍රෑන්ඩ් ෆෙන්වික් එක්ක යුද්ධයක ඉන්නවා විතරක් නෙමෙයි අද අපි යුද්ධයෙන් පැරදිලා ඉන්නෙ, ඒ නිසා අපි ඉන්නෙ අවුල්ජාලයක, අපිට කරන්න දෙයක් නැති ස්ථානයක. අපි ඒ නිසා වහාම රුසියානුවන්ට විරුද්ධව ...
ඇමෙරිකාවේ දණ නම්මවත හැකි අවස්ථාව අඩු වී යන බව Sinhala story Blog මේ අතර තුර දී ටලී සහ කණ්ඩායම වේගයෙන් යුත් පා ගමනින් විශ්ව විද්‍යාලට ඇතුල් වූහ. එහි දැඩි නිහැඬියාවත්, කිසිවෙකු නැති පරිසරයත් මෙතෙක් තමන් පසු කරගෙන ආ සොහොන් බිමක් වැනි නගරයේ ස්වභාවය හා සමාන බව දැක්කහ. ටලී වැඩි වැඩියෙන් නොසන්සුන් බවින් හා වැඩි සාංකාවෙන් පෙළෙන්නට විය. ගත වූ හැම මිනිත්තුවේ දී ම ඇමෙරිකාවේ එකම වටිනා වස්තුව අල්ලා ගෙන ඇමෙරිකාවේ දණ ...
යටත් වෙලා නැහැ ඒත් පරාජය වෙලා Sinhala story Blog ජනාධිපතිවරයා අසුනින් නැඟිට මේසය වටා ඇවිද ගොස් ආරක්ෂක ලේකම්වරයා ඉදිරියේ සිට ගෙන ඔහු දිහා පහළට හිස යොමු කර බලා සිටියේය. “ඔබ සනීපෙන් ද අසනීපෙන් ද යනාදී ප්‍රශ්න කිසිවක් මම අහන්න යන්නෙ නැහැ. මොකද මම හිතනවා ඔබ ඉන්නෙ සුවයෙන් කියලා,” ඔහු කීවේය. “මේක විහිළුවක් ද කියලා අහන්න යන්නෙත් නැහැ. මොකද මම දන්නවා ඔබට ඇමෙරිකාවේ ජනාධිපති කාර්යාලය ගැන ගෞරවයක් තියෙන බව. ඒ ...
කිසිම ආකාරයකින් බාධා නොකරන්න Sinhala story Blog 6 එම වසරේ මැයි 6 වැනිදා පුවත්පත් පිටු පුරා පැතිර තිබුනේ ජනාධිපතිවරයා වෙතින් ද රහසිගතව තැබෙන නුදුරු දවසක දී යම් වේලාවක දී පැවැත්වෙන්නා වූ අහසින් පහරදෙන ප්‍රහාරයකින් ගැලවෙන්නට කටයුතු කරනා පුහුණුවක් ගැන ය. එය හතුරු ප්රහාරයක දී මිනිස් ජීවිත බේරන විධි ක්‍රම සහිත සම්පූර්ණ වූ වැඩපිළිවෙලකි. ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළබඩ පෙදෙස් හි නගර සියල්ලේ ම පැවැත්වෙන බවට දැනුම් දුනි. එය ...
කිබිසිනි -කවුද අපිව සොයාගෙන ආවේ? Sinhala story Blog බිත්ති වල නටන පන්දම් එළියට ද යා යුතු තැන සොයාගත නොහැකි විය. දෙතුන් වරක් ඉහළට නඟින්න ගත් උත්සාහයන් අත්හැරලා පන්දම් එළිය සමඟින් එහා මෙහා ඇවිද්ද අය පහළට බැස නොපෙනී ගියේය. තමා සිටියේ ඒ අසලම යැයි ද, තවත් ළං වෙන්නට ගත් උත්සාහය නිසා ඈත් වන්නට සිද්ධ වූයේ යැයි ද සිතී ලීලාට දැනුනේ පොඩි තරහක්. වටපිටාව දැඩි සේ සීතලය. දිගු කාලයක් ...