සද තරු දල්වමු ආදර නිසදැස් හිරු නිදිගත් ගණ අදුරේ, සද තරු දල්වමු සොදුරේ, පෙම් සුවදින් සිත් නැහැවේ, හිදිමු ලගින් මේ සසරේ…
හිතින් හැමවිට ආදර නිසදැස් ඉන්න මට නුබ ලගක, එන්න බෑ දැන් හනික, නිතර හැම හිත් කොනක, හිදියි නුබ මගෙ මැනික…
පිරුනු බව ආදර නිසදැස් ගෙවෙන හැම පැය දවස් කවක් මෙන් සුන්දරය, බැදුනු අප සිත් ගෙනෙයි පෙරු නොවූ පන්නරය, දැනෙන අප ආදරේ මලක් මෙන් සියුමැලිය, පිරුනු බව දැනෙයි දැන් පින්බරව ජීවිතය…
නුබේ සෙනෙහෙ සිත ආදර නිසදැස් ඉමක් කොනක් නැති තරු ලෙස රෑ අහසේ පායනා, දිනක් දිනක් ගත වෙන හැම පැතුම් මලින් පිරවුනා, රැයෙත් දවාලෙත් සිතකට නැවුම් හැගුම් කැන්දනා, නුබත් නුබේ සෙනෙහෙ සිතත් සැමදාමත් වාසනා… ...
ගොකටු ගහක් ඇගිලි ගනියි ආදර නිසදැස් හිතට දැනෙන සොදුරු හැගුම් පිට දමන්න ඉඩ හදන්න, උකුසු ඇසින් අප ගලවා වෙනම ලොවක තනි කරන්න, හිරු කිරණින් අප වලකා සොදුරු මතක එක් කරන්න, ගොකටු ගහක් ඇගිලි ගනියි අපි දෙන්නගෙ දග බලන්න… ...
පිවිතුරු සෙනෙහස ආදර නිසදැස් රැයේ අසිරිය මැවූ සද තරු, දිලේ සැමවිට මකා ඝනදුරු, රැදේ සිත නුබ ලගින් නිරතුරු, සෙනේ සුවදට හදේ පිවිතුරු…
ගොකටු ගහක් ඇගිලි ගනියි ආදර නිසදැස් හිතට දැනෙන සොදුරු හැගුම් පිට දමන්න ඉඩ හදන්න, උකුසු ඇසින් අප ගලවා වෙනම ලොවක තනි කරන්න, හිරු කිරණින් අප වලකා සොදුරු මතක එක් කරන්න, ගොකටු ගහක් ඇගිලි ගනියි අපි දෙන්නගෙ දග බලන්න… ...
ආදරයේ සුවය පතා ආදර නිසදැස් සීතල කදු අතරින් දුර ගෙවාගෙන, ලෝකය සිබින සුලගින් මග අසාගෙන, ඒමට ඉදිමි ආදර සුව පතාගෙන, ආදර හැගුම් ගෝනියකට දමාගෙන…
පවුරු නොබැදි ආදරය ආදර නිසදැස් නැතිමුත් මෙමට මහ ලොකුවට යසඉසුරු, තබනෙමි නුබව සතුටින් නොමවී මසුරු, නිකලැල් මගෙ ආදරයට නැහැ පවුරූ, එය හිමි නුබට පමනයි නැහැ වෙන කවුරූ…
ඇවිද යමු මල් උයන් මාවතේ ආදර නිසදැස් කිසි කලක නොසින්දෙන ජලය මෙන් සාගරේ, පවතීවි දෙහිත්වල උපන් අප ආදරේ, එක්වෙලා විද ගනිමු සුන්දරව ජීවිතේ, ඇවිද යන ලෙස දෙදෙන මල් උයන් මාවතේ…
පැතුම ආදර නිසදැස් වලකා සියලු අණවින ඇස්වහ දුරලා, අප හා ඉන්න සැමදෙනගෙත් සෙත සලසා, සැමදා ඉන්න සතුටින් තෙරුවන් වැදලා, දළදා සමිදු පිහිටයි අපහට සැමදා…
බැදුනු සිත් ආදර නිසදැස් ලෝකයෙ කොතන සිටියත් අප ගතින් දුරින්, ආදර පැතුම් දළුලයි නිති බැදුනු සිතින්, කීමට හැකිය නුබ සිටිනා බව සතුටින්, සීතල පවනෙ මුසු වී එන හැගුම්වලින්…
දයාබර වූ සිත ආදර නිසදැස් සුමුදු විය සිතක් වූ ඉතා බර, නිසා නුබ වූ නිසා දයාබර, හිදින්නට වූ නමුත් බොහෝ දුර, නුබයි මගෙ පෙම්වතිය සදාදර…
හිතින් හැමවිට ආදර නිසදැස් ඉන්න මට නුබ ලගක, එන්න බෑ දැන් හනික, නිතර හැම හිත් කොනක, හිදියි නුබ මගෙ මැනික…
ආදරේට කිස් පනහක් ආදර නිසදැස් දුන්නට මගේ ජීවිතයට මිනි පහනක්, දෙන්න්ට දෙයක් නැති හන්දා ලග මොනවත්, ඉන්නට වේවි ඉවසාගෙන ටික දවසක්, දෙන්නට නුබේ සුදු මුහුනට කිස් පනහක්…
දෝතින් ගෙනා සොදුරු ලොව ආදර නිසදැස් ආදරබරව සිටිනා අප දෙදෙන හෙට, ලෝකය දිනන යුවලකි එක වහල යට, ආදර සිතින් පවසන්නෙමි රකින වග, දෝතට ගෙනත් ඔබ පිදු මේ සොදුරු ලොව…
රෝස මල් ආදර නිසදැස් මාස ගනන් හිටියත් අප දෙතැන්වල, පාලු බවක් දැනුනෙම නෑ දෙහිත්වල, දෝස නැති නිසා අප සිත් සතන්වල, රෝස මල් පිපෙයි අප හද උයන්වල…
දිවියට දියපැන් ආදර නිසදැස් සීතල රැයේ ආදර උනුහුම රැගෙන, ආදර වදන් දොඩමින් තනිකම මකන, ජීවය නුබයි දිවියට දියපැන් ඉසින, දාහය මකා සැනසූ වැස්සක් ලෙසින…
සද පෑයු රැයක ඉදිමු ආදර නිසදැස් මිහිමඩලේ අදුර මැකූ තරු පොකුරක ආලෝකෙන්, රෑ මැදියමෙ නුබ එනවද පාර අහන් මද සුලගෙන්, හද ආදර උනුසුම් සුව පෙරා රැගෙන දැඩි සීතෙන්, සද පෑයු රැයක ඉදිමු වහන් වෙලා මුලු ලෝකෙන්… ...