මල්ලිගෙ කතාව.18+ හිම පියලි ලිංගිකත්වය හා සම්බන්ධ මොනම හෝ දෙයක් අමුම අමු කුණුහරුපයක් ලෙසත්, ලිංගික සබඳතා හෝ ඒ ගැන සිතීමත් ලාංකීය සංස්කෘතියේ චිරස්ථායි පැවැත්මට හානියක් කියලා හිතන අය වහාම මෙය කියවීමෙන් වළකින්න. දවසක් මේ කියන එක්කෙනා, අපි එයාට මාලක කියලා කියමුකෝ.(මාලක සිල්වා නෙවෙයි) ලංකාවේ දුර ගමන් සේවා බස් රථයක වාඩි වෙලා යනවා.මාලක වැඩ කරන්නේ කොලඹ තියෙන ප්‍රසිද්ධ සමාගමක. මාලකට එයාගේ පවුලේ තව මල්ලි කෙනෙකුත් ...
cheating teachers ලංකාවේ ගුරු හොරු. හිම පියලි මේක ලිව්වට පස්සේ තැලෙන යකඩෙට උඩ පැන පැන දීමක් වෙනවා.ඒ වුනාට කමක් නෑ කියන්න තියෙන දේ කියලම දානවා.මේක ඇවිල්ලා ලංකාවේ ඉස්කෝල ක්‍රමය නැත්නම් පාසල් අධ්‍යාපන ක්‍රමය ගැන තමයි.මෙතනදි වෙච්ච දේ හැමෝටම වෙනවා කියලා කියන්නේ නෑ.ඒ වුනාට වෙන්න පුළුවන්.ඉස්කෝලවල පහළ පන්තිවලදි හරියට වෙන වැඩක් තමයි සමාන පද,විරුද්ධ පද,ඡ්ත්‍ර පද අරවා මෙව්වා හොය හොයා ලියන එක. දවසක් මං පොඩි කාලේදි අම්මට සමාන ...
කේන්දර පලිය why marriages break? failure of astrology? හිම පියලි සුනිල් පෙරේරා කියලා කියන්නේ ලංකාවේ අතිශය විවාදාත්මක චරිතයක්.එයාට වැඩිය ලොකු කලාකාරයො කොච්චර ලංකාවේ හිටියත් තමන් කියන කරන බොහොම පොඩි දෙයකින් ලොකු සමාජ කැළඹීමක් කරන්න පුලුවන් කෙනෙක්.එයාගේ අතිශය ප්‍රසිද්ධ ගීතයක් තමයි “” I don”t know why හෙවත් එහෙම වෙන්නේ ඇයි කියන ගීතය.මේකෙන් ලංකාවේ අපි හැමෝම දන්න,එහෙම නැත්නම් දන්න ඒත් පවත්නා සමාජ සම්මතය ඇතුලෙදි අපි ප්‍රශ්න නොකරන සිද්ධීන් ගණනාවක් මෙයා වේදිකාවක කෑගහලා ...
විවාහ වී දෙවෙනි ගමනේ නොකී කතාව. හිම පියලි පසු ගිය දිනෙක රූපවාහිනියේ channel අතර මාරු වෙමින් සිටි මට අපූරු වැඩසටහනක් නෙත ගැටුනි.එහි සිටි සර්වතොභද්රයින් දෙසා බෑ දෙසුම් ඇසූ මා හට සකල ශ්‍රී විශ්ම බලය ලැබී දෙසු කරුවන්ගේ හෘද සාක්ෂිය හඬ නගනු ඇසිනි.මේ ඒ කතාවයි. හෘද සාක්ෂියේ වදන යටින් ඉරි ඇඳ දක්වා ඇත. මේ ලංකාවේ මහා මඟුලක් සංවිධානය කරලා විවාහ වෙච්ච දෙන්නෙක් රූපවාහිනි නාලිකාවකට දෙන සම්මුඛ පරීක්ෂණයක්.(interview) නිවේදිකාව:ඔයාලා ...
ගමේ කෙල්ල හා බැලේ නැටුම.Ballet dance in Sri Lanka???????????? හිම පියලි සමහර දේවල් තියෙනවා අන්තිමට හොඳ කරන්න ගිහිල්ලා අපි අපිවම බයිට් කර ගන්න.පහුගිය දවසක මේ මංතුමාටත් වඳින්න ගිය දේවාලයක් ඉහේ කඩාගෙන වැටුනානේ. අපේ ගෙවල් ගාව අලුතින් බෝඩිමක නවතින්න ආවා ඉටිකිරිස් යුවතියක්.මට වඩා අවුරුදු 3-4 විතර බාලලු.මමත් ඉතින් ඒ ළඟ පාතින් යන එන ගමන් ඒ පැත්තට රබර් ඇහැ දාලා බැලුවා මොකද අර බයිබලෙත් කියලා තියෙනවලුනේ “අසල්වැසියාට ප්‍රේම කරන්න “කියලා. http://www.libertyforcaptives.com කෙල්ල නම් ...
Sri Lankan girls with blue films?ලංකාවේ කෙල්ලෝ වැල හංගන්නේ කොහේද? හිම පියලි මේ කතාව ළමයින්ට හරි ඒවගේ හිතන පතන අයට හරි වුනත් කියවන්න හොඳයි.ඒ වුනාට ඒ අය මේ කතාව නොකියවන තරමට හොඳයි කියලා මං කියන්නේ සමහරුන්ට ඒ කියන්නේ ඔය වැල වරකා කිව්වම බඩේ අමාරු හැදෙන (අර වැල ගෙඩියක් පුහු පොල් ගෙඩියක් එක්ක පත බාපු පබිලා එහෙම නෙවෙයි) අයට මේක කියවලා නිකං බඩ පෙරලාගෙන එනවා වගේ දැනෙයි කියලා. ඒ වගේම කෙල්ලො කියන්නේ මොකුත් ...
what girls really need? ස්ත්‍රී ජාතී නැත විශ්වාසේ. හිම පියලි මේ ලෝකේ කොල්ලන්ට තියෙන ලොකුම දුර්වලතාවක් තියෙනවා වසර දහස් ගණනක් තිස්සේ පරිණාමය වෙලත් තාම හදා ගන්න බැරි වෙච්ච.මිනිස්සු ගල් යුගයෙන් එඬේර යුගයට, එඬේර යුගයෙන් කෘෂි යුගයට,පස්සේ කාර්මික යුගයට පරිණාමය වුනත් අද අපි තොරතුරු තාක්ෂණ,නැනෝ තාක්ෂණ යුගයට ආවත් තාමත් මානව සංහතියේම පිරිමින්ගේ මේ වැරැද්ද තියෙනවා. wikipedia ඒත් ඒක හරි සොඳුරු වැරැද්දක්. ආයි ආයි කරන්න හිතෙන ජාතියේ වැරැද්දක්. ඒ තමයි අච්චර මෙච්චර ...
දැන් එතකොට ෆිල්ම් එක කොහොමද? How about the movie? හිම පියලි පන්සිල් පද පහෙන් තමන් මොන සිල් පදේ රැක්කත් නැතත්, හතර වෙනි සිල්පදේ රකින්නැති එකාට ඕන සිල්පදයක් කඩලා රකිනවා වගේ ඉන්න පුළුවන්.මොකද හතරවෙනි සිල්පදේ හෙවත් තමන් බොරු කීමෙන් වළකිනවාය කියන එක කැඩුවාම තමනට ඕනම බොරු කෙප්පයක් අත අරින්න පුළුවන්නේ.ඒ කියන්නේ බොරු කියන කෙනාට ඕනම පව් වැඩක් කරන්න පුළුවන්,ඇයි කරලා නෑ කියන්න පුළුවන්නේ.ඉස්සරහට එන ඡන්ද කාලේ ටොම් පච ගැලුම් පිටින් දිග අරින ...
රාවණා සීතා හා කැඩිල්ල.Ravanna,Seetha and bow. හිම පියලි රාවණා වගේම රාවණාගේ දුන්නක් කඩපු කතාවක් ළඟක ඉඳන් ලංකාවේ සිංහල අන්තර්ජාල කියවන්නන් අතර පැතිරිලා යනවා.රාවණා කෙසේ වෙතත් රාවණාගේ දුන්නක් කඩපු කතාව පැතිරිලා යන්නේ විහිළු කතාවක් විදිහට. http://www.commons.wikimedia.org ඒත් ඇත්තටම රාවණාගේ දුන්න මොකක්ද?කවුද රාවණාගේ දුන්න කැඩුවේ? මේ සියලු ප්‍රශ්න එහෙමම තියෙද්දි අදාල කතාව නිකං ලාමක ටිං ටිං විදිහට අරං හිනා වෙලා අමතක කරලා දානවා. අද මං මේ කතාව ලියන්නේ මේකේ මුල්ම ...
තුන්කොන් සටන ඇරඹේ.Triangle of Love හිම පියලි ආදරවන්තයින්ගේ දිනය නැත්නම් වැලන්ටයින් දිනය.මීට ටික කාලෙකට කලින් එක පැත්තකින් ආදරය නාමෙන් රොද බැඳ ගත්තු වෙළෙන්දන් එක්ක ආදරය ට එරෙහිව සදාචාරයේ සීතාම්බර පට සලු පැලඳ ගත්ත ආදරය නොකරපු (කරන්න බැරි කමක් තියෙන) සංස්කෘතික පොලිසීය වෙන වෙනම සටන් කරා.ඒත් පෙරමුණු දෙකක.වෙන වෙනම.ඒත් අද එහෙම නෑ.හැමෝටම එපා වෙලා .සමහර විට අද ආදරය වෙනුවට කොටු පැනීම ආදේශනය වෙලා තියෙන හින්දාද දන්නේ නෑ. http://www.all-images.org ...
අඩෝ ෆ්‍රෙෂ් රැග් එක හිම පියලි ඔන්න මේ දවස් වල ලංකාවේ campus වලට ගජරාමෙට අලුතින් ලමයි ගන්නවා.ඒ දිහා ලංකාවේ ඉන්න සමහර පුද්ගලයොත් කට ඇරගෙන බලාගෙන ඉන්නවා කොහෙන් හරි මොකක් හරි තලු මර මර කියන්න පුලුවන් කුණු කතාවක් අහුවෙයිද කියලා. http://www.alankar.edu.in මෙන්න මේ වැඩේ සිද්ධ වුනේ ලංකාවේ අගනගරයේ තියෙන සුප්‍රකට විශ්ව විද්‍යාලයක මංතුමා ඉගෙන ගන්න කාලේදි. ඔය විශ්ව විද්‍යාල උප සංස්කෘතියේ තියෙනවානේ හරි අපූරු වචන සෙට් එකකුත්.ඒ ...
නිකං දෙනු ලැබේ. හිම පියලි www,soulcurrymagazine.com දවසක් මේ කතාවෙ කතානායකයා ඒ කියන්නේ මෙතනට විදිහට නම් නස්රුදීන් තමන්ගේ ගමේ පාර දිගේ ඇවිදගෙන යනවා.නසෘදීන් පහු කරගෙන එන්නෙ ගමේ ලොකුම පෝසතා වන රෆික්ගෙ මහා නිවස. එයා හිතන විදිහට ඒ සල්ලි කාරයා එයාලට නැති කවදාවත් ලං වෙන්න බැරි අමුතු සැපතක් විඳිනවා. ඒ හින්දා එයාට ඒ සල්ලි කාරයා ගැන අමුතු ඉරිසියාවක් තියෙනවා. ඒක අල්ලපු ගෙදර ඉන්න මනුස්සයා එයාට වඩා සැපතක් ...
මහා නාලාගිරි දමනය.Nalagiri and politics හිම පියලි දැන් තියෙන ඡන්ද උණුසුමත් එක්ක ඕනම ගිනි පුපුරක් මහා ගිනි ජාලාවක් වෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ.හැබැයි ඒක අද විතරක් තියෙන දෙයක් නෙවෙයි.ඕනම කාලෙක දේශපාලනය කියන්නේ මිනිස්සුන්ට හොඳට රණ්ඩුවෙන්න පුළුවන් මාතෘකාවක්.විශේෂයෙන්ම පක්ෂ දේශපාලනය.අද කියන්න යන්නෙත් ඒ වගේම ලංකාවේ පක්ෂ දේශපාලනයට යට වෙච්ච කතාවක් ගැන. http://www.elephantjournal.com ලංකාවේ වෙසක් එකට පොසොන් එකට තොරණ් බඳින සාමාන්‍ය දෙයක්නේ.ඔන්න ඉතින් එක නගරෙක පොසොන් තොරණක් හැදුවා ඒ ...
වෙන්න මනමාලිගේ සුදු පූසියා(>18) හිම පියලි xitclub.com මේ කතාව ලියද්දී මම යොදා ගන්නා නම්,ගම් සියල්ල මනංකල්පිත බව කරුණාවෙන් සලකන්න කියලා කියනවා.මොකද බැරි වෙලා වත් මේ කියන සංසිද්ධියට දායක වූ අය මේක දැක්කොත් ඊට පස්සේ මේක ගිනි විජ්ජුම්බරයක් වෙන්න පුලුවන් නිසා. මෙයාට අපි රවී කියමු.මෙයා වැඩ කළේ ලංකාවෙ නම ගිය බැංකුවක.එක් පැත්තකින් බැංකු සේවකයෙක් වෙලා හිටපු නිසාත් අනික් පැත්තෙන් මෙයාගෙ තිබුණු හැන්ඩි පෙනුම නිසාත් රවීට මංගල යෝජනා ...
දුරස් වන්නට මේ ලෙසින් හිම පියලි මං එයාව මුලින්ම දැක්කෙ මෙතනදි http://www.waitingroomproject.org එයා වාඩි වුනේ අන්න අතන http://www.replacementcushionsanslings.com අපි හමු වුනේ අරෙහෙ. http://www.brighton.ac.uk අන්තිමේදී එයත් යන්න ගියා. www,s288.photobucket,com දැං මං ජොලියෙ ඉන්නවා.ඇයි……………..මුහුදේ ඉන්නේ එක ???????????? http://www.dogrepublic.net ...
කකා ගියා,මොකක්ද ගියේ?????????18+Terms in short. හිම පියලි දැන් මේ කතාව මොකක්ද,කකා කොහේද ගියේ කියලා තකහනියෙම බලන්න එන අය ඉන්නවා නම් මුලින්ම කියන්න ඕන මේක ඇවිල්ලා වැඩිහිටියන්ට පමණක් වෙන් වෙච්ච කතාවක්. http://www.layoutsparks.com මේ සිද්ධිය වුනෙත් කොහොමත් අංකල් වයසේ ඉන්න අය අතරේ හින්දා කොහොමත් පොඩි එවුන් මේක නොබලන එක හොඳයි. ඒ වගේම මේක මේ කාවහරි ඉලක්ක කරන් මඩ ගහන්න හදපු දෙයක් නෙවෙයි කියලත් මං කියන්නේ නැත්නම් මේ වචනවල අයිතිය ...
සීතලට තුරුල් කරගන්න හිම පියලි dailycaller.com මේ දවස් වල ඉරට හැතැප්මයි හිතෙන තරමට අපි අවට පරිසරයේ උණුසුම වැඩිවෙලා.ගිනි ගහන රස්නේ සීතලට බදාගෙන තුරුල් කරගන්න හිතෙන්නෙ………….මට නම් පතම පත අයිස් ක්‍රීම් එකක්,ඒකත් තුරුල් කරගෙන නිකන් ඉන්න නෙවෙයි එක හුස්මට කාලා දාන්න.සමහරවිට අහවල් දේශප්‍රේමියෝ ඇවිල්ලා මම පර සුද්දගේ කෑම කනවා කියලා වර්ජනය කරන්න කියලා මොර දෙන්න පුලුවනි.ඒ හින්ද මම එයාලට හෙලුවෙන් වණන්න කියලා ice cream වෙනුවට හිම ...
මුඩුක්කු බල්ලාගේ ඉන්දියානු ආදරය හිම පියලි Slum Dog Millionaire චිත්‍රපටිය හරි අපූරුය. http://www.freedownloadbuzz.blogspot.com එය හැදුවේ ඉන්දියාවේදී වුවත්,ප්‍රධාන චරිත රඟපෑ නලු නිලියන් ඉන්දියානුවන් වුවත් (සම්භවයෙන් ඉන්දියානුවන් වුවත් වෙනත් රටවල පුරවැසිභාවය ලබා ඇත),ඉන්දියාවේ පාරේ තොටේ අපි දකින සැබෑ ඉන්දියානු යථාර්තය වුවත්,ඒ වෙනුවෙන් ඉන්දියාවේ සුපිරි සංගීතඥ අල්ලා රක්ඛා රහුමාන් ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබුවත් එය ඉන්දියාවේ අභිමානය කියාපාන සිනමා කෘතියක් ලෙස පිළිගැනීමට බොහෝ ඉන්දියානුවන් කැමැත්තක් නොදක්වන බව පෙනෙන්නට තිබුනේ ...
ගල් දේශය 18+ හිම පියලි මේ සිරිලක ඔබ මහපොළොවෙ පය ගහලා ඉන්න කෙනෙක් නම් මේ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න යන්නේ නෑ. 123rf.com ඔව්, මේ තමයි ගල්. වසර 2500ක අඛණ්ඩ ලිඛිත පෞඪ ඉතිහාසයක් හිමි මේ නිවහල් දේශයේ සතර දිග් භාගයේම නොයෙක් ගලින් පිරි ගල් ඇසුරු කර ගත් නිමැවුම් බිහි වී ඇත්තේ ලාංකිකයින්ගේ ගල් පිළිබඳ දැනුම මොනවට පැහැදිලි කරමිනි. chuckmanplaces.wordpress.com මෙවන් සොඳුරු ගල් දහස් ගණන් වලින් මොනවට ...
එම්බා යුවතිය….පමා වැඩියි ඔබ,hey girls…you are too late. හිම පියලි හා පුරා කියලා අවුරුද්දට පස්සේ ඒ කියන්නේ මං කාපු අවුරුද්ද හෙවත් මාව කාපු අවුරුද්දට පස්සේ පෝස්ට් එකක් දාන්න හිතුවා.අද මං දාන්න යන්නේ ඉස්කෝලේ යන දවස්වල එක්තරා ටියුසොන් පන්තියකදී සිද්ද වෙච්ච අලකලංචියක්. මේ කියන පන්තිය ඇවිල්ලා සද්දන්ත පන්තියක්.ඒ කියන්නේ දැන් කියන්නේ ඔය අර mass classes, hall classes කියලා අන්න ඒකක්. http://www.nytimes.com මේ පන්තියේ ලමයින්ට වාඩි වෙන්න බංකු පේලි තුනක් තිබ්බා.සාමාන්‍යයෙන් වෙන ...