මේ තමයි නිව් යෝර්ක් නගරය Sinhala story Blog “මේ තමයි නිව් යෝර්ක් නගරය,” ටලි කිව්වේ ඔහුගේ ලුතිනන්වරයා වූ විල් ටැටම් ට ය. “ඒත් කිසිම හතුරෙක් පේන මානයක නැත්තෙ ඇයි කියා මට වැටහෙන්නෙ නැහැ. මුළු ගඟයි මුළු වරායයි දෙකම අපේ. සාමාන්‍යයෙන් මේ හරිය නැව් වලින් පිරිලා තියෙන්නෙ හරියට මැස්සො ඇලෙන කොළ වල මැස්සෝ පිරෙනවා වගේ.” “එහෙනම් එයාලට තේරුම් යන්න ඇති අපේ වෑයම සුළු පටු වූවක් නොවේ කියලා,” විල් ...
වංචාවෙන් නිදහස Sinhala story Blog ඇමෙරිකාවට පහර දෙන ග්‍රෑන්ඩ් ෆෙන්වික් විශේෂ හමුදා බලකායක් සංවිධානය අදිපාදවරිය හෝ ඇයගේ පක්ෂ නායකයන් දෙදෙනාම හිතුවාට වඩා සංකීර්ණ කටයුත්තක් විය. මවුන්ට්ජෝයි සිටුවරයා බලාපොරොත්තු වූයේ විශේෂ හමුදාවක් අවශ්‍ය නොවේ යැයි කියා ය. යුද්ධ ප්‍රකාශ කිරීම පමණක් සෑහෙතැයි ඔහු තනිවම සිතුවේය. ඉන්පසු ලෝකයාට දන්වා වහාම යටත්වීමෙන් පසු ඇමෙරිකාව විසින් ප්‍රතිසංස්කරණ පටන් ගනු ඇතැයි සිතුවේය. එහෙත් යුද්ධ ප්‍රකාශ කර යවා සති හතරක් ...
ලෝකය අපිට දෙන සාක්කි හඳුනාගන්න, මා හිතවත් ඇඩ්සෝ Sinhala story Blog දොරක් කෙඳිරිගාමින් ඇරෙන හඬක් ලීලාට ඇසුණි. අඩි සද්දය තමා සිටි පැත්තට එනවා යැයි ලීලා සිතුවේ එය තමා සිටි කාමරයේ බිත්තියේ දෝංකාරය වූ නිසා යැයි ඇයට පැහැදිලි විය. ඇවිද ගිය අය තමා වෙතින් ඈතකට ගිහින්. ගලා ආ මඳ එළියෙන් ඇය ඉදිරියෙන් වූ මකුළු දැල් පිරි මේසය දිහා බැලුවාය. එය නිමැවී ඇත්තේ ඉතා ප්‍රාථමික ආකාරයෙන් යැයි ඇයට සිතිණ. මේක මොනවා ගබඩා ...
කිබිසිනි – සුසුම් ලෑම කාට ඇහේවි ද? Sinhala story Blog අම්මා කුඩා දැරියක් මෙන් මෙසේ හඬනවා ලීලා කිසිකලෙක දැක නැත. ලීලාගේ ඇස්වල කඳුළු පිරුනේ නැත. ඇය බලා සිටියේ අම්මාගේ ඉකිගැසිල්ල නැවතෙන තුරු. අම්මා තුල ඇති බිය සැක යාන්තමකට හෝ අඩු කරන්නට උවමනා වුවත් එය කරන්නේ කෙසේදැයි ලීලා නොදත්තාය. “මහත්තයා නැඟිටලා වගේ ඇහෙනවා නෝනා,” මෙහෙකාරිය ඉස්තෝප්පුව අතුගාන්න කොස්සකුත් රැගෙන ඇවිත්. අම්මා පුටුවෙන් නැඟිට්ටේ සුසුම් ලමින්. ඇය ගේ ඇතුලට ගියේ එතරම් ...
කිබිසිනි – ආරම්භය Sinhala story Blog මොර සූරන වැස්සකි. ගෙදර සිටිනා කිසිවෙක් කරනා කියනා කිසිවක් ඇහෙන්නේ නැති තරමට කළු වළාකුලින් පිරි අහසින් ඇද හැලෙන වැසි බිංදු හඬ පතුරවා හරියි. වෙනදා තොර තෝංචියක් නැතිව ඇහෙනා අම්මාගේ මැසිවිලිය වැස්සේ ගෝරානාඩුවෙන් යටපත් වී ඇතැයි දකිද්දී ලීලාගේ මුවේ නොදැනුවත්ව ම සිනාවක් පැතිර ගියේය. ඉස්තෝප්පුවේ තිබි ඇඳි පුටුවක දිගා වී ඇය වත්තට ගලා එන වතුර පාරක් එන්න එන්නම තරමින් විශාල ...
අවසන් කොටස Sinhala story Blog මෙහෙය අවසන් වී ආශීර්වාදය ලැබුණු පසු ශාලාවේ හැම කොණකින් ම සුබ පැතුම් මහත් හඬින් ගලා ආවේය. මුලින් ම මනාලියගේ අත සිප ගත්තේ මවුන්ට්ජෝයි සිටුවරයායි. මේ ජය මොහොත තම ජයග්‍රහණයක් කියා, ඔවුන් දෙදෙනා එක් කළේ තමා යැයි ඔහු මහත් සේ සතුටු විය. ආදිපාදවරිය සිය වල්ලභයා සමඟ මධුසමය ගත කරන්නට බටහිර ලෝකයේ සියළු අගනගර වෙත පිටත් වී යන්නට පෙර, ආචාර්ය කොකින්ට්ස් ...
කිබිසිනි -අවුලක් ලිහන්නට නම් කොණක් අල්ලා ගන්නේ කෙසේද? Sinhala story Blog වළාකුල් නොමැති රාත්‍රියේ පුරහඳ හැම අස්සකට ම කොනකට ම එළිය පතුරුවා හැර ඇත. නිවසේ වූ අනිත් අයට නින්ද යනතෙක් බලා සිටි ලීලාට ද නින්ද ගොස් තිබිණ. පාන්දර තුනට පමණ තිගැස්සී අවදි වූ ඇය මුලින් ම ඔරලෝසුවක් දිහා බැලුවේ තමාට මුළු රාත්‍රිය ම අහිමි වූවා දැයි සොයන්නට යි. බකමූණෙක් හූම් හූම් ගානා හඬ ළඟ පාතකින් ඇසිණ. ඒ හැරෙන්නට වෙනත් කිසි ...
සිංදු කියන ෆෙන්විකියානු කුරුල්ලෝ Sinhala story Blog වැඩිමහල් බැස්කොම්බ් උපැස් යුවලක් පැළඳි, සිහින් උස සිරුරක් ඇති, ඔහුගේ හිසේ අඩුවෙන් වූ කෙස් වල මදි පාඩුකම් පියවන්නට සේ ඝනට වැඩුණු ඇස් බැමි වලින් යුතු වූවෙකි. ඔහු ග්‍රෑන්ඩ් ෆෙන්වික් හි ගෞරවයට පාත්‍ර වූ පුරවැසියෙකි. ඔහු මුළු ආදිපාද දනව්වට ම ජීවතුන් අතර සිටිනා එකම ග්රන්ථ කතුවරයා ය. මුළු ආදිපාද දනව් ඉතිහාසයට ම එහි වුයේ ග්රන්ථ කර්තෘවරු දෙදෙනෙකි. ඔහුගේ “ග්‍රෑන්ඩ් ෆෙන්වික් ...
කිබිසිනි -කෝ මේ ළමයා, තාම නිදි ද? Sinhala story Blog “කෝ මේ ළමයා, තාම නිදි ද?” අම්මාගේ කටහඬ කෑම කාමරය පැත්තෙන් ඇහෙයි. “බේබි ඇහැරිලා පාඩම් කරනවා නෝනා, ලැවරියා කාලා ආපහු දිව්වා,” මෙහෙකාරිය කියන්නීය. ලීලා සුළැඟිල්ලේ වූ මුද්ද දිහා බලා සිටියේ විමතියෙන්. ඇය තවමත් හිටි තැනම සිටගෙන. ඉස්තෝප්පු කාමරයෙන් බැහැරක ගොසින් නැත. ඇය මුද්ද ගලවා වෙන ඇඟිල්ලක රැඳවූවාය. ඇය එතැනම ය. අනිත් අතේ ඇඟිල්ලක දැම්මා ය. ඒත් එතැනම ය. කුමක් ...
ජය සඳහා මා පිටුපසින් එන්න Sinhala story Blog “මේ,” ටලී කීවේය, “මේ තමයි යුද්ධය.” “හා එහෙනම්. ඒක යුද්ධය,” හරියට කුඩා දරුවෙක් හා එකඟ වෙනවා සේ පේද්රෝ කීවේය. “ඒත් මට දකින්න නැහැ කිසිම කැමරාකරුවෙක් පේන තෙක් මානයක ප්රචාරක ඡායාරූප ගන්නට සැරසී සිටින. ඒ අය එනතෙක් අපි පොඩ්ඩක් ඉන්න වෙයි.” “නැංගුරම් දාපන්,” ටලී ගුගුලේ ය. “උඹේ කන් උගුල්ලන්න කළින් නැංගුරම් දාපන්.” “ආයි, ආයි,” පේද්රෝ කීවේය. සිටගන්නට සුදුසු තැනක් පෙන්වා ...
කිබිසිනි -ගොඩක් පවුල් මෙහෙම තමයි Sinhala story Blog “වැස්සට පස්සෙ අහුලගන්න දෙයක් ඒ ඉඩමෙ නැතුවා වෙන්නැති.” එහෙම කියූ මෙහෙකාරියට පහදන්නට “ඉස්තෝප්පු කාමරෙන් යන්න එහෙම එකක් ඕනෑ වුනාට …” යැයි මිස් සුරම්‍යා පටන් ගත් වාක්‍යය ඇය අවසන් නොකර යළිත් යටිතොල සපන්නට පටන් ගත්තාය. “අර සී.එස්. ලුවිස් ලියපු නාර්නියාවේ වංශකතා වලින් එකක අල්මාරියක දොරක් ඇරගෙන නේද හතරදෙනාම පිටවෙන්නෙ?” “අන්න හරි, මම මේ උදාහරණයක් කල්පනා කළේ.” “ඉඩමෙන් මහතුන්ගෙ පුතා වෙන ...
කිබිසිනි -මට මගේ දරුවා මෙතැන තනියම දාලා යන්න බැහැ Sinhala story Blog පොලිස් නිලධාරියෙක් කාන්තාවගේ අත්දෙක පිටුපසට තබාගෙන ඇයව අල්ලා ගෙන සිටියි. පාරට වැටුණ දරුවා තවත් හයියෙන් හඬා වැලපෙයි. “මන්සෙයි කියලා කෑ ගහලා තියෙනවා ද?” පොලිස් නිලධාරියා අසන්නේ ගෙවල් වලට රිංගා ගත් හැමට ඇසෙන පරිදි ය. ඔහුගේ මුහුණ ඉදුණ ජම්බෝලයක් මෙන් රතුපාට වී ඇත. ඇස් කුරිරි බවකින් දිළිසෙයි. කොටට කැපූ කළු කොණ්ඩයේ කෙස් ගස් එකින් එක ඉද්ද ගැසුවාක් ඉහළට ඉස්සී පවතී. ...
කිබිසිනි -අම්මා දිහා බලා සිටින ලීලා Sinhala story Blog පොරොන්දු වූ පොත ගෙනෙන තෙක් ලීලා සිටියේ නොඉවසිල්ලෙන්. දැන් තාත්තා වෙතින් ඉඳහිටෙක සිනාවක් දකින්නට ලැබේ. එහෙත් එය වැඩි වේලාවක් මුහුණේ රැඳී සිටින්නේ නැත. ඔහු විටෙක යමක් පහදා ගන්නට මෙන් අම්මා දිහා හෝ ලීලා දිහා එක එල්ලේ බලාගෙන සිටියි. එවැනි අවස්ථාවක දී අම්මා රටේ තොටේ ඇහෙන සිද්ධීන් ඔහු හමුවේ තබයි. ඔහුගෙන් පිළිතුරු නොලැබීම ගැන අම්මා තැකීමක් නොකරන්නීය. ඔහුගේ ඇස් ඉවතක ...
කිබිසිනි -වැඩියෙන් වෙන්නෙ හැමදාම වෙන දේවල්ම තමයි Sinhala story Blog “එහෙම තව තැන් තියෙනවා වෙන්නත් ඇති නේද?” අම්මා විමසන්නීය. “මෙතනින් කතන්දරයකට ගිහින් ඒ ඇතුලෙන් තව කතන්දරයකට යන්න තැන් ද?” මිස් සුරම්‍යා අසන්නීය. “නෝනා අහන්නෙ මේ ඉස්තෝප්පු කාමරේ වගේ තැන් වෙන ගම් පළාත් වලත් තියෙනවා ඇති කියල ද?” මෙහෙකාරිය අම්මා වෙතින් විමසයි. අම්මා මෙහෙකාරිය හිසෙන් දක්වමින් ඔළුව වනමින් තමන් අහන්නේ ඒ බව යැයි පෑවාය. “නැති වෙන්න හේතුවක් නැහැනෙ,” කියමින් යටිතොල ...
කිබිසිනි -හාමතේ ඉන්න කොල්ලො ටික කොයි වේලාවේ හරි පාත්වේවි Sinhala story Blog “මහත්තයා ඉස්තෝප්පුවට එන්නෙ නැතිවෙයි අද,” ඉඳුල් පිඟාන ලීලාගෙන් ඉල්ලා ගන්නා ගමන් මෙහෙකාරිය රහසින් කියුවාය. “ඇයි?” “ඊයේ රෑ පොඩ්ඩක් වත් නිදා ගත්තෙ නැහැයි කියල නෝනා කිව්වා,” ඇය කට අතින් වසාගෙන කියන්නේ එය උච්චාරණයෙන් යම් දෝෂයක් සිදුවේ යැයි බියෙනි. ඊයේ රූ ඇද හැලුණු ධාරාණිපාතයත්, හාස්කම් පෙන්වන්නට සමත් ඉස්තෝප්පු කාමරයත්, සමඟින් තාත්තාගේ අසනීප තත්වය සම්බන්ධ වන්නේ කෙසේදැයි පැහැදිලි කරන්නට නොදත්ත ද එහි ...
මට ගැහැණියෙක් විදියට ඉන්න ඉඩ දෙන Sinhala story Blog “මම හිතන්නෙ,” ග්ලෝරියානා කණස්සල්ලෙන් කීවාය, “ඔයා යෝජනා කරන එකක් නැහැ මට අර ඇමෙරිකන් මන්ත්‍රීවරයා එක්ක විවාහ වෙන්න කියල. මොකද මම ඒක කරන්නෙ නැහැ. මම මේ ඇමෙරිකන් කාන්තා සඟරාවක් කියෙව්වා. ඒකෙ තියනවා ඇමෙරිකන්කාරයෝ සේරම එයාලගෙ භාර්යාවන්ට හරිම වද දෙනවා කියල.” “වද දෙනවා කියල?” සිටුවරයා එය ම ඇසුවේ ය. “හරියට ම හරි. ඔවුන් එයාලට සලකන්නේ එක සමාන අය විදියටලු. එයාල කිසිම ...
ඔවුන් දෙන සේනාංක දහය වෙනුවට විස්සක් දෙන්නම් කියන්න ඕන Sinhala story Blog “ඔවුන් හරි සටන්කාමීයි, ඒ රුසියානුවෝ,” යුද හමුදා ජනරාල්වරයා බාගයක් කියා ගත්තේ තමන්ට ම ය. “ඔවුන් ස්ටාලින්ග්‍රෑඩ් වල මාර පෙරලියක් කලේ. ටැංකි සෑහෙන්න සංඛ්‍යාවක් සහ අවි ආයුධ කොච්චර උවමනා වුනා ද එයාලව ඉවත් කරන්න. හමුදාවේ ඉල්ලීම් කප්පාදුව කොංග්‍රසය විසින් කවදාවත් නොකළ යුත්තක්. මම හිතුනා යාන්තමට මේ වගේ දෙයක් සිද්ධ වේවි කියලා කවදා හරි.” “ගොඩක් බෝම්බ දාන්න පුළුවන් අය වැදගත් යුද ...
අඟහරු ලෝකෙන් ආ මිනිස්සු Sinhala story Blog “පියාඹන පීරිසියක්,” තවත් අයෙක් කෑ ගැසීය. ඇසිපිය හෙලන්නටත් මත්තෙන් මුළු කණ්ඩායම හැරී සී සී කඩ දුව ගියහ. ඔවුන් දිව ගියේ වීදිකොනේ හැරුනාම වූ ගඟ පැත්තටයි. තමන් හැඳ සිටින ඇඳුම් සමඟ දිවීම අපහසු බව වටහා ගත් ඔව්හු ඒවා දුවන ගමන් මහමඟ ගලවා දමමින් දිව්වහ. මොහොතකින් පසු මෙතෙක් නිහඬව තිබි පරිසරය “පියාඹන පීරිසියක්!” “අඟහරු ලෝකෙන් ආ මිනිස්සු!” “කිරණ තුවක්කු!” යනාදියෙන් පිරී ...
කිබිසිනි -තාත්තා දන්නවා නම් අම්මාත් ඒක දන්නවා ද? Sinhala story Blog වත්තේ ඇවිදීම නවතා හනිකට නිවසට ඇතුල් වූ තාත්තා නිදන කාමරයට වැදුනේ දොරත් අඩවන් කරගෙන ය. ලීලා නැවතත් ඇයගේ මේසය ළඟින් වාඩි වී පොත් වලට එබුණි. එළිමහන් සුළඟ වැදී, කියවන කරුණු කාරණා ඉක්මණින් අල්ලා ගන්නට මනස ප්‍රාණවත් වී ඇති සේ ය. රාත්‍රී ආහාර සුදානම් යැයි අම්මා හඬ ගා දෙතුන් වතාවක් කියනා තෙක් ම ලීලා පොත්වලින් ඇස් ඉවත් කළේ නැත. කෑම ...
ඔහු වෙරි මතින් ද සිටියේ? Sinhala story Blog “ලේකම් මහත්මයාණෙනි,” වොෂිංටනය හා කෙළින් ම සම්බන්ධ වූ පසු ඔහු ඇමතීය, “නිව් යෝර්ක් නගරයේ හදිසි තත්වයක් ගැන මට වාර්තා කරන්න වෙලා තියෙනවා. උමං දුම්රිය මාර්ග වල මිලියන බාගයක් විතර ජනතාව රැඳිලා ඉන්නවා. ඒ හැමෝම මොකක්දෝ හෑල්ලක් ගයන්න පටන් අරගෙන. ඒ හැමෝම වගේ විශ්වාස කරනවා නිව් යෝර්ක් නගරය අඟහරු ලෝකෙන් ආපු මිනිස්සු විසින් ආක්‍රමණය කරලා තියෙන්නෙ කියල. ආරක්ෂක සේවකයන්, විශේෂ ...