අඩෝ ෆ්‍රෙෂ් ‍රැග් එක

ඔන්න මේ දවස් වල ලංකාවේ campus වලට ගජරාමෙට අලුතින් ලමයි ගන්නවා.ඒ දිහා ලංකාවේ ඉන්න සමහර පුද්ගලයොත් කට ඇරගෙන බලාගෙන ඉන්නවා කොහෙන් හරි මොකක් හරි තලු මර මර කියන්න පුලුවන් කුණු කතාවක් අහුවෙයිද කියලා.

මෙන්න මේ වැඩේ සිද්ධ වුනේ ලංකාවේ අගනගරයේ තියෙන සුප්‍රකට විශ්ව විද්‍යාලයක මංතුමා ඉගෙන ගන්න කාලේදි.

ඔය විශ්ව විද්‍යාල උප සංස්කෘතියේ තියෙනවානේ හරි අපූරු වචන සෙට් එකකුත්.ඒ අනුව ඔය සියලු සිසුන් ගැන තමන්ගේ හිතේ අකම්පහල වෙච්ච කරුණාවෙන් කටයුතු කරන අයට කියන්නේ “”පොද්දො”” කියලා.

මොකද ඒ අය වැඩ කරන්නේ පොදු හැඟීමකින්ලු.

එතකොට ඔය තමන්ගේ මූලිකම වැඩේ අධ්‍යාපනය විතරයි කියලාම හිතාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවානෙ.ඒ අයට කියන්නේ “”අලයො”” කියලා.

මේකට විවිධ අර්ථකථන තියෙනවා.මොක හරි මං මේ කියන කතාවේ අලයෙකුයි,පොද්දෙකුයි දෙන්නෙක්ම ඉන්නවා.දැං ඔන්න දෙන්නා දැන් වගේම අලුතින් විශ්වවිද්‍යාලයට නවක ශිෂ්‍යයින් ගන්න කාලෙක පොඩි සංවාදයක් දාගෙන ඉන්නවා.ඔතන පොද්දා නවක වදයට පක්ෂ කෙනෙක්.ඒත් අලයා නවක වදය ගැන ඇල් මැරුණු ස්වභාවයක ඉන්න කෙනෙක්.පොද්දා අලයට කියනවා

 “”මොනවද බං උඹ නිකං පැත්තකට වෙලා ඉන්නවා.common  එක පැත්තේවත් එන්නේ නෑ.මෙහෙම ගියොත් අපි කොහොමද අපේ විශ්ව විද්‍යාලයේ චිරස්තිථිය නංවන්නේ……………උඹ පොත් ගුල්ලා වගේ එක්කො library එකට වෙලා ඉන්නවා,නැත්තං හවසට කෙල්ල එක්ක gym එක පිටි පස්සේ යනවා.ඔහොම හිටියොත් පොඩි උන් ඇවිත් අපේ ඔලුවට අත හෝදයි”” බ්ලා බ්ලා බ්ලා………………කියලා

අනේ ඉතින් අර අලයත් කට වහගෙන ඔලුව වන වන ඉන්නවා මොනවා වුනත් මේකා තමන්ගේ යාලුවානෙ කියලා.ඔය පොද්දන්ගේ තියෙන සිරිතක් තමයි යමක් කියද්දි ඒක කියන්නේ හරියට loud speaker දැම්මා වගේ.කොහොමත් ඔය පක්ෂේ අයගේ වාචාල ගතිය නම් මාර වැඩියි.ඉතින් අලයා වට පිට බල බල හිටියේ කාට හරි මුගේ මේ වාචාල කතා ඇහිලා මොකක් හරි බකට් එකක් පාත් වෙයි කියලා.මොකද දෙන්නා කතා කර කර හිටියේ කොරිඩෝරයක හින්දා.

ඔන්න ඔය වෙලාවෙ අලයා දකිනවා ඒ ගාවින් lecturer කෙනෙක් යනවා.මේ තෙල බෙදිල්ල ඒ අස්සේ lecturerට ඇහුනොත් ඉස්සරහට පෝරියල් එකක් වෙයි කියලා හිතපු අලයා කිව්වා පොද්දට

 “”අන්න මචං ලෙචෙක් යනවා.කට වහපං කියලා””

නරක වෙලාවට මෝල් ගසුත් පත්තු වෙනවා කිව්වා වගේ අර පොද්දට මේක ඇහුනේ අනිත් පැත්තට.උගේ කනේ වංගුද කොහෙද ඌට ඇහිලා තියෙන්නේ

“”අන්න මචං ෆ්‍රෙෂෙක් යනවා “”කියලා.

පොද්දා පැන්නා අර lecturer ආපු පාරට.උගෙත් නරක වෙලාව කියන්නේ ඒ අපේ campus එකට අලුතින් ආපු lecturer කෙනෙක්.ගිහින් තියෙන්නෙත් first year දේශනයකට.පොද්දා පැනපු ගමන් පාර හරස් කරළා දැම්මා තග.

“”අඩෝ ෆ්‍රෙෂ්,උඹ පරක්කු වෙලා lecture යන්නේ මොකද?, උඹ හිතන් ඉන්නේ මොකා කියලද හිතුනු හිතුනු වෙලාවට lecture යන්න,ඈ……………..””

Lecturer නැවතුනා.දැං අලයා බලං  ඉන්නවා කණුවකට මුවා වෙලා මොකද වෙන්නේ කියලා,මොකද මේ වගේ දේකට මාට්‍ටු වුනොත් නම ගෑවිච්චි ගෑවිච්චි තැන් වල හිටපු එවුන් suspend වෙනවා.

lecturer බැලුවා බැලිල්ලක් අපේ පොද්දා දිහා.මේ වෙනකොටත් පොද්දාට ටිකක් මීටර් වෙලා තිබුනේ වැඩේ මොකක් හරි දෙල් වෙනවා කියලා.කෝකටත් කියලා පුරුෂ ධෛර්යය හිතට ගත්ත පොද්දා ඇහුවා

“”මොකද උඹ මං දිහා කන්න වගේ බලන් ඉන්නේ.උඹ හිතන් ඉන්නේ උඹට හිතුනු හිතුනු වෙලාවට lecture යන්න උඹ lecturer කියලද “”ඇහුවා.

ඔන්න ඒ පාර අර lecturer අහනවා””පුතා ඔයාගේ year එක මොකක්ද?”” කියලා

දැං ඔන්න පොද්දට තේරුනා වැඩේ දෙල් කියලා.දැං ඔන්න ඒකට තොල කට වේලිලා විනය පරීක්ෂණ නිකන් පේනවා පේනවා වගේ.මූ දැනුයි දැන ගෙන තියෙන්නේ ඒ අපේ lecturer කෙනෙක් කියලා.””අ……….අනේ……………ස ස…………….ර් ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්..””මූට දැං ගොත ගැහෙන්නත් අරගෙන.

මොකද ඊළඟට වෙන්නේ…………….අලයා බලාන ඉන්නවා කණුවට මුවා වෙලා.

lecturer හිනා වුනා.””පුතා ඔයා මං lecturer කෙනෙක් කියලා දැන ගෙන මෙච්චර බය වුනා නම් ඒ first year ලමයෙක් කොච්චර බය වෙයිද කියලා නිකන් හිතලා බලන්න.ඔයාලත් ඔහොම ගිය අවුරුද්දෙදි බය වෙලා හිටියා නේද,මටත් පොඩි ලමයි ඉන්න හින්දා මං ඔයා ගැන complain කරන්නේ නෑ.ඒත් මීට පස්සේ මේ වගේ වැඩ කරන්න එපා.””කියපු ඒ lecturer යන්න ගියා අර දේශන ශාලාවට.

කොහොමහරි ඒ දේශකතුමාගේ හොඳකමට අපේ අර පොද්දා suspend වෙන එකෙන් වැලැක්වුනා.ඒත් මොනවා වුනත් ඒ අර පොද්දා කියපු කතාව නම් ඒ දේශකතුමාට හොඳට වැදිලා තිබුනා,මොකද ඊට පස්සේ ඒ දේශකතුමා හරියට වෙලාවට දේශනවලට ගිහින් තිබුනු හින්දා.

පොද්දා ඉතින මකවලවත් හදන්න පුලුවන් එකෙක් නෙවෙයිනෙ.ඌ දිගටම common  එක පැත්තේ ගිහින් තිබුනා.

ඒත් අන්තිමට ඌට ඒකෙ ආනිසංස දිට්ඨ ධම්ම වේදනීය විදිහටම පල දීලා තිබුනේ ඌ පණ දාගෙන හොදි කරපු කෙල්ලෙක්ටම කොක්කක් ගහලා අන්තිමට ඒ යුවතිය ජීවන කහසාරිය කරගත්ත හින්දා.

2 thoughts on “අඩෝ ෆ්‍රෙෂ් ‍රැග් එක

    • මෙන්න මඩ ගහනෝ………….නෑ බං මං මේක ඇසුවෙමි,දු‍ටුවෙමි ක්‍රමයට ලියලා තියෙන්නේ.අනික මම ‍රැග් කරපු කෙල්ලන්ට කර තියන ජාතියේ අමන වැඩ කරන්නෙ නෑ.

Leave a comment