ලබ්බ කාගේද

ලබ්බ කිව්වම සමහර වෙලාවට සමහරුන්ට ඒක කුණුහරුපයක් වගේ වෙන්නත් පුලුවන්.ඔය සමහර ගැහැණු ලමයි එහෙම චීයා කියලා දුවන්නත් පුලුවන්.ඒ වුනාට අදනම් මේ කතාව මං කියනවා,එව්වා කිසි ගානකට ගන්නේ නැතිව.මොකද ලංකාවේ සමහර පලාත් වල ලබ්බ කියලා කියනවා අර වතුර දාන ලබු කැටේට.දැං සමහරු අහයි ලබු කැටේ මොකක්ද කියලා?

Image

dailynews.lk

Image

cafe,daum.net

ඒක ඇවිල්ලා ලංකාවෙ ඉස්සර ගම් වල වතුර දාන්න ගත්ත ස්වාභාවික බෝතලයක්.ලොකු ලබු ගෙඩියක් අරගෙන ඒක වේලෙන්න ඇරලා ඒකේ තියෙන මදේ හූරලා එලියට ගන්නවා.ඊට පස්සේ ඒකට වතුර දාලා පල් වෙන්න ඇරලා අයින් කරලා ගත්තම වතුර දාන භාජනයක් හැදෙනවා.ඒ කියන්නේ වේලිච්ච ලබු ගෙඩියේ පිට පොත්ත හයියට වේලිලා තියෙනවා.
එව්වා ඇති,දැං ලබ්බ ගැන කතාවට බහිමුකො.
එක ගමක ඉන්නවා සිරිපාලයි,සරතුයි කියලා යාලුවො දෙන්නෙක්.ඔන්න දවසක් මෙයාලා දෙන්නා පොඩි දෙයකට තරහ වුනා,කඩපිලේදි.ඔන්න දැං දෙන්නා නොරොක් වෙලා බුම්මං ඉන්නවා.ඔහොම ඉන්නකොට ඒ කඩපිලට එනවා නගරේ ඉඳන් ආපු වාහනයක්.වාහනේ කඩේ ගාව නතර කෙරුවාම ඒකෙන් ආපු එක නෝනා කෙනෙකුට දකින්න ලැබෙනවා අර කඩේ තියෙනවා අර මං කියපු ලබු කැටයක්.ඒ කියන්නේ ලබ්බක්.එයා ඒක දැකලා රියදුරාගෙන් අහනවා අර මොකක්ද කියලා.ඒ රියදුරත් දන්නේ නෑ ඒ මොකක්ද කියලා.කෝකටත් අයිතිකාරයව හොයාගෙනම අහලා ඉන්න කියලා හිතන මිනිහා අහනවා අර සිරිපාලගෙන් “මේක කාගෙද “කියලා අර ලබ්බ පෙන්නලා.සිරිපාල කියනවා

“ලබ්බ මුගේ,උ‍ඟේ මගේ” කියලා.

මේ මොන කුනුහරුපයක්ද කියලා හිතලා ආයි අහනවා

“ලබ්බ උගේ,උ‍ඟේ මගේ

” දැං හරි ගැටලුවක්.රියදුරා අහනවා සරත්ගෙන් “මේ මොකක්ද?” කියලා.සරත් කියනවා

“ලබ්බ මගේ,උ‍ඟේ මුගේ ” කියලා.දැං ප්‍රශ්න ගොඩයි.ඒ පාර රියදුරා අහනවා කඩේ මුදලාලිගෙන් ඒ ප්‍රශ්නයම.
මුදලාලි කියනවා

“ලබ්බ මුගේ,උ‍ඟේ මුගේ” කියලා.
මුන්ගේ —-ට කියලා හිතපු කට්ටිය යන්න යනවා.
මේ ගමේ ඉන්නේ පිස්සො කියලා .
දැං ඇත්තටම මොකද මේ ගමේ අය කියන්නේ ?දන්නවා නම් මට උත්තරය දාන්නකො,මං මේක කොටන්නේ මාර වෙලාවක්,ඉතින් ඉතුරු ටික දිගට ලියන්න වෙලාවක් නෑ,ඒකයි.තරහ වෙන්න එපා කියවන අය.හොඳේ….

 

2 thoughts on “ලබ්බ කාගේද

    • අති විශිෂ්ඨයි.හැබැයි මෙතන මම අහපු විදිහට තමයි මං කතාව ටිකක් නවීකරණය කරලා දාලා තියෙන්නෙ.ඔයාගේ කතාවත් මං බැලුවා.මෙතන උ‍ඟේ කියලා කියන්නේ උරේ නෙවෙයි අර ලබු කැටේ එල්ලන්න පාවිච්චි කරන වරපටක්,ලණු අඹරලා හදා ගන්න පටියක් වගේ එකක්.මෙතනදි කියන්නේ ලබ්බ තමන්ගේ වුනත් අර පටිය අනිත් කෙනාගේ කියලා.

Leave a comment