ටලී බැස්කොම්බ් Sinhala story Blog තවත් පැයක් ගෙවී යන තුරා වාද විවාදය දිග් ගැස්සිණ. අනතුරුව මවුන්ට්ජෝයි සිටුවරයාට ඊට කැමැත්ත අකමැත්ත විමසනු පිණිස චන්දයක් පවත්වන්නට හැකියාව ලැබිණ. හය දෙනෙක් පක්ෂවත් හතර දෙනෙක් විපක්ෂවත් චන්දය දුන්නහ. යෝජනාව ක්‍රියාත්මක කරන්නට ඉන් තීරණය කෙරුණි. “දැන් කවුරුන්ව ද ඉතින් අපි කොමියුනිස්ට් නායකයා කරන්නෙ?” තම ජන නායක තනතුරේ ප්‍රථම විභාගයේ ජයෙන් සතුටට පත් වූ ආදිපාදවරිය විමසුවාය. “එයා ග්‍රෑන්ඩ් ෆෙන්වික් වල ...
කිබිසිනි -වයින්, චීස්, ඔලිව්, පාන් සහ අනගි මුද්දරප්පලම් Sinhala story Blog කතාබහ නතර කළ දෙදෙනා පන්දම් අතැතිව එළියට ආහ. පන්දම් එළියෙන් පෙනුනේ හිසේ සිට පාද දක්වා ආවරණය වූ දිගු ලෝගු ඇඳගත් දෙදෙනෙකි. පළමුවෙන් පා තැබූ අය වැඩිමහල් බවත් පසුව ගමන් ගත්තා තරුණ වියේ බවත් ඔවුන්ගේ ගමන් විලාසයෙන් ලීලා අනුමාන කළාය. කිසිත් කලබලයක් නැතිව ඔවුන් වංගගිරිය හොඳින් දන්නා අය සේ ගමන් කළහ. පන්දම් එළිය නොපෙනී යනතුරු බලා සිටිය ලීලාට ඔවුන් නොපෙනී ...
කිබිසිනි -අපට තියෙන්නෙ මේ අබරණ එකින් එක දාගෙන හැකි තරම් ගමන් යන්න Sinhala story Blog තාත්තා වේවැල් බොකු ගැසුන පුටුවේ හිර වී සිටියි. ඔවුන් දෙදෙනාම ඉස්තෝප්පු කාමරයට පැමිණ සිටිති. පුටුව අසලින් හිටගෙන තාත්තාගේ අතක් අල්ලා ගෙන සිටින බව දැක ඇය අත හිමිහිට ඉවත් කළාය. ඔහු පුටුවෙන් නැඟිටින්න උත්සාහයක් ගත්තේ නැත. මුහුණට එබී බලද්දී ඔහු කුමක් දෝ කියන්නට උත්සාහ කර එය අත්හැර දැමුවේය. ලීලා කකුල දිහා බැලුවේ නූපුරය එහි නැති බව දැන දැන ය. ඇය ...
කිබිසිනි -හවුල් වෙලා කරන වැඩක් හරියාවි Sinhala story Blog ලීලාත්, තාත්තාත්, මිස් සුරම්‍යාත් එකිනෙකා දිහා බැලූහ. “අපි ඇවිල්ලා තියෙන්නෙ මේ කතාවේ හොඳ හරියකට නෙමෙයි,” ලීලා පහත් ස්වරයෙන් කීවේ තාත්තා නිශ්ශබ්දව ඉන්නැයි කියූ බව නොසලකා හරිමින්. “වැඩි කාලයක් නැති වෙයි වගේ අපටත්,” මිස් සුරම්‍යා කිව්වෙත් හෙමින්. “මිස් ආවේ අපිත් එක්ක ද?” තාත්තා ඇසුවේ ඔවුන් දෙදෙනාටත් වඩා අඩු හඬකින්. “ඔව්, මම ලීලා පොත් අරන් යන්න එන පුස්තකාලේ වැඩ කරන්නෙ.” “අපේ ...
කිබිසිනි -කැප කිරීමක් නොකළොත් ලැබෙන ඵලය අගයෙන් අඩුයි Sinhala story Blog “කවියෙක් වෙන්න අකුරු කුරුටු ගෑවට බැහැ, හද කකියන අත්දැකීමක් අත්විඳින්නම ඕනෑ.” “ලුසියන් දැනටමත් ආදරෙන් පැරදිලා ඉන්නෙ, එයාගෙ හදවත සෑහෙන්න රිදිලා.” “ඒත් ඒක මතුපිටින් දැනෙන රිදිල්ලක් විතරයි. වෙන ලස්සන කෙල්ලෙක් දැක්කම මුලින් හිත රිදෙව්ව එක්කෙනාව අමතක වෙලා යයි.” “ඩැනියෙල් මොකක් ද කියන්නෙ?” මෙතෙක් නිහඬ වී සිටි කඩවසම් තරුණයා සුප් පිඟානෙන් හිස එසැවූයේ සිනාවක් මුවේ පැතිර යද්දී. “යමක් සඳහා කැප කිරීමක් ...
අපේ මුතුන් මිත්තන් මේ වනාන්තරයේ ම ඇවිද්දා ශතක පහකට පෙර Sinhala story Blog 17 මෙම කාලයේ දී, එනම් ගිම්හානය ආරම්භයේ දී, ග්‍රෑන්ඩ් ෆෙන්වික් වනෝද්‍යානය වඩාත් ම සුන්දර ලෙසින් තිබෙන කාලය වෙයි. කැකිල්ල වැනි පැළෑටි වර්ගයක් කොතරම් ඝනට සහ උසට වැවී තිබුණා ද කියතොත්, එය යන අඩි පාර ද වසාගෙන පැතිර තිබුණා ද කියතොත් ආචාර්ය කොකින්ට්ස් ට සහ පියර්ස්ට වරින් වර ඒවා උඩින් ඇවිද ගෙන යාමට ද සිද්ධ විය. කැඩුණ අතු රිකිලි වලින් ...
මේ මොකක් ද කරන විගඩම? Sinhala story Blog 11 ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්ව විසින් ඇමෙරිකාවට එරෙහිව වැදී ජයගත් ගැටුමේ වැදගත් යැයි සැලකිය හැකි වූ එක අවස්ථාවක් පමණක් තිබිණ. දකිනා වූ වැදගත්කමින් අඩු වූවකි. ගැටුණු සංඛ්‍යාව ද ස්වල්ප වූවකි. පුරවැසියෙක්ට කියා දෙන්නට හෝ හමුදා සිසුවෙකුට කියා දෙන්නට ඊට පාවිච්චි කරත හැකි වචනයක් ද සොයා ගැනීම අසීරු ය. “යුද්ධයක්” යැයි කියත හැකි තරම් විශාල මෙහෙයුමක් නොවේ. “පොරයක්” කියා ද හැඳින්විය ...
පැඩී මහත්තයාගේ ඌරා වගේ Sinhala story Blog සම්මන්ත්‍රණය පැවතියේ දින දෙකක් පමණි. පළමු දවස ගෙවුනේ ඔවුන්ගේ අනන්‍යතා පරික්ෂාවට ය. දෙවැනි දවසේ මහා සභා රැස්වීම කැඳවුණි. එහි දී දොලොස්වැනි ග්ලොරියානාව සභාපති ලෙසින් තෝරා පත් කර ගැනුනි. පැනමාවෙන් ආ අයෙක් ව උප සභාපති බවට පත්විය. තුර්කියේ අයෙක් කමිටුවක් පත් කර ඇජෙන්ඩාව තීරණය කළ යුතු යැයි යෝජනා කළේය. එහෙත් අයර්ලන්තයේ අයෙක් යෝජනා කළේ ඇජෙන්ඩාවන් ද කමිටුවන් ද අවශ්‍ය නැතැයි ...
මට නම් එයාලව මතක නැහැ Sinhala story Blog ටලී ඉතා ඉවසිලිමත් බවකින් ඔහු ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වේ යුද සිරකරුවෙක් බව දැන්වීය. ඔහුව ග්‍රෑන්ඩ් ෆෙන්වික් වෙත ගෙන යන බවත්, එහි දී ඔහුගේ නිල තල අනුව ඔහුට සැලකිලි ලැබෙන බවත්, ශිෂ්ඨ සමාජයේ නීති අනුව සිරකරුවන් හුවමාරු කරගනිද්දී ඔහු වෙනුවෙන් වන්දි ගෙවා ඔහුව නිදහස් කර ගැනීමට ඇමෙරිකාවට හැකි බවත් කියුවේ ය. එය අසා ජනරාල්වරයා නැවතත් කුපිත විය. එහෙත් එය සමනය වූ ...
මේ මිනිහා මේ ව්‍යසනය අපේ රටට ගෙනාවා Sinhala story Blog විදේශ ලේකම්වරයා නැවතත් නැඟිට්ටේ ය. ශාලාව පිරික්සා බැලුවේ ය. තමනට ඉදිරියෙන් වූ පහළ බංකු වලින් පටන් ගෙන ඔහු විවාදය අහන්නට පැමිණි රුසියානු තානාපතිවරයා අසුන්ගෙන සිටිනවා යැයි කවුදෝ කියූ වැදගත් අමුත්තන්ගේ ගැලරිය දිහා දක්වා ඇස් යොමු කළේය. කලිසමේ පොකැට්ටු වලට අත් බහාලූ හේ කකුල් අඩි වලින් මඳක් ඉස්සරහට ඉස්සුනේ ය. “නෝර්ත් වෙස්ට්හැම්ප්ටන් වල ගෞරවනීය සාමාජිකයාගේ අවධානය, එංගලන්ත රාජධානිය සහ ග්‍රෑන්ඩ් ...
කිබිසිනි -ලා, මිනිහෝ! Sinhala story Blog “ලා, මිනිහෝ!” කවුදෝ කාන්තාවක් පහත් හඬින් කියනවා ඔවුනට ඇසිණ. “ඔයාගෙ පෙට්ටියේ හොඳට සැතපිලා ඉන්න අර ප්‍රංශ පඹයාට පස්ස හරවන්න හැකි තරම් ඔයා තාමත් තරුණයි.” “පුළුවන් නම් කරන්න මම කැමතියි. ඒත් ගෞරවනීය ආර්යාව මතක් කරගන්න ඕනා අපි අපේ රටට සේවයක් කරද්දි පුද්ගලික කෝන්තර පැත්තකට දාන්න.” ආර්යාව මොකක්දෝ මාළු කතාවක් කියනා හඬ ලීලාටත් ලීලාගේ අක්කාගේත් සවනට වැටිණ. අක්කාගේ මුවේ සිනාවක් පැතිර ...
ජනරාල් ස්නිපෙට් අතුරුදහන් Sinhala story Blog අසූහය වැනි වීදියේ බටහිර පැත්තේ උමං දුම්රිය පොළේ නැවතූ දුම්රියක් මංකොල්ලා කන්නට පිරිමි කට්ටියක් පටන් ගත්හ. ඔවුන් මෝටරයේ කෑලි බොහොමයක් ඉවත් කර සීට් කුෂන් ද ඉරා දැමූහ. ඔවුන්ව නවතන්නට ගත් පියවර කිසිවකට ඒ මංකොල්ලා කෑමේ නොයෙදී සිටි අය ඉඩ දුන්නේ ද නැත. උමං දුම්රිය පරිහරණයේ දී වසර ගණනාවක් තදබදයෙන් පීඩිතව, එහි කන්දොස්කිරියාවෙන් කූපිත ව, එහි කිළුටු බවින් අප්‍රසාදයට පත් ...
විද්‍යාඥයන්ට පරිභව කරන්න එපා තරුණයා Sinhala story Blog “ආචාර්ය කොකින්ට්ස්,” ටලී ඔහු ඇමතීය, “ඔබ හැංගිලා ඉන්නෙ බොරුවක් පිටිපස්සෙ. ලෝකයේ හැම මිනිහෙක්ට ම වඩා වැඩි ඥානයක් තියෙන කෙනෙක් විදියටයි ඔබව සැලකෙන්නෙ. ඒත් ඔබ පෙන්වනවා ව්‍යාජ සහ අව්‍යාජ තත්වයන් දෙකක වෙනස වටහා ගන්නට බැරි බවක්. ඔබ කියනවා ඔබ ඇමෙරිකන් පුරවැසියෙක් කියා. ඒත් ඔබ අමතක කරනවා ඊට කළින් ඔබ මිනිස් සංහතියේ සාමාජිකයෙක් බව. ඔබ කියනවා ඔබේ යුතුකම සිද්ධ විය යුත්තේ ...
ඔහු මේ බෝම්බය හඳුන්වන්නෙ සාමයේ ආයුධයක් කියා Sinhala story Blog “ඔබ කුමක් ද මෙයින් අදහස් කරන්නේ?” ටලී විමසීය. “මම අදහස් කරන්නේ කුමක් දැයි ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වේ පවුල් වල වංශාවලිය දන්නා ඕනෑම කෙනෙක් හොඳින් දන්නා දෙයක්,” සිටුවරයා කියා සිටියේ ප්‍රසන්න ලෙසය. “ඔබේ වංශය යනවා ඈත කාලයකට. අවජාතක වූ උප්පත්තියකට. සර් රොජර් ෆෙන්වික් ගෙන් පැවතෙන්නෙකුට. 1385 දී නිදහස් මිනිසුන්ගේ කවුන්සිලයේ දී ටලී බැස්කෝම්බ් නැමැත්තෙක් විසින් ආඥාපතකින් ආදිපාද පදවියට ඇති අයිතිය අත්හැරි ...
එහෙම නම් දේශප්‍රේමී ඇමෙරිකානුවන් හැටියට අපේ යුතුකම Sinhala story Blog එහෙත් මේ තොරතුරු කොතරම් අභූත වුවත්, මනාව වාර්තා කරන ලද වූවත්, සමාන්‍ය මහජනතාව හා මාධ්ය්ය අතර පුහුණුව ගැන වූ තවත් ප්රවෘත්ති අතර වැඩි වැදගත්කමක් නොලැබීය. පුහුණුව අවසන් වී මුල් දින දෙක නැගෙනහිර මාධ්ය්යන් විසින් ගත්තේ පුහුණුව ගැන කියන්නට ය. නිලධාරීන් හා කරන ලද සම්මුඛ සාකච්ඡා වලින් පිටු පිරී ගියේ පුහුණුව සම්පූර්ණයෙන් ම සාර්ථක වූ බවත්, මහජනතාව නියමිත වේලාවට නිසි ...
ඩිංගිත්තන් විස්ස Sinhala story Blog 19 ලෝක මාධ්ය්යේ ‘ඩිංගිත්තන් විස්ස’ නමින් හැඳින්වුනු ඒ නියෝජිත කණ්ඩායම ඊ ළඟ සතියේ දී ෆෙන්වික් මාලිගාවේ දී හමුවූහ. ඒ අතර තුර දී බ්‍රිතාන්‍ය විදේශ ලේකම්ව ග්ලෝරියානා ආදිපාදවරිය විසින් හමු වී තිබිණ. ප්‍රථම වතාවට කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් කිසිත් ප්‍රතිඵලයක් සහනයක් දිනා නොගෙන හිස් අතින් ආපසු ගියේය. 1402 දී ගිවිසුම අනුව ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්ව බ්‍රිතාන්‍ය සේනාංක අටක් ඉතා කැමැත්තෙන් බාර ගනු ...
ඔබ ඉපදුනේ මොන රටේ ද? Sinhala story Blog “කිසිවකට ජීවිතය බේරාගන්න බැරිවෙනවා,” ග්රෆින් සෙනෙට්වරයා කීවේ අනුන්ට ඇහෙන්නට වඩා තමන් වෙතට ම ය. ආචාර්ය කොකින්ට්ස් දොම්නස් මුහුණකින් ජනාධිපතිවරයා දෙස බැලුවේය. “මේක දැඩි කුතුහලයෙන් කරපු වැඩක්,” ඔහු කීවේය, “ඒත් සමහර අවස්ථා වල දී මට දැනුනා ඔබ ගැන සානුකම්පිත වූ හැඟීමක්, සමහර විට මෙෆිස්ටොෆලීස්ට ෆොයිස්ට් ගැන දැනුනෙ එහෙම වෙන්නැති. තනියම වැඩක් කරන කොට, මම වගේ, මේ වගේ ව්‍යාපෘතියක, තමන්ගේ වර්ගයාගෙන් ...
ඔවුන් දෙදෙනාටම එය ප්රහේලිකාවකි Sinhala story Blog රටපුරා පුවත්පත් වල ප්‍රධාන පිටු සැරසුනේ ඇමෙරිකාවේ මහත් විනාශකාරී භයානක අවියක් ඇතැයි කියන වාර්තා වලිනි. ඒවා අතරමැදින් අනිත් රටවලට එක්කෝ අවිය ඇතැයි නැත්නම් ඔවුන් ළඟක දී ම අවිය හදාගනු ඇතැයි හැඟෙන වාර්තා පළවිය. ඒ ප්රවෘත්ති ජනතාව කියවා අවබෝධ කරගත් සැනින් පුහුණුව අරඹනවා යැයි දැනුම් දුන් නලාව නාදය වුණි. මැයි 13 වැනිදා පෙරවරු හයට නිව් යෝර්ක් නගරයේ, ෆිලඩෙල්ෆියාවේ, බොස්ටන් හා ...
කිබිසිනි -ඉතින් බේබි ගිහින් බලන්නකෝ Sinhala story Blog “අම්මෙ … ඇයි මට අර .. (ඇය නිකටෙන් පෙන්වූවාය) කාමරේට යන්න එපා කිව්වෙ.” තාත්තාට බත් ගුලි කරමින් කවන අම්මා වෙතින් ලීලා ඇහුවේ තොරතුරු සෙවීම තවත් කල් දාන්නට බැහැ යැයි තීරණයක් ගත් නිසයි. අම්මා අත වූ බත් පිඟාන වෙව්ලා ගිහින් තාත්තාගේ ඔඩොක්කුවට ද බත් හොදි වැටිණ. “මට තියෙන වැඩ කන්දරාව මදි කියල හිතුවා ද ලීලා?” “ඉතින් අම්මෙ ..” “අනේ දරුවෝ ...
ඇමෙරිකන් අය දෙනවාළු මිලියන ගණනින් සල්ලි ගොඩක් රටවල් වලට Sinhala story Blog “බෝබෝ,” ආදිපාදවරියට අමතක වී මවුන්ට්ජෝයි සිටුවරයාට ඇය කුඩා කාලයේ ඔහුව ඇමතූ සුරතල් නමින් ඇය ඇමතුවාය, “එයාලට සල්ලි මදි වුනාම අනිත් රටවල් මොකද කරන්නෙ? මම අහන්නෙ ලොකු රටවල් ගැන නෙවෙයි. අපි වගේ පුංචි රටවල්?” “එයාල අළුතින් නිකුත් කරනවා සීමිත මුද්දර ගණනාවක්. ඒවා ලෝකයේ වටා ඉන්න මුද්දර එකතු කරන අය විසින් මිල දී ගන්නවා.” “අපි දැන් කොපමණ වතාවක් එහෙම මුද්දර නිකුත් ...