මල්ලිගෙ කතාව.18+

ලිංගිකත්වය හා සම්බන්ධ මොනම හෝ දෙයක් අමුම අමු කුණුහරුපයක් ලෙසත්, ලිංගික සබඳතා හෝ ඒ ගැන සිතීමත් ලාංකීය සංස්කෘතියේ චිරස්ථායි පැවැත්මට හානියක් කියලා හිතන අය වහාම මෙය කියවීමෙන් වළකින්න.

දවසක් මේ කියන එක්කෙනා, අපි එයාට මාලක කියලා කියමුකෝ.(මාලක සිල්වා නෙවෙයි) ලංකාවේ දුර ගමන් සේවා බස් රථයක වාඩි වෙලා යනවා.මාලක වැඩ කරන්නේ කොලඹ තියෙන ප්‍රසිද්ධ සමාගමක.

මාලකට එයාගේ පවුලේ තව මල්ලි කෙනෙකුත් ඉන්නවා.දෙන්නම ගියේ සුප්‍රකට පාසලකට හින්දා අඳුරන අයත් ගොඩායි.

 

සාමාන්‍යයෙන් ඔය දුර ගමන් බස් වල යන කොට පරන යාලුවො හම්බවෙනවට වඩා අලුත් අලුත් යාලුවො හම්බවෙනවනෙ.

ආයි ඉතින් ඔබේ විවාහය ප්‍රමාද නම් දුර බස් වල ගමන් යන්න කියන්නේ නිකන්යැ.

කොහොම හරි මේ මාලක ගාවත් දැං මෑන්ට වඩා අවුරුදු 10 විතර වැඩිමල් පොරක් වාඩි වෙලා යනවා.ඒ කෙනා මාලකත් එක්ක කතාවට වැ‍ටුනා, හරියට කලින් දැනන් ඉඳලා ඉන්නවා වගේ.මාලකත් ඉතින් හිතුවා මූ එක්කො අපේ ගමේ එකෙක්,එහෙම නැත්තං අපේ ඉස්කෝලේ (අවුරුදු බර ගානකට කලින්) old boy කෙනෙක් වත් වෙන්නැති කියලා.මුලින් මුලින් ආගිය කතා අහපු කෙනා දැං දැං පවුලේ විස්තරත් ටික ටික අහනවා.

මෙහෙම ගිහිල්ලා මෙන්න මේ පොර අහනවා හරියට අමතක වෙච්ච දෙයක් ගැන අහනවා වගේ

“මල්ලි කොහොමද?”කියලා.

මාලක හිතුවා ආ………….මේ අපේ මල්ලි ගැන අහන්නේ මල්ලිගේ යාලුවෙක්වත් වෙන්න ඇති කියලා මූ කිව්වා

“”ආ..මල්ලි ගිය අවුරුද්දෙ A/L කරානෙ…අරකද මේකද කියලා””මෙන්න එතකොට ඒ පොර කියනවා

නෑ,නෑ ඒ මල්ලි ගැන නෙවෙයි මං ඇහුවේ,මේ මේ………..ඔයාගේ මල්ලි ගැන………….මල්ලිගේ සයිස් එක එහෙම කොහොමද ?“”

කිරි අප්පොට බල්ලො පැනපි කිව්වලු.එතකොටනේ මාලකයට වැඩේ තේරුනේ.ඒ පොර ඇවිල්ලා සමලිංගික සල්ලාලයෙක්.මෙතනදි මම මේ සල්ලාලයෙක් කියලා අවධාරනය කරලාම කියන්නේ හැම සමලිංගිකයම ඒ විදිහේ නෑ කියලා කවුරු හරි තර්ක කරන්න පුලුවන් හින්දා.

කොහොම හරි මාලකයා එතනින් හිමීට ඇවිල්ලා,කිසි කරදරයක් නැතිව.

ඒත් මුගේ කට මූට control නැති හින්දා මේක අපිත් එක්කම කිව්වනෙ.ඒ හින්දා මූට ගොඩක් එවුන් දවසක් කතාවෙලාම “”මල්ලි,මල්ලි කොහොමද?”” කියලා FB එකේ මඩක් දියත් කරලා තිබුනා.

5 thoughts on “මල්ලිගෙ කතාව.18+

  1. //ඒ පොර ඇවිල්ලා සමලිංගික සල්ලාලයෙක්.මෙතනදි මම මේ සල්ලාලයෙක් කියලා අවධාරනය කරලාම කියන්නේ හැම සමලිංගිකයම ඒ විදිහේ නෑ කියලා කවුරු හරි තර්ක කරන්න පුලුවන් හින්දා//
    මෙතන පොඩි කේස් එකක් තියනව.මෙන්න මෙහෙම,
    සාමාන්‍යයෙන් මේවගේ සබ්ජෙක්ට් එකකදි, එහෙමත් නැතිනං ආදරය ප්‍රකාශ කිරීමකදි උනත් ඉස්සර වෙන්නෙ පිරිමිය. පිරිමිය සමලිංගිකයෙක් නම් තවත් පිරිමියෙකුට ඔවැනි යෝජනාවක් කරන්න පැකිලෙන්නෙ නෑ. (මොකද දෙන්නම පිරිමිනෙ, අනෙක සෙරෙප්පු පාරක් වැදීමේ අවදානමත් අඩුයි).

    • ඔයා කියන කතාවෙත් යම් ඇත්තක් තියෙනවා.ඒත් අපි ඕකම ගෑනු ලමයෙකුට ආදේශ කරොත් අපි ගෑනු ලමයෙක්ගෙන් එකපාර ඇගේ සිරුර දැවටෙන වස්ත්‍ර වලට යටින් තියෙන දේවල් ගැන අහන්නේ නෑ නේද?අනික සමලිංගිකයෙක් වුනත් තමන් එක් සහකරුවෙක් එක්ක සිටිය යුතුයි කියන එක එයාටත් වලංගුයි.මෙතනදි මං සල්ලාලකම කියන්නේ දකින දකින එකත් එක්ක ලිංගික ඇරයුම් කිරීමේ තත්ත්වය.හොඳේ…………..

  2. ඕක තමයි අම්මලා පොඩි කාලේ කියන්නේ නොදන්න අයත් එක්ක වැඩිය කතාවට යන්න එපා කියලා

    • නොදන්න අය එක්ක කතා කළාට නම් කමක් නෑ,ඒත් යන්න ඕන සීමාව දැන ගන්න ඕන.මොකද අපි ලෝකයට එද්දි අපි කවුරුවත්ම දන්නේ නෑ,අපි අපිවවත් දන්නේ නෑ.අපිට අනන්‍යතාව දෙන්නේ ලෝකය.ඒක අපි කාලෙක අපිටම වෙන් කර ගන්නවා.

  3. අපෝ ඕකුන් නම් හෙන කරදරයක්.දවසක් එකෙක් මටත් කොකම් පෑවා කෝච්චියේදී.රවලා බලලා දෙකක් කියන්න හදනකොටම මූ මාරු වෙලා ගියා යන කෝච්චියෙම!

Leave a comment