සද පෑයු රැයක ඉදිමු ආදර නිසදැස් මිහිමඩලේ අදුර මැකූ තරු පොකුරක ආලෝකෙන්, රෑ මැදියමෙ නුබ එනවද පාර අහන් මද සුලගෙන්, හද ආදර උනුසුම් සුව පෙරා රැගෙන දැඩි සීතෙන්, සද පෑයු රැයක ඉදිමු වහන් වෙලා මුලු ලෝකෙන්… ...
සොදුරු සිහිනෙට වඩිනු මැන ආදර නිසදැස් නිහඩ නිසසල අදුරු රැය තුල, හදක උනුහුම මකයි තනිකම, සිතට සෙනෙහස් සුවය මුහු කොට, සොදුරු සිහිනෙට වඩිනු මැන අද…
සැනසිලි සුව ආදර නිසදැස් ලස්සන සිහිනයක් ලෙස දිස්වෙනව මැවී, ඉන්නට ලැබුනු දිනයන් අප එකට වෙලී, වන්නට හැකිය සැනසිලි සුව පෙර නොවිදි, සුන්දර සිනා පිපෙනා හෙට දිනට එබී…
මල් සිනා මැද ආදර නිසදැස් නැවුම් පෙම්දම්වලින් සිත් දෙකක් යා කෙරෙන, නිතිපතා ජීවිතේ දිරියෙන්ම ඔප කරන, රෑ පුරා සිත් පුරා රූ රටා අන්දවන, සුන්දරයි ආදරේ මල් සිනා වස්සවන…
නුබගෙ නමින් ආදර නිසදැස් නිසල විලක පිපුනු මලෙන්, සුවද හමයි සතර දිගින්, සසර සරන තුරුම ඉතින්, බැදෙමි පෙමින් නුබගෙ නමින්…
තරු ගනිමු දෙඅත් බැද ආදර නිසදැස් තරු ගනිමු දෙඅත් බැද සතුට පිරි රාත්‍රියේ, විද ගනිමු සුමුදු බව මොලොක් වුනු හදවතේ, හිරු නිවමු දහවලට විද ගන්න ආදරේ, කල් ගෙවමු සෙනෙහසින් දෙදෙන එක්වු මගේ…
නුබේ සිනාවේ අසිරිය ආදර නිසදැස් හිරුට කර ඇරයුමක් නැවත හමුවන ලෙසට, රැයට තරු මල් පිපෙයි කැටුව සදෙ සිසිලසද, සිතම සතුටෙන් පිරෙයි පහව ගොස් සැම වෙහෙස, නිහඩ බව බිද නැගෙන නුබෙ සිනා අසිරියට…
තනිකමට සමුදුනෙමි ආදර නිසදැස් ලග ඉන්න සෑම කල් පෙර නොවු සන්තොසින්, පිලිගතිමි සුවද මල් උතුරනා බැති පෙමින්, දුර යන්න නුබ සමග සෙනෙහෙ පිරි හදවතින්, සමුදුනෙමි තනිකමට වසන්තයෙ දොර ලගින්…
සිතක පැතුම් ආදර නිසදැස් රෝග තුන්දොස් සියලු මැඩගෙන සෑමකල් දිවි සුව විදින්නට, සීත සුළගක දැනෙන සිසිලස විලස සිත්වල හැගුම් තැබුමට, නේක බාධක මග හරෝගෙන සීන එලෙසෙම පල දරන්නට, ඈත අහසේ තාරකාවක කෙනෙකු ඇත අප දෙදෙන රැකුමට… ...
එක වහලක් යට ආදර නිසදැස් අහසක් උසට සිත් සතුටින් පිරේවා, සැකයක් කිසිම කලකදි ඇති නොවේවා, විපතක් කිසිම ලෙසකින් සිදු නොවේවා, වහලක් සෙවනෙ පෙම්දම් නිති වැඩේවා…
ජීවන පොතේ පිටු සකසමු ආදර නිසදැස් සතුටින් පිරුනු පිටු වැඩි කර සිනහා දමා, සෙනෙහෙන් පිරුනු පිටු එක්කර මිහිර දමා, දුකකින් පිරුනු පිටු ඇත්නම් දිරිය දමා, ජීවන පොතේ පිටු සකසමු එකතු වෙලා…
ජීවිතයට පෑයු පුන්සද ආදර නිසදැස් සුන්දර සිනාවෙන් මුව නිති පුරෝගෙන, පින්බර සිතින් ජීවිතයම එළිය කල, ලස්සන ලොවක දොරගුලු මට විවර කල, පුන්සද නුබයි මද්දහනෙත් සිසිල දෙන…
ආදර සිත් හමු වුනු තැන ආදර නිසදැස් සීතල කදු මුදුන්වලින් හමන පවන ගත දැවටේ, ලෝකය තව හැඩ කරමින් නෙක පැහැයෙන් මල් පිබිදේ, ජීවන ගමනේ කිසිදා කිසිලෙසකින් තනි නොම වේ, ආදර සිත් හමු වුනු තැන සුරපුරයක සිරි ගෙනදේ… ...
සතුට පිරුනු ජීවිතේ ආදර නිසදැස් හිරු කිරණින් මල් නැහැවී සුවද හමයි දස අතේ, සද කිරණින් ලොව නැහැවී සිසිල ගෙනෙයි හැම අතේ, මද සුළගින් ගත නැලවි පුබුදු කරයි ජීවිතේ, නුබෙ සෙනෙහෙන් හද පිරවී සතුට ගෙනෙයි හැම දිනේ… ...
පින්බර සිත ආදර නිසදැස් සුන්දර අරලිය මල මෙන් රුවිනා, ගින්දර වූ සිත සිහිලැල් කරනා, ලස්සන පින් සිත දෙවියන් වඩිනා, වස්තුව නුබ මගෙ ලදකය අගනා…
සියක් දහසක් පැතුම් ආදර නිසදැස් සිතක් සිර වුනු අදුරු ලෙන බිද, ගෙනත් තුරුලට සෙනෙහෙ පැන් ඉස, සියක් දහසක් පැතුම් මල් මැද, තැබු නුබ මගෙ සදා පින් කද…
ජීවිතයෙ දිව ඔසුව ආදර නිසදැස් නැවුම් අදිටන්වලින් සිත් නිතර පුරෝ දෙන, පියුම් පිපි විලක් මෙන් මුලු ලොවම කරන හැඩ, ජීවිතයේ කටුක බව මොහොතකින් මකාලන, සෙනෙහසයි දිව ඔසුව ආත්මය නිවාලන…
පොඩි ලස්සන ලෝකයක් ආදර නිසදැස් හිතේ තිබුනු අඩුව මැකූ සදාතනික ප්‍රේමයක්, නිසා උපන් නැවුම් හැගුම් පල දරන්න සෑම කල්, සැපෙන් ඉන්න සෑමදාම දැනෙන්නැතුව පාලුවක්, අපේ කියල හදා ගනිමු පොඩි ලස්සන ලෝකයක්… ...
දින ලගයි උනුහුමේ ගුලි වෙන්න ආදර නිසදැස් තනිකමට පාලුවට සදහටම සමු දෙන්න, තරු පිරුනු සොදුරු රැයෙ පහස නිති විද ගන්න, දින ලගයි සිත් දෙකක් පැතු ලෙසින් එක් වෙන්න, සෙනෙහසේ මල් පිපුනු උනුහුමේ ගුලි වෙන්න… ...