කිබිසිනි -අඩියෙන් අඩිය තබමින් පඩියෙන් පඩිය උඩට නඟිනා අය Sinhala story Blog ඔවුන්ගේ කතාබහ නැවතිය ද දෙන්නා ගෙන් එක් අයෙක් වත් කාමරයෙන් පිටතට ආවේ නැත. වෙව්ලමින් දැල්වෙන පහන් එළිය එන කාමරය පැත්තට යනු පිණිස ලීලා හෙමින් ඇදුනේ එහි ඇතුලට යන අදහසකින් නොවේ. තමා සිටි කාමරයෙන් පිටතට පැමිණි ඇය යාන්තමින් ආලෝක වූ වටපිටාව දැක පුදුමයට පත් වූවාය. ඇය සිටි කාමරය, ඉහළින් හා පහළින් තට්ටු ඇති ගොඩනැඟිල්ලක මැද වූවකි. කාමරයෙන් කාමරයට යා හැකි ...
ඇබිත්තන් කෑලි ටිකක් දුන්නම උන් හරිම සතුටු වෙනවා Sinhala story Blog ඔවුන් දෙදෙනා අසුන්වල හරිබරි ගැහෙන්නට පෙර කොකින්ට්ස් පැමිණියේය. කොකින්ට්ස් හැඳ සිටියේ අළු පැහැති ජර්සියකි. කලකට පෙර තද අළු පාටින් තිබුණා විය හැකි කලිසමක් ඔහු හැඳ සිටියේය. එය දැන් කොළ පැහැයෙන් හා කල් ඉක්මවා ගිය බවකින් දිස්වුණි. ඔහුගේ කබාය විවෘතය. පොඩි වී ඇත. එය ඔහුගේ ම නිර්මාණයකි. එහි කොළරයක් හෝ ඉස්සරහින් වැටෙන ලැපල් තීරැ නොවීය. එහෙත් හැම තැනම පැන්සල් හා ...
කිබිසිනි -පොත දෙන්න එපා කාටවත්, මම ආපහු ඉක්මණට එනවා Sinhala story Blog “එංගලන්තෙ කවෙන්ට් ගාඩන්, ඒ කියන්නෙ රෝයල් ඔපෙරා හවුස් ගැන ..” “ඒ ගැන පොත් ගොඩක ලියැවිලා තියෙනවා. ඒක ගැනම ලියපු පොත් තියෙනවා.” “නැහැ, තැන ගැන නෙමෙයි. ඒකෙ ඇතුලේ වෙච්ච කතාන්දරයක්.” මිස් සුරම්‍යා ඇයගේ වදන් වලට උවමනාවෙන් සවන් දෙන්නේ නැවතත් තොලේ කොණක් හපමින්. “රතු කොණ්ඩයක් තියෙන ලස්සනම ලස්සන ලේඩි කෙනෙක් ඇතුල් වෙනවා ඒ රඟහලේ ඔපෙරා දර්ශනයක් පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දී. ...
හැමෝටම අයිතියක් තියෙනවා එයාල කැමති නම් මෙහෙ ඉන්න Sinhala story Blog ටලී මුදු ලෙසින් ඇය දෙස බැලුවේය. ඒ බැල්මේ යම් ගෞරවයක් මුසු වී තිබිණ. එය ඔහු තම පියාට හැර වෙන කිසිවෙකුට නොදුන්නකි. “ඔබ ග්‍රෑන්ඩ් ෆෙන්වික් වලට සත්‍යයෙන්ම ආදරය කරනවා නේද?” ඔහු කරුණාන්විතව ඇසුවේය. “ඔව්,” ආදිපාදවරිය කීවාය, ”ඒ වගේම තමයි මෙහෙ ජීවත් වෙන අනිත් අයත්. මේ අපේ පොළවයි. අපේ වායුවයි. ඔබත් රටට ආදරය කරනවා, එහෙම නේද?” ටලී ජනේලයක් වෙත ඇවිද ගියේය. “සමහර ...
ඔයා හිතන්නෙ නැද්ද ඒ අපි එන බව ආරංචි වූ නිසා කියල? Sinhala story Blog පහරවල් දෙකක් තුනක් හුවමරු විණ. අසිපතක් දෙකක් රූං ගා නාදකරමින් හෙල්මට් එකක් දෙකක් මත වැදිණ. අනතුරුව වහා ඔවුන් වටහා ගත්තේ බිල්ඩිමේ පහත මාලයේ ඔවුන් හැරෙන්නට වෙන කිසිවෙක් නැති බවයි. බලාපොරොත්තු වූව නැවතත් අහිමි ය. අවිගත් ප්‍රහාරය අනවශ්‍ය වූ කඩා බිඳගෙන ඇතුල් වීමක් වූවා පමණි. හතුරු මුහුණට මුහුණ ලා හමුවන්නට සියළු සූදානම් යෙදුවත්, එහි දී හතුරා සම්පූර්ණයෙන් ම අවිද්‍යමාන ය. ...
එක රටකට තවත් රටකින් සල්ලි ගත හැකි එකම ක්‍රමය Sinhala story Blog “බැස්කොම්බ් මහත්තයා,” ඇය කීවාය, එක වචනයක් අනිත් වචනයෙන් වෙන් කර පැහැදිලිව ප්‍රකාශ කරමින් කීවාය, ”මට පහදලා දුන්නා අපි ඇමෙරිකාවට විරුද්ධව යුද ප්‍රකාශ කරන්නට ඕනෑය කියා.” ඒ උදෑසනයේ දෙවැනි වතාවටත් මවුන්ට්ජෝයි සිටුවරයාගේ තනි කණ්ණාඩිය ගැල වී වැටුනේ ය. බෙන්ටර් මහත්තයා මඳක් ගැස්සිණ. හරියට නිදි කිරමින් සිටිනා කල කවුදෝ පිටට දැඩි ඇඟිල්ලකින් ඇන අවදි කළා සේ ය. “ඇමෙරිකාව එක්ක යුද්ධයකට යන්න?” ඔහු ...
මේ කලබැගෑනිය මොකක් ගැන ද Sinhala story Blog ඇමෙරිකන් හමුදාව නියෝජනය කරන වාහන තුනට පහර දීම එතරම් පහසු වූයේ නැත. අව්වේ දිළිසෙන අසිපත් ලෙලවමින් තමන් හඹා එන පිරිස දැකි ආහාර බෙදා හරින වාහනයේ වූ සේවකයෝ ඉන් බැස පැන දිව්වහ. පොලිස් නිලධාරීන් දෙදෙනා කුමක් කරනුයේ දැයි සිතාගත නොහැකිව සිටගෙන සිටියහ. එක් පොලිස් නිලධාරියෙක් කෙටි අත් තුවක්කුව ඔසවා තමන් ඉදිරියට එන ෆෙන්වික් දුනුවායෙක් වෙතට උණ්ඩයක් යැව්වේ ය. එය ඔහුගේ ...
ඔබලා මගේ සැන්ඩ්විච් ගෙනාවා ද? Sinhala story Blog දුනුවායන් අට දෙනෙක් කඳ ඔසවා ගත්හ. කෙටි පඩි නඟිමින් එයත් ඔසවා ගෙන ඔවුන් දිව ගියහ. දිව ගිය වේගය සමඟින් කඳේ බර දොරට දුන් ඔවුනට විශාල බෙරයකට වැදි නාදයක් ලෙසින් කඳ දොරේ වැදෙනවා ඇසිණ. දොර වෙව්ලීය. හරියට කැස්සක් කැස්සා වැනි ය. එහෙත් එය ගැල වී ඇද වැටුනේ නැත. “ආයෙත් කරමු,” විල් කෑ ගැසීය, ”තව දෙපාරක්. එතකොට අපි ඇතුලෙ.” එහෙත් අවශ්‍ය වූයේ ...
කොන්දේසි නැති යටත්වීමකින් සීමාවන් නැති ප්‍රතිසංස්කරණ Sinhala story Blog ග්ලෝරියානා විසින් පැවැත් වූ කතාවකින් උත්සවය නිමා විය. ඒ කතාවේ දී ඇය පුද්ගලිකව ටලීගේ ගුණ කථනයක් ද, ඔහු හා ගිය සමස්ථ හමුදාවේ සියල්ලන් වෙනුවෙන් ගුණ කථනයක් ද කළාය. කතාව අවසන් කරමින් ඇය මාලිගාවේ විසල් ශාලාවේ සැවොම වෙනුවෙන් ආහාර පාන උත්සවයක් හදා ඇතැයි කියද්දී පැතිර ගිය දැවැන්ත අත්පොළසන් නාදය නිසා කුවේඩියම් බෝම්බය මතක් වී ආචාර්ය කොකින්ට්ස්ව මහත් නොසන්සුන්තාවයකට පත්කරන ලදි. ...
අපේ ප්‍රතිපත්තිය තමයි දුර්වල ජාතීන් ආරක්ෂා කිරීම Sinhala story Blog “රහස් ඔත්තු සේවය මේ සේරම තොරතුරු සවිස්තරව සොයා බැලුවා. පුහුණු මෙහෙය පැවැත්වෙද්දී නිව් යෝර්ක් නගරය ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්ව විසින් ආක්‍රමණය කළ බවට කිසිම සැකයක් නැහැ. ඒත් ඇයි ඔවුන් ජනරාල් ස්නිපෙට් අල්ලා ගෙන ගියේ යන්න ගැන මට කිසිම විදියකින් වටහා ගන්න බැහැ. මට හිතෙන්නෙ ඔහුව අල්ලා ගැනීම හදිසියේ වූවක්. නිව් යෝර්ක් උමං දුම්රිය පොළක අඟහරු ලෝකෙන් ආ මිනිස්සු ගැන කටකතාවක් ...
දැන් අපේ වගකීම මුළු මනුෂ්‍ය සංහතිය ම වෙනුවෙන් Sinhala story Blog ග්ලෝරියානාට ඒ කතාව හරි හැටියකට වැටහුනේ නැත. ඇයගේ හැදියාව ප්‍රායෝගික වූවකි. සිද්ධාන්තයක් ගැන නොවූවකි. ඒ නිසා ටලී කියූ ජයග්‍රහණයකින් ඇති වන්නා වූ වගකීම් ගැන අදහස් ඇයගේ සිත නොසන්සුන් කරන ලදි. “ඔයා මේ හදන්නෙ අපි ඇමෙරිකාව ප්‍රතිසංස්කරණය කරන්න ඕනා කියලා කියන්න නෙමෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා,” ඇය කීවාය, ”මොකද එහෙම නම්, අපිට එතකොට එයාලගෙන් සල්ලි ඉල්ලා ගන්න වෙනවා ඒක කරන්නට.” ටලී ...
කිබිසිනි -අහුවුනොත් තාත්තා සමාව දෙයි ද? Sinhala story Blog ලීලා සිටියේ ඉස්තෝප්පු කාමරයේ ඇතුලත ය. වැසුණු දොරට පිට දීගෙන ය. ඇස් වසමින් ඇස් අරිමින් ඇය තමා සිටි රඟහලෙන් නික් ම ආපසු නිවසට ඇවිත් බව නිශ්චය කරගත්තා ය. උදෑසනින් වැඩ පටන් ගන්නා කුරුල්ලෝ ගී ගයන්නට රැල් බුරුල් හරිනා හඬ වටපිටාවෙන් ගලා එයි. ඇයගේ ඇඟිල්ලෙන් ගිලිහුණු මුද්ද පෙරළී ගියේ බිමට නිසා ඇය දණහිසට මඳක් උඩින් අත් දෙක තබා නැවිච්ච කකුල් ...
නගරයේ ආක්‍රමණයක් අසල්වැසි ග්රහලෝකයකින් Sinhala story Blog “පොඩ්ඩක් ඉන්න, මම මේක ටයිප් කරන කම්. පනහක් හරි හැටක් හරි පිරිමි, පියාඹන පීරිසියකින් -ඒයි මේ මොකක් ද මේ විහිළුව? මොනා ද මේ කියන්නෙ පියාඹන පීරිසියකින්?” “ඒක තමයි මම කිව්වෙ,” ටොම් උත්තර දුන්නේ ය. “මම ඔවුන් ඇස් දෙකෙන් ම දැක්කා. මගේ කණ්ඩයාමත් දැක්කා. පහනක් හරි හැටක් හරි. යකඩ ඔළු තියෙන අය. දිළිසෙන දේකින් ඇඟවල් ආවරණය වූ අය. හදිසියේ ම ...
කිබිසිනි -අල්ලේ දිලෙන ඔපයක් නැති රත්තරන් මුද්ද Sinhala story Blog දින කිහිපයක් ගෙවී ගියේ නොදැනුවත්ව. අනේක වාරයක් ඉස්තෝප්පු කාමරයේ අබරණ පෙට්ටිය සිහියට ආව ද, ලීලා දොරට අත තැබුවේ නැත. එදා සිද්ධ වූයේ කුමක් දැයි ගෙදර කාගෙන් හෝ අහන්නට දිව නළියෙව්ව ද ඇය ඒ ගැන වදනකුදු පිට නොකළාය. තමාගේ අත්දැකීම සත්ය්යක් ද නැත්නම් මායාවක් ද යන්න ඇයට තෝරා බේරා ගත නොහැකි විය. ඒත් මායාවක් අත්දකින කෙනෙක් ට පසුව එය මායාවක් ...
සියළු ඉදිරි ගමන් අඩාල කරන සිද්ධියක් Sinhala story Blog Reblogged from Sinhala story Blog: සියළු මාධ්ය්ය බලය නැවතත් එක්කාසු කරන ලදි. මෙවර උත්සාහය වූයේ කිසිම ප්‍රහාරයක් අපේක්ෂා කරන්නේ නැතැයි පතුරුවා හරින්නට ය. දැනුම් දෙන ලද පුහුණුව හුදු සූදානමින් සිටීමට කරන ලද්දක් පමණි. පිට රටවල වාතාවරණය හොඳ යැයි ද, යුද්ධයේ අවසානයෙන් පසු වඩාත්ම හොඳ කාලය මෙය යැයි ද කියැවුණි. රාජ්‍යතාන්ත්‍රිකයන් මෙයට සාක්කි දුන්නහ. ජෙනරාල්වරුන් හා අද්මිරාල්වරුන් ඒ වදන් තහවුරු ...
අන්තිම ආයුධය තමයි කුවේඩියම් බෝම්බය Sinhala story Blog ඔවුන් අතර පැතිර ගිය නිශ්ශබ්දතාවය කැඩුනේ හඬනඟා වැදුණු ඔරලෝසු නාදයෙනි. ඒ දිහා බැලූ ජනාධිපතිවරයා “අනිත් අයට කුවේඩියම් හොයාගන්න කොච්චර කාලයක් යයි ද?” යැයි විමසීය. කොකින්ට්ස් දෙවුර සෙලවීය. “සමහර විට වසර පහක්. සමහර විට වසර දෙකක් පමණක් වෙයි. ඒ අතර මැද කාලයක්. ඔවුන්ට යවපු තොරතුරු වල මත තමයි ඒක තීරණය වෙනවා කියල මම කියන්නෙ. මට නම් සහතික නැහැ අනිත් අයට ...
පැවැත්ම ආරක්ෂා කරගන්න කිසිම විදියකින් බැහැ Sinhala story Blog ටයිම්ස් සඟරාවේ සලාමි අනාවරණය ගැන ඊර්ෂ්‍යාවෙන් සිටි හැරල්ඩ් ට්‍රිබියුන් පුවත්පත “බ්ලිට්ස් ප්ලොට්ස්” දුර්මතය පහදා දෙන්නට ඉදිරිපත් විය. එහෙත් නොසිතූ සහ නින්දාවට ලක් වෙන කරුණු වලට ඔවුන් මුහුණ දුනි. මුලින් ම ජාත්‍යාලයෙන් වූ හා පුද්ගලික කැමැත්තෙන් වූ ප්‍රසන්න මත් ගතියෙන් සිටීමට කැමති වූ බහුතර මහජනතාව එසේ නොවේ යැයි කියන්නට කැමති කරවා ගැනීම අපහසු විය. ඔවුන් දුර්මතයට පාක්ෂික වූහ. බ්ලිට්ස් ප්ලොට්ස් ...
කිබිසිනි -ආපහු ගේන්න බැරි තැනකට අරන් ගියානෙ Sinhala story Blog ලීලා හමුවන්නට යෙහෙළියන් පිරිසක් නිවසට කඩා වැදුනේ දහවල් දෙකට පමණ. “ඔයා පංති එන්නැති නිසා අපි නෝට්ස් ගෙනාවා,” ඔවුන් කියූහ. එහෙත් අස්සෙන් පැතිර ගිය කිචිබිචියේ වෙනත් රහස් ගමනක් මේ ගමනෙන් වසන් කරගන්නා ආකාරය හෙළිවුණි. ඉස්තෝප්පුවේ පිළිසඳරේ යෙදි ඔවුනට තේ ගෙනැවිත් පිරිනැමූ අම්මා තාත්තාට ද තේ කෝප්පයක් බොන්නට සහාය වෙන අන්දම දැක ඔවුන් කතාබහ මඳකට නතර කළ බලා සිටියහ. වෙනදා ඔහු ...
කිබිසිනි -සීනි ටිකක් ගෙනැත් දීලා ඔක්කොම ශේප් නේද? Sinhala story Blog හදිසියේ කඩා වැටුණු ධාරානිපාතයෙන් බස් රථයෙන් බැසි ලීලාත් මෙහෙකාරියත් ඇඳුම් ඇඟට ඇලෙන ලෙසින් තෙත බරිතව තෙමී ගියහ. කාලයකට පස්සේ ගෙදරින් බැහැරක ගිය නිසාවෙන් ඇති වූ ගමනේ විඩාවත්, පුස්තකාලයේ ක්ලාන්ත වී වැටීමේ සිද්ධියත් දෙකෙන් ම කරකියා ගත නොහැකි ලෙසකින් සිතින් ගතින් දෙකෙන් ම හෙම්බත් වී සිටි ලීලා සහ මෙහෙකාරිය එකිනෙකා දිහා බලා අද දවස විශ්වාස කරන්න පුලුවන් දැයි වචන නැතිව ...
කිබිසිනි -දැන් ම කාටවත් කියන්න අවශ්‍යය ද? Sinhala story Blog තාත්තා ඇඳි පුටුවේ නිදි කිරා වැටෙයි. තාත්තා අසලින් අසුන් ගත්, අළුත් කොපි පොතක් අතැති ලීලා අවුල නිරාකරණය පිණිස කළ යුතු දේවල් මොනවා දැයි එහි ලියන්නට වූවාය. රාත්‍රියේ ඉස්තෝප්පු කාමරයේ ගත කළ කාලය තාත්තාගේ සුවය පිණිස ගන්නා තම වෙහෙසේ ආරම්භය සේ ඇය සැලකුවාය. තාත්තාගේ අසනීපයට තමන් යම් විදියකින් වගකිව යුතු යැයි ඇගේ සිත කොනහන්නකි. එය එසේ නොවූවත් ඔහුගේ අසනීපය හා ...