Sinhala story Blog

අප්‍රේල් 12, 2012

ගර්ජනය කළ මීයා -මා ලවා තුන්වැනි පක්ෂයක් හදවන්නයි

Filed under: Uncategorized — sinhalashortstories @ 7:59 පෙ.ව.

මාලිගාවේ සිට ටලී ගේ කුඩා නිවහන වෙත තම ආදිපාද බයිසිකලය පදවන ගමන් දොලොස්වන ග්ලෝරියානා ආදිපාදවරිය මේ සියල්ල ගැන සිතුවා ය.

තමන් ටලී ට කැමැති ද නැත්නම් අකමැති ද යන්න ඇයට තීරණය කරත හැකියාවක් ද නොවීය. කොමියුනිස්ට් යෝජනාව ගැන කතාබස් කරන්නට මවුන්ට්ජෝයි සිටුවරයාට හෝ බෙන්ටර්ට බාර නොදී ඇය තනිවම ටලී මුණ ගැහෙන්නට ඉටා ගැනීමට ඒ එක හේතුවකි. ඔහු ගැන ඇයට හරියට ම කුමක් හිතේවි දැයි දැන ගැනීමට මෙය කදිම අවස්ථාවකි.

පුරුෂයෙක් විලසින් ඇය බලාපොරොත්තුවන ශාරීරික පෙනුමක් ඔහුට නොවන බව ඇය තමාට ම කියා ගත්තීය. ඔහුට ඔහුගේ පියාගේ ඝන ඇස්බැමි සහ මනාව දිස්වෙන නැහැයක් තිබිණ. ඔහු උසින් වූවාට විටින් විට යාන්තමකට කුදු වී හැසිරෙයි. ඔහුගේ අත් පා කිසිම චාරයක් නැතිව හැම අත දුවයි. හරියකට අත් පා සිරුරට අලවා තබා ඒවා එකිනෙකාට ගැලපෙන සේ සකස් කර නැත්තා සේ ය. ඉතාමත් අහිංසක කතාබහක දී වුව ද අශීලාචාර ලෙසින් ඇස් දිහාම බලාගෙන හැංගිච්ච යම් චේතනාවක් සොයන්නට සේ බලා සිටියි. මේ බව හිතද්දී මේ සම්මුඛ සාකාච්ඡාවේ දී තමන් කෙළින් ම කාරණාවට බැසිය යුතු යැයි ආදිපාදවරිය තීරණය කළාය.

කුඩා නිවහනේ කුස්සියේ දී ඇයට ටලී මුණගැසිණ. ඔහු හම් කඩවැස්මක් පැළඳ ගෙන ලොකු බූට් සපත්තු කුට්ටමක අඩිය හදමින් සිටියේ ය. ඇය පිවිසෙද්දී ඔහු නැඟිට්ටේ ය. අතේ වූ මිටියෙන් ඇයට පුටුවක් පෙන්වා එහි වාඩිගන්නට යැයි සංඥා කළේය. අනතුරුව කටෙන් අතක් පුරා පිරෙන්නට ඇණ ගොඩක් එළියට ගති.

“මම ඔබ එයි යැයි බලාපොරොත්තුවෙන් සිටියා, උත්තමාවෙනි,” ඇය වාඩිගත් පසුව ඔහු කීවේය. “මොකක් ද මට ඔබ වෙනුවෙන් කරන්න පුළුවන්?”

“මොකක් ද ඔබ අදහස් කරන්නෙ මම එන බව බලාපොරොත්තු වූවා යැයි කීමෙන්?” ඇය වේගයෙන් විමසීය. ඇයට මඳ තරහක් හට ගැණුනි. “කවුරු හරි ඔබට කිව්ව ද මම එනවා කියල?”

“නැහැ. ඒත් අන්තිම මැතිවරණය දියාරුවාදීන් හා දියාරුවිරෝධිවාදීන් අතර දිනුමක් පැරදුමක් නැතිව අවසන් වෙච්ච එකක්. එක පැත්තක අභිප්‍රායට අනිත් පැත්ත යටත් කර ගන්නෙ නැතිව ප්‍රජාතන්ත්‍රවාදයක් ගෙන යන්න කොහෙත් ම බැහැ. ඉතින් ඔබට ජනප්‍රිය නියෝජිතවරු හිටියට, සැබැවින් ම වූ ආකාරයකින්, ඔබට ආණ්ඩුවක් නැහැ. ඒ වගේ අවස්ථාවක දී දෙපැත්තෙන් ම චන්ද එකතු කරගෙන තුන්වැනි පක්ෂයක් හැදීම සාමාන්‍යයක්. මේක කොච්චර කාලයක් ප්‍රංශයේ සිද්ධ වෙනවා ද කිව්වොත්, කාටවත් කියන්න බැහැ කිසිම පක්ෂයක් ගැන. ඒ ඒ පක්ෂය වෙනුවෙන් ඔවුන් පෙනී සිටින්නේ කුමකට දැයි කියා. එහෙම වුනාම සාමාන්‍යයෙන් වෙන්නෙ අඥාදායකයෙක් ඇතිවෙන එකයි. මම හිතන්නෙ ඔබට ඕනෑ මා ලවා තුන්වැනි පක්ෂයක් හදවන්නයි.”

මෙසේ තමන් කරන්නට ගිය කර්තව්‍ය ගැන ඔහු අපේක්ෂාවෙන් සිටි බව දැකි ග්ලෝරියානා සිතින් දුක් වී මඳක් කිසිත් කියාගත නොහැකිව සිටියේය. ඇයගෙන් යමක් හොරකම් කළා සේ ඇයට දැනුණි. ඇයට වුවමනා වූයේ තුන්වැනි පක්ෂයක් ගැන අදහස කියා ටලී ව පුදුම කරන්නට ය. එහෙත් ඔහු ඇයටම එය කියමින් සම්පූර්ණ කීර්තිය ඇයට අහිමි කර ඇත. ඒ ස්ථානයේ දී ඒ වේලාවේ දී ඔහුට තමා කැමති නැති බව ඇය තීරණය කළාය.

“ඉතින් ඒක සම්පූර්ණයෙන් ඇත්ත. මට ඕනා ඔයා ලවා තුන්වැනි පක්ෂයක් හදවන්න. ඒත් මට ඕන නැහැ ඒක සාර්ථක පක්ෂයක් කරන්න. ඒ කියන්නෙ, මට ඕන නැහැ ඒක සාර්ථක කරන්න ඒත් ඕනා සාර්ථක බව පෙන්වන්න විතරයි. ඔයා බලන්න අපිට සල්ලි හිඟයි.” ඇය අවසානයේ දී කීවාය.

“කාට ද සල්ලි හිඟ නැත්තෙ?” ටලී ඇසුවේය. “ඔබට පෙනෙන විදියට, මම මගේ සපත්තු හදමින් සිටියෙ ඔබ මා බලන්න පැමිණෙද්දී. ඒක කුතුහලය දනවන වැඩක් වුවාට, දැන් මම සපත්තු හදන්න දන්නවා, ඒත් ඇයි කෙනෙක් තමන්ගෙ වැඩ කරවාගන්න තවත් කෙනෙකුට සල්ලි දෙන්නෙ ඇයි කියා මම නම් දන්නෙ නැහැ. උත්තමාවියට සපත්තු හදන්නෙකුගේ සේවය අවශ්‍ය නම් මම ග්‍රෑන්ඩ් ෆෙන්වික් ආදිපාද දනව්වේ සුවිශේෂී සපත්තු හදන්නා වෙන්නම්.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.