නිදහස් කල හැගුම් ආදර නිසදැස් හුරුවූ ලෙසින් පෙර අත්භවෙ බැදුනු බැදුම්, ලං විය දෙසිත් ඉටුවී දසදහස් පැතුම්, දින දින බොහෝ දළුලයි තව වෙමින් නැවුම්, දොරගුළු කඩා නිදහස් කල සෙනෙහෙ හැගුම්…
අවුරුදු සිරියේ අසිරිය ආදර නිසදැස් සුන්දර හැගුමෙන් බරවුනු හදක සුවය විද ගන්නට, සිත්වල පිරි සෙනෙහෙ පැතුම්වලින් දිනය පුබුදන්නට, එන්නට ඉමි නුබ බැලුමට සිත්වල සුව වැඩි වන්නට, අවුරුදු සිරියෙන් බර වුනු උයන් කොනේ තනි වන්නට… ...
අප දෙදෙනා එක්වන දින අද වේවා ආදර නිසදැස් පැය කටුවේ වේගය බොහො වැඩි වේවා, දින දසුනේ පිටු දවසින් ගැලවේවා, තනිවී ගෙවන දිනයක් මොහොතක් වේවා, සැමදා දෙදෙන එක්වන දින අද වේවා…
අප දෙදෙනා එක්වන දින අද වේවා ආදර නිසදැස් පැය කටුවේ වේගය බොහො වැඩි වේවා, දින දසුනේ පිටු දවසින් ගැලවේවා, තනිවී ගෙවන දිනයක් මොහොතක් වේවා, සැමදා දෙදෙන එක්වන දින අද වේවා…
දෝතින් ගෙනා සොදුරු ලොව ආදර නිසදැස් ආදරබරව සිටිනා අප දෙදෙන හෙට, ලෝකය දිනන යුවලකි එක වහල යට, ආදර සිතින් පවසන්නෙමි රකින වග, දෝතට ගෙනත් ඔබ පිදු මේ සොදුරු ලොව…
අවුරුදු සිරියේ අසිරිය ආදර නිසදැස් සුන්දර හැගුමෙන් බරවුනු හදක සුවය විද ගන්නට, සිත්වල පිරි සෙනෙහෙ පැතුම්වලින් දිනය පුබුදන්නට, එන්නට ඉමි නුබ බැලුමට සිත්වල සුව වැඩි වන්නට, අවුරුදු සිරියෙන් බර වුනු උයන් කොනේ තනි වන්නට… ...
සවිය ආදර නිසදැස් ගගුලක හැඩය කුමටද පිට ඔපෙන් බලා අරගෙන සවිය බැහැපිය ගග තුලට කිදා කොපමන සැර වුනත් ජල සුළි උබට වඩා දියබුන් සැපයි ඉවුරේ මද නලට වඩා…
ජීවිතයට පෑයු පුන්සද ආදර නිසදැස් සුන්දර සිනාවෙන් මුව නිති පුරෝගෙන, පින්බර සිතින් ජීවිතයම එළිය කල, ලස්සන ලොවක දොරගුලු මට විවර කල, පුන්සද නුබයි මද්දහනෙත් සිසිල දෙන…
පිරුනු බව ආදර නිසදැස් ගෙවෙන හැම පැය දවස් කවක් මෙන් සුන්දරය, බැදුනු අප සිත් ගෙනෙයි පෙරු නොවූ පන්නරය, දැනෙන අප ආදරේ මලක් මෙන් සියුමැලිය, පිරුනු බව දැනෙයි දැන් පින්බරව ජීවිතය…
බයිසිකලේ ආදර නිසදැස් රතු පාටින් නිල් පාටින් පුංචි පුංචි බල්බ් දමා තොරණක් වාගේ හැඩ කල පුංචි මගේ බයිසිකලේහැමදාමත් හවස් අතේ ඇති වෙනකං පාර පුරා සුලගක් වාගේ පැද ගිය පුංචි මගේ බයිසිකලේටික ටික මට මදි වෙන කොට තියා ගන්න ඉඩක් නැතුව විංකලේට නිකං දුන්න මගේ පුංචි බයිසිකලේහැමදාමත් ආදරේ ඇති කවදාවත් අමතක නැති ලගපාතද ඉන්නෙ ඔයා මගේ පුංචි බයිසිකලේ ...
ජීවිතයට නව අරුතක් ආදර නිසදැස් හමා ගොස් අවසනය යලි නොඑන මාරුතය, පිපෙයි යලි සොදුරු මල් නිසා අප ආදරය, දැනෙයි සිසිලක් ලෙසට අවට ඇති සියලු දෙය, පිරෙයි අප ආදරෙන් පන නැගෙන ජීවිතය…
වසන්තය දොරකඩක ආදර නිසදැස් විදින්නට පෙම් සිහින තරු දිලෙන සුව රැයක, මිදෙන්න්ට ඉගි කරයි හැගුම් පිරි හදවතක, ගයන්නට ජය ගීත උතුරනා සෙනෙහසක, පැතුම් මල් පුරවගෙන වසන්තය දොරකඩක…
එකට ඉදිමු සෙනෙහෙ සිතින් ආදර නිසදැස් එකම මගක එකම සිතින්, එකට යන්න සතුටු සිතින්, එකම පැතුම එකම සිතින්, එකට ඉන්න සෙනෙහෙ සිතින්…
හිතක් ආදර නිසදැස් කොතෙක්වත් ඇති නමුත් බොරු චාටු බස් කියන, අදත් ඇත ගොඩක් අය ආදරේ අගෙ දැනෙන, දොසක් නැත කිසිත්වත් මෙහි නුබට මන් කියන, හිතක් ඇත මේ පැත්තෙ නුබේ දුක සැප සොයන…
ආදරේ තරම ආදර නිසදැස් නොහැකි මුත් නුබේ රුව හැමවිටම දකින්නට, නොහැකි මුත් නුබේ ලග හැමවිටම හිදින්නට, හදවතේ ඇත දෙයක් මට නුබට කියන්නට, ආදරෙයි මම නුබට මුලු හිතක් පිරෙන්නට…
සිරි නුවර ආදර නිසදැස් සොයන්න්ට කාසි කොළ දුකක් වී හෝ කවර, ගෙවන්නට සිදු වුවත් මුලු දවස අගනුවර, පිනක් පල දුන් නිසා පෙර භවක කල කවර, මගේ දැන් සිරි නුවර නුබ ඉන්න මහනුවර…
උනුහුම ආදර නිසදැස් නිමක් නැති ලෙස දැනෙන නුබට ඇති සෙනෙහසට, අන් කවරදා නොවිදි නුබේ ඔය උනුහුමට, අත් පටලලා ඉන්න මුලු දවස නුබ ලගම, හිතෙයි මට දිව එන්න මේ දැන්ම නුබ ලගට…
සෙනෙහසේ උපත ආදර නිසදැස් සිත් දෙකක් මුන ගැසී, සෙනෙහසක් මෝදු වී, මුළු ලොවම දිනෙන් දින, ආදරෙන් පිරවුනා, වචනයට නගන්නට, කොතෙක් උත්සහ කලද, ඉතින් මේ අන් කවර, උතුම් ආලයම මිස…