දැන් අපි පරිගණක කියන එව්වා එකී නොකී මෙකී හැම දෙයකටම පාවිච්චි කළාට ඉස්සර පරිගණක කියන්නේ මහ පුදුම භාණ්ඩයක් විදිහටනේ සැලකුනේ.පරිගණක අංශයේ වැඩ කරන අයත් මහා ලොක්කො වගේ තමයි හිටියෙත්.මං මේ කියන්න හදන්නේ ඒ වගේ කාලෙක සිද්ධ වෙච්ච වැඩක්.
ඔන්න එක්තරා රාජ්‍ය ආයතනයකට පරිගණකයක් ගේන්න සැලසුම් කළා.අද වාගේ නෙවෙයි ඒ දවස් වල පරිගණකයක් ගන්නවා කියන්නේ අද හරියට මහා ගොඩනැගිල්ලක් ගන්නවා වගේ වැඩක්.අනික මේ කියන ආයතනය තිබුනේ අනුරාධපුරේ.ඉතින් එයාලගේ මූලස්ථානය එක්ක කතාකරලා පරිගණකය ගන්න වැඩේ කර ගන්න මාස ගානක් දත කෑවා.කොහොම හරි දැං ඔන්න ඔය පරිගණක රාජයා නමෝවිත්තියෙන්ම වැඩියා.
අර අනුරාධපුරේ කට්ටිය දන්න සෙල්ලම් ටික දාලා ඒක ඇටෙව්වා.ඒ වුනාට ඔක්කොම කළාට පස්සේ ඒක වෙන්නේ නෑ.එකට කොච්චර ඇන්නත් එක විදිහයි.පස්සේ ඉතින් ඔය රාජ්‍ය ආයතනවල අරයට මෙයාට ලියුම් ගහලා ඒවට සිහි කැඳවීම් ගහලා වැඩ කෝටියයි.කොහොම හරි කොළඹට කියලා අර ගත්ත සමාගමෙන් නියෝජිතයෙක් ගෙන්ව ගත්තා මේ අර්බුධය විසඳන්න.ඒකටත් කාලයක් ගියා,මොකද එයාලා ඒ වැඩේටම අනුරාධපුරේ යන්න එපායැ.ඔන්න ඉතින් අර නියෝජිතයා උදේ රැයින්ම ගියා කොළඹින් අනුරාධපුරේට.ඒ වුනාට ඔන්න ගිය මනුස්සයා එදා හවසම එනවා ආපහු කොළඹ office එකේ අය ඇහුවා
“මොකද ගිය වැඩේ හරිද?මෙච්චර ඉක්මනට” මොකද කියනවනම් අනුරාධපුරෙට ගිහිල්ලා මේ වැඩේ කරගෙන එන්න දවස් එක් හමාරක් duty දාලා තිබ්බ හින්දා. මේ හිනාවෙලා කියනවා”මොන වැඩක්ද? එතන පණ තියෙන පිරිමියෙක් ඉඳලා නෑනෙ.”
දැන් ඒකේ කෙල්ලනට මාර ඇම්ම.(ඒ කාලේ කෙල්ලන්ට,දැන් ඇන්ටිලා) මොකක්ද මේ පණ නැති පිරිමි කතාව කියලා දැන ගන්න.බලද්දි වෙලා තියෙන්නේ මේකයි.අර අනුරාධපුර office එකේ කට්ටිය පරිගනකය එකලස් කරලා වයර් එක ප්ලග් එකට ගහලා.ඒ ප්ලග් එකේ ලෙඩක් හින්දා ඒක එක පාරට ඇතුලට ගිහිල්ලා නෑ.ඉතින් හරියට power එක එන්නැතුව කොහොමද පරිගණකය on වෙන්නේ.ඉති අර කියලා තියෙන්නේ හයියෙන් ඇනලා අර ප්ලග් එක ඇතුලට යවන්න පිරිමියෙක් ඉඳලා නෑ කියලා.ඒක හින්දා මාස ගානක් පරිගනකය කොට උඩ.
අයියෝ විදුලි උපකරණයක් නම් කලිංම ඕක චැක් කොරන්න එපාය.. අහෝ මුදල්..
ඒකනේ,කෙරෙන්න ඕනම වැඩේ කෙරිලා නෑනේ.