Sinhala story Blog

මැයි 16, 2012

එයාල පියාඹන පීරිසියකින් පාත් වෙච්ච අය

Filed under: Uncategorized — sinhalashortstories @ 6:35 පෙ.ව.

8

ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වේ විශේෂ හමුදා බලකාය විසින් ඇමෙරිකාව ආක්‍රමණය කර පැය දෙකක් පිරෙන්නට යද්දී තමයි රාජකීය මට්ටමකින් වූ, නැත්නම් ඕනෑම මට්ටමකින් වූ කිසිවෙක් හෝ එවැන්නක් සිද්ධ වෙනවා යැයි දැනගන්නේ. අවිගත් අමුතු පිරිමි මෑන්හැටන් හි දී හඳුනා ගැනුනත් එහි වැදගත්කම ගැන කිසිවෙකුට කිසිම අදහසක් තිබියේ නැහැ.

වීදි වලින් මිනිසුන් ඉවත් කර ඔවුන්ව මුර කරන පරිනත සැලසුම් සාර්ථක ය. කාලයක් තිස්සේ වැඩි වර්ධනය වූ බිය හේතු කොටගෙන පුහුණුව පටන් ගන්නට අනතුරු ඇඟවුම් කළ නලා හඬ පමණක් ආරක්ෂිත ස්ථාන සොයා පුරවැසියන්ව හනිකට යවා තිබිණ. ඒත් මේ මුල් කම්පනයට පසුව වෙන්නේ කුමක් දැයි සොයන්නට ඔවුන් පෙළඹෙන බව ආරක්ෂක ලේකම්වරයාට වැටහිණ. ඒ කුතුහලය, ඔහු විචාරය කළේය, නිව් යෝර්ක් නගරයේත් ඊට යාබද නගර වලිනුත් වැඩියෙන් ම දැක ගන්නට ඉක්මණින් හැකිවනු ඇත.

ඒ නිසා ආරක්ෂිත කඳවුරු භාරව සිටි අයට උමං දුම්රිය පොළවල් හා බිල්ඩින් වල වූ ආරක්ෂිත කඳවුරු වලින් කිසිවෙක්ට පිටත් වී යන්නට ඉඩ නොදෙන්නැයි අණ ලැබී තිබුණි. ඒ කර්තව්‍යයට ඔවුනට පොලීසියේ සහය ලැබුණි. ඔවුන් සැවොම රැඳී තිබි කඳවුරු වූයේ බිම් මහලට යටින් වූ පහත මහලයන් හි ය. අනිත් ආරක්ෂක කටයුතු වල යෙදි සේවකයෝ, විෂ වායු සොයා යන අය, පුපුරා නැති බෝම්බ සොයා යන අය, වෛද්‍ය හා හදිසි අනතුරු සේවා සපයන අය සහ ආහාර සපයන ස්වේච්ඡා සේවකයන් අනතුරු දැන්වූ නලාවෙන් පසු සියළු කටයුතු මැනවින් කෙරෙන්නේ ය යන්න සොයා බලන්නට පත් වී තිබි අයයි. නගරයේ ඊට නියමිත ව තිබි ස්ථාන වලින් පටන් ගෙන ඔවුන් හැම ගොඩනැඟිල්ලක් ම. හැම ආරක්ෂිත කඳවුරක් ම වෙත ගොස් ගර්භනී මව්වරු, කුඩා දරුවන්, වයසක ඇත්තෝ යනාදී සියල්ලන්ට ම ආහාර, වතුරු හා අවශය වස්ත්‍ර ඇත්දැයි සොයා බලන්නට පටන් ගත්හ. එහෙත් වෙන කිසිවෙක්ට එළිපහළියට යෑම තහනම් ය. ඉතින් ඒ නිසා, ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වේ විශේෂ හමුදා බලකාය නිව් යෝර්ක් නගරය ආක්‍රමණය කර පැය එක හමාරකටත් වඩා ගෙවී යනතෙක් ඔවුනට කිසිත් හතුරෙක් මුණ නොගැසුණි.

ටලී ගේ අණ යටතේ ඔවුන් ඒ වනවිට බ්‍රෝඩ්වේ වීදිය දිගේ උතුරට ඇවිද ගෙන යමින් සිටියහ. එකසිය වීදියට එනතෙක් කිසිම මිනිස් පුළුටක් නොදැක්කහ.

එකසිය වීදියත් බ්‍රෝඩ්වේ වීදියත් අතර මංසන්ධියේ දී ටලී කිසිදාක දැක නොමැති අමුතු ඇඳුම් ඇඳගත් මිනිස්සු පස් දෙනෙකුගේ කණ්ඩයාමක් ඔවුන්ට මුණ ගැසුනේ නොසිතූ ලෙසකිනි. ඔවුන් හැඳ සිටියේ ඇවිදින්නට ඉතා අපහසු අළු-සුදු පාට හිස සිට පාද දක්වා වැසුණු ඇඳුම් ය. හිස්වල තිබි ආවරණ වලින් එළිය බැලුවේ ඝන වීදුරු තුලින් ය. ඔවුන් එකිනෙකාට ළං වී ඇවිද්ද අතර කුඩා උපකරණ ගොඩනැඟිලි වලට අල්ලමින්, ජලෝද්ගම නළයන් වෙත අල්ලමින්, ඒ දිහා නොසන්සුන් විලසෙන් බලමින් ඇවිද ගියහ. කණ්ඩයාම් දෙකම එකිනෙකා දුටුවේ එකම මොහොතේ දී ය. එකිනෙකාගේ වස්ත්‍ර දැක දෙගොල්ලෝ ම බියෙන් තැතිගත්හ. දෙපැත්ත විසින් ම සිතුවේ වෙනත් ලෝකයකින් ආ බියකුරු රාක්ෂයන් ඉදිරියේ තමන් සිටිනවාය කියාය. දෙපැත්තම නැවතුනහ. විෂද්‍රව්‍ය සොයන කණ්ඩායම, ඔවුන්ගේ හැදියාව එහෙම නිසා, හිමිහිට ඈත් වෙන්නට පටන් ගත්හ. දුනුවායෝ ඒ අතර තම දුනු වලට ඊතල හසුකර ගනිමින් ඔවුන් ඉදිරියට ඇවිද්දහ.

එක ඇමෙරිකානුවෙක්, හැඳ සිටි ඇවිදින්නට අපහසු වස්ත්‍ර අස්සෙන්, ඔහුගේ ගොරෝසු වූ හා ගොර ගොර ගාන කටහඬ තවත් විකෘති කරමින් කලබලයෙන් තැති ගෙන “එයාල පියාඹන පීරිසියකින් පාත් වෙච්ච අය,” යැයි කෑ ගැසීය. කටින් වදන් පිට වූවාත් සමඟ පිරිසේ වූ අනිකුත් අයටත් තම සිත්වල පටන් ගත්තා වූ එම සැකය ම ක්ෂණයෙන් වැටහුණි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.