උඩ යන බිම වැටෙන තරු

මේක ලංකාවේ එක්තරා ගායකයෙකුට සිද්ධ වෙච්ච වැඩක්ලු.මේක මං ලු විදිහට කියන්නේ මං අහපු හින්දා මොකද මං මේක දැක්කේ නම් නැහැ.ඒ වුනාට තාම මේ වැඩේ එච්චර ප්‍රසිද්ධ නෑ,මොකද තමං මෙච්චර චාටර් වුනා කියලා මේ වගේ ඔලුවෙන් ඉන්න ගායකයො ප්‍රසිද්ධියේ කියන්නේ නෑනෙ.මේ ගායකයා ලංකාවේ අර ත්‍රීරෝද රථ එලවන,බස් එලවන,ගාමන්ට් යන අය අතර ගොඩක් ජනප්‍රිය කෙනෙක්.දවසක් මෙයා ටීවී එකේ ඇවිල්ලා එයා සින්දු කියන්නේ මේ වගේ අයට කියලා කෙලින්ම කිව්වත් එක්ක.මෙයාගේ නම තිබුනට කට්ටිය කියන්නේ නම ඉස්සරහට ලංකාවේ මගී ප්‍රවාහන වාහනයක නමක් දාලා.

Image

කොටින්ම කිව්වොත් මෙයාගේ සිංදු වල තියෙන්නේ “නා නා නනා නනා නා…………..නා නා නනා නනා නා…………”කියන තාලය විතරයි.ඒ ඔක්කොම යාදිනි.දැං ඉතින් කෙනා දන්නව ඇතිනේ.ඔන්න මෙයා දවසක් නුගේගොඩ පැත්තේ සංගීත බඩු විකුනන කඩේකට ගියා.මෙයා දැන් හෙන ජනප්‍රිය ගායකයනේ,ඉතින් කඩේ මිනිස්සු හරියට දෙයියන්ට වගේ වැඳ වැටෙයි කියලා තමයි හිතන් ඉන්නේ.ඔන්න ඉතින් කඩේට ගියා.කඩේ තව පාරිභෝගිකයො කිහිප දෙනෙකුත් හිටියා.මෙයා ඔන්න ගිටාර බලනවා.මෙයාගේ හිත දැන් මෙයා ලොකු ගායකයා නිසා අර ගිටාරය අඩූ කරලා ගන්න,වෙන කෙනෙකුට නොදෙන තරම් මිලකට.

ඒ වුනාට කඩේට ආපු අනික් පාරිභෝගිකයො මෙයාව එච්චර ගනන් ගත්තේ නෑ,සාමාන්‍ය පාරිභෝගිකයෙක් විදිහට තමයි බැලුවේ.කඩේ හිටපු ලත් සාමාන්‍ය විදිහටම සැලකුවා.දැන් මෙයාට හිතට අප්සෙට්,මොකද මෙයාව එයාගේ මාධ්‍ය වලින් මාර විදිහට පුම්බනවනේ,අනික ඒකාලේ කැසට් පීස් එහෙමත් බස් වල නොසෑහෙන්න විකුනුනානෙ.මිනිහා බැලුවා වැඩේ හරි යන්නෑ.

Image

ගියා මුදලාලි ගාවට, එතන තව බඩු ගන්න ආපු අයත් හිටියා,”මුදලාලි මේ ගිටාර් එක කීයද?”මේක මහත්තයා රුපියල් 22,500 වෙනවා,මහත්තයට මං අඩු කරලා දාලා දෙන්නම්කො 21කට” දැන් මූට අවුල්.මුදලාලියා මූව දන්නෙත් නෑ.”මුදලාලි දන්නවද මං කවුද කියලා, මං තමයි නජිත්_____”(නජිත් යනු ඇත්ත නම නෙවෙයි)” ආ ඇත්තද,අපේ මාමගේ නමත් නජිත්නේ” මුදලාලියා හිතලා තියෙන්නේ මේකා අර මාමව දැනගෙන අර නම සමාන කමට නිකං කිව්වා කියලා.අන්තිමට මේ ගායකයා තව හිටියොත් තව චාටර් වෙන හින්දා හිමීට අර ගානටම සල්ලි දීලා ගිටාරය අරගෙන ගිහිල්ලා.සංගීත බඩු විකුණන කඩේ මුදලාලි අර ගායකයා නොදන්න එකනම් පුදුමයක් තමයි මොකද සංගීත ක්ෂේත්‍රයේ කොහේ හරි මෙයා ඉන්න හින්දා,ඒ වුනාට මිනිහට තේරුනානම් මාධ්‍ය වලින් කොච්චර පිම්බුවත් පොලොව මත යථාර්තය ඊට වෙනස් කියලා ලොකු දෙයක්.

Image

තාරකාවනි,මාධ්‍ය මගින් ඔබව පුම්බා උඩ අරිනවා විය හැක.ඔබට පිස්සු වැටෙන රසික රසිකාවියන්ද සිටිය හැක.

ඒත් තමන් තරුවක් වූ පමණින් එය හැමෝම ඔබට ඔලුව නැමියයුතු වරමක් නොවන බව වටහා ගන්න.

6 thoughts on “උඩ යන බිම වැටෙන තරු

  1. දැං ඉන්න ගායක ගායිකාවෝ ගනණේ හැටියට උන් එකෙක් දෙන්නෙක් පාරක දැක්කත් මූනුවරවත් මතක හිටින එකක් නෑ.. අනික උන් කියන්නෙත් කාලයක් මතක හිටින සිංදු යෑ.. මෙලෝ රහක් නැති කසි කබල් මෙව්වා නෙහ් !

    • මෙයා නම් අවුරුදු ගානක් තිස්සේ සින්දු කියනවා,ඒත් අර කියපු කුලකයේ අයට විතරයි.

  2. හැබැයි බස් අජිත් හරි අහිංසක මිනිහෙක් නේද? වැඩිය සෝබන කතා නැහැ.. බොහමෙ පාඩුවෙ ඉන්නවා. ඉතිං බස් අජි හිතන්න ඇති එයා ගැන කඩේ කෙනා දන්නවා ඇති කියලා.. එක අතකින් ඒ මනුස්සයට පවු.

    • පව් කියලත් හිතෙනවා තමයි,ඒ වුනාට තමන් සින්දු කියන්නේ පේමන්ට් ගාමන්ට් ත්‍රීවීල් සංස්කෘතියට කියලා ප්‍රසිද්ධියේම මාධ්‍යයට කියන කෙනෙක් ඒ සින්දු බස් වල දානවා කියන්නේ අපේ රසවින්දනය ගැන මොන විදිහට තක්සේරුවකින්ද කියන ගැටලුවයි මට තියෙන්නේ.අනික මේක හුදෙක් එක තරුවක් විතරක් ඉලක්ක කරගෙන ලියපු දෙයක් නෙවෙයි,මට ඕන වුනේ මාධ්‍යවලින් කෙනෙක්ව පුම්බන තරමට උඩ යන්න එපා කියන දෙය කියන්න.

  3. අනිත් ගායකයෝ වාදකයෝ හැසිරෙන විදියත් එක්ක බැලුවම අජිත් හරි නිහතමානි චරිතයක්.., මිනිහා හිතන්න ඇති මුදලාලි සමහර විට එයාගේ ගීත රසිකයෙක් වෙන්න ඇති කියලා , කොහොම උනත් ගොඩක් මියුසික් කඩ වල උදවිය ඔය වාදකයන්ව (අජිත් කියන්නේ හොද වාදකයෙක් ) හොදට අදුනනව…., සමහර විට අජිත්ට වඩා මුදලාලි ආඩම්බර කාරයෙක් වෙන්ටැති..

    • ඒ කඩේ මුදලාලි ටිකක් විතර වයසක අර පැරණි ගීත රසිකයෙක් මං හිතන්නේ,ඒකයි එහෙම වෙන්න ඇත්තේ.

Leave a comment