උඩ යන බිම වැටෙන තරු හිම පියලි මේක ලංකාවේ එක්තරා ගායකයෙකුට සිද්ධ වෙච්ච වැඩක්ලු.මේක මං ලු විදිහට කියන්නේ මං අහපු හින්දා මොකද මං මේක දැක්කේ නම් නැහැ.ඒ වුනාට තාම මේ වැඩේ එච්චර ප්‍රසිද්ධ නෑ,මොකද තමං මෙච්චර චාටර් වුනා කියලා මේ වගේ ඔලුවෙන් ඉන්න ගායකයො ප්‍රසිද්ධියේ කියන්නේ නෑනෙ.මේ ගායකයා ලංකාවේ අර ත්‍රීරෝද රථ එලවන,බස් එලවන,ගාමන්ට් යන අය අතර ගොඩක් ජනප්‍රිය කෙනෙක්.දවසක් මෙයා ටීවී එකේ ඇවිල්ලා එයා සින්දු කියන්නේ ...
පූජනීයයි ආදරේ………..???????? හිම පියලි කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ආරක්ෂාව,රැකවරණය.තමන්ට උපාධියේ තියෙන බර වැඩ ටික කර ගන්න එක.කෙල්ලෙකුගෙන් කොල්ලෙකුට ඕන තමන්ගේ රිපෝර්ට් ගොඩ දාගන්න එක,ඒ ඇරුනම වැඩ පුරුදු වෙන එක.මොකද මේ පරිසරයේ තිබ්බ මහා පාලුව,මාස ගනනකටවත් ගෙදර යන්න වෙන්නේ නෑ.හරියට ෆෝන් වල සිග්නල් වැඩ නෑ.මෙතනදි යාලු වෙච්ච බොහොමයක් අයට ආයි විවහයෙන් පස්සේ ඉගෙන ගන්න කියලා,අත්හදා බලන්න කියලා අලුත් දේවල් තිබුනේ නෑ.මොකද ඒවා එතනදිම අත් හදා ...
ඇතුලට යවන්න පණ නැති පිරිමි හිම පියලි දැන් අපි පරිගණක කියන එව්වා එකී නොකී මෙකී හැම දෙයකටම පාවිච්චි කළාට ඉස්සර පරිගණක කියන්නේ මහ පුදුම භාණ්ඩයක් විදිහටනේ සැලකුනේ.පරිගණක අංශයේ වැඩ කරන අයත් මහා ලොක්කො වගේ තමයි හිටියෙත්.මං මේ කියන්න හදන්නේ ඒ වගේ කාලෙක සිද්ධ වෙච්ච වැඩක්. ඔන්න එක්තරා රාජ්‍ය ආයතනයකට පරිගණකයක් ගේන්න සැලසුම් කළා.අද වාගේ නෙවෙයි ඒ දවස් වල පරිගණකයක් ගන්නවා කියන්නේ අද හරියට මහා ගොඩනැගිල්ලක් ගන්නවා වගේ ...
someone? or one?,එකෙක් ද? එකාද? හිම පියලි මේ කතාව සිද්ධ වුනේ කාර්මික අංශයේ කම්හලක.මේ කම්හලේ වැඩ රැසක්ම සිදු කෙරුනේ යන්ත්‍ර සූත්‍ර වලින්.ඉතින් මේ යන්ත්‍ර කැඩුනොත් මුලු නිෂ්පාදන ක්‍රියාවලියම ඇණ හිටින්න පුලුවන්. දවසක් නොහිතපු විදිහට එක යන්ත්‍රයක් කැඩුනා.කළමනාකාරීත්වය වහාම කාර්මික ඉංජිනේරුවරයෙක්ව ගෙන්නුවා මේ ගැටලුව විසඳන්න.දැං ඔන්න අදාල කාර්මික ඉංජිනේරුතුමා ආවා හොඳට කිට මරලා එහෙම.මොකද මෙව්වා අර white collar jobs නෙ.එයා ඇවිල්ලා මුලු යන්ත්‍රය පුරාම හොඳට විමසලා බැලුවා මොකක්ද ...
අපේ බොසා වඩු බාස්ගේ ගෝලයාද? හිම පියලි අපි හැමෝම එක එක විදිහේ ලොක්කො යටතේ වැඩ කරනවනෙ.සමහර ලොක්කො හරි හොඳයි.තව සමහරු හරියට අපායේ යමපල්ලන්ටත් අන්තයි.ලොක්කො යටතේ ඉන්න සමහරු මං ලොක්කා නම් මෙහෙම කරනව කියලා හිතුවට එයා ලොක්කෙක් වෙච්ච වෙලාවට කරන්නෙත් අර වැඩේම තමයි.ඒක සමහරවිට ලොක්කන්ගේ හැටි වෙන්නැති.ඒ වුනාට ඔය සමහර ලොක්කො ඉන්නව අනුන්ට මෝඩ ජෝක් එකක් වෙන ඕන නැති විකාර කරන්න ගිහින්.අද මේ කතාව දිග ඇරෙන්නෙත් ඒ වගේ ...
ගින්නට හූ කියු මිනිස්සු හිම පියලි දවසක් අර ගලියෙන් ගිනි නිවීමේ කතාවෙදි මම කිව්වා අර ගිනි නිවන හමුදාවට එන්න කියන්න කලින් අපි අපේ වතුර බවුසර් අරන් දිව්වේ ඇයි කියලා පස්සේ කියන්නම් කියලා. ඒත් කිව්වා කිව්වා මයි මට ඒක එහෙමම අමතක වෙලා යනවා තව ටිකෙන්.අද ඒ හින්දා ඒ කතාව කියනවා. දැං ඔය ගොඩක් පැතිවල කොහේ හරි ගිනි ගත්තම වෙන්නේ වටේ පිටේ ඉන්න මිනිස්සු එකතු වෙලා ගිනි නිවන ...
ප්‍රේමදාස ජනාධිපති හා ලංකාවේ ඉංග්‍රීසි හිම පියලි ලංකාවේ හැම දේකටම දේශපාලනය ගෑවෙන කාලෙක මේ කතාවටත් දේශපාලනය ගෑවෙනවා.ඒත් අපි හිතන්නැති විදිහට.මේක දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ නම් ගෑවුනාට මේ වැඩේ සිද්ධ වෙද්දි එයා අභවප්‍රාප්ත වෙලා ඉවරයි. එතකොට අපි අපේ ඉස්කෝලේ අන්තිම අවුරුදු වල.අපිට ඒ කාලේ free period එකක් හම්බවුනොත් එක්කෝ cricket ගහනවා.නැත්නම් library යනවා.ඔන්න ඔය කියන දවසෙත් අපිට උදේම free period එකක් හම්බවුනා. ඉතින් අපි යාලුවො කට්ටියම ගියා ...
ගලියෙන් ගිනි නිවූ වගයි. හිම පියලි මේක ලියන්න කලින්ම කියන්නේ මේක ආරක්ෂක අංශයට කිසිදු සම්බන්ධතාවක් නැත.මේ වෙච්ච දෙයට කිසිම හමුදාවක් හෝ ඊට අයත් අයද සම්බන්ධ වී නැත.මං එහෙම කියන්නේ නැත්තං මට මේක දාලා සුදු වෑන් වල යන්න වෙයිද දන්නේ නැති නිසාය. මං මේක ලියන්නේ මගේ විදිහට. ඔන්න දවසක් මම එක්තරා කඳවුරකට සහභාගී වුනා.මේක ඇවිල්ලා බොහොම ඈත වියලි පලාතක තිබ්බ කඳවුරක්.මේක වටේම කැලෑව.මේ කඳවුරේ පරිපාලන වැඩ වලටත් ...
නොමිලේ පෙන් ඩ්‍රයි හොරකම් කරන්න හා නැති කරගන්න. හිම පියලි සමහර වෙලාවට මෙන්න මේ අහවල් ඊ මේල් එක යැව්වාම නොමිලේ පෙන් ඩ්‍රයිව් ලැබෙනවා කියලා බොරු ඊ මේල් ඔයාටත් ඇවිල්ලා ඇති. ඒත් මං මේ කියන්න යන්නේ නම් ඔයාට නොමිලේම පෙන් ඩ්‍රයිව් එකක් (හොරාට ) ගන්න පුලුවන් ක්‍රමයක්.මේක බලලා කරන්න ගිහින් වෙන අතුරු ප්‍රතිඵල වලට නම් මං වග කියන්නේ නැතෝ. දවසක් අපි යාලුවො කට්ටිය ගියා එක්තරා print out කඩේකට.දැං මේක කරන්නේ නට් ...
ලබ්බ කාගේද හිම පියලි ලබ්බ කිව්වම සමහර වෙලාවට සමහරුන්ට ඒක කුණුහරුපයක් වගේ වෙන්නත් පුලුවන්.ඔය සමහර ගැහැණු ලමයි එහෙම චීයා කියලා දුවන්නත් පුලුවන්.ඒ වුනාට අදනම් මේ කතාව මං කියනවා,එව්වා කිසි ගානකට ගන්නේ නැතිව.මොකද ලංකාවේ සමහර පලාත් වල ලබ්බ කියලා කියනවා අර වතුර දාන ලබු කැටේට.දැං සමහරු අහයි ලබු කැටේ මොකක්ද කියලා? dailynews.lkcafe,daum.net ඒක ඇවිල්ලා ලංකාවෙ ඉස්සර ගම් වල වතුර දාන්න ගත්ත ස්වාභාවික බෝතලයක්.ලොකු ලබු ගෙඩියක් ...
මහ රජ අඹයට කෙළි සේක. හිම පියලි ඔන්න එකෝමත් එක රටක හිටියා බොහොම ගරු ගාම්භීර විදිහට රට හොල්ලගෙන හිටපු රජ කෙනෙක්.මේ මහ රජ්ජුරුවන්ට තිබුනා එක එක විදිහේ සම්පත්.උද්‍යානද,ජල තටාකද,දඩ කෙලියට කැලෑද මේ සේරම මහ රාජාගේ වගේ තමයි.මොකක් හරි දෙයක් මහ රජාගේ හිතට වැදුනද ඒක ඕන මේ රජාට.ඒ හින්දා සමහර මිනිස්සු තමන්ට තියෙන දේවල් රජා ඇවිල්ලා කඩා වඩා ගන්න ඉස්සර එක්කො විනාශ කරනවා,නැත්තං ඒ වගේ බොරු එකක් දීලා ...
ඕං ගියා. හිම පියලි ඕං අදනං කියන්න යන්නේ හිච්චි කතාවක්.මේක ඇවිල්ලා පාර අහන එක ගැන.සාමාන්‍යයෙන් ඕන කොල්ලෙක් දන්නවා කොහෙ හරි යන්න පාරක් අහනවනම් කෙල්ලෙක්ගෙන් පාර ඇහුවොත් අනිවා, පාර හොයා ගන්න නෙවෙයි අතරමංවෙලා බේරුනොත් ලොකු දෙයක් කියලා.කොහොමත් කෙල්ලෙකුගෙන් ජීවිතේ හොයා ගන්න යන උන්ට වෙන්නෙත් ඔය දෙයම තමයි.ඒකනේ අර සින්දුවකුත් තියෙන්නේ “මං මුලාවී පාර සොයාගෙන හසරක් අසමින් යන ගමනේ මං මුලාවූ සමනලියකගෙනි පාර අසා තිබුනේ” කියලා.එක ...
කනවනං මෙන්න කෑම. හිම පියලි සිදුහත් කුමාරයා බුදු වෙන්න කියලා ගිහි ගෙයින් අභිනික්මන් කරලා තමන්ගේ සිරුර පවත්වා ගැනීමේ අටියෙන් පිඬු සිඟා වැඩලා ලැබුනු පලමු ආහාර වේල අනුභවයට සූදානම් වෙද්දි සිදුහත් බෝධිසත්ත්වයින්ට දැනුනේ යම් ආකාරයක අප්පිරියාවක්.මොකද මෙච්චර කාලයක් තිස්සේ ගිහි ගෙයි රජ කුමරුවෙක් විදිහට සැප විඳපු කෙනෙකුට අර පිඬු සිඟා වැඩලා ලැබුනු එකිනෙකට මිශ්‍ර වෙච්ච විවිධ ආකාරයේ ආහාරයක් කිසිම අපුලකින් තොරව ආහාරයට ගන්නේ කොහොමද? මම අද ...
චේතනාහං භික්කඛවේ…………. හිම පියලි ඕං අහවල් බල සේනාවටයි ඒකේ වන්දිබට්ටයො ටිකටයි ඕන්නං මූලග්ගාය හදාගෙන නටන්න හොඳ කතාවක් මං දැන් දානවා.මේක ඇත්තටම වෙච්ච කතාවක්.හැබැයි අද ඊයේ නෙවෙයි,මීට අවුරුදු ගාණකට ඉස්සර.මේක කාටවත් අත්හදා බලන්න කියලා කියන්නේ නෑ. ඔන්න ඉස්සර කාලෙක එක පිටිසර ගමක හිටපු එක ආච්චි කෙනෙක් පුරුදු වෙලා හිටියා හැම පෝයටම පන්සල් යන්න.(මතක තබා ගන්න,පෝයටම එහෙම නැතුව පෝය නැති දවස් වල නෙවෙයි)ඒක එයාගේ ආගමික භක්තිය ...
ගල හිල් කළ රැග් එක හිම පියලි නවක වදයට සම්බන්ධ කතාවක් කලින් දාපුවාම ඒකටම ටීකාවක් විදිහට එකතු කරන්න හිතාගෙන හිටියත් වෙන පැත්තකට යන ස්වභාවයක් හින්දා මේක මං වෙනමම දානවා.සාමාන්‍යයෙන් ඔය රැග් සීසන් කියන එක ඇවිල්ලා හරියට අමු අඹ කනවා වගේ වැඩක්.මොකද ඒක කන එකාගේ දත් හිරි වැටෙනවා.ඒත් බලාගෙන ඉන්න එකාගේ කටට කෙළ උනනවා.මේ පාර රැග් වෙන එකා ගොඩක් වෙලාවට අනිත් පාර ඇවිත් රැග් කරන්න පෙළඹෙන හේතුවක් තමයි ...
අනේ මගේ දෙයියෝ(දෙවියන්ට අපහාස නොවේවා.18+) හිම පියලි සැමියා බිරිඳගේ දෙවියාය කියලා ඉස්සර කතාවක් තිබුනලු.ඒ නමින්ම පරණ චිත්තරපටියකුත් පෙන්නුවලු ඉස්සර කාලේම.ඒ කාලේ එහෙම වුනාට දැං නම් එහෙම කිව්වොත් ලංකාවේ මහා ස්ත්‍රී වාදීන් ඊළඟ දවසෙ රෙදි කරේ තියාගෙන බහිනවා පාරට.ඒකනේ ඔය දැං කියන්නේ සැමියා බිරිඳගේ ටොමියාය කියලා.කොහොමහරි මේ ලියන කතාවත් පරණ ගමක සිද්ධ වුනා කියන කතාවක්. දවසක් අවුරුදු ලං වෙච්ච කාලෙක එක ගෙදරක කුස්සියේ ඉඳගෙන ඒ ගෙදර කාන්තාව,ඒ කියන්නෙ ...
ඇද්ද මදිද තව ඕනෙද? හිම පියලි අවවාදයයි!අදාළ නැති අය මෙය කියවීමෙන් ඔල්මොරොන්දන් වීමට ඉඩ ඇත.ඒ වෙනුවෙන් කමාව භජනය කරන සේක්වා………………. http://www.agbeat.com අපි සිදු කරන දේවල් එක්තරා සැලසුමකට අනුව සිදු වෙන බව ඇතැම්හු විශ්වාස කරති.එය ඔවුන්ට දෙවියන් වහන්සේ,විශ්ව ශක්තිය,දෛවය,ඉරණම හෝ කරුමයද විය හැක.තවත් සමහරුන්ට එය අහඹු සිදුවීමකි.ඊයේ මටද එවැන්නක් සිදු වුණි.ඊයේ මගේ බ්ලොග් එකේ සටහනක් දැමීමට ගිය මට අමතක වී(එයත් අහම්බයක් වීමට හෝ විශ්ව ශක්තිය කියා කාට ...
හෝටල කාමරෙයේ interview එක.(little bit 18+) හිම පියලි ගිනි පෙනෙල්ලෙන් බැට කාපු මිනිහා කණා මැදිරි එළියටත් බයයි කියනවනේ.ඒ වගේම තමයි කිඹුලා ඉන්න වැවෙන් ගත්තු වතුර වීදුරුවෙත් සමහරු කිඹුල් පැටව් දකිනවා.අද මං මේ කියන්න යන කතාවෙනුත් කෙනෙකුට එහෙම දෙයක් හිතා ගන්න පුලුවන්.ඒත් කෝකටත් කියලා මේ වගේ මගෝඩි වැඩ ප්‍රසිද්ධියේම මං පළ කරන්නෙ ඉදි අනාගතයේදි කවුරු හරි අහිංසකයෙක් මේ වගේ මගෝඩි වැඩකට අහුවෙන්න යන්න එපා කියලා කියන්න. මේ කතාව සම්බන්ධ ...
ගම්මානයේ සිරියාව. හිම පියලි එදා අපිව දාලා තිබුනේ කොලඹින් පිට, හරි අපූරු ගම්මානයක assignment එකකට.සාමාන්‍යයෙන් මේ වගේ outstation වැඩ වලට අපිට කොහොමත් මාස 2-3කට වතාවක් ලංකාවේ කොහෙ හරි තූත්තුකුඩියක යන්න වෙනවා.කොහොමහරි එදත් යන්න කලින් දවසේ අපේ බොසා සුපුරුදු පරිදි කිව්වේ”අයියෝ,ඔය ගමනට වැඩිම වුනොත් පැය 5 විතර යයි” කියලා.මෙයා කොහොමත් ඒ කියන වෙලාවන්ට තව පැය 3-4 එකතු කරන්න වෙනව කියලා දන්න නිසාම අපි උදේ රැයින්ම ...
කෙල්ලගේ උත්තරය(18+) හිම පියලි සිතූ දෙය නොම වේ,නොසිතූ දෙයම සිදු වේ කියලා කතාවක් තියෙනවනෙ.අපි නොහිතන දේවල් නොහිතන වෙලාවල හරි අපූරු විදිහට සිද්ධ වෙනවා. දවසක් අපේ company ට අලුතින් පිළිගැනීමේ නිලධාරිනියක් ඒ කියන්නෙ සිංහලෙන් කියනවනම් receptionist කෙනෙක් බඳවා ගන්න සම්මුඛ පරීක්ෂණයක් තිබුනා.කොහොමත් ඔය තනතුරට බඳවා ගන්නේ ටිකක් ඇහැට කනට පේන,හැඩකාර,දඟකාර ,ඕන්නම් විසේකාර කෙලි පැටික්කියොනෙ.ඉතිං එදා අපිටත් හෙන වැඩ.බොසාගේ කාමරේ තමයි ඒ පරීක්ෂනය තිබුනෙ.ඒකට යන්න එළියේ ...